IMG-LOGO

2025 ජනවාරි මස 11 වන සෙනසුරාදා


හොඳ රැකියාවකට මග පෙන්වයි

හොඳ රැකියාවකට මග පෙන්වයි

පන්නිපිටියේ ‘පේස්‘ ආයතනය විසින් සංවිධානය කළ  ‘සත්‍යය දියුණුවක් කරා‘ සම්මන්ත‍්‍රණය ජීවිත සාර්ථකත්වය අත් කරගැනීම සඳහා කුඩා කල සිට සිය සහජ දක්‍ෂතා අනුව තරුණ තරුණියන් රැකියා ඉලක්ක කර ගොඩනැන්වීම අරමුණ කරගනිමින් පැවැත්වීණ.

වෘත්තිකයන් නිර්මාණය කරන්නේ කෙසේද යන්න මෙම සම්මන්ත‍්‍රණයේදී ඉතා ගැඹුරින් සාකච්ජා කෙරිණ. 
එම ආයතනයේ ප‍්‍රධාන විධායක නිළධාරී සහ අධ්‍යක්‍ෂ සජිත් ද සිල්වා මහතා අවධාරණය කළේ සේවා යෝජකයන් හැමවිට බලාපොරොත්තු වන්නේ වෘත්තිකයා දක්‍ෂතා ඇති කාර්යශුර නිර්මාණශීලිව සිතන අයෙකු බවයි. ඉදිරිය ගැන සිතා සිය ව්‍යාපාරික ආයතනයේ දියුණුව උදෙසා කටයුතු කරන අයෙකුට සැමවිට සේවා යෝජකයන් කැමැති බවත් ඔහු පෙන්වා දුන්නේය.  
ප‍්‍රවීන අලෙවිකරණ හා පරිපාලන උපදේශකවරයෙකු වන නලින් ආටිගල මහතා පැවසුවේ කුඩා අවදියේ සිට ළමයින්ට වගකීම් සහගතව කටයුතු කිරීමට පුරුදු කිරීම මගින් එම දරුවන් වැඩිහිටියන් ලෙස සාර්ථක වෘත්තිකයන් ලෙස වැඩ කිරීමට පුරුදු පුහුණු වන බවයි.
එම ආයතන පරිශ‍්‍රයේ දී නොමිලේ පැවැත්වෙන බව කියන මෙම සම්මන්ත‍්‍රණය සඳහා විශාල පිරිසක් සහභාගි වු අතර ඔවුන්ගේ වෘත්තීය සාර්ථකත්වයට අවශ්‍ය කරුණු වෙන වෙනම මෙහිදී සාකච්ජා කැරිණි. ඔබටත් වෘත්තිය මාවතක් ඔස්සේ ජීවිතය ගොඩනගා ගැනීමට අවශ්‍ය නම්  දුරකථන අංක 011 5923500 - 5 හෝ විද්‍යුත් ලිපිනය [email protected]

PACE-Institute-Seminar

 



අදහස් (0)

හොඳ රැකියාවකට මග පෙන්වයි

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

Our Group Site