ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පීඑල්සී, 2026 සැප්තැම්බර් 30 වනදායින් අවසන් වූ මාස හය සඳහා (1HFY27) රුපියල් බිලියන 40.2 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇති අතර, එය පසුගිය වසරේ අදාළ කාල පරිච්ඡේදයට සාපේක්ෂව සියයට 24.4 ක කැපී පෙනෙන වර්ධනයකි. සමූහයේ සමස්ත බදු පසු ලාබය (PAT) ද පසුගිය වසරට සාපේක්ෂව සියයට 44.3 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 3.7 ක් බවට පත්ව ඇත. මෙයට සුව සේවා, පාරිභෝගික සහ කෘෂි ව්‍යාපාර යන සමූහයේ විවිධාංගීකරණය වූ ව්‍යාපාරික අංශවල ශක්තිමත් බව හා ඔරොත්තු දීමේ හැකියාව ප්‍රධාන වශයෙන් හේතු විය.
සන්ෂයින් හෝල්ඩින්ග්ස් සියයට 44.3 ක ශක්තිමත් බදු පසු ලාබයක් වාර්තා කරයි