IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


84 වැනි ‘සුලෝහිත සංග‍්‍රාමය’ හෙට - අනිද්දා

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයට වැඩිම ජාත්‍යන්තර ක‍්‍රීඩකයන් සංඛ්‍යාවක් දායාද කළ පාසල් දෙක වන කොළඹ ආනන්ද විදුහල සහ නාලන්දා විදුහල අතර 84 වැනි ‘සුලෝහිත සංග‍්‍රාමය’ මහ ක‍්‍රිකට් තරගය හෙට සහ අනිද්දා (2 සහ 3) දෙදින කොළඹ එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම මහ ක‍්‍රිකට් තරගයේ 1924 වසරේ සිට පැවැති තරග 83 කදී ආනන්ද විදුහල තරග 12 ක් ද, නාලන්දා විදුහල තරග 6 ක් ද ජය ලබා ඇති අතර ඉතිරි තරග විසඳුමකින් තොරව අවසන් වී තිබේ. ආනන්ද විදුහල අවසන් වරට 2003 වසරේ දමින්ද කුලරත්නගේ නායකත්වයෙන් ද, නාලන්දා විදුහල 1953 වසරේ ඩබ්ලිව්. ඩබ්ලිව්. සිල්වාගේ නායකත්වයෙන් ද අවසන් වරට ජය ලබා තිබේ.

මෙවර ආනන්ද විදුහල් පිලේ නායකයා ලෙස තුෂාර සමරකෝන් ද, නාලන්දා විදුහලේ නායකයා ලෙස ළහිරු ජයකොඩි ද කටයුතු කරති.

මෙවර ආනන්ද විදුහලේ ප‍්‍රබලතම පිතිකරුවන් වන උප නායක ධනුක පතිරණ සහ පසිඳු ඉසිර ලකුණු 550 ඉක්වමීමට සමත්ව සිටිති. නායක තුෂාර සමරකෝන් සහ තමාලක ඇතුළත්මුදලි මෙවර ආනන්ද සතුව සිටි සෙසු ප‍්‍රබලතම ක‍්‍රීඩකයෝ වෙති.

දඟ පන්දුයවන ඉසුරු ගුණසේකර (කඩුලූ 33) සහ ළාබාල ක‍්‍රීඩක සමූ අෂාන් (කඩුලූ 31) මෙම තරගවාරයේ වැඩිම කඩුලූ ලාභියෝ බවට පත්ව සිටිති. පිට දඟ පන්දුයවන තමාලක ඇතුළත්මුදලි කඩුලූ මෙම තරගවාරයේදී කඩුලූ 26 ක් දවාගනිමින් තුන් ඉරියව්වේද දස්කම් දක්වා තිබේ.

නාලන්දා විදුහල් ප‍්‍රබලතම පිතිකරුවා වන නායක ළහිරු ජයකොඩි මෙම තරගවාරයේදී ලකුණු 475 ක් රැස්කර තිබේ. වොෂාන්ත සිල්වා (288) සහ අවිෂ්ක ද සිල්වා (260) නාලන්දාව සතුව සිටින ප‍්‍රබලතම පිතිකරුවෝ වෙති.

දඟ පන්දුයවන්නන් වන මාලිංග ද සිල්වා (39) සහ ප‍්‍රමෝද් හේට්ටියාවත්ත (37) මෙවර නාලන්දාව සතුව සිටින ප‍්‍රබලතම පන්දුයවන්නෝ වෙති.

මෙම විදුහල දෙකෙන් ටෙස්ට් සහ එක්දින ක‍්‍රීඩකයන් 60 ආසන්න සංඛ්‍යාවක් ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමට එක්කර තිබීම විශේෂයෙන් කැපී පෙනේ. ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායකයා වන බන්දුල වර්ණපුර මහතා සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් සහ එක්දින ලකුණු 10,000 බැගින් සම්පූර්ණ කළ පළමු ක‍්‍රීඩකයා මෙන්ම සුවිශේෂි නායකයකුද වන මහේල ජයවර්ධන, නාලන්දා විදුහලේ ද, 1996 වසරේ ලෝක කුසලාන දීනු ශ්‍රී ලංකා පිලේ නායකත්වය දැරු අර්ජුන රණතුංග මහතා ආනන්ද විදුහලේ ද ආදි සිසුවෝ වෙති.

මෙම විදුහල් දෙකෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට නායකයන් හය දෙනකු (බන්දුල වර්ණපුර, අර්ජුණ රණතුංග, රොෂාන් මහානාම, මාවන් අතපත්තු, මහේල ජයවර්ධන සහ දිනේෂ් චන්දිමාල්) බිහිකර තිබේ.

