සෙලින්කෝ ලයිෆ් විසින් දශක දෙකකට වැඩි කාලයකට පෙර දියත් කරන ලද ප්‍රණාම ශිෂ්‍යත්ව වැඩසටහනෙන් ඉහළ දක්‍ෂතා දැක්වූ ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට 2025 වසරේ ශිෂ්‍යත්ව ලබා දීම සඳහා රුපියල් මිලියන 22.4ක් වෙන් කරන බව නිවේදනය කර ඇත.
සෙලින්කෝ ලයිෆ් ප්‍රණාම ශිෂ්‍යත්ව වැඩසටහනේ 24 වැනි සංස්කරණය සමඟ අධ්‍යාපන හා විෂය බාහිර විශිෂ්ටත්වය දිරිමත් කිරීම සඳහා සමාගම ආයෝජනය කර ඇති සමස්ත මුදල රුපියල් මිලියන 240 ක් වන බවත් ඉන් සිසුන් 3,498 ක සංඛ්‍යාවක් ප්‍රතිලාභ ලබා ඇති බවත් සමාගම පැවසීය.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය, අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා දස්කම් දැක්වූවන් සහ ක්‍රීඩා, චිත්‍ර, නාට්‍ය, නව නිපැයුම් හෝ නිර්මාණාත්මක ක්ෂේත්‍රවලින් ජාතික හෝ ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් වූ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සඳහා කාණ්ඩ හතරක් ඔස්සේ සිසුන් 160 දෙනකුට මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී ප්‍රණාම ශිෂ්‍යයත්ව පිරිනැමීමට නියමිතය.
මෙම වසරේ ශිෂ්‍යත්ව ලබන්නන් තෝරා ගැනීමේ අරමුණින් 2024 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් දස්කම් දැක්වූ දරුවන්, 2023 වසරේ අ.පො.ස සා.පෙළ හා උ.පෙළ විභාගවලින් දස්කම් දැක්වූවන්, 2023-24 වසරවල විෂය බාහිර ප්‍රයත්නවලින් පිළිගැනීමට ලක් වූ සිසුන් අතරින් සුදුසුකම් ඇති අයගෙන් අයදුම්පත් භාර ගැනීම සෙලින්කෝ ලයිෆ් ආරම්භ කර ඇත. මේ සඳහා අයදුම්පත් භාර ගැනීම 2025 අප්‍රේල් මස 30 වැනි දිනෙන් අවසන් වේ.
සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ගේ දරුවන් අතර සෑම දිස්ත්‍රික්කයකම 5 ශ්‍රේණිය ශිෂ්‍යයත්ව විභාගයෙන් ප්‍රථම ස්ථානය ලබාගත් දරුවකුට වසර පහක් තුළ රුපියල් 240,000 ක ශිෂ්‍යයත්වයක් හිමිවේ. එසේම, අ.පො.ස සා.පෙළ විභාගයෙන් සෑම දිස්ත්‍රික්කයෙන්ම ප්‍රථම ස්ථානය ලබාගත් දරුවන්ට වසර දෙකකදී රුපියල් 168,000 බැගින් ශිෂ්‍යත්වයක් හිමිවේ. අ.පො.ස උ.පෙළ විභාගයේ විෂය ධාරා අතරින් සෑම දිස්ත්‍රික්කයකම ප්‍රථම ස්ථානය ලබා ගන්නා දරුවන් හතර දෙනාට එක වර ගෙවීමක් ලෙස රුපියල් 120,000 බැගින් ශිෂ්‍යයත්වයක් හිමි වේ.
විෂය බාහිර ක්‍රියාකාරකම්වල විශිෂ්ටත්වය හඳුනාගැනීම වෙනුවෙන් සෙලින්කෝ ලයිෆ් විසින් ක්‍රීඩා, චිත්‍ර, නාට්‍ය, නව නිපැයුම් හෝ නිර්මාණාත්මක ක්ෂේත්‍රවල කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇති තවත් සිසුන් 10 දෙනකුට කුසලතා සම්මාන ලෙස එක් අයෙකුට රුපියල් 50,000 බැගින් පිරිනැමීමට නියමිය.
සෙලින්කෝ ලයිෆ් මිලියන 22.4 ක ප්‍රණාම ශිෂ්‍යත්ව දීමට සැරසෙයි