IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


අකලංක කියන්නෙ මගේ හොඳ යාළුවෙක්

 

 

ජීවිතය යනු අනපේක්‍ෂිත සහ අපේක්‍ෂිත සියල්ලට මුහුණ දිය යුතු දෙයක් නම්? උපේක්‍ෂා ඒ සියල්ලටම මුහුණ දෙමින් ඉදිරියට යන්නීය. ඒ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියක හා රංගන ශිල්පිණියක ලෙසය. අප ඇය සමඟ සඳැල්ලට කතාකිරීමට සූදානම් වන්නේ රංගන ශිල්පිණියකගේ  භුමිකාවේ සිටය. අනුරුද්ධ ජයසිංහගේ ‘‘බෝම්බ සහ රෝස’’ Bombs and Rose චිත‍්‍රපටය සමග ඇය මේ දිනවල අපට හමුවෙයි. සාමාන්‍ය ජීවිතයේ ඇය දැන් හුදෙකළාය. ඒ සියල්ලට සාපේක්‍ෂ වූ කතාබහකට අපි උපේක්‍ෂා එක්කර ගනිමු. 

 
 
 


උපේක්‍ෂා කොහොමද ජීවිතේ අලූත් තොරතුරු?
හොඳින් සුරක්‍ෂිතව දුක - සතුට සියල්ල සමබරව ජීවිතය ගෙවනවා.

 


සුරක්‍ෂිතව කිව්වේ? පසුගිය කාලයේදී සුරක්‍ෂිත බවක් තිබුණෙ නැද්ද?
දේශපාලන සහ සමාජීය ජීවිතයේ වගේම, පුද්ගලික ජීවිතයේත් පසුගිය කාලයේ යම් යම් ගැටළු තිබුණා. එවිට සමහර අවස්ථා මට දැනුණෙ සුරක්‍ෂිත නැහැ කියලයි. අද නම් පෞද්ගලික ජීවිතේ සහ රාජකාරී ජීවිතේ සියල්ලෙන් සුරක්‍ෂිත බව හැඟෙනවා.

 


පසුගිය දිනවල ඔබගෙ දික්කසාදය ගැනත් පුවත් පළවුනා. ඒ ගැන ඔබට හැඟෙන්නෙ කොහොමද?
ක්ෂේත‍්‍රයට පා තැබුවේ දික්කසාද බලාපොරොත්තුවෙන් නෙවෙයි. මම වගේම  ඕනෑම කෙනෙක් එය අපේක්‍ෂා කරන්නෙ නැති වෙන්න  පුළුවනි. කලා ක්ෂේත‍්‍රයේ දී විශේෂයෙන්ම අපට හිතන්න පැති බොහෝමයි. සමාජයේ, කලාවේ, ජනප‍්‍රිය චරිත ලෙස එවැනි තීරණ අපේක්‍ෂා කරන්නෙ නැහැ. මාත්  එවැනි දෙයක් අපේක්‍ෂා කළේ නැහැ. නමුත් දෛවය සියල්ල වෙනස් කළා. ඒත් ශ්‍රී ලාංකික කාන්තාවක් ලෙස මට ඒ ගැන සතුටු වෙන්න බැහැ. අපි සංස්කෘතියක් සහ විනයක් - හරයක් තියෙන රටක්.

 


කෙසේ වෙතත්, එහෙම වෙන්න ඇත්තෙ ඇයි කියලාද අද ඔබ විශ්වාස කරන්නේ?
බොහෝ විට එදා මගේ දැනුම අනුව ඒ කළ දෙයට අම්මාගෙන් අවසර ලැබුණෙත් නැහැ. එය නොතකා කළ දෙයක්. කොහොමටත් විවාහයට පෙර අප අතර නොයෙක් ප‍්‍රශ්න තිබුණා. මම හිතුවේ විවාහයෙන් පසු සියල්ල හරියයි කියලයි. ඒත් මං හිතන්නෙ දැන් තව දුරටත් ඒ කිසිවක් ගැන කතා කිරීම පළකට නැති දෙයක්.

