IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


සුවිශේෂී දීමනා රැසක් සමගින් Samsung Galaxy Z Fold 8 නිෂ්පාදන වෙළෙඳපොළේ

Samsung Galaxy Z Fold8 Ultra 5G සහ Galaxy Z Fold8 5G  ස්මාර්ට් ජංගම දුරකතන නිෂ්පාදන පෙල ශ්‍රී ලාංකේය වෙළෙපොළට හඳුන්වා දීමට Samsung Sri Lanka  පසුගියදා කටයුතු කරන ලදී. ඒ සමගින් මෙතෙක් එම නිෂ්පාදන පෙර ඇණවුම් සිදු කිරීමේදී ලබා දුන් ප්‍රතිලාභ හා දීමනා තවදුරටත් මෙරට පාරිභෝගිකයන් වෙත ලබා දීමටද ඔවුන් සමත්ව සිටියි.  

Galaxy Z Fold8  දුරකතන නිෂ්පාදන සඳහා වාර්තාගත පෙර ඇණවුම් ප්‍රමාණයක් සපුරා ගැනීමටSamsung Sri Lanka  සමාගමට හැකියාව උදා විය. Foldable  ස්මාර්ට් ජංගම දුරකතන කෙරෙහි මෙරට පාරිභෝගිකයන් දක්වන දැඩි උනන්දුව මේ තුළින් මනාව පිළිබිඹු විය. එමෙන්ම  සාමාන්‍ය ස්මාර්ට් දුරකතනයක ඇති පහසුව එලෙසම පවත්වා ගනිමින් වඩාත් පුළුල් සහ විවිධ වැඩකටයුතු රැසක් එකවර කළ හැකි ජංගම දුරකතනයක අවශ්‍යතාවද මෙම නිෂ්පාදන පෙළ සපුරාලයි. 

පෙර ඇණවුම් කාලසීමාව සාර්ථකව අවසන් වීමෙන් පසුවSamsung Sri Lanka  සමාගම මෙම නවතම Galaxy Z Fold8 Ultra 5G සහ Galaxy Z Fold8 5G ජංගම දුරකතන නිෂ්පාදන පෙළ දිවයින පුරා පිහිටි සියලු‍ Samsung  බලයලත් අලෙවිසල් මෙන්ම නියෝජිත ආයතන වෙත හඳුන්වා දීමට කටයුතු කරනු ලැබීය. එමෙන්ම පාරිභෝගිකයන්ගෙන් ලද ඉල්ලු‍ම සැලකිල්ලට ගනිමින්, මෙම සුවිශේෂී වරප්‍රසාද ඔවුන් වෙත ලබා දීමටSamsung Sri Lanka  කටයුතු කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූSamsung Sri Lanka  හි කළමනාකාර අධ්‍යක්ෂ SangHwa Song  මහතා මෙසේ පැවසීය. “ආකර්ෂණීය සහ නම්‍යශීලී ස්මාර්ට් ජංගම දුරකතන අත්දැකීමක් අපේක්ෂා කරන පාරිභෝගිකයන් Galaxy Z Fold8  නිෂ්පාදන පෙළ සඳහා ඉහළ උනන්දුවක් දැක්වූ බව පෙර ඇණවුම් කාල සීමාවේදී අපට දැක ගන්නට ලැබුණා. මෙම Foldable Galaxy නිෂ්පාදන පෙළSamsung පාරිභෝගිකයන් වෙනුවෙන් මෙරට වෙළෙඳපොළට හඳුන්වා දීමට පසුගියදා අපි කටයුතු කළා. එහිදී  මෙරට පාරිභෝගිකයන් වෙනුවෙන් පෙර ඇණවුම් කාල සීමාවේදී ලබා දුන් ප්‍රතිලාභ හා දීමනා තවදුරටත් ඉදිරියට ගෙන යාමට අප පියවර ගෙන තිබෙනවා.” 

ඒ අනුව සියලු‍ පාරිභෝගිකයන්ට රු. 87,000ක මූල්‍ය ප්‍රතිලාභයක් මේ සමග හිමිකර ගත හැකිය. Break-Free screen replacement  සේවාව හරහා වසර 2ක් දක්වා දෙවතාවක් රු. 621,625 වටිනා inner screen සහ රු.76,267ක් වටිනා cover screen නොමිලේ මාරු කර ගැනීමට ද ඔවුන්ට හැකි වේ.



අදහස් (0)

සුවිශේෂී දීමනා රැසක් සමගින් Samsung Galaxy Z Fold 8 නිෂ්පාදන වෙළෙඳපොළේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site