ඉරාන නාවිකයන් ආපසු යවන්න එපා - ඇමෙරිකාව ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදේදී ඇමරිකානු ප්‍රහාරයකින් ගිලී ගිය ඉරාන යුද නෞකාවේ දිවි ගලවා ගත් පිරිස සහ දැනට ශ්‍රී ලංකා භාරයේ පසුවන අනෙක් ඉරාන නෞකාවේ කාර්ය මණ්ඩලය නැවත ඉරානයට භාර නොදෙන්නැයි ඇමරිකාව, ශ්‍රී ලංකා රජයට බලපෑම් කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. 07 March 2026
ඉරාන නැව් ගැටලුවට විසඳුම් හොයන්න නීති පොත් අවුස්සයි ඉරාන නැව් දෙකේ සිද්ධියෙන් ශ්‍රී ලංකා රජය සහ ආරක්ෂක අංශ ලොකු පඹ ගාලක පැටලී සිටින බව වාර්තාවේ. 07 March 2026
වියලි කාලගුණික තත්වය දිගටම දිවයින පුරා ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 07 March 2026
බලශක්ති ඇමැතිට අල්ලසෙන් නඩු වසර 10කට පෙර රජයට රුපියල් ලක්ෂ 88 1/2ක පාඩුවක් කළ බවට චෝදනා කරමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර ඇත. 07 March 2026
ගුවන් හමුදා 75 උපන්දිනේට ගුවන් සංදර්ශනයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වන සංවත්සරය සමරමින් පැවැත්වෙන ප්‍රදර්ශනය සහ ගුවන් සංදර්ශනය රත්මලාන ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පස්වරුවේ ඇරැඹිණි. 06 March 2026
ට්‍රම්ප්ට දෙවියන්ගෙම පිහිටයි ධවල මන්දිරයට, ඇමෙරිකාවේ නන්දෙසින් පැමිණි දේවගැතිවරුන් 50 කට වැඩි පිරිසක් ධවල මන්දිරයේ දී, ඉරානය සමඟ යුද්ධයක පැටලී සිටින ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ආශිර්වාද කළේය. 06 March 2026
හොර වෙද්දු ගැන ආයුර්වේද වෛද්‍ය සභාවෙන් නිවේදනයක් ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය නොලබා ආයුර්වේද වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින තැනැත්තන් සම්බන්ධයෙන් නීති පියවර ගන්නා බව ආයුර්වේද වෛද්‍ය සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි 06 March 2026
හදිසි තත්වය දීර්ඝ කිරීම අනුමතයි දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදාව කළමනාකරණය සඳහා ප්‍රකාශ කෙරුණු හදිසි තත්වය දීර්ඝ කිරීම සඳහාවූ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය පාර්ලිමේන්තුවේදී අද (6) පස්වරුවේ වැඩි ඡන්ද 100කින් සම්මත විය. 06 March 2026
පොහොට්ටුවේ විධායක සභාව රැස් වෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව සහ දේශපාලන මණ්ඩලය බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී අද රැස්විය. 06 March 2026
මෝටර් ප්‍රවාහනයේ දූෂණ වාර්තාව නීතිපතිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් නිර්දේශ ඇතුළත් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව) වාර්තාව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිපතිවරයාට යොමු කිරීමට එම කාරක සභාවේ අනුමැතිය ලැබී ඇත. 06 March 2026
රුසියානු තෙල්වලට ලොකු ඉල්ලුමක් ඇමෙරිකාව සහ ඊශ්‍රායලය පසුගිය 28 වැනිදා ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ඇරැඹි ඉරාන යුද්ධය හේතුවෙන් රුසියානු බොරතෙල් ඇතුළුව බලශක්ති නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම සැලකිය යුතු මට්ටමකින් වර්ධනය වී ඇතැයි ක්‍රෙම්ලිනයේ මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පසුගියදා ප්‍රකාශ කළේය. 06 March 2026
