IMG-LOGO

2026 නොවැම්බර් මස 20 වන සිකුරාදා


සියලු‍ කොටස් මිල දර්ශකය යළිත් 22,000 ඉක්මවයි

  • 2025 ඔක්තෝබර් 03 වැනිදාට පසුව යළිත්වරක් එම දර්ශකය ඒකක 22,000 ඉක්මවූ අවස්ථාව මෙයයි

කොළඹ කොටස් හුවමාරුවේ සියලු‍ කොටස් මිල දර්ශකය (ASPI) යළිත් ඒකක 22,000 සීමාව ඉක්මවා යමින් ඊයේ දිනයේදී ඒකක 22,123 ක් මට්ටමට පත්විය. ඒ අනුව 2025 ඔක්තෝබර් 03 වැනිදාට පසුව යළිත්වරක් එම දර්ශකය ඒකක 22,000 ඉක්මවූ අවස්ථාව මෙය වෙයි. එදින ගනුදෙනු අවසානයේදී එම දර්ශකය ඒකක 22,094.89ක් ලෙස සටහන් විය. මෙම තත්වය 2026 වසරේ මාර්තු 09 දක්වා පැවතුණි.

විශේෂයෙන්ම ඊශ්‍රායල මහමැතිවරණයේ සහ එක්සත් ජනපදයේ මධ්‍යවාර මැතිවරණයේ ප්‍රතිඵල අනුව මැදපෙරදිග අර්බුදය සමනය වීමේ අපේක්ෂාවත්, ඒ හරහා ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහත වැටීමේ පසුබිමත් සමගින් ආසන්න දින කිහිපයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි දර්ශක අගයන් කැපී පෙනෙන ඉහළ යෑමක් වාර්තා කර තිබේ.

පසුගිය පෙබරවාරි මාසය අගදී සිදු වූ මැදපෙරදිග අර්බුදයේ ආරම්භයත් සමගින් 2026 මාර්තු 09 දා ASPI දර්ශකය යළිත් ඒකක 22,000 ට වඩා අඩු මට්ටමකට පහත වැටුණි. එම පහත වැටීම තවදුරටත් සිදු වෙමින් ඔක්තෝබර් 14 වැනිදා එය ඒකක 20,000 කට වඩා අඩු මට්ටමකට පහත වැටුණි. අනතුරුව ඔක්තෝබර් 16 වැනිදා එම දර්ශකය ඒකක 19,640 ක් මට්ටම දක්වාද පහත වැටුණි.

ඊයේ (10) දිනය සඳහා කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු අවසානයේදී සියලු‍ කොටස් මිල දර්ශකය ඒකක 22,123 ක් ලෙස සටහන් වූ අතර, එය පෙර දිනටට සාපේක්ෂව ඒකක 592 ක ඉහළ යාමක් විය. 

එසේම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් ඒකක 6,372ක් ලෙස සටහන් වූ අතර, එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 229 ක ඉහළ යාමක් විය.



අදහස් (0)

සියලු‍ කොටස් මිල දර්ශකය යළිත් 22,000 ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site