බංග්ලාදේශ බසය ගඟට බංග්ලාදේශයේ මගී බස් රථයක් පද්මා ගංගාවට පෙරැළීමෙන් 18 ක් ජීවිතක්ෂයට පත්වූහ. බස් රථය ගංගාවට පෙරැළද්දී එහි 50 දෙනකු සිට ඇත. 26 March 2026
රුසියාවේ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය මෙරට සංචාරයක රුසියානු සමූහාණ්ඩුවේ බලශක්ති කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය රොමාන් මාර්ෂාවින් (Roman Marshavin) මහතා ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (26) පෙරවරුවේ පැමිණියේය. 26 March 2026
ඉරානය අකමැති නම් දිගට හරහට ගහනවා යුද්ධය අවසන් කිරීමේ එකඟතාවකට ඉරානය එකග නොවන්නේ නම්, ඉරානයට ප්‍රබල ප්‍රහාර එල්ල කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් බව, ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් ඊයේ (26) මාධ්‍ය හමුවේ පැවැසුවය. 26 March 2026
කෝටි දහයක කුඩු ගුවන්තොටෙන් මාට්ටු රුපියල් දස කෝටි හතලිස් හත් ලක්ෂ හැට දහසක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙක් ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබූහ. 26 March 2026
සුනඛයා ගෙනා බෝලය දරුවා රෝහලට යවයි නිවසේ ඇති දැඩි කරන සුරතල් සුනඛයා රැගෙන ආ බෝලයක් උදුරාගෙන සෙල්ලම් කළ දරුවෙකු එම බෝලය පිපිරීමෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි. 26 March 2026
අනතුරින් මව පුතා මරුට ඌරාපොළ රුවන්වැල්ල මාර්ගයේ සපුගස්තැන්න ලිහිණියා ගොල්ල ප්‍රදේශයේදී ලොරි රථයක් හා ත්‍රී රෝද රථයක් ගැටීමෙන් ත්‍රී රෝද රථයේ ගමන් ගත් මව හා පුතා මරණයට පත්ව ඇතැයි අත්තනගල්ල පොලිසිය කියයි. 26 March 2026
මත්කුඩු මහ මෝරු විසි නවයක් පොලිසියේ දැලට ලංකාවට මත්කුඩු සපයන ප්‍රබල මත්ද්‍රව්‍ය සැපයුම්කරුවන් 29 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇතැයි මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පැවසීය. 25 March 2026
කාලගුණයෙන් අවදානම් පණිවිඩයක් දිවයිනේ පළාත් හතරක් සහ දිස්ත්‍රික්ක කිහිපයකට හෙට(26) දිනයේ තද උණුසුම් තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 25 March 2026
‘‘මැද පෙරදිග අර්බුදය මැද ආණ්ඩුව කලබලවෙලා‘‘ මැදපෙරදිග අර්බුදයේ බැරැරුම්තාවය පිළිබඳ ආණ්ඩුවට කිසිදු දැනුම්වත්භාවයක් නොතිබීම හේතුවෙන් ආණ්ඩුව යම් කලබලකාරි තත්ත්වයකට මුහුණ දී තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසිය. 25 March 2026
රුසියා බලශක්ති නි,ඇමති හෙට දිවයිනට රුසියාවේ බල ශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින්( Roman Marshavin) මහතා හෙට(26)ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 25 March 2026
සංජීව ධර්මරත්න වැඩබලන පොලිස්පති පුටුවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා වැඩබලන පොලිස්පති ලෙස පත් කරනු ලැබ ඇත 25 March 2026
සීගිරි අභය භූමියට හෝටලයකින් අපද්‍රව්‍ය සීගිරි හෝටලයකින් මුදා හරින අපද්‍රව්‍ය සීගිරි අභය භූමියට මුදා හළ බව කියන සිගිරිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක සහකාර කළමනාකාරවරයකු, ඉන්ජිනේරුවරයකු සහ උද්‍යාන පාලකවරයකු අත්අඩංගුවට ගත්බව සිගිරිය වනජීවී නිලධාරීහු පවසති. 25 March 2026
සලේ රෝහලට රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ පසුවූ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. 25 March 2026
රාජ්‍ය සේවය විධිමත් කරන ඇමැති අනු කමිටුව රැස්වෙයි රාජ්‍ය සේවය විධිමත් ලෙස පවත්වාගෙන යාම සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ දෙවැනි රැස්වීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 25 March 2026
කැකිරාවේ රථ වාහන අංශයේ දෙදෙනෙක් ගෙදර යවයි වෑන්රථ රියදුරකු ගෙන් රුපියල් 500 අල්ලස් මුදලක් ලබාගත්තේ යැයි කියන සිද්ධියකට පොලිස් සැරයන්වරයකුගේ සහ පොලිස් කොස්තාපල් වරයකුගේ සේවය අත්හිටු වූ බව අනුරාධපුර පොලිස් අධිකාරි කාර්යාලය කියයි. 25 March 2026
භාණ්ඩ නිෂ්කාශන මත්තලටත් හම්බන්තොට වරායේද භාණ්ඩ නිෂ්කාශන කටයුතු ලබන මැයි මාසයේදී ආරම්භ කරන බව රේගු අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය. 25 March 2026