යුද්ධයෙන් දරුවන් 200 මිය ගිහින් ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්රහාරයන් ආරම්භ වූ මැද පෙරදිගට පහරදීම ආරම්භ වූ දා සිට මේ වනවිට ළමයි 200 ක් මියගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ප්‍රකාශ කළේය. 06 March 2026
දිට්වා හානි තක්සේරු වාර්තාව මේ මස අග “Rebuilding Sri Lanka” ජනාධිපති කාර්ය සාධක බලකාය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස්විය. 06 March 2026
කුඩු ග්‍රෑම් 35ට දිවි ඇතිතෙක් හිරගෙට හෙරොයින් ග්‍රෑම් 35.474 ක් ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් හලාවත මහාධිකරණයේදී වරදකරුවකු වූ සැකකරුවකුට හලාවත මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසේකර අද (06) දින ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළාය. 06 March 2026
’’පොලිස් වාර්තාවක් නැති අයට සුරේෂ් සලේ බලන්න බෑ’’ පොලිස් වාර්තාවක් රැගෙන නොඑන කිසිම කෙනෙකුට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා බැලීමට අවස්ථාව නොදෙන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය 06 March 2026
යාපන බෝට්ටු අනතුර ගැන කඩිනම් පරීක්ෂණ යාපනයේ සිදු වූ බෝට්ටු අනතුරට බලපෑ මූලික හේතු සෙවීම සඳහා නාවික හමුදාව ඇතුළු අදාළ සියලුම අංශ සම්බන්ධ කරගනිමින් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස ධීවර, ජලජ හා සාගර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා උපදෙස් දී ඇත. 06 March 2026
යාත්‍රාවක් පෙරැළි 2ක් මරුට :13ක් රෝහලට යාපනය ගුරුනගර් සිට පලෙයිතිව් දක්වා බැතිමතුන් පිරිසක් රැගෙනයමින් සිටි යාත්‍රාවක් මුහුදේ පෙරැළියාමෙන් පුද්ගලයින් දෙදෙනකු ජීවිතක්ෂයටපත්ව තවත් 13දෙනකු අද (06) රෝහල්ගත කොට ඇතැයි යාපනය පොලිසිය කියයි. 06 March 2026
ඉරාන නෞකා 30ක් මුහුදුබත් කරලා ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට එල්ල කළ ප්‍රහාරයේ සිට මේ දක්වා ඇමෙරිකානු හමුදාව ඉරාන නෞකා 30 කට වැඩි ප්‍රමාණයක් මුහුදුබත් කර ඇතැයි ඇමෙරිකානු හමුදාව පසුගියදා ප්‍රකාශ කළේය. 06 March 2026
ලංවීම ඈවරයි ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යන් සහ රාජකාරි පවරාදෙමින් අනුප්‍රාප්තික සමාගම් හයක් පිහිටුවීම සඳහා විධිවිධාන සලසමින් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 06 March 2026
පක්ෂ හයක කාන්තාවෝ එක් වෙති කාන්තා අයිතිවාසිකම් සුරැකෙන යුක්තිය සහ ආරක්ෂාව තහවුරු කරන සමාජයක් ගොඩනැගීම සඳහා ජාත්‍යන්තර කාන්තා දිනයේදී සියලු පාර්ශව එකට එක්ව ක්‍රියා කළ යුතු බව කියමින් විපක්ෂයේ පක්ෂ හයක කාන්තා සංවිධාන ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ. 06 March 2026
