IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


හැටන් නැෂනල් බැංකුවෙන් ඉතාලියේ වැඩමුළු

සිරි පැරකුම් චිත්‍රපටය රැගෙන ඉතාලියට පැමිණි හැටන් නැෂනල් බැංකු නියෝජිතයෝ ඔවුන්ගේ බැංකු ප්‍රවර්ධන කටයුතු කිහිපයක් මිලානෝ හා වෙරෝනා නගරවල පවත්වති.

මිලානෝ වියාලේ, සෙල්වියෝ නොම්මර 44 ස්වර්ණමුතු ජුවලර්ස්හි දී 26 ද, 28 වැනි දා වෙරෝනා චෙන්ත්‍රෝ මිද්‍රාන්ති ආයතනයේ ද ඔවුන්ගේ වැඩමුළු සංවිධාන කැර ඇත.

ඉතාලියේ ස්ථාන හතරක සිරි පැරකුම් චිත්‍රපටය නොමිලේ ප්‍රදර්ශනය කැරෙයි.



අදහස් (0)

හැටන් නැෂනල් බැංකුවෙන් ඉතාලියේ වැඩමුළු

ජෝයි ඩයස් Saturday, 02 November 2013 11:25 PM

රාජ්‍ය නොවන බෑංකුවකින් හරි එවෑනි දෙයක් කිරීම සතුටට කරුණකි.ජාතික ඉතිරිකිරීමේ බංකුවෙන් ද එවනි දනුවත් කිරීමක් කලා. නමුත් නොමිලේ චිත්‍රපට වෙන්වා ජනතාව රෑස්කිරීමට ඔවුන්ට මුදල් ප්‍රතිපාදන තිබුනේ නෑ.ඉතාලියේ මුදල් ලංකාවට නීතිමය ආකාරයෙන් එන්නේ සියට 25ත් 30 අතර ප්‍රමානයකි.ඉතිරිවා යන්නේ කලුකඩවලිනි.කොටින්ගේ කාලයේදී ඒවා ගියේ සිංගප්පූරූව හරහා වෙනත් රටවලටය. දෑන් කේ.පී. ඉන්න නිසා එයා එයාගෙන් වෑඩි විස්තර දෑනගතහකියි. විදේශ විනිමය රටින් පිට ගෙනයන්න දෙන්නෙ නෑතිනිසා මුදල් මාරු කරන ආයතන තුලින් ඉල්ලුම අනුව මිලක් නියම උනා . එමුදල් හොරපාරේ ලංකාවෙන් පිටඋනා. දෑනුත් පිටවෙන්නේ එහෙමයි.මෙවා ලියන්නේ මගෙ රටෙ ආර්තික හිල් වහන්නයි, බංගලි,පකිස්තාන් අයත් කරන්නෙ කොටි කරපු දෙමයි.බෑංකු වලින් පිට යුරෝ වලින් මුදල් ගෙවන තෑන් ලංකාවෙ තියෙනවා. ලංකාවෙන් ඔස්ටලියාවට බෝට්ටුවේ යන්න ඉතාලියේ මුදල් ගෙවන තෑන් තියෙනවා. රජයේ මන්දගාමි තානාපති නිලධාරි හා දේශපාලන හෙන්ච්යියලා වෑඩක් කරන්න ඉන්න මිනිසුන්ගෙ කකුල්වලින් අදීම නිසා ඉතාලියේ දූශණ වංචා විශාල ප්‍රමාන්යක් සිදු වෙනවා. මාෆීයා කමෝර්රා සංවිධාන සමග එකතුව විශාල වංචා සිදුවෙනවා. තානාපති නිලධාරීන්ට වෑඩක් නිදහසේ කරන්න දෙන්නෙ නෑ. බලපෑම් පවා කරනව. අන්තිමට වෑඩක් කරන්න දගලන මිනිසුන් කලකිරිලා ලංකාවේ පදිංචියට එනවා. කියන්නත් කනගාටුයි මමත් කලකිරිලා ලංකාවේ පදිංචියට ආපු කෙනෙක්. (ස)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 06 November 2013 03:52 PM

ජෝයි ඩයස්, හැමදේම දන්නා පණ්ඩිතයෙක් වගේ අදහස් දැම්මට, කුඩාම හිල් තිබෙන සල්ලඩයකින් පෙරලා තමයි මෙම අදහස් කියවිය යුත්තේ. කටකතා ලියන්නේ නැතුව දන්නා දෙයක් ලියන්න. (ස)