 


මෙවැනි දේ හමුවේ සමාජය කාන්තාවක දෙස බැලිය යුත්තේ කොහොමද කියලාද ඔබ හිතන්නෙ? විශේෂයෙන්ම නළු -  නිළියන් යන ජනප‍්‍රිය චරිත මේ විදියට සිදුවීම් වලට මුහුණ දුන් පසු බැලිය යුත්තේ කොහොමද?
නළු - නිළියන් විතරක් නෙවෙයි. සදාචාරයක් ඇති රටක අපි හැමෝම යහපත් දේ අනුගමනය කළ යුතුයි. අප ජනප‍්‍රිය කියනවාට වඩා අපත් අන් අය මෙන් සාමාන්‍ය අය බව හිතන්න  ඕනැ. ජනප‍්‍රිය නිසා බලපෑමක් කළ හැකි වෙන්න පුළුවනි. ඇත්තටම ජනප‍්‍රිය ක්ෂේත‍්‍රයක ගෙවන අපේ ජීවිතත් බොහෝ මානුෂිකයි. සමාජයේ අනෙක් අය මෙන් අපිත් දවසින් දවස ජීවිතය ඉගෙන ගන්න අයයි.
ධනය, බලය, ජනප‍්‍රියත්වය ලැබෙන තරමට ජීවිතය අතිශයින්ම සංකීර්ණ වෙන්න පුළුවනි. නමුත් ඒ සියල්ල හමුවේ අතිශය සරල - සාමාන්‍ය චරිතයක් වීම මගේ අරමුණයි. සමාජය අප දිහා ඒ විදියට බලනවා නම් මම කැමතියි. කලාකරුවන් වූ නිසාම අපි කවුරුවත් අංග සම්පූර්ණ අය නොවෙයි. අඩු පාඩු තිබෙන්න පුළුවනි. ඒවා හදාගෙන ගමනක් යා යුතුයි.

 


කෙසේ වෙතත් මේ සියල්ල අතරේ ඔබම ප‍්‍රකාශ කර තිබුණේ ඔබට ගැලපෙන්නෙ අකලංක වගේ කෙනෙක් කියලයි. එහි සත්‍යතාවය?
එක්තරා අවස්ථාවක් අප දෙදෙනා සජීව රූපවාහිනී වැඩ සටහනකට සහභාගි වුණා. ඒක ඇත්තටම අපි විහිළුවට කිව්වේ. ඒ වැඩ සටහන ගලාගෙන ගිය විදියට. ඒ ගැන ඇත්තටම කතා කරන්න එපා කියලත් අපි ඒ වෙලාවෙ කිව්වා. නමුත් ඒක කලා ලොවේ ලොකු ප‍්‍රවෘත්තියක් වුණා.

 


අකලංක හා ඔබ අතර ඇත්තටම එවැනි සබඳතාවයක් නැද්ද?
ඉනෝකා සත්‍යාංගනී මහත්මියගේ සින්ඩරෙල්ලා නමැති අපූරු සිනමා නිර්මාණයේ ප‍්‍රධාන චරිත ද්විත්වයකට  අපි දෙන්නා දායකවුණාට පස්සේ තමයි එවැනි කතාවක් ඇති වුනේ. අපි මාස පහක් විතර එකට වැඩ කටයුතු කළා. ඒ දීර්ඝ කාලය එක්ක ආපු කතා විතරයි. ඇත්තටම අකලංක මාගේ හොඳ යාළුවෙක්.

 


අද ඔබ ගැන කතාවන තවත් මාතෘකාවක් වන්නේ ‘‘බෝම්බ සහ රෝස’’ චිත‍්‍රපටය නිසයි. ඒ ගැන කතා කළොත්?
මේ චිත‍්‍රපටය රූගත කළේ වසර කීපයකට පෙරදීය. එහි මා රඟපාන චරිතය හරිම සෙල්ලක්කාර චරිතයක්. පේ‍්‍රක්‍ෂකයා ඒ ගැන මොන ආකල්පයෙන් බලාවිද යන්න අද මට ප‍්‍රශ්නයක්. සමහරවිට ඒ චරිතයට සාපේක්‍ෂව සමාජය මගෙන් ප‍්‍රශ්න කරන්න බැරි නැහැ. කොහොම වුනත් අනුරුද්ධ ජයසිංහ මහතාගේ ‘‘බෝම්බ සහ රෝස’’ අලූත් අත්දැකීමක් වේවි.

