විපක්ෂ නායක රනිල් වීක‍්‍රමසිංහ මහතා ඉතාලි සංවාරය නිම කරමින් රෝමයේ සිටින ඵක්සත් ජාතික පාක්‍ෂිකයින්ගේ හමුවකට සහභාගි විය. ඵහි දි ඵතූමන් මෙම වසරේ ඵක්සත් ජාතික පක්‍ෂයේ ඉදිරි සැලසුමි කිහිපයක් ගැන ඔවුනට කරුණු දැන්විය. පළමු මාස හය රටේ සෑම ප‍්‍රදේශයකම ඵක්සත් ජාතික පක්‍ෂයේ ශාඛා සමිති හා බලමණ්ඩල පිහිටවිමටත් දැනට ඇති බල මණ්ඩල නැවත පණ ගැන්විමටත් පියවර ගෙන වසරක් තුල මෙම ක‍්‍රියාදාමය සිදු කිරිමට සුදානමි වුවත් ඵය ඵතරමි සාර්ථක නොවු බවය පැවසිය.අපේ‍්‍රල් මාසයෙන් පසු රටේ ජිවන බර මිනිසුන්ට තදින් දැනෙන බවද යන බවද ඉහළ යන ජිවන බරට විරුද්ධවත් අධිකරණයේ ස්වාධීනත්වය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය අරාක්‍ෂා කිරිමට කටයුතූ කරන්නැයි රජයට බල කිරිමේ උද්ඝෝෂණ මාලාවක් රට පුරා පැවැත්විමට සුදානමි කර ඇතැයි ද පළමු උද්ඝෝෂණය කළුතරින් පටන් ගන්නා බවත් ඵ් සදහා අනෙක් පක්‍ෂ වල ද සහයෝගය ලබා ගන්නා බව ද ඔහු කීවේය. 2014 දි මැතිවරණයක් පැවැත්විමට සුදානමක් පවතින බවය. ඵහිදි ඵක්සත් ජාතික පක්‍ෂ රජයක් පිහිටුවීමට හැකිවන බවත් හේ කීවේය.මෙම වර්ෂයේ දි රෝමයෙන් වැඩ පටන් ගෙන සිරිකොතට යන බව වීපක්‍ෂ නායක වරයා පැවසීය. ඉතාලි සංචාරය නම කරමින් රනිල් වික‍්‍රමසිංහ මහතා හා ඵම මැතිනිය අද දින ශ‍්‍රි ලංකාව බලා යෑමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ 2013දීත් වෙන්නෙ නැහැ? (නි)
අනෙ සාදු ඒකත් අර පහු ගිය ටිකෙ දෙඩෙව්වෙ විනාසක් ගැන ඵනවා කිව්වට නෑනෙ ඒවගෙ තමයි (නු)
යූ.එන්.පී. කියන නාමය මේ වන විට ජනතා සිත් වලින් මැකී අවසානයි. (නි)
මායාවරුන්ගේ දින දර්ශණය වගේ මායාවක්ම වෙයිද?(නු)
හීනයකද ? (ස)
ප්‍රධාන පක්ෂ වලට මේ වසර අවසන් වෙනකොට මොනවා වෙලා තියේවිද දන්නේ නෑ (ස)
විහිලු කරනවද මන්දා (ස)
2014යි 2041යි ටැපලුනා වත් ද? (නි)
දවල් හීන දකිනවාද මන්දා? (නි)
කණගාටු නොවන්න. මෙම සිහිනය කවදාක හෝ සැබෑ වනු ඇත. (නි)
පහුගිය දවස්වල කරපුවා ආයෙත් නම් කරන්න එපා. (නි)
හානේ! අපි හිතුවෙ වෙන දෙයක්නේ. (නි)
මෙහාට ආවාම අමතක වෙයිද දන්නෙ නැහැ..!(නු)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ඔබතුමා ඒ කියන රජය පිහිටුවන්නේ ඉතාලියේද? (නි)
රෝමය ගිනි ගනිද්දී විණා වාදනය කරනවා වගෙයි. (නි)
ඔය කරන විදියටම කරගෙන යන්න. එතකොට නිකම්ම වැඩේ හරියයි. (නි)
පිස්සු හැදෙයි .... (ස)
රනිල් මහත්තයා දන්නවා කොහොමද රට දියුණු කරන්න ඕන කියලා.. නමුත් කොහොමද ඡන්දෙ දින්නෙ කියලා දන්නෙ නැහැ.. ඒකයි හැමදාම මෙහෙම වෙන්නේ..(නු)
රෝමය ගිනි ගනිද්දී වීණා වයනවද මන්දා? (නි)
2013 දී කියපු හොදම කතාව... (නි)
මොනවාද මෙයා කියන්නේ..?(නු)
අනේ මෙහෙමත් විරුද්ධ පක්ෂයක්? (නි)
විශ්වාසද
මහජන කැමැත්ත තමයි ඉතින්
මිනිස්සුන්ට ඕනේ නම් පත් කර ගනීවි (දී)
වෙනසක් කරොත් බලාපොරොත්තු තියාගත හැකීයි.(ස)
ඔවු ඒක ඇත්ත වෙන්න පුලුවන්. සමහරවිට එතුමා 2014දී ආණ්ඩුවට එකතු වුණොත්? (නි)