:       0       0

ජෝයි ඩයස් Wednesday, 06 November 2013 10:31 PM

පිටිගල,තොප්පිය ඔයාට හරි නිසා දාගත්තාට මට කරන්න දෙයක් නැහැ. මමත් අවුරුදු 23ක් ඉතාලියේ සමාජයත් එක්කම ගෑටිලා එහෙ ජීවත්වෙන මිනිසුන්ගේ දුක් අදෝනා මෙන්ම සමාජ අසාධාරණකම් , රටට ජාතියට සිදුවෙන ද්‍රෝහිකම් වලට නොබියව කතාකළා. මේවා කටකතා නොවේ. මේවා මගෙ සමාජ අත්දැකීම්. අපේම ලංකාවේ මිනිසුන් කමෝර්රා එකේ අයට ඔත්තු දීලා ගෙවල් බිදලා තිබෙනව‍ා අපේ අයගේම. පොලියට දෙනවා. තමන්ගේ කසාද බිරිදව බොරුවට දික්කසාද කරලා වෙන ගෑනියෙක්ව කසාද බැදලා ඒ ගැහැනුකෙනාගෙන් සල්ලි ලක්ෂ ගණන් අරන් ෆැමිලි වීසා දාලා ගෙන්වනවා. ලොකු ගෙවල් අරන් අපේම අසරණයන්ට කෑලි කෑලි වැඩිගානට කුලියට දෙනවා, ෆැමිලි වීසා ලබාගන්න ඒ ගෙදර කොන්ත්‍රාත්තුවත් යුරෝ 1500ට 2500ට අපේම අයට විකුණනවා. මාෆියා හොරුත් එක්ක සම්බන්ධ වෙලා හොර යතුරුපැදි අරන් කන්ටේනර් අස්ස්සේ ලංකාවට දානවා. නිකන් කටට ආ පළියට අදහස් දාලා වැඩක් නැහැ. දැන්වත් රට ගැන මීට වඩා හොයාබැලීම අප කාගෙත් වගකීම මෙන්ම යුතුකමයි. එල්ලේ මැච්, ක්‍රිකට් මැච් විතරක් ගහලා මදි. (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 07 November 2013 11:33 AM

ජෝයි ඩයස්, ඔබ තුමා ආපසු ලංකාවට ගියේ, අර ඉතාලියට නැවත සේවයට නොඑන පදනම මත රට හැර දාලා යන සේවකයන්ට ගෙවන මුළු අවුරුදු විසි තුනක් ගෙවූ අර්ථ සාධක මුදල ගන්නද? ඔබ තුමා වෙනත් නමකින් හොරෙන්ම ආපසු ඉතාලියට වැඩ කරන්න එන්නේ කවදාද? (නදී)

:       0       0

ලේක්කෝ ගලබඩ Thursday, 07 November 2013 12:04 PM

ජෝයි ඩයස්, ඉතාලියේ 'මාෆියා' සහ 'කමොරා' වැනි සංවිධාන කරන්නේ සංවිධානාත්මක මහා පරිමානයේ ජාවාරම්. ඒවාට බැංකු සහ ලොකු ලොක්කනුත් සම්බන්ධයි. ඔබ අසා ඇති පරිදි ඔවුන් රෑට රෑට ගෙවල් බිඳින්න යන්නේ නැහැ. පිටිගල අයියා ඒකයි කියන්න ඇත්තේ ඔබ කට කතා ලියනවා කියලා. (ස)

:       0       0

කපිල කුමාර Thursday, 07 November 2013 02:52 PM

මේ පිටිගල කියන්නෙ මුකුත් දන්නෙ නැති රට පණ්ඩිතයෙක්.සියල්ල දත් කියන් හිතන් ඉන්න ඔබ කිසි දෙයක් නොදන්න කෙනෙක්.. (ස)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Friday, 08 November 2013 03:00 AM

කපිල කුමාර, තරහ ගියේ පිටිගල අයියා හොර වැඩ එළිකරන නිසාද? ඔයත් ලංකාවට පනින්නද ඉන්නේ? (නි)

:       0       0

විපුල් Thursday, 14 November 2013 04:31 AM

ඔහොම යමු (නි)

:       0       0

දාස Thursday, 14 November 2013 09:02 PM

සුභ පැතුම් (දී)

:       0       0

ඇතුගල Friday, 22 November 2013 02:54 AM

පිටිගල තරහ වෙන්න එපා,ජෝයි ඩයස් කියන එකෙත් ඇත්තක් තියනව​.එයා විස්තර කරපුවගෙන් එකක් හරි ඔයත් කරනවනම් අනේ දැන්වත් එව්ව නතර කරල දමන්න​,,(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site