IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


හැව්ලොක් සිටි ළමා චිත්‍ර තරගයට කොමර්ෂල් බැංකුවේ අරුණලු ගිණුමේ සහාය

වයස අවුරුදු 4 ත් 16 ත් අතර ළමයින් 1500 කට වැඩි පිරිසක් සහභාගී වූ හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණය විසින් සංවිධානය කරන ලද ළමා චිත්‍ර තරගයෙහි නිල බැංකු සහකරු ලෙස කොමර්ෂල් බැංකුව සහය දක්වන ලදී.

කොමර්ෂල් බැංකුවේ ජනප්‍රිය ළමා ඉතුරුම් ගිණුම වන අරුණලු සමග සම්බන්ධ වෙමින් පැවැත්වූ‘ HCM Creative Champs 2025‘ නම් තරගයේ ජයග්‍රාහකයන් වෙත පිරිනැමූ කුසලාන සහ ත්‍යාග සඳහා බැංකුව අනුග්‍රහය දැක්වීය. මේ සමගම කොමර්ෂල් බැංකුවේ ප්‍රදර්ශන කුටියට පැමිණි සෑම පවුලකටම නොමිලයේ තම ඡායාරූප ලබා ගැනීමට අවස්ථාව හිමි වූ අතර අරුණලු ඉතුරුම් ගිණුම් විවෘත කළ අය සඳහා අමතර ත්‍යාග පිරිනමන ලදී.

බැංකුවේ ප්‍රමුඛතම ළමා ඉතුරුම් ගිණුම වන අරුණලු ළමා ගිණුම් සඳහා ඉහළ පොලී අනුපාතයක් පිරිනැමෙන අතර 5 වසර ශිෂ්‍යයත්ව විභාගයෙන් තම පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන ලබාගන්නා ගිණුම් හිමියන්ට ප්‍රතිලාභ ලෙස විශේෂ මුදල් ත්‍යාග පිරිනමනු ලබයි.

 



අදහස් (0)

හැව්ලොක් සිටි ළමා චිත්‍ර තරගයට කොමර්ෂල් බැංකුවේ අරුණලු ගිණුමේ සහාය

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site