
සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆයිනෑන්ස් හි, තිරසර සංවර්ධනය සඳහා දක්වන අඛණ්ඩ සේවාවේ තවත් පියවරක් ලෙස ලංකාවේ විද්‍යුත් වාහන (EV) ආරෝපණ පහසුකම් වර්ධනය සඳහා වන ආයෝජන කාර්යයන් සඳහා උනන්දුවක් දක්වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) සහ ව්‍යවසායකයන්ට සහාය ලබාදීමට පියවර ගෙන තිබේ.
විද්‍යුත් වාහන ආරෝපණ මධ්‍යස්ථාන ආරම්භ කිරීමට සහ පවත්වාගෙන යාමට උනන්දුවක් දක්වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා සුදුසු මූල්‍ය පහසුකම් ලබා දීමේ හැකියාව සොයා බැලීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ. එමගින් ලංකාව පුරා විද්‍යුත් වාහන ආරෝපණ පහසුකම් ව්‍යාප්ත කිරීමටත්, වර්ධනය වන මෙම ක්ෂේත්රයේ ව්‍යවසායකයන්ට නව ව්‍යාපාරික අවස්ථා උදා කර දීමටත් SDF සමාගම අපේක්ෂා කරයි. ඒ සමගම, පරිසර හිතකාමී ආර්ථික සංවර්ධනයක් උදෙසා දායක වීමට ව්‍යාපාරික ප්‍රජාව දිරිගැන්වීම ද සමාගමේ මූලික අරමුණකි.
තවද, SDF සමාගම කොළඹ 08 පිහිටි සිය ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ විද්‍යුත් වාහන සඳහා නව වේගවත් ආරෝපණ පහසුකමක් හඳුන්වා දීමට කටයුතු කර තිබේ. විදුලංකා පීඑල්සී (Vidullanka PLC) සමාගමට අනුබද්ධිත Vdrive ආයතනය මගින් ආරෝපණ සේවා සපයනු ලබන මෙම මධ්‍යස්ථානය වෛද්‍ය ඩැනිස්ටර් ද සිල්වා මාවතේ පිහිටා ඇත. පැය 24 පුරා ක්‍රියාත්මක වන මෙම පහසුකම හරහා විද්‍යුත් වාහන හිමියන්ට වඩාත් පහසුවෙන් සහ තමන්ට අවශ්‍ය වේලාවක ආරෝපණ සේවා ලබාගැනීමට මෙමගින් අවස්ථාව හිමිවේ. තවද අධිවේගී මාර්ග පිවිසුම් මාර්ගයක් වන බේස්ලයින් පාර හරහා ගමන්කරන EV වාහන හිමියන් හට මෙම පහසුකම ඔස්සේ ඉහළ සේවාවක් සපයනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම විද්‍යුත් වාහන ආරෝපණ මධ්‍යස්ථානයට කිලෝවොට් 70ක ධාරිතාවකින් යුත් සූර්ය බලශක්ති පද්ධතියක සහාය හිමිවන අතර, එම පද්ධතිය SDF ප්‍රධාන කාර්යාලයේ දෛනික විද්‍යුත් අවශ්‍යතා සපුරාලීමට ද උපකාරී වේ. මෙලෙස සූර්ය බලශක්තිය භාවිත කිරීමෙන් ව්‍යාපාරික කටයුතු සඳහා පුනර්ජනනීය බලශක්තිය යොදාගත හැකි ආකාරය පැහැදිලි වන අතර, පරිසර හිතකාමී ප්‍රවාහන ක්‍රමවේද ප්‍රවර්ධනය කිරීම සඳහා එහි දායකත්වය ද ඉස්මතු වේ.
මෙම වැඩසටහන කොළඹ සහ ඒ ආසන්න ප්‍රදේශවලට පමණක් සීමා නොකර, ඉදිරියේදී දිවයින පුරා විද්‍යුත් වාහන ආරෝපණ පහසුකම් පුළුල් කිරීම සඳහා සහාය ලබාදීමට මෙම සමාගම විසින් සැලසුම් කර ඇත. ඒ සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ගැළපෙන මූල්‍ය විසඳුම් ලබාදීමේ හැකියාව සොයාබලමින්, පෞද්ගලික අංශයේ ආයෝජන දිරිගැන්වීමට අපේක්ෂා කරයි.
සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆයිනෑන්ස් වෙතින් විද්‍යුත් වාහන ආරෝපණ යටිතල පහසුකම් සංවර්ධනයට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහාය