ශ්වසන අපහසුතාවලට ගොදුරුවන රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් පහසුකම් ලබාදීමට අවශ්‍යතා ඇති තවත් රෝහලක් වන කන්තලේ මූලික රෝහල සඳහා සෙලින්කෝ ලයිෆ් සමාගම පසුගියදා High Flow Nasal Cannula (HFNC) උපකරණ පරිත්‍යාග කළේය.
කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව සිටින රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදෙන ප්රමුඛ ආයතන සඳහා සහයෝගය දැක්වීමට සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර තිබෙන වැඩසටහන යටතේ සමාගම විසින් මෙම උපකරණ පරිත්‍යාග කරනු ලබන අතර මීට පෙර මෙවැනිම උපකරණ තොගයක් කොළඹ දකුණ ශික්ෂණ රෝහලට සහ මඩකළපුව ශික්ෂණ රෝහලට ප්රදානය කරන ලදී.
සෙලින්කෝ ලයිෆ් විසින් රිජ්වේ ආර්යා ළමා රෝහල, ශ්‍රී ලංකා ජාතික රෝහල, යාපනය ශික්ෂණ රෝහල, කළුබෝවිල කොළඹ දකුණ ශික්ෂණ රෝහල සහ මහනුවර ශික්ෂණ රෝහල සඳහා අංගසම්පූර්ණ අධි සත්කාර ඒකක පරිත්‍යාග කරන ලදී. මෙම ඒකක රෝගීන්, සැත්කම් වලින් පසු වාට්ටු වෙත මාරු කිරීමට පෙර පශ්චාත් සත්කාර කටයුතු සඳහා මෙන්ම දැඩි රෝගී තත්ත්වල දී ප්‍රතිකාර ලබාදීම සඳහා ද භාවිත කෙරේ.
සෙලින්කෝ ලයිෆ් වෙතින් කන්තලේ මූලික රෝහලට ශ්වසනාධාර උපකරණ