වකුගඩු රෝග සත්කාර ගැන අපේ අයට විශේෂඥ පුහුණුවක් උග්‍ර වකුගඩු ආබාධ තත්ත්වයන්ට පත්ව දැඩිසත්කාර ඒකක වල ප්‍රතිකාර ලබන වකුගඩු රෝගීන් කළමණාකරණය කිරීම සඳහා ලබාදෙනු ලබන අඛණ්ඩ වකුගඩු ප්‍රතිස්ථාපන චිකිත්සාව සම්බන්ධව මෙරට සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා වූ විශේෂ පුහුණුවැඩමුළුවක් කොළඹ ජාතික රෝහල් ශ්‍රවණාගාරයේ දී සිදු විය. 25 March 2026
වාරිමාර්ග බංගලාවල 35ක් බින්න බැහැලා වාරිමාර්ගදෙපාර්තමේන්තුවේ විශ්‍රාම ගොස් ඇති නිලධාරීන් හය දෙනෙකු සහ ස්ථාන මාරු ලබා ගොස් ඇති නිලධාරීන් තිස් පස් දෙනකු තවමත් එම නිල නිවාස බාරදී නැතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා) තොරතුරු අනාවරණය විය. 25 March 2026
ලොව සංවේදී කළ බලු රංචුව වයඹදිග චීනයේ, ජිලිංග් පළාතේ චංචුංග් අගනුවර අධිවේගී මාර්ගයක ගමන් කළ සිටි බල්ලන් හත් දෙනකුගෙන් සමන්විත බලු රංචුවක් මේ වනවිට ලෝකයේ අවදානයට ලක් වී ඇත. ඒ උන්ගේ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය වෙද්දීය. 25 March 2026
ඉරාන ජාතික ආරක්ෂක මණ්ඩලයට අලුත් ලොක්කෙක් ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලයේප්රධානියා ලෙස, ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ හිටපු අණදෙන නිලධාරියකු වන මොහොමඩ් බාගර් සොල්ගාදර් පත් කර ඇත. 25 March 2026
ඔය කියන සාකච්ඡාවලට අප නෑ - ඊශ්‍රයලය යුද්ධය නතර කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සහ ඉරානය අතරේ සාකච්ඡා පැවැත්වෙන්නේ නම්, එම සාකච්ඡාවලට ඊශ්‍රායලයේ කිසිදු සම්බන්ධයක් හෝ දායකත්වයක් හෝ නොමැති බවඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඊශ්‍රායල තානාපති ඩැනී ඩැනන් පවසා ඇත. 25 March 2026
’’ආපහු දේශපාලනයට එන්නේ නෑ’’ තමා නැවතත් දේශපාලනයට නොඑන බව බව හිටපු විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ එම් යූ. එම් අලි සබ්රි මහතා ලංකාදීපයට පැවසීය. 25 March 2026
ඉරානය එක්ක දිගටම සාකච්ඡා ඉරාන රජය තරයේ ප්‍රතික්ෂේප කළත්, යුද්ධය අවසන් කිරීමේ අරමුණින් ඉරාන නායකත්වයේ ‘නිවැරදි පාර්ශ්වකරුවන්’ සමග සාකච්ඡා පවත්වමින් සිටින බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම පවසයි. 25 March 2026
කතානායකගෙන් ඕස්ට්‍රේලියාවේ ව්‍යාපාරිකයන්ට ආරාධනයක් කථානායකවරයා ඕස්ට්‍රේලියාවේ ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා පැමිණෙන ලෙස ආරාධනා කළේය. 25 March 2026
යුද්ධය දිනුවා: ට්‍රම්ප් කියයි ඉරානය සමග යුද්ධය දැනටමත් ජයගෙන ඇති බවත්, එරට පාලන තන්ත්රය වෙනස් කිරීමේ අරමුණ ඉටු වී ඇති බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 25 March 2026
පොලිසියට එවපු තෑග්ග පොලිසියේදිම වංචා කරලා එඩේරමුල්ල පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් සිවුදෙනකුට පොලිස් ත්‍යාග අරමුදල යොමු කළ මුදල් ත්‍යාග එම පොලිසියේ නිලධාරීන් තිදෙනෙක් වංචාසහගත ලෙස ලබාගෙන ඇතැයි කෑගල්ල පොලිස් කොට්ඨාසයේ සේවය කරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් පොලිස්පතිවරයාට සහ බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැමිණිළි කර තිබේ. 25 March 2026
අනුර- මෝදි සාකච්ඡාවක් මැද පෙරදිග වර්ධනය වෙමින් පවතින යුදමය තත්ත්වය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග ඊයේ (24) දුරකථන සංවාදයක නිරත විය. 25 March 2026
‘‘ලයිට් කපන්න අදහසක් නෑ‘‘ විදුලිය කැපීමේ අදහසක් නැහැ. මැයි මාසය වන තෙක් ඉන්ධන තොග පවතිනවා. අනවශ්‍ය අයුරින් තෙල් තොග රැස් කිරීමේ අවශ්‍යතාවයක් ද නැතැයි බල ශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවසීය. 25 March 2026
මාර්ගගතව මුදල් වංචා කළ විදේශිකයින් පිරිසක් අත්අඩංගුවට අන්තර්ජාලය හරහා වංචනික ලෙස මුදල් ජාවාරමේ යෙදුන චින සහ වියට්නාම් ජාතිකයින් පිරිසක් පෝද්දල පොලිස් වසමේ ගොඩකන්ද ප්‍රදේශයේ නිවසක දී අද(24) සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. 24 March 2026
අල්ලන මත්ද්‍රව්‍ය සැනෙකින් වනසන නීති කෙටුම්පත සකසයි අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග ඉක්මනින් විනාශ කිරීමේ කාර්යය සඳහා ඇති නෛතික බාධා ඉවත් කිරීමට අදාළ නීති සංශෝධනය කිරීම වෙනුවෙන් පත් කළ කමිටුව සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. 24 March 2026
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026