ආනන්ද විදුහල් සංචිතය:
තුෂාර සමරකෝන් (නායක), ධනුක පතිරණ (උප නායක), තමාලක ඇතුළත්මුදලි, වෙනුක නයිදියාවඩු, තවීන් ධනංජය, ඉමේෂ් ජයසේකර, දසුන් විජේසිංහ, කුෂිල් පෙරේරා, තමාල අබේගුණසේකර, තිරාන් විජේසූරිය, දුෂ්මන්ත දිසානායක, සමූ අෂාන්, ඉසුරු ගුණසේකර, ඉෂාන් බණ්ඩාරනායක, සුචිර පරණාතල සහ පසිඳු තිරිමාදුර

නාලන්දා විදුහල් සංචිතය:
ළහිරු ජයකොඩි (නායක), කෞෂාල් ඩයස් (උප නායක), නිඛිල විරසිංහ, රුචින්ත පෙරේරා, ළහිරු විජේරත්න, ගවේෂ ප‍්‍රනාන්දු, රෂ්මික විජයංග, මාලිංග ද සිල්වා, ඩිලාන් විනුර, එරංග සොයිසා, රවින් දිසානායක, ඉසුරු සමරසිංහ, අවිෂ්ක ද සිල්වා, සෙනුර අමරසිංහ, ප‍්‍රමෝද් හෙට්ටියාවත්ත, වොෂාන්ත සිල්වා, මාලිංග අමරසිංහ

 

ආනන්ද විදුහල් කණ්ඩායම

 

 

 

 

 

 

 

 

 

 

නාලන්දා විදුහල් කණ්ඩායම

 



අදහස් (0)

84 වැනි ‘සුලෝහිත සංග‍්‍රාමය’ හෙට - අනිද්දා

ද සිල්වා Friday, 01 March 2013 09:20 PM

දිනේෂ් චන්දිමාල් අම්බලන්ගොඩ ධර්මාශෝකේ කොළඹ ඉස්කෝලයකට ගියේ අවුරුදු 02 කටත් අඩුවෙන්, අම්බලන්ගොඩ ධර්මාශෝකෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෝ හතර දෙනෙක් ලංකාවට දායාද කරල තිබෙනවා... (ස)

:       0       0

අමිල Saturday, 02 March 2013 01:14 PM

චන්දි මොලේ පාවිච්චී කරලා හොද ඉස්කෝලේ තොරගතා. ආදී අනන්දියන් හැම තැනම ඉහලින් වැජබෙනවා. ධර්මාශොකේට් ගැහුවනම් චන්දී තාම ක්ලබ් ක්‍රිකටාර් කෙනෙක්. (ස)

:       0       0

නුවන් Saturday, 02 March 2013 02:11 PM

ආනන්ද මාතාවට ජයවේවා (දී)

:       0       0

අමිල Sunday, 03 March 2013 11:26 AM

මම අපේ රට ක්‍රීඩා ගැන නම් කියන්න දන්නේ නැහැ. නමුත් මට සතුටුයි චන්දිව අනන්දෙට ගෙනල්ලා හරි තැනට ගෙනාවට. ඒකෙන් කියන්නේ නැහැ ධර්මශෝකේ නරකයි කියලා, එහෙම බැලුවහම කවූරුත් පිට ඉස්කොල වලින් ආනන්ද නාලන්ද යට ආපු අය. ආනන්ද නාලන්ද කොහේ ගියත් දක්ෂයන්ට හොද පෞරුෂයක් ලබාදුන් ඉස්කොල දෙකක් ! (නි)

:       0       0

තත්සරණි Saturday, 02 March 2013 05:42 PM

මොනවා වුණත් ලංකාවේ හොදම කොල්ලෝ ඉන්නේ ආනන්දෙයි, නාලන්දෙයි. (නි)

:       0       0

තත්සරණි Saturday, 02 March 2013 05:38 PM

කොහේගියත් ආනන්ද නාලන්ද කොල්ලෝ ඉදිරියේ. (නි)

:       0       0

තාරක Saturday, 02 March 2013 05:43 PM

ආනන්දෙට ජයවේවා (දී)

:       0       0

සිල්වා Saturday, 02 March 2013 09:17 PM

අමිල, ඔයා වැනි අයගේ අදහස් නිසා තමයි අපේ රටේ ක්‍රීඩා දියුණු නොවෙන්නේ. (නි)

:       0       0

සුගත් Saturday, 02 March 2013 11:13 AM

දරුවනේ ඔයගොල්ලා ඔක්කොම යන්නේ තරඟයකට යුද්දයකට නෙවෙයි.. පුතාලා ඔක්කොම රටට සම්පත්. සතුටින් පටන් අරගෙන සතුටින් අවසන් කරන්න.. තෙරුවන් සරණයි...! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 587 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1148 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 1704 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 429 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 1142 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 2102 2

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38797 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site