එංගලන්තයේ ’’ Cloub - 6 ’’ මුහුරත් උළෙල ලද ආදායම ආපදා අරමුදලට මහා බ්‍රිතාන්‍යයේ ස්ටොක් ඔන් රෙන්ට් ( Stoke On Trent ) හි බිහිවූ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත යොවුන් සංගීත කණ්ඩායමක් වන ’’ Cloub - 6 ’’ මුහුරත් උළෙල පවත්වමින් , ඉන් ලද ආදායම මෙරට පසුගිය ආපදා තත්ත්වයෙන් විපතටපත් ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කිරීමට පියවර ගෙන ඇත. 13 January 2026
බලශක්ති අමාත්‍යාංශයට මැතිසබයෙන් නියෝගයක් යෝජිත ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සඳහා සකස් කර ඇති කෙටුම්පත සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට පෙර අදාළ සියලු පාර්ශ්වයන් සමඟ පුළුල් සාකච්ඡාවක් පැවැත්විය යුතු බව යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධාරණය කෙරිණි. 13 January 2026
රට විරු පවුල්වලට කාර්යාංශයෙන් බිලියනයක ප්රතිලාභ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විදෙස් ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ගේ සුබසාධනය වෙනුවෙන් 2025 වසරේ රුපියල් බිලියනයකට අධික ප්රතිලාභ ලබාදී තිබේ. 13 January 2026
තරුණ දරුවන් ගැන වැඩි අවධානයක් යොමු කරන්න ප්රචණ්ඩත්වය සහිත වීඩියෝ ක්‍රීඩාව සඳහා යොමු වූ තරුණ දරුවන් සිය දිවි නසා ගැනීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බැවින් තරුණ දූ දරුවන් සිටින දෙමාපියන් තම දරුවන් පිළිබඳව වැඩි අවධානයෙන් සිටින ලෙස මිනුවන්ගොඩ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දයාන් සමරසේකර මහතා මිනුවන්ගොඩ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පැවසීය . 13 January 2026
’’ලාල්කාන්ත බෞද්ධාගමට අපහාස කරනවා’’ අමාත්‍ය ලාල්කාන්ත සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යාන්තර සම්මුතිය (ICCPR පනත) උල්ලංඝනය කරමින් බෞද්ධාගමට සහ මහා සංඝ රත්නයට අපහාස කර ඇතැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය. 13 January 2026
කිසිම කරුණක් නිසා ජනවරම පාවා දෙන්නේ නෑ කිසිම කාරණයක් නිසා ජනවරම පාවා දෙන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. 13 January 2026
මත් සැකකරුවෝ 871 ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 871 ක් ඊයේ (12) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 13 January 2026
ඉරානයට හිතවත් රටවලට ට්‍රම්ප්ගෙන් තීරු බද්දක් ඉරානය සමඟ වාණිජ සබඳතා ඇති රටවල භාණ්ඩ සඳහා 25% ක තීරු බද්දක් පැනවීමට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ. 13 January 2026
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඉක්බාල් අතාස් දිවි සැරිය නිම කරයි දෙස් විදෙස් කීර්තියට පත් ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදියෙකු මෙන්ම ආරක්ෂක විශ්ලේෂකයෙකුවු ඉක්බාල් අතාස් මහතා අද අලුයම දිවි සැරිය නිම කළේය. 13 January 2026
කෘමි සතුන්ගේ සාම්පල ඇමෙරිකානු ජාතිකයාගේ ගමන් මල්ලේ මධ්‍යම වනජීවී කලාපයේ හෝර්ටන්තැන්න ජාතික උද්‍යාන නිලධාරීන්, හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේ ලෝකාන්ත ස්භාවික මංපෙතට පිවිසෙන ස්ථානයේදී දෛනික සිදුකරන සංචාරකයින්ගේ ගමන් මලු පරික්ෂා කිරීමේදී ඇමරිකන් ජාතිකයෙකුගේ ගමන් බැගය පරික්ෂා කිරීමේදී එය තුල තිබී රසායන ද්‍රව්‍ය තුල බහා තිබු කෘමි සතුන්ගේ සාම්පල, රසායන ද්‍රව්‍ය හා කුඩා සතුන් අල්ලන උපකරණ කිහිපයක් සොයාගෙන තිබේ. 13 January 2026
