IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,000 ඉක්මවයි

(හර්ෂණ තුෂාර සිල්වා)

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමුවරට අද (21) ඒකක 8,000 සීමාව ඉක්මවා ගියේය.


මීට පෙර අවස්ථා කිහිපයකදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,000 ඉක්මවා තිබුණද, එය සිදුවූයේ දෛනික ගනුදෙනු අතරවාරයේදී ය. කෙසේ නමුත් දිනක ගනුදෙනු අවසානයේදී එම දර්ශකය ඒකක 8,000 ඉක්මවා ගිය පළමු අවස්ථාව අද විය.

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ආරම්භ කළේ 1985 වසරේ ජනවාරි 02 වැනිදා ය. එදින සිට මේ දක්වා ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,000 ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වේ.

මේ අනුව සියලු කොටස් මිල දර්ශකය අද (21) දිනය අවසානයේදී ඒකක 8,131.25ක් ලෙස දැක්වුණු අතර එය පෙර දිනය හා සැසඳීමේදී 3.13%ක වර්ධනයකි. සියලු කොටස් මිල දර්ශකය අද දිනයේදී ඒකක 246.80ක් ඉහළ ගිය අතර එය දිනක් ඇතුළත දර්ශක අගය ඉහළ ගිය තෙවැනි වැඩිම ඒකක අගය ද වේ.

ඊට අමතරව එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය අද දිනයේ ගනුදෙනු අවසානයේදී ඒකක 3,190.73ක් ලෙස දැක්විණි. එම දර්ශකය ඊයේ 3.24%කින් එනම් ඒකක 100.38කින් ඉහළ ගියේය.



අදහස් (0)

සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,000 ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site