ප්‍රධාන මාර්ග කිලෝමීටර් 247ක් කැඩිලා ආපදාවෙන් පසු ජන ජීවිතය යථාවත් කිරීමේදී හානියට පත් මාර්ග පද්ධතිය කඩිනමින් පිළිසකර කර ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීමට ප්‍රමුඛතාව දී කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 05 December 2025
අද මැතිසබේ විවාදය දිවා විවේකයත් නැතිව දිගටම අද මැතිසබා විවාදය දිගටම පැවැත්වීමට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු එකඟ වූහ. 05 December 2025
ගම්පහ ප්‍රා.ස.අය වැය වැඩි ඡන්ද 21 කින් සම්මතයි ගම්පහ ප්‍රාදේශීය සභාවේ බලය හිමි ජාතික ජනබල වේගය පක්ෂයෙහි 2026 අය වැය කෙටුම්පත , වැඩි ඡන්ද 21 කින් සම්මත විය. 05 December 2025
පරිපූරක ඇස්තමේන්තුවක් ගෙනාවොත් අපි සහාය දෙනවා ආපදා තත්ත්වයට මුහුණ දීම සඳහා අයවැය ප්‍රමාණවත් නොවන හෙයින් ජනතා අවශ්‍යතා ඉටු කිරීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් ගෙන එන ලෙසත් විපක්ෂය ලෙස ඊට සහාය දෙන බවත් කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 December 2025
සජබ මන්ත්‍රී තාහිර් දිවුරුම් දෙයි පුරප්පාඩු වූ මන්ත්‍රි ධූරය සඳහා නෙයියාතම්බි මරික්කාර් තාහිර් මහතා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී අද (5) පෙරවරුවේ දිවුරුම් දුන්නේය. 05 December 2025
ජනපති අද පාර්ලිමේන්තුවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(5) පාර්ලිමේන්තු විවාදය ඇමතීමට නියමිතව තිබේ. 05 December 2025
නාය අනතුරකින් කිතුල්වල කන්ද පාමුල පිරිස් ඉවත් කරති දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කලුඅග්ගල - කිතුල්වල කන්දේ තැනින් තැන දින කිහිපයක සිට දක්නට ඇති පැලුම් හා ඉරිතලා යාම් හේතුවෙන් නායයාමේ අවදානමක් උද්ගතවිය හැකි බවට සැක කරන හෙයින් කන්ද අවට ගම්මාන කිහිපයක වෙසෙන ජනතාව ආරක්ෂිත ස්ථානයන්හි නවතා තැබීමට බලධාරීහු පියවර ගත්හ. 05 December 2025
බිඳ වැටුණු කෘෂිකර්මය ගොඩගන්න ජනපති සාකච්ඡාවක් කැඳවයි කෘෂිකර්ම, පශු සම්පත් සහ වාරිමාර්ග ක්ෂේත්රයට සිදුව ඇති හානිය සහ ඒ හමුවේ ගත යුතු කඩිනම් පියවර පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 05 December 2025
ප්‍රා.සභා රියැදුරා අසරණයන්ට ගෙනා වතුර බෝතල් හොරකමේ ස්වභාවික විපත්වලට පත්ව අසරණ වූ ජනතාවට විවිධ පරිත්‍යාගශීලීන් දුන් පානීය ජල බෝතල් තොගයක් මහනුවර ගඟවට කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සතු කැබ් රියකින් රැගෙන ගොස් අම්පිටිය හන්දියේ රතු බෝක්කුය අසල ආපන ශාලාවකට විකුණූ බව කියන එම ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ රියදුරකු අසල තරුණ පිරිසක් අල්ලා මහනුවර පොලීසියට බාර දුන්හ. 05 December 2025
වැලිගම සභාපති ඝාතනයට ධීවරයෙක් සංචාරක මඟපෙන්වන්නෙක් මාට්ටු වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරට අයවෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 05 December 2025
අයවැය අවසන් ඡන්දය අද 2026 විසර්ජන පනත් කෙටුම්පත තුන්වැනි වර කියවීමේ අවසාන ඡන්ද විමසීමඅද 5 පස්වරු 6.00ට පැවැත්වේ. 05 December 2025
ඊසාන දිග මෝසම සක්‍රියයි:පළාත් රැසකට අදත් වැස්ස දිවයින හරහා ඊසානදිග මොසම් තත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 05 December 2025
ආපදාවෙන් ට්‍රාන්ස්ෆෝමර් 16,771ක් කැඩිලා හදිසි ආපදා තත්වය හේතුවෙන් විදුලිය අහිමි වූ ලක්ෂ 39ක පමණ පාරිභෝගික ජනතාවගෙන් 85% කට පමණ යළි සම්බන්ධතා ලබා දීමට හැකි වූ බව විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නොයෙල් ප්‍රියන්ත මහතා පවසයි. 05 December 2025
කොළඹ - මහනුවර මාර්ගය කඩුගන්නාවෙන් යළි වහයි වාහන ගමනා ගමනය සඳහා විවෘත කොට තිබූ කොළඹ නුවර ඒ 01 මාර්ගය නැවත දැනුම් දෙනතුරු පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය. 04 December 2025
ජල ගැල්මෙන් පේරාදෙණිය සරසවියට කෝටි 300ක පාඩුවක් මහවැලි ගඟ උතුරායාමෙන් ඇති වූ ජල ගැල්මෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට රුපියල් කෝටි 300ක පමණ පාඩුවක් වී ඇතැයි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පැවසීය. 04 December 2025