ගිනි අවි -උණ්ඩ සමඟ අපරාධකල්ලි සාමාජිකයෙක් අල්ලයි බොරැල්ලේදී කාන්තාවකගේ අත කඩුවකින් වෙන් වන්නට කපා ඇයගේ 16 හැවිරිදි පුතුට පහර දි බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික’’ වනාතේ සම්පත්’’ නැමැත්තා ටී 56 ගිනි අවියක් සහ ජීව අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගත් බව හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයෙක් සඳහන් කරයි. 13 January 2026
ජූලි චන්ග් ජනපති හමු වෙයි මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපති ලෙස සිදු කළ සිය රාජ්‍යතාන්ත්‍රික සේවය අවසන් කරමින් ජනවාරි 16 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ජූලි චන්ග් මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේදී හමු වූවාය. 13 January 2026
ගංජා සමඟ හතරක් පොලිස් දැලේ හබරණ ගල්ඔය, සහ රොටවැව ප්‍රදේශයේ මහා පරිමාණයෙන් දිගු කලක සිට ගංජා විකුණු කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු ගංජා තොගයක් සමඟ අත්තඩංගුවට ගත් බව හබරණ පොලිසිය කියයි. 13 January 2026
ගෙන එනවැයි කියන නව ව්‍යාවස්ථාව ගැන තමිල්නාඩු මහ ඇමැති කලබල වෙලා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ, රජය ජනවාර්ගික ගැටලු විසඳීමේ මුවාවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ උත්සාහය වේගවත් කරමින් සිටින බව තමිල්නාඩු මහ ඇමැති එම්.කේ ස්ටාලින් මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා වෙත ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කර ඇත. 13 January 2026
අදත් තැනින් තැනට වැසි වාර කීපයක් උතුරු , උතුරු-මැද, ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 13 January 2026
ඩොලරයට සාපේක්ෂව ඉරාන රියාල් ඒකක වටිනාකම මිලියනයට ළඟා වේ ඉරාන මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව මෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද (12) ඉරාන රියාල් 994,055 ක් ලෙස සටහන් විය. 12 January 2026
නූරිවත්තේ දරුවාගේ සිරුර යළි වෛද්‍ය පරීක්ෂණයකට කෑගල්ල දැරණියගල නූරිවතුයායේදී ඉකුත් දා අභිරහස් ලෙස මියගිය 14 හැවිරිදි පිරිමි දරුවාගේ මරණයට හේතුව අනාවරණය කර ගැනීම සඳහා එම දේහය අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් ප්‍රමෝද් ජයසේකර මහතා ඉදිරියේ අද ගොඩ ගත් බව නූරිය පොලීසිය පවසයි. 12 January 2026
බස් - කාර් අනතුරින් හතරක් මරුට කිලිනොච්චිය පරන්තන් - මුලතිව් මාර්ගයේ මුරුසුමුටෙයි ප්‍රදේශයේදී මෝටර් රථයක් බස්රථයක ගැටී අද (12) සවස සිදුවූ අනතුරකින් පුද්ගලයින් සිව්දෙනකු මියගොස් තවත් අයකු තුවාල ලබා රෝහල්ගතකොට ඇති බව කිලිනොච්චිය පොලිසිය කියයි. 12 January 2026
පොලිස් වෙඩි පහරින් අයෙක් මරුට පොළොන්නරුව වැලිකන්ද ගල්කන්ද ප්‍රදේශයේදී 12 වෙනිදා සවස 6.00 ට පමණ පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදීමට පැමිණීමේදී, සිදුකළ වෙඩි තැබීමකින් එම පුද්ගලයා වැලිකන්ද රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය පවසයි. 12 January 2026
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දැනටමත් පරක්කුයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මතුවන ඇතැම් විවේචනයන් කියාපාන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙන ඒමට ප්‍රමාද වීමේ අනිටු විපාක බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පැවැසීය. 12 January 2026