සිහිනයක් විට ඔබේ හැඟුමන් (ස)
රෝමයේ වතිකානුව වගේ පොඩි රජයක් ලංකාවේත් හදාගන්න මෙතුමාටත් ආසා හිතෙන්න ඇති. (නි)
මේ අහපල්ලා ළමයෝ .... අල්ලගනිල්ලා... මේව ලස්සන බයිලා ළමයො ලස්සන බයිලා... (නි)
මහත්තයෝ, දැන් හීන දැක්කා ඇති නේද? (නි)
අනේ අද නම් බැහැ. හෙට බලමුකෝ. (නි)
මෙතුමා කියලා නැහැනේ ඉතින් මේ රජය පිහිටුවන්නේ ලංකාවේද ඉතාලියේද කියලා. (නි)
බාලගිරි දෝෂය වගේ තමයි..!(නු)
පාප් තුමා ආශිර්වාද කළාද අවවාද කලාද?(නු)
2014 දි නෙමෙයි 2013 දිම පුළුවං වෙයි..!(නු)
වැරදිමක්ද? 2014 ද 2024 ද?(නු)
මේ ඔබතුමාගේ කී වැනි සිහිනයද? (නි)
ඔබතුමාගේ මේ විසි කීවෙනි සිහිනයද? (නු)
අපි ඒක 2014 දී බලමු (දී)
ඔක්කොටම ඉස්සෙල්ලා කරන්න ඕනෑ හරියට පක්ෂය ගොඩනගා ගැනීමයි. (නි)
ගණන් ගන්න එපා. අවුරුද්ද පොඩ්ඩක් වැරදිලා. (නි)
අපිට තියෙන්නේ බලන් ඉදීම විතරයි (දී)
අපිත් ඒ ගැන සලකා බලන්නම්!(නු)
මොනවා කරන්නත්, කෙලින් වැඩ කරන පුද්ගලයෙක් වෙන්න අවශ්‍යයි. (නි)
නායකත්වයේ වෙනසක් දකින්න ලැබුණොත් හොදයි වගේ..!(නු)
දැන් අපි මොකද්ද කල යුත්තේ (ස)
රෝමය ගිණිගනිදි විණා වැයිම වැනිය (ස)
මෙතුමාට ජය වේවා..!(නු)
පළමුව පක්ෂයේ එකමුතුව..!(නු)
රෝමයේදි වෙන්න ඇති..(නු)
2014 වසර තව වසර 25කින් විතර උදාවෙයි කියලයි මම නම් හිතන්නේ... (ස)
රෝමයට සැබෑ වෙනසක් (ස)
රෝමයේදි කිව්ව නිසා කමක් නැහැ..! (නු)
මේක කියන්න ගිය ඈතක්..!(නු)
උත්සාහ කලොත් බැරි වෙන එකකුත් නැහැ (දී)
පිටරට ගියාම සමහර දේශපාලකයන් ඔයවගේ කථා කියනවා අපි අහාලා තියේනවා.(නු)
ඔයා ඔය ඉන්න විදියටම රෝමෙට වෙලා දිගටම හිටියොත් නම් සමහර විට යම් වෙනසක් වෙන්නත් බැරි නැහැ. (නි)
එහෙම පාටක්වත් තාම පේන්න නැහැනේ..!(නු)
රෝමෙද? මෙහෙද ? (ස)
ඔබ තුමාගේ නායකත්වය යටතේදිමද ?? (ස)
සිහිනයක් වේවිද දන්නේ නෑ ? (ස)
බලමු බලමු .... (ස)
ඉතාලි ගිහින් දුටු සිහිනය නරකම නෑ.(නු)
රටට වැඩදායී වෙනසකට අපිත් කැමතියි..!(නු)
හොදම හීනය..(නු)
රෝමයේ නීරෝ...(නු)
අනේ මන්දා මම නම් මොනවත්ම කියන්නේ නැහැ..!(නු)
2014 ද 2024 ද?(නු)
මේවාටද දවල් හීන කියන්නේ..?(නු)
ජය වේවා..!(නු)
2024 වෙනුවට 2014 යැයි කීවේ වැරදිලායි.. ව්පක්ෂයේ කට්ටිය මේක එච්චර ගනන් ගන්න එපා හොදේ(නු)
රනිල් මහත්තයා වැඩ පටන් ගන්න යන්නේ රෝමයේ ඉදලා..!(නු)
විපක්ෂ නායක තුමා ඉදලා හිටලා හොද විහිළුත් කරනවා...!(නු)
අපි බලා සිටිමු..කුමක් වේවිදැයි කියා (ස)
යූ.එන්.පී.එක නැවත ගොඩනගන්න ජවය ගෙන ඉක්මනට එන්න..!(නු)
ඔහෙ ඉදලා මොනවත්ම කරන්න බැහැ ඉක්මනට ලංකාවට එන්නකෝ.. සටන් කරන්න..!(නු)
ඔබගේ පැතුම ඉටුවේවායි මම පතමි..!(නු)
2014 සෑහෙන කාලයක් තියෙනවානේ බලාගෙන ඉමු බලන්න..!(නු)
මේ යන විදියටනම් පිහිටුවන්න වෙන්නෙ රෝමෙ තමයි..!(නු)
ජය වේවා නායක තුමනි..!(නු)
සිහිනෙන් වූවත් නෑ මා දුටුවේ...(නු)
මහ රෑ හීනයක්වත් දැක්කද?(නු)
පාලන බලය බන්දේසියක තියා නොදෙන බව තේරුම් ගන්න හැම දිශාවෙන්ම සටන් කරන්න ඕන..!(නු)