රටට සෙත්පතා දළදා මාලිගාවේදී පිරිත් සජ්ඣායනයක් රටට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය සහ ස්වභාවික ව්‍යසන දුරුවී සෙත ශාන්තිය උදාවේවායි ප්‍රාර්ථනය කරමින් ශ්‍රී දළදා මාලිගාවට වැඩම කළ සියක් නමක් ආශිර්වාද පිරිත් සජ්ඣායනයක් නිරත වූහ. 04 December 2025
පළාත් රැසකට අද සවස වැසි ඇද හැළෙයි දිවයිනේ ප්‍රදේශ රැසකට අද සවස තද වැසි ඇති වූ බව ආපදා කළමනාකණ මධ්‍යස්ථානය පැවැසීය. 04 December 2025
රට නඟන අරමුදලට ගංගාරාමයෙන් කෝටි තුනක් දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට කොළඹ හුණුපිටිය ගංගාරම විහාරස්ථානය රුපියල් කෝටි තුනක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කළේය. 04 December 2025
බදුල්ලටත් වැසි බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන රැසකට අද 04 පස්වරුවේ තරමක තද වැසි පතිත වන බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට පැවසීය. 04 December 2025
ගුවන් විරුවාට ගෞරව දක්වන්න රනිලුත් යයි ලුණුවිල ප්‍රදේශයේ සිදු වූ හෙලිකොප්ටර් අනතුරින් මියගිය ගුවන් නියමු ගෲප් කැප්ටන් නිර්මාල් සියඹලාපිටිය මහතාගේ දේහයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව දැක්වීය. 04 December 2025
ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන තුනක් ‘‘දිට්වා‘‘ සුළි කුණාටුවෙන් පීඩාවට පත් මෙරට ජනතාවට අවශ්‍ය සහාය ලබාදීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන තුනක මුදලක් ප්රදානය කරන බව ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසාටෝ කන්ඩා මහතා පසුගියදා ප්‍රකාශ කළේය. 04 December 2025
රුසියන් ජනපති පුටින් ඉන්දියාවට ඉන්දියාව සහ රුසියාව අතර තිබෙන හවුල්කාරීත්වය තවත් ශක්තිමත් කර ගැනීම සඳහා දෙදින නිල සංචාරයකට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අද පස්වරුවේ ඉන්දියාවට පැමිණියේය. 04 December 2025
බදුල්ලට මහනුවරට ජයිකා ආධාර දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සිය අඛණ්ඩ සහාය ලබා දෙමින් ජපාන රජය විසින් පරිත්‍යාග කරන ලද හදිසි සහන ද්‍රව්‍ය තොගයක් ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (JICA) මගින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) වෙත නිල වශයෙන් බාර දී ඇත. 04 December 2025
නෙදන්යාහුට ඇමෙරිකාවෙන් අනතුරු ඇඟවිමක් ජාත්‍යන්තර අපරාධ අධිකරණය නිකුත් කර ඇති වරෙන්තුව ප්‍රකාරව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට පැමිණියහොත් ඔහුව අත් අඩංගුවට ගන්නා බවට නිව්යෝක් නුවර නගරාධිපතිවරයා ලෙස තේරී පත්වූ සොහ්රාන් මම්දානි අනතුරු අඟවා ඇත. 04 December 2025
ආධාර රැගත් 8 වැනි ඉන්දියානු යානයත් එයි ඉන්දීය ආපදා ආධාර රැගත් 08 වන යානයත් 12/04 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය . 04 December 2025
මධ්‍යම පළාතේ පාසල් 159කට හානි වෙලා පැවති අයහපත් කාලගුණික තත්වත්වය හමුවේ සිදු වූ ආපදා හේතුවෙන් මධ්‍යම පළාතේ පාසල් 159 කට හානි සිදුව තිබෙන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. 04 December 2025
ජීවන වියදම ඉහළ ගිහින් පසුගිය ඔක්තෝබර් මාසයේදී මෙරට සිවු දෙනකුගෙන් යුත් පවුලකට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට 65684ක මුදලක් අවශ්‍ය වී ඇති බවත් එය මෙම වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ජිවන වියදමේ සුළු වශයෙන් ඉහළ යාමක් බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි. 04 December 2025
බ්‍රිතාන්‍යයෙන් ලංකාවට ඩොලර් 890000ක් දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය හදිසි සහාය සැපයීම සඳහා එක්සත් රාජධානිය ලබාදුන් ඇමෙරිකානු ඩොලර් 890,000 ක මූල්‍ය සහාය මෙරට වැඩ බලන මහ කොමසාරිස් තෙරේසා ඕ’මහෝනි මහත්මිය නිල වශයෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාට පිරිනැමුවාය 04 December 2025
කැඩුණු පාරවල් හදන්න වරාය නගර සමාගම එයි දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රදේශවලට මාර්ග පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් කොළඹ වරාය නගර CHEC (Port City Colombo) පුද්ගලික සමාගම ඉදිරිපත්ව සිටී. 04 December 2025
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026