ජයවර්ධනපුර රෝහල් සේවා ඩිජිටල්කරණයට ශ්‍රී ජයවර්ධනපුර රෝහල් සේවා ඩිජිටල්කරණය පිළිබඳව දැඩි අවධානයක් යොමුව තිබෙන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතා පැවැසීය. 12 January 2026
චීන විදේශ අමාත්‍ය - විජිත හේරත් අතර හමුවක් අප්‍රිකානු සංචාරය අවසන් කර චීනය බලා ගමන් කරන අතරතුර කෙටි වේලාවකට අද (12) මෙරටට පැමිණි චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා අමාත්‍ය විජිත හේරත් මහතා මුණ ගැසුණේය. 12 January 2026
සජිත්ගේ ජන්ම දිනයට ගංගාරාමයේ පින්කමක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ 59 වැනි ජන්ම දිනය නිමිති කර ගෙන කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී මහා සංඝරත්නය විෂයෙහිලා දානමය පුන්‍යකර්මයක් අද (12) පැවැත්විණි. 12 January 2026
දිනය නවයට වල් අලියා 20ක් මරලා නැගෙනහිර ඉන්දියාවේ ජාර්කන්ඩ් ප්‍රාන්තයේ වන අලියකු පහර දීමෙන් දින නවයක් තුළ පුද්ගලයන් 20 දෙනකු මිය ගොස් ඇති බව එරට නිලධාරීහු පවසති. 12 January 2026
පුරාවිදු බිම් සියයට 48ක් ගැසට් කර නෑ: කෝපා කෝපවෙයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හඳුනාගත් සමස්ත පුරාවිද්‍යා ස්ථාන වලින් සියයට 48ක් ගැසට් නොකිරීම පිළිබඳ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) එහි නිලධාරීන්ට අප්‍රසාදය පළ කර ඇත. 12 January 2026
පැලවත්තේ සත්‍යග්‍රහයට අධිකරණයෙන් කොන්දේසි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට එරෙහිව බත්තරමුල්ල පැලවත්ත ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී සිදු කරන සත්‍යග්‍රහය නිසාවෙන් මහජන පීඩාවන් සිදු වන බැවින් එම සත්‍යග්‍රහය ඉවත් කිරීමට නියෝගයක් ඉල්ලා තලංගම පොලිසිය සිදුකළ ඉල්ලීමක් කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා ප්‍රතික්ෂේප කොට කොන්දේසි කිහිපයකට යටත්ව අදාල සත්‍යග්‍රහය පවත්වාගෙන යාමට අවසර ලබා දුන්නේය. 12 January 2026
බඹරු ඇන දෙදරු මව මරුට තේ දළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවකට අද (12) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින්එ ;ම ස්ථානයේදිම ජීවිතක්ෂයට පත් වී ඇති බව නානුඔය පොලිසිය පැවසීය. 12 January 2026
අල්ලස්ගත් බව කියන වැලිමඩ දිසා අධිකරණ රෙජිස්ට්‍රාර් රිමාන්ඩ් දිසා අධිකරණ තීන්දුවක් ප්‍රකාරව ඉඩම් නඩුවක භුක්තිය හිමිකරුවන්ට භාර දීම සඳහා රුපියල් ලක්ෂ පහක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන වැලිමඩ දිසා අධිකරණයේ රෙජිස්ටාර්වරයා ලබන 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වරුසවිතාන මහතා අද (12) නියෝග කළේය. 12 January 2026
ට්‍රම්ප් ඉරානයට පහර දෙයි ද? ඉරානයේ තෝරාගත් ඉලක්ක වෙත පහර දීමට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා කිරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එරට රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කැඳවා ඇතැයි රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත වාර්තා කළේය. 12 January 2026
වරායෙන් කරුණු පැහැදිලි කිරීමක් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සුබ සාධක සංගම්, වෘත්තීය සමිති හෝ වෙනත් අංශ සම්බන්ධීකරණය කරන උත්සව අවස්ථාවන් සඳහා ඉහළ කළමනාකාරිත්වයේ අවසර ගැනීම සාමාන්‍ය පළිවෙතක් බව වරාය අධිකාරියේ සභාපති අද්මිරාල් එස්.එස්. රණසිංහ (විශ්‍රාමික) මහතා සඳහන් කරයි. 12 January 2026
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026