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය අසුන රැක ගන්න අධිකරණයට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් සාමාජිකත්වයෙන් තමන් ඉවත් කිරීම හේතුවෙන් කොළඹ මහනගර සභාවේ තමන් දරණ නාගරික මන්ත්‍රීධුරය අහිමි කිරීම වළකාලන අතුරු නියෝගයන් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නාගරික මන්ත්‍රී බුහාරි පාතිමා සොනාරා මහත්මිය ගොනු කළ පෙත්සමේ කරුණු තහවුරුදු කිරීම සඳහා ලබන 13 වැනිදා කැදවීමට අභියාචනාධිකරණය නියෝග කළේය. 06 March 2026
ඉරාන නාවිකයින් 5ක් වැලිසර හමුදා රෝහලට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන ඉරාන නාවිකයින් 32 දෙදෙනාගෙන් පස් දෙනකු අද දහවල් මුදා හැරිය බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසිය. 06 March 2026
ආණ්ඩුව අලියා ගිලපු දිවුලක් ආණ්ඩුව අලියා ගිලපු දිවුලක් වගේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය.’’විපක්ෂය අසත්‍ය කේන්ද්‍ර කරගෙන කතා කරනවා යැයි අදහස් පළ කෙරුණා.ඒ නිසා සත්‍යවාදී කරුණු කීපයක් ඉදිරිපත් කරන්න මම කැමතියි.දිට්වා සුළි කුණාටුවෙන් අගතියට පත් අයට සහන ලබාදීම වේගවත් කරන්නටත් තවදුරටත් රටේ ජාතික ආරක්ෂාව හැම අතකින්ම සුරක්ෂිත කිරීමටත් මේ හදිසි නීතිය ක්‍රියාත්මක කරනවා. 06 March 2026
අපරාධ සැකකරුවෝ 577ක් කොටු දිවයින පුරා අපරාධ වලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් වලදී සැකකරුවන් 577 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි. 06 March 2026
ධීවරයාගේ සිරුර දින දෙකකට පසු සොයාගනී ඔරුවකින් නාච්චාදුව වැවේ මසුන් ඇල්ලිමට ගිය ධීවරයෙකුගේ මළ සිරුර දින දෙකකට පසුව සොයාගත් බව හිදෝගම පොලිසිය කියයි 06 March 2026
අපේ නාවික හමුදා ඉරාන නාවිකයන් බේරා ගත් හැටි ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදේදී ඉකුත් 4 වැනිදා ආපදාවට ලක් වූ ඉරාන යාත්‍රාවේ ගලවා ගැනීමේ මෙහෙයුමේදී ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් ඉරාන නාවිකයින්ට සහාය දැක්වූ ආකාරය පිළිබඳ ඡායාරූප නිකුත් කර තිබේ. 06 March 2026
හරිනිගෙන් විපක්ෂයට අභියෝගයක් රටේ හදිසි නීතිය ක්‍රියාත්මක වූ මාස තුනක කාලයේදී මර්දනයක් එල්ල වුණු සිද්ධියක් නිශ්චිතව පවසන්නැ යි විපක්ෂයට කියන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී කීවාය. 06 March 2026
ලංකාව ළඟ තවත් මිලිටරි වැඩ නැතැයි ඇමරිකාවෙන් සහතිකයක් ගන්න ශ්‍රී ලංකාව අවට තවදුරටත් මිලිටරි ක්‍රියාමාර්ග නොගන්නා බවට ලංකාව ඇමරිකා එක්සත් ජනපදයෙන් සහතිකයක් ලබා ගත යුතු බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 06 March 2026
‘සලිදු‘ ගේ කෝටි හතරක දේපළ තහනම් විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මහා පරිමාණ මත්ද්‍රවය ජාවාරම්කරුවෙකු වන සළිඳු මල්ශිත නොහොත් පානදුර කුඩු සලිඳු නමැත්තාට අයත් බව කියන රුපියල් කෝටි 04 කට ආසන්න දේපළ තහනමට ලක් කළ බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි. 06 March 2026
නලීන් බිමල් ගැටී මැතිසබේ උණුසුමක් සමග ජන බලවේගයේ නලින් බණ්ඩාර සහ සභානායක බිමල් රත්නායක යන මහත්වරුන් අතර උණුසුම් සංවාදයක් පාර්ලිමේන්තුවේදී අද පෙරවරුවේ ඇතිවිය. 06 March 2026
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026