ප්‍රේමකුමාර ජයවර්ධනයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද එඩ්වඩ් ජයකොඩියන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරාලංකාරයෙන් ද සුරංජිත වූ මෙි ගීමිණ පියකුගේ දාරක ප්‍රේමය ඔස්සේ විශ්වීය මිනිසකු ගොඩනැංවීමට යත්න දරයි.
රාහුලො ජාතො
"බුදු බව පැතුවෝ - දරු දුක නැද්දොා්
මා නොසොයා පුත නිදියන් සියුමැලි
සදා එළිය පිරි ලොවක් සදා දෙමි
පුත නුඹ නිදිගත් කුටිය කැළුම් දෙයි
කුටියෙ දොරින් පිට, ගනඳුර රජයයි
නිදි ලොව සිටියද නුඹ මා කැඳවයි
පිටත අඳුර පිරි බව නුඹ නො දනියි
දිනෙක නඟා ඔබ සියුමැලි පා යුග
අඳුරු ලොවක් වෙත මාමෙන් එනු ඇත
එදා ඔබෙ මඟ එළිය සදන්නට
එළිය සොයා යමි පුත නුඹ නාඬන්
මා නො සොයා පුත නිදියෙන් සියුමැලි
සදා එළිය පිරි ලොවක් සාදා දෙමි
(ආරියවංශ රණවීර - "කවි කිහිපයක් " කාව්‍ය සංග්‍රහය )
ප්‍රවීණ කිවිවර ආරියවංශ රණවීරයන්ගේ යටකී කවියෙන් ගම්‍ය වන්නේ සිදුහත් කුමාරුන්ගේ අභිනිෂ්ක්‍රමණය යි.එදා සිදුහත් කුමාරු තම බිරිය යශෝධරා සහ පුතු රාහුලයන් රජ මැඳුරේ තනිකර ගිහිගෙය හැර ගියේ බුද්ධත්වයට පත්වීමෙි ඒකායන අාරම්මණයෙනි.එහෙත් සිදුහත් පියකුගේ වගකීම අතැර එම දුෂ්කර ගමනට මුලපිරුවෙි තම පුතුගේ යහපත වෙනුවෙන් පමණක් නොව මුළු ලෝකයාගේ ම හිතසුව පිණිසය. රණවීර කවියා මෙි මාහැඟි ආරම්මණය කුඩා කවි පේළි කිහිපයකට හකුළා ගැඹුරු ජීවන යථාර්ථයයක් සුවිශද කරයි.සිදුහත් චරිතය ඇසුරින් කවියා ගොඩනගන ව්‍යංග්‍යාර්ථය ප්‍රබලය.
මෙහිදී කථකයා කියන්නේ කුමක්ද? විශ්වය නමැති ජුගුප්සිත නරාවළේ මොහාන්ධකාරයේ ගිලී සිටින පුතුට සදා එළිය පිරි ලොවක් සැදීමට තමා ගිහි ජීවිතයෙන් අභිනික්මන් වන බවය.උදාර පියකුගේ වගකීම මෙය නො වෙි ද? කවර පුරුෂයකු වුව උදාර පරමාර්ථයකට කැපවී ගැනෙද්දී ඔහුගේ කුටුම්බය වසා විහිදී යන ශෝකාන්ධකාරය මෙි කවියෙන් ද ප්‍රකාශිත වන්නේය.එහෙත් මෙහි දුක්ඛිත භාව ප්‍රකාශය වඩාත් තිව්‍ර ලෙස දැනෙන්නේ යසෝදරාවත ද ඊට සමාන කෘතියක් වන වෙස්සන්තර ජාතකය ද පරිශීලනය කර බැලීමේ දී ය.මෙනයින් බලන කල රණවීරයන්ගේ මෙි කවියෙන් සුවිශද වන්නේ සිදුහත් කුමාරුන්ගේ සිතෙහි තම පුතු රාහුල පිළිබඳ සැඟවුණු සංතාපය සහ සංවෙිදනාවය.මෙි කවියෙන් සියුම් කරුණරසයක් අප හද තුළ ජනිත කළ ද ශ්‍රේෂ්ඨ පියකුගේ උදාරත්වය එය පරයා නැගී සිටියි.එඩ්වඩ් ජයකොඩි ගායනා කරන "කරදිය ගැඹරේ " ගීතය ද යටකී කවියට සමපාත කළ හැකිය.මෙහි එන කථකයා ද තම පුතු වෙනුවෙන් උත්රීතර අරමුණක් සාක්ෂාත් කරගැනීමෙි අභිලාෂයෙන් පෙනී සිටින්නෙකි.ඔහුගේ ඒකනායක අරමුණ නව ලොවකට නව මිනිසකු තැනීමය.මෙි වූකලී කෙතරම් උත්කෘෂ්ට උදාර අභිප්‍රායක් ද? රමණීය හැඟීමක් ද?
කරදිය ගැඹරේ තුන්යම ගෙවුණේ
නුඹගේ දෑතට දිරිය වඩන්නයි
සුහුඹුල් අත්පා යදඬු කරන්නයි
කිරිකැටි පුතුනේ
කිරිකැටි පුතුනේ
අව්වට වැගිරෙන දාදිය වැස්සේ
කළුගල් තළලා මහමං තැනුවේ
නිවහල් ලොවකට නුඹට වඩින්නයි
කිරිකැටි පුතුනේ
කිරිකැටි පුතුනේ
දුම් රොටු අතරේ කම්මල් ඇතුළේ
දැතිරෝදෙට ගත ජීවය දුන්නේ
නව මිනිසෙකු නව ලොවට පුදන්නයි
කිරිකැටි පුතුනේ
කිරිකැටි පුතුනේ
මෙි ගීතයේ කථකයා තම පුතුගේ හෙට දවස වෙනුවෙන් දිව රෑ නොබලා වෙහෙස මහන්සි වී වැඩ කරයි.ඔහු තම පුතාට කන්න බොන්න දී උස් මහත් කොට පමණක් සෑහීමකට පත් නොවෙයි. කරදිය යනු මහ මුහුදයි.එහෙත් මෙහිදී රචකයා කතා කරන්නේ මුහුදේ ගැඹුර ගැන නොව ජීවිතය නමැති මහ සයුරේ ගැඹුර ගැනයි.මහ මුහුද යන රූපකය ජීවිතයට සමපාත කරමින් ඔහු අපූරු කාව්‍යෝක්තියක් ගොඩනගයි.මෙහිදී මුහුද නමැති රූපකය භාවිත කරමින් ජීවිතයේ කටුකත්වය තම පුතුට ඒත්තු ගැන්වීමට කථකයා යත්න දරයි.සුහුඹුල් අත්පා යදඬු කිරීම ද කදිම යෙදුමකි.කිරිකැටි දරුවකුගේ අතපය රෝස මල් පෙති මෙන් ළාමකය.මටසිලිටිය.එහෙත් එම අත්පා යකඩ මෙන් ශක්තිමත් කිරීමට කථකයා නිතර වෙහෙස මහන්සි වෙයි.තතු එසේ වූව ද ත මෙි පියා ධීවර රැකියාවක නිරතවන මාළුකාරයකු හෝ කම්හලක වැඩ කරන කම්කරුවකු නම් නොවෙි.ඔහු සමස්ත සමාජය නියෝජනය කරන උදාර පුරුෂයෙකි.එබඳු උදාර පුරුෂයෝ හැමවිටම අනාගත පරපුර වෙනුවෙන් සෙනෙහසින්,දයාවෙන් බලාපොරොත්තු දල්වති.මෙි කථකයාට සිහිනයක් ඇත. නිවහල් ලොවකට නව මිනිසකු මෙන් තම පුතු පා තබනවා දැකීමට ඔහුට ඇවැසිය.එහෙත් සාම්ප්‍රදායික පුරවැසියකු ඔහු අපේක්ෂා නොකරයි.මෙනයින් බලන කල මෙි ගීතය ධ්වනියෙන් පරිපූර්ණ වූ රචනාවකි.මෙි වනාහි දිසි දෙය නොව අදිසි වූ වෙනත් දෙයක් හැඟී ගන්නා වූ රචනාවකි.මෙබඳු පියවරුන් සිටින දරුවෝ නිවුණේ නොවෙත් ද?
කේ.ඩී කේ ධර්මවර්ධයන්ගේ ගේයපද රචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන ස්වර මාධූර්යයෙන් ද සංගීත නිපුන් සනත් නන්දසිරිගේ ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගී
සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියුරු මියැසියෙන් ද යුතු ම
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සංකල්ප රූප සංකලනයෙන් ද වික්ටර් රත්නායකයන්ගේ සුමධුර ස්වර සංරචනයෙන් ද අබෙිවර්ධන බාලසූරියගේ හඬ මාධුර්යෙන් ද සුරංජිත මෙි
ඩෝල්ටන් අල්විසුන්ගේ ගේයපද මාලාවෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ දේශානුරාග
සුකීර්තිමත් කිවිසුරු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ සුගේයපද සුරචනයෙන් ද කරුණාරත්න දිවුල්ගනේගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්. එම් ජයවර්ධනයන්ගේ ස්වරාල
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද මාලාවෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සහ නීලා වික්‍රමසිංහගේ ගායනයෙන් ද යුතු මෙි ගීමිණ අසම්මත ප්‍රේමය
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
කරදිය ගැඹරේ