 


උපේක්‍ෂා අවංකවම ඔබ ගැන ඔබට හිතෙන්නේ කොහොමද?
මම කවුද? එහෙම නේද? ම්ම්... ම්.......ම් මම, මම හිතන්නේ සරලව ඉන්න කෙනෙක් නිතරම හොඳින් ඉන්න උත්සාහ ගන්න කෙනෙක්. උප්පත්තියෙන්ම මම හොඳයි කියලා මවාගෙන ජීවත්වෙන බොහෝ පිරිස් සමාජයේ සිටිනවා. හැබැයි එය මවා පෑමක් විතරයි. හොඳින් ජීවත් වෙන්න  නම්, ජීවිතයෙ අප කරන - කියන සියල්ලට අවංක වීම වගේම කැපවෙන්න  ඕනෑ. මම හිතන්නෙ එහෙමයි. හොඳ සිහි බුද්ධියෙන් ජීවත් වීම වැදගත්. අවංකව ජීවත් වෙන්න උත්සාහ ගන්න චරිතයක්.

 

 



අදහස් (0)

අකලංක කියන්නෙ මගේ හොඳ යාළුවෙක්

ෂිරාශ් Wednesday, 20 February 2013 04:27 PM

පළමුව සෙරෙප්පු පහර දියයුත්තේ ඡන්දදායකයින්ටයි. (නි)

:       0       0

සුපුන් Tuesday, 12 March 2013 02:19 PM

සුභ අනාගතයක පෙර නිමිති! (නි)

:       0       0

Siriwardena Monday, 18 February 2013 03:40 PM

නංගි, දැන්වත් අම්මා කියන දේ අහන්න. එතකොට වරදින්නේ නැ.. (ස)

:       0       0

චතුරිකා Monday, 25 February 2013 12:19 AM

මාර ලස්සන කොල්ලෙක් අකලංක කියන්නේ. ඒ අතින් නම් මම උපේක්ෂා එක්ක පුදුම ඉසිරියාවක් තියෙන්නේ. (නි)

:       0       0

අජිත් Sunday, 03 March 2013 04:42 PM

අකලංක අපි තරම් හොද නැහැ නංගී. අපි ගම්පහ ඔයාට මනාප දීපු අය.(නදී)

:       0       0

කාන්ති Thursday, 21 February 2013 11:12 AM

ඔබ දක්ෂ කෙනෙක් සුභපතනවා ඔබට (දී)

:       0       0

සදුනී Wednesday, 20 February 2013 08:49 AM

ජීවිතේ යම් යම් කාලවලදී ගන්න තීරණ සමහරවිට වරදිනවා. නමුත් ඒ ගැන නොසිතා පෞද්ගලික හා වෘත්තීය ජීවිතය සමබර කර ගැනීම ඉදිරියට හොදයි. මම අක්කට සුභපතනවා.(නදී)

:       0       0

රොහාන් Monday, 25 February 2013 04:42 PM

ඉතින් අපිට මොකද (දී)

:       0       0

කමණි Monday, 11 March 2013 09:56 AM

සමහර ඡායාරූප දැක්කහම මට නිකන් මොකක්දෝ වගේ. (නි)

:       0       0

ඇලන් Sunday, 24 February 2013 02:01 AM

මෙන්න බොලේ ආශ්චර්යය! (නි)

:       0       0

සජීව Thursday, 21 February 2013 12:49 AM

සුභ පතනවා. (නි)

:       0       0

ආකර්ෂා Saturday, 23 February 2013 02:52 PM

උපේකෂා ස්වර්ණමාලිගේ විතරක් නෙවෙයි අකලංක මගෙත් හොඳම හොඳ යාලුවෙක්. එයා හරි හොඳයි අනේ. මම දැකපු පිරිමින්ගෙන් කරුණාවන්තම පිරිමියා. (නි)

