IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


සුළු කර්මාන්තකරුවන්ට තල්ලුවක්

කුඩා හා මධ්‍ය පරිමාන කර්මාන්ත 18 ක් නගා සිටුවීම සදහා රුපියල් තිස් කෝටියක් පමණ වෙන් කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය.

මෙම කර්මාන්ත වලින් දැනට රැකියා අවස්ථා 6900 ක් පමණ ඇති වී තිබේයැයි සදහන්ය.

හදිසි ආපදා තත්ත්වයකදි පහසුකම් සැළැසීම,විවධාකාරයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු,මල අපද්‍රව්‍ය හා කැළි කසල බැහැර කිරීමේ පහසුකම් ඇති කිරීම,කර්මාන්තවල සේවයේ නියුතු පුද්ගලයන් වෙනුවෙන් පහසුකම් ඇති කිරීම ආදිය සදහා මේ මුදල් යොදාගැනීමට නියමිතය.



අදහස් (0)

සුළු කර්මාන්තකරුවන්ට තල්ලුවක්

කුමාරි Monday, 08 July 2013 11:45 AM

නියමයි.කොහොමද දන්නෙ නැහැ දෙන්නේ? (නි)

:       0       0

අපොන්සු Tuesday, 09 July 2013 02:26 PM

කුමාරි, යාලුවන්ට තමයි. ජනතාවට තවත් තිස්කෝටියක හෙනයක්. (අ)

:       0       0

ඩෙනම් Tuesday, 09 July 2013 06:12 PM

තිස් කෝටියෙන් අඩක් පමණ නාස්ති වෙනවා නිසැකයි. ඉතුරු ටිකෙන් තමා ප්‍රතිපල ලබාගන්නේ. (ත)

:       0       0

ධම්මික Wednesday, 10 July 2013 07:25 PM

කවදාද මේක පටන් ගන්නේ? (දී)

:       0       0

ඩී.උපුල් Thursday, 11 July 2013 02:10 PM

හරියට තැන නොතැන බලලා තමයි ඔය තල්ලුව දාන්න ඕනෑ. නැත්නම් දන්නවනේ ඉතින්..... (නි)

:       0       0

සමන් Friday, 12 July 2013 03:42 PM

හරියට වුනොත් නම් නියම වැඩක් (දී)

:       0       0

ආනන්ද ආර් Saturday, 13 July 2013 09:14 PM

ඔය තල්ලුව ලබාගන්න තව තල්ලු කීයක් දාන්න වෙයිද?(නදී)

:       0       0

මනෝවක Monday, 15 July 2013 05:47 PM

අපුරුයි. කර්මාන්ත 18 කට බෙදුවම එක කර්මාන්තයකට කෝටි 1.66. ඔතන සුළු කර්මාන්තකරුවන් කී දෙනෙක්ද කියලා හොයා ගන්න ක්‍රමයක් තියෙනවා නම් එක් කෙනෙකුට ලැබෙන තල්ලුව හදලා දෙන්න බලන්නම්. (නි)

:       0       0

කමල් Wednesday, 17 July 2013 03:02 PM

ඡන්දෙට පෝස්ටර් ගැහීම සුළු කර්මාන්තයක් විදියට සලකයිද?(නදී)

:       0       0

උපාලි Thursday, 25 July 2013 03:17 AM

ආනන්ද ඔබ හරි. තව තල්ලු දෙකතුනක්වත් නැතුව නියම තැනට ඔය සල්ලි තල්ලුවෙන්නේ නැහැ. 'නියමිත' තල්ලුව නොදෙන ව්‍යාපාරිකයෝ ටික අහකට තල්ලු වෙන එක නම් ෂුවර්. (නි)

:       0       0

සෝමසිරි Sunday, 28 July 2013 11:42 AM

වැඩේ කෙරෙනවා නම් අපිත් කැමතියි (නි)

:       0       0

කුමාර් Tuesday, 30 July 2013 04:42 PM

කුඩා හා මධ්‍ය පරිමාන කර්මාන්ත වලින් බංගලාදේශය වගේ රටවල් හොඳට දියුණු වෙනවා. නමුත් ලංකාවේ බැංකුකාරයෝ කර්මාන්තකරුවව මිරිකලා ලාභ ලබාගෙන කර්මාන්තකරුවට උන්හිටි තැන් නැති වෙනවා. සමහරු ණය ගෙවන්න බැරුව සිය දිවි හානි කර ගන්නවා. මේකයි කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ණයවල ඇතුල් පැත්ත. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site