IMG-LOGO

2026 ඔක්තෝබර් මස 09 වන සිකුරාදා


සිසිර දාබරේ සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් උප සභාපති ධුරයට

සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් සමූහයට අයත් සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී සමාගමෙහි නව උප සභාපතිවරයා ලෙස සිසිර සමන්ත දාබරේ මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව නොවැම්බර් 06 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා සමාගමේ ජ්‍යෙෂ්ඨ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ සහ උප සභාපතිවරයා ලෙස පත් කර තිබේ.
ඊට අදාළව ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතියද එම දිනයේදී හිමිව තිබේ. දාබරේ මහතා 2022 වසරේ සිට සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සීහි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළේය. මෙම පත්වීම ලබන අවස්ථාව වන විට ඒ මහතා සතුව සමාගමේ කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොමැති බවත් සමාගම පවසයි.
සම්පත් බැංකුවේ වසර 33 කට අධික කාලයක අත්දැකීම් සහිත දාබරේ මහතා, 2021 වසරේදී බැංකුවේ විශ්‍රාම යන විට සම්පත් බැංකු සමූහයෙහි සමූහ ප්‍රධාන අනුකූලතා නිලධාරියා ලෙස කටයුතු කළේය. වර්තමානයේදී සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සීහි සභාපතිවරයා වන්නේ අශෝක් පතිරගේ මහතාය.



අදහස් (0)

සිසිර දාබරේ සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් උප සභාපති ධුරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site