IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


හරිත ගොඩනැගිලි සම්මාන උළෙලේදී INSEE සමාගමට සම්මාන


INSEE සිමෙන්ති සමාගම තම පරිසර හිතකාමී සහ අනාගතවාදී ඉදි කිරීම් අමුද්‍රව්‍ය නිෂ්පාදනය වෙනුවෙන්, හරිත ගොඩනැගිලි කවුන්සිලය විසින් සංවිධානය කළ 13 වැනි වාර්ෂික හරිත ගොඩනැගිලි සම්මාන උළෙලේ දී සම්මානයට පාත්‍ර විය.

මෙහිදී ඉදි කිරීම් ක්ෂේත්‍රයේ තිරසාරත්වය, නවෝත්පාදනය සහ පාරිසරික ආරක්ෂණය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් INSEE සිමෙන්ති සමාගම වෙත මෙම ගෞරවනීය සම්මානය හිමි විය.

මෙම සම්මානය INSEE කණ්ඩායමේ සෑම සාමාජිකයකුගේම කැපවීම හා කර්මාන්ත වෙනුවෙන් ඔවුන් දක්වන උනන්දුව නිසා ලබා ගත් ජයග්‍රහණයකි. ඉන් ශ්‍රී ලංකාව සහ සමස්ත ලෝකයම හරිත අනාගතයක් කරා රැගෙන යෑම කෙරෙහි INSEE සමාගම දක්වන අවධානය ද කැපී පෙනේ. 

INSEE සමාගමට මෙම ජයග්‍රහණය වඩාත් වැදගත් වන්නේ, ශ්‍රී ලංකා හරිත කවුන්සිලය විසින් අපගේ ප්‍රමුඛතම නිෂ්පාදනය වන INSEE සංස්ථා; පෝට්ලන්ඞ් සිමෙන්ති නැවතත් හරිත නිෂ්පාදනයක් ලෙස නාමකරණය කිරීමයි. ඉතිහාසයේ ප්‍රථම වරට මෙම සිමෙන්ති නිෂ්පාදනය වෙත තරු 5 ක ශේණිගත කිරීමේ අගයක් ලැබුණු අතර, එය ක්ෂේත්‍රයේ සිමෙන්ති සමාගමක් විසින් මෙවැනි විශිෂ්ට කීර්තියක් අත් කර ගත් පළමු අවස්ථාව විය. INSEE සමාගම විසින් දිගු කාලයක් තිස්සේ ISO 14025 ප්‍රමිතියට අනුකූලව පවත්වා ගෙන ආ පාරිසරික නිෂ්පාදන ප්‍රකාශන (EPD) සහතිකය ද මෙම ජයග්‍රහණයට බල පෑ තවත් එක් සුවිශේෂී සාධකයකි. (EPD) සහතිකය යනු යම් නිෂ්පාදනයක සමස්ත චක්‍රය පුරාම එහි පාරිසරික බලපෑම පිළිබඳ ව සවිස්තරාත්මක, ප්‍රමිති ගත සහ තුන් වන පාර්ශව විසින් තහවුරු කරන ලද තොරතුරු ලබා දෙන ගෝලීය වශයෙන් පිළිගත් ප්‍රමිති රාමුවකි.

INSEE සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි/සභාපති, නන්දන ඒකනායක මහතා මෙසේ ප්‍රකාශ කළේය. ”‍සිමෙන්ති නිෂ්පාදනයක් සඳහා තරු 5 ශේණිගත කිරීමක් ලබා ගත් ශ්‍රී ලංකාවේ පළමු සිමෙන්ති සමාගම වීම සම්බන්ධයෙන් අපට ඇත්තේ නිහතමානී ආඩම්බරයක්.



අදහස් (0)

හරිත ගොඩනැගිලි සම්මාන උළෙලේදී INSEE සමාගමට සම්මාන

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site