භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන නුවරඑළිය හොටේල්ස් කම්පැනි පීඑල්සීහි නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස සමන්මලී හේරත් පත් කරගත් බව පවසයි. ඒ අනුව මාර්තු 14 වැනිදා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි එම සමාගමේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙස ඇය පත් කරගෙන තිබේ.
ඇය සතුව මූල්‍ය විශ්ලේෂණය, ආයෝජන පර්‌යේෂණ සහ ව්‍යාපාර තක්සේරුකරණය පිළිබඳව දශකයකට අධික අත්දැකීම් පවතින බව සමාගම පවසයි. ඇය මේ වනවිට ඇක්විටි නොලේජ් පාට්නර්ස්හි සහකාර අධ්‍යක්ෂවරිය ලෙසද කටයුතු කරයි. එසේම CFA ආයතනයෙහි වරලත් මූල්‍යමය විශ්ලේෂිකාවකද වෙයි.
සමන්මලී හේරත් නුවරඑළිය හොටෙල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට