ඉරානයේ ජල පිරිපහදුවලට පහර දෙන්න ට්‍රම්ප් සැරැසෙයි ඉරානයේ ජල පිරිපහදු ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට ඇමෙරිකා හමුදාව සූදානම් බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 31 March 2026
ඇෆ්ගනිස්තානයට පාකිස්තානයට මහ වැසි ඇෆ්ගනිස්තානයට සහ පාකිස්තානයට මහ වැසි ඇදහැලෙමින් පවතී. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මහ වැසි හේතුවෙන් හටගත් හදිසි ජල ගැලීම්, නායයෑම් හේතුවෙන් දෙරටේ 45 දෙනෙකු මියගොස් ඇති බවත් දස දහසකට ආසන්න පිරිසකට උන්හිටිතැන් අහිමිවී ඇති බවත්ය. 31 March 2026
වී මෝලේ ගබඩාවේ යුරියා මිටි 3460 සඟවලා නීති විරෝධිව යුරියා කිලෝ පනහේ මිටි 3,460ක් ගබඩා කර තිබු මරදන්කඩවල,කවුඩාව ප්‍රදේශයේ පිහිටි වී මෝලකට අයත් ගබඩාවකට ඊයේ(30)දින මුද්‍රා තබන ලද බව ජාතික පොහොර ලේකම් කාර්යාලය කියයි. 31 March 2026
හැටන් චණ්ඩි ළමෝ සුරැකුම් බාරයට හැටන් නගරයේ ප්‍රධාන පාසලක ශිෂ්‍ය නායකයෙකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් පොලිස් භාරයට ගැනුණ ළමුන් තිදෙනා අධිකරණයට යොමු කිරීමෙන් අනතුරුව ඔවුන් ලබන මස 6 වැනිදා තෙක් වෙිරලවත්ත ළමා සුරැකුම් මධ්‍යස්ථානයට බාර දෙන්නැයි හැටන් දිසා අධිකරණ විනිසුරු සහ මහේස්ත්‍රාත් පීටර් පෝල් මහ ඊයේ (30) නියෝග කළේය. 31 March 2026
සිසු අපයෝජනයට විදුහල්පති අත්අඩංගුවේ සිසුවෙකු අපයෝජනය කළැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් මාතලේ ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයා අද (31) අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 31 March 2026
පොලිසියේ ලොකු පුටු 21කට ස්ථාන මාරු පොලිස් අධිකාරීවරයකු, සහකාර පොලිස් අධිකාරීවරුන් 7 දෙනකු සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 14 දෙනකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 31 March 2026
ශිෂ්‍යත්ව විභාගයට අයැදුම්පත් කැඳවයි 2026 ශිෂ්‍යත්ව විභාගය සඳහා අද(30) සිට අප්‍රේල් 30 දක්වා මාර්ගගතව අයැදුම්පත් කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 30 March 2026
ලබන අයවැයට දැන් සිටම සූදානමක් සමාජය සවිබල ගැන්වීම සහ ආර්ථික ප්රතිලාභ සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහනේ ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (30) පස්වරුවේ පැවැත්විණි. 30 March 2026
ඇමතිලාගේ “තෙල්” තුනෙන් එකකින් කපයි සියලූම ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් සිය ඉන්ධන කෝටාව තුනෙන් එකකට වැඩි ප්‍රමාණයකින් ස්වේච්ඡාවෙන්ම අඩුකරගෙන අැති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය. 30 March 2026
හවස තුනෙන් පසු AC තහනම් සියලුම රාජ්‍ය සහ ව්‍යවස්ථාපිත ආයතන වල වායු සමීකරණ යන්ත්‍ර පස්වර 3න් පසුව අක්‍රීය කළ යුතු බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ඉන්ධන හා බලශක්තිය පාවිච්චි කිරීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරමින් සඳහන් කරයි. 30 March 2026
ශ්‍රීලන්කන් සභාපති ඉල්ලා අස්වෙයි ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ සහ ශ්‍රීලන්කන් කේටරින් සමාගමේ සභාපති සරත් ගනේගොඩ මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. 30 March 2026
ඉදිරි සතිවල ජල කප්පාදුවක් රටපුරා පවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග ඉදිරි සති දෙක තුන තුළ දී දිනකට පැය කිහිපයකට ජල සැපයුම සීමා කිරීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 30 March 2026
’’ලක්විජයට’’ මැතිසබා කමිටුවෙන් නියෝගයක් නොරොච්චෝලේ ලක්විජය බලාගාරයෙන් පිටවන වන අළු පරිසර හිතකාමී ලෙස බැහැර කිරීම සඳහා සැලැස්මක් වහාම සකස් කරන ලෙස පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිලධාරීන්ට උපදෙස් දුන්නේය 30 March 2026
අතුරුදන් වූ මැණික් ව්‍යාපාරිකයාගේ සිරුර මැණික් පතලක කහවත්ත නීලගම මාර්ගයේ දී ඉකුත් 28 වැනි දා අතුරුදන් වූ මැණික් ව්‍යාපාරිකයාගේ සිරුර කහවත්ත කහවතුකන්දේ අතහැරදමා තිබූ මැණික් පතලක තිබී අද හමු වූ බව කහවත්ත පොලිසිය කියයි. 30 March 2026
ජල මණ්ඩලේ ව්‍යාපෘති ඉබාගාතේ ගිහින් “කෝප්” කෝප වෙයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ආරම්භ කරන විවිධ ව්‍යාපෘති අවසානය තෙක් අධීක්ෂණය කිරීම සඳහා වගකිවයුතු නිලධාරියෙකු නොමැතිවීම හේතුවෙන් ඉන් අපේක්ෂිත සේවය නිසි ආකාරයෙන් ගැනීමට නොහැකි වී ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) තොරතුරැ අනාවරණය විය. 30 March 2026
වකුගඩු ගල් ඉවත් කරන ජාතික මධ්‍යස්ථානය මීරිගමට මීරිගම මූලික රෝහලේ වකුගඩු ගල් සැත්කම් සඳහා ජාතික මට්ටමේ යොමු කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් රෝහල් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. 30 March 2026
දිට්වා තොරතුරු වාර්තාවක් අගමැතිනියට දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සහ ආපදාවට ලක් වූවන්ට සහන සැලසීම වෙනුවෙන් සිවිල් සමාජ සංවිධාන සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. 30 March 2026
කෙහෙලියගේ කාලයේ ඖෂධ සැපයුම ගැන වෝහාරික විගණනයක් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ කාලසිමාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන කටයුතු පිළිබඳ රජයේ විගණකාධිපතිවරයා වෝහාරික විගණනයක් කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. 30 March 2026
බස් -යතුරුපැදි ගැටීමෙන් නාවික නිලධාරියා මරුට බදුල්ල රන්දෙනිගල මහනුවර මාර්ගයේ බුද්ධංකෝට්ට ප්‍රදේශයේදි අද (30) දහවල් අර්ධ සුඛෝපභෝගී පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් යතුරුපැදියක ගැටිමෙන් යතුරුපැදියේ ගමන්ගත් නාවික හමුදා නිළධාරියකු මියගිය බව කන්දකැටිය පොලිසිය පවසයි . 30 March 2026
විදුලි ගාස්තුව සියයට 10කින් ඉහළට විදුලි ගාස්තුව සමස්තයක් ලෙස සියයට 10 කින් ඉහළ දැමූ බව මහජන උපයෝගීතා කොමිසම මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය. 30 March 2026
‘‘ගෝඨාගේ ගේ වට කළ 54 දෙනකුගෙන් ප්‍රශ්න කරලා‘‘ පසුගිය අරගල සමයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහාය නිවස වැටලීමේ සිද්ධිය පිළිබඳව කරන විමර්ශනයේදී සැකකරුවන් 54 දෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් සති තුනක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. 30 March 2026
ඇමෙරිකා-ඊශ්‍රායල විශ්ව විද්‍යාලවලට ගහනවා ඇමෙරිකාවෙන් සහ ඊශ්‍රායලයෙන්, ඉරානයේ තෙහෙරාන් අගනුවර විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයට එල්ල වූ මිසයිල ප්‍රහාරයට පළිගැනීමක් ලෙස, ඊශ්‍රායලයේ සහ අසල්වැසි ගල්ෆ් කලාපයේ රටවල ඇමෙරිකන් විශ්ව විද්‍යාලවල ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට තමන් පසුබට නොවන බව ඉරාන විප්ලවීය විප්ලවීය ආරක්ෂක බලකාය අනතුරු ඇගවීය. 30 March 2026
ඉරානයට ගහන්නේ තෙල් ගන්න - ට්‍රම්ප් ඉරානයට පහර දිමේ අවසන් ඉලක්කය ඉරානයේ තෙල් සම්පත අත්පත් කර ගැනීම යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ෆයිනැන්ෂයල් ටයිම්ස් පුවත්පත සමග අදහස් දක්වමින් පැවැසීය. 30 March 2026
ඇමෙරිකන් සෙබළු ආවොත් පුළුස්සලා මරනවා ඇමෙරිකන් සෙබළුන් ගොඩබිම් ප්‍රහාරයකට පැමිණෙන තුරු ඉරානය බලා සිටින බවත්, එය ඇමෙරිකන් සෙබළුන්ගේ ‘මළගම’ වනු ඇති බවත් ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් ඇමෙරිකාවට අනතුරු ඇගවීය. 30 March 2026
මත් සැකකරුවෝ 980ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 980 ක් ඊයෙ (29) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 30 March 2026
මොනරාගල ප්‍රා.සභා ආදායම් පරිපාලක රිමාන්ඩ් රුපියල් පනස් දහසක අල්ලස් මුදලක් ලබා ගැනීමේ චෝදනාව මත සැකපිට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගත් මොනරාගල ප්‍රාදේශීය සභාවේ ආදායම් පරිපාලකවරයා ලබන (11) වන දා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි මොනරාගල දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ෆාතිමා දීප්රියා මහත්මිය නියෝග කළාය. 30 March 2026
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ් වාහනයක චැසි අංක සංශෝධනය කර කැබ් රථයක් ව්‍යාජ ලෙස ලියාපදිංචි කිරීමට අනුබල දීමේ සිද්ධියකට සම්බන්ධව රිමාන්ඩ් ගත කර සිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ ලබන 10 වැනි දා තෙක් යළි රිමාන්ඩ් බාරයේ තබන්නැයි පිලැස්ස මහේස්ත්‍රාත් ඩබ්ලිව්.එම්.එම්.අයි වාසල මහත්මිය නියෝග කළාය. 30 March 2026
චීන්නු 125 ක් මෙරටින් පිටුවහල් කරයි නීතිවිරෝධී ලෙස මෙරට තුළ රැදී සිටි චීන ජාතිකයන් 125 දෙනෙකු අද(30) ද අලුයම චීනයට පිටුවහල් කර තිබේ . 30 March 2026
චන්ද්‍රිකා-නලින්ද එක මේසේ සාකච්ඡාවක සීදූව විජයකුමාරතුංග අනුස්මරණ රෝහලේ ප්‍රතිකාර සේවාවන් හි වත්මන් තත්ත්වය සහ ඉදිරි සැලසුම් පිළිබදව සොයා බැලීමේ සාකච්ජාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි. 30 March 2026
බහින්බස්වීම මරණයෙන් කෙළවර වෙයි දෙදෙනකු අතර ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් කෙනෙක් අනෙකාට තියුණු ආයුධයකින් ගෙලට පහරදී ඝාතනය කර ඇති බව පින්වත්ත පොලිසිය පවසයි . 30 March 2026
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026