IMG-LOGO

2026 ඔක්තෝබර් මස 07 වන බදාදා


සම්පත් බැංකුවේ හරිත බැඳුම්කරයට ෆිච් වෙතින් A ශ්‍රේණියක්

සම්පත් බැංකුව කොළඹ කොටස් හුවමාරුව තුළ සිදු කිරීමට සැලසුම් කර ඇති රුපියල් බිලියන 10ක් වටිනා හරිත බැඳුම්කරය වෙත A (lka) ලෙස අවසන් ජාතික දිගුකාලීන ශ්‍රේණියක් ලබාදෙන බව ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් පවසයි.

මෙම බැඳුම්කරය වසර පහකින් සහ හතකින් කල් පිරෙන ලෙස නිකුත් කිරීම සැලසුම වී තිබේ. එසේම එය කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරීමද සිදු කරයි. බැංකුවේ අදියර 2 ප්‍රාග්ධන පදනම ශක්තිමත් කිරීම සහ පරිසර හිතකාමී හරිත ව්‍යාපෘති සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය වෙනුවෙන් මෙම නිකුතුව සිදු කෙරේ. 

අද වනවිට ෆිච් රේටින්ග්ස් වෙතින් සම්පත් බැංකුව වෙත AA- (lka) ස්ථාවර ණය ශ්‍රේණිගත කිරීමක් ලබා දී තිබේ.



අදහස් (0)

සම්පත් බැංකුවේ හරිත බැඳුම්කරයට ෆිච් වෙතින් A ශ්‍රේණියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site