IMG-LOGO

2026 නොවැම්බර් මස 20 වන සිකුරාදා


සම්පත් බැංකුව - KOKO සහයෝගීතාවෙන් වෙළෙඳුන්ට නව ව්‍යාපාරික අවස්ථාව


සම්පත් බැංකුව, KOKO ඩිජිටල් ව්‍යාපාරික ආයතනය සමග එක්ව KOKO වෙළෙඳ ව්‍යාපාර සඳහා වන ණය පහසුකමක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. ඒ හරහා KOKO ව්‍යාපාරික ජාලය තුළ සිටින සුදුසුකම්ලත් වෙළෙඳුන්ට වඩාත් පහසු අන්දමින් සිය මුල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට අවස්ථාව උදා වේ. ගෙවීම් සහ පාරිභෝගික මුල්‍යකරණයෙන් ඔබ්බට KOKO හි කාර්යභාරය පුළුල් කරමින්, මෙම නවතම හඳුන්වා දීම යටතේ වෙළෙඳුන් සම්පත් බැංකුවේ මුල්‍ය පහසුකම් සමග සම්බන්ධ කරනු ලබයි. 

ඒ අනුව තම ව්‍යාපාර සඳහා අවශ්‍ය තොග මිලදී ගැනීම, භාණ්ඩ රැස් කර ගැනීම, කාරක ප්‍රාග්ධනය (Working Capital) සහ මුදල් ප්‍රවාහය (Cash Flow) කළමනාකරණය කිරීම, උත්සව සමයන්හිදී සැපයුම් ලබා දීම මෙන්ම අනාගත ආයෝජන සඳහා අවශ්‍ය මුල්‍යමය පහසුකම් ඉටු කර ගැනීමට වෙළෙඳුන්ට හැකියාව ලැබේ. 

මෙම පහසුකම විධිමත් ඇගයීම් ක්‍රියාවලියක් මත පදනම් වී ඇති අතර, වෙළෙන්දෙකුට දැනට KOKO සමග පවතින සම්බන්ධතාව සහ ඔවුන්ගේ ගනුදෙනු ක්‍රියාකාරකම්වලට අදාළ තොරතුරු ප්‍රයෝජනයට ගැනීමට ද හැකි වේ. එය සම්ප්‍රාදයික මුල්‍ය පහසුකම් ලබා ගැනීමේ දී වැය වන කාලය සහ ශ්‍රමය අවම කර ගැනීමට ද සහාය වනු ඇත. 

මෙම හවුල්කාරීත්වයෙන් KOKO හි ඩිජිටල් වෙළෙඳාම සහ සම්පත් බැංකුවේ ස්ථාපිත මුල්‍ය සේවා පිළිබඳ විශේෂඥතාවය ඒකාබද්ධ කරමින්, ශ්‍රී ලාංකේය ව්‍යාපාරවලට සහාය වීමට දක්වන පොදු කැපවීම මැනවින් පිළිබිඹු කෙරේ. මෙකී සහයෝගීතාව හරහා වෙළෙඳුන්ට තම ව්‍යාපාර මෙහෙයුම් ශක්තිමත් කර ගැනීමට, නව ව්‍යාපාරික අවස්ථා සොයා යාමට සහ තම ව්‍යාපාර වර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම සඳහා අවශ්‍ය ප්‍රායෝගික අවස්ථා නිර්මාණය කිරීමට ආයතන ද්විත්වය ඉටු කරන කාර්යභාරය ද වැඩිදුරටත් ශක්තිමත් වේ. 



අදහස් (0)

සම්පත් බැංකුව - KOKO සහයෝගීතාවෙන් වෙළෙඳුන්ට නව ව්‍යාපාරික අවස්ථාව

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site