IMG-LOGO

2025 ජනවාරි මස 11 වන සෙනසුරාදා


හැටන් නැෂනල් බැංකුවේ නව සභාපති දිනේෂ් වීරක්කොඩි

 
 
දිනේෂ් වීරක්කොඩි මහතා මෙම වසරේ මැයි 26 සිට  හැටන් නැෂනල් බැංකුවේ නව සභාපතිවරයා ලෙස පත් කර තිබේ. මෙම පත්කිරීම කර ඇත්තේ වර්තමාන සභාපතිවරයා වන රියෙන්සි අර්සකුලරත්න මහතා  විශ්‍රාම ගැනීමෙන් පසුවය.
 
රියෙන්සි අර්සකුලරත්න මහතා  දැනට 70 වැනි වියේ පසුවන්නෙකි.  වීරක්කොඩි මහතා  2017 ජූනි 29 වැනිදා  ස්වාධීන  නොවන හා විධායක නොවන අධ්‍යක්ෂකවරයෙකු ලෙස හැටන් නැෂනල් බැංකුව සමඟ සම්බන්ධ වී ඇත.
 
වීරක්කොඩි මහතාගේ සුදුසුකම් මත අධ්‍යක්ෂක බල මණ්ඩල නාම යෝජනා කමිටුවේ නිර්දේශය අනුව බලපත්‍රලාභී වාණිජ බැංකුවක අධ්‍යක්ෂකවරයකු ලෙස මෙම පත්කිරීම සිදුකර ඇත.



අදහස් (1)

හැටන් නැෂනල් බැංකුවේ නව සභාපති දිනේෂ් වීරක්කොඩි

upali Wednesday, 02 May 2018 10:26 AM

මොහු කලින් එට්ෆ් අදිපතිවරයාය. බොහෝ වෘත්තීය සුදුසුකම් ඇති මහත්මයෙකි. ස්මිත් ක්ලෙන් බීචම්හි වැඩ කරන කාලයේ මට හමුවිය. වටිනා ව්‍යාපාර අදහස ලබා දුන්නේය. ඔබට ජය...!!!

:       77       247

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

Our Group Site