:       0       0

උපාලි Wednesday, 27 February 2013 02:25 PM

අකලංක කියන්නේ හොද කෙනෙක් (දී)

:       0       0

සුනිල් Sunday, 03 March 2013 05:28 AM

ඔබ දක්ෂ ශිල්පිනියක් (දී)

:       0       0

අජිත් Thursday, 21 February 2013 11:24 AM

අත්තද... (දී)

:       0       0

මොනිකා Wednesday, 13 March 2013 07:46 PM

අපිනම් කැමති නෑ එයාට මොකද අපි මේවගේතව දේවල් දන්නාව අපි කුවේට් හිටියා. (අ)

:       0       0

දිමුතු Tuesday, 19 February 2013 12:31 PM

මට ඔයාව දැක්කහම මොකක්දෝ වෙනවා නංගී. (නි)

:       0       0

රොහාන් Thursday, 21 February 2013 11:54 AM

ඔබට ජයවේවා, සුබපැතුම් (දී)

:       0       0

ගලබඩ Monday, 18 February 2013 04:57 PM

නංගී, ඔබ ඉතාමත්ම ලස්සනයි. (නදී)

:       0       0

දිලුම්නි Friday, 08 March 2013 01:40 PM

ශා නියමයි (ස)

:       0       0

සරත් Saturday, 23 February 2013 03:13 PM

ප්‍රසිද්ධීය ඔළුවට ගත්තම තමන්ට තමන්වම අමතකවෙනව.(ස)

:       0       0

හේවාශ්‍රී Saturday, 23 February 2013 03:21 PM

විශිෂ්ටයි ! (ස)

:       0       0

චාමර Wednesday, 20 February 2013 10:16 AM

අයෙත් අපි ඔබට නෑ. (ත)

:       0       0

රෝහිත් Monday, 18 February 2013 05:13 PM

මේ ඉතින් අපේ මහජන නියෝජිතයොනේ... (නි)

:       0       0

රේනු Thursday, 14 March 2013 10:46 AM

අක්කේ මම ඔයාට සුබ පතනවා . දිගු ගමනක් යන්න ලැබෙන්න කියලා (ස)

:       0       0

හර්ෂ Friday, 22 February 2013 10:36 PM

අපේ බුද්ධිමත් ජනතාවට ජය වේවා! (නි)

:       0       0

මුනේ Monday, 18 February 2013 05:37 PM

සන්තෝසයි ඔබ ගැන (දී)

:       0       0

සංජීව Friday, 22 February 2013 11:22 PM

අනාගතය සුභ වේවා! (නි)

:       0       0

ඉන්දික Friday, 22 February 2013 11:25 PM

ආනේ ඇත්තද? (නි)

:       0       0

වරුණි Monday, 18 February 2013 05:41 PM

දන්නෝ දනිති... (නි)

:       0       0

කෝලිත Thursday, 21 February 2013 10:37 PM

ඇයි විවාහය ගැන ඉක්මන්න වෙන්න හිතුවේ.(නදී)

:       0       0

සිල්වා Wednesday, 20 February 2013 06:53 PM

මුහුණ නම් හරිම අහිංසක පාටයි. (නි)

:       0       0

ඉෂාර Tuesday, 19 February 2013 08:02 AM

අර අහවල් තරුණ නිළියත් කිවුවේ අර හාදයා හොඳ යාලුවෙක් කියලානෙ. හිහ් හිහ්.. (නි)

:       0       0

නිමානි Friday, 08 March 2013 03:28 PM

ඔයානම් මාර නිළියක් (ස)

:       0       0

සමීර Wednesday, 20 February 2013 08:03 PM

ඔබට අනාගතයේදී කිසිදු කරදරයක් නොවේවා! (නි)

:       0       0

මාලා Monday, 18 February 2013 06:15 PM

පේනවද අපේ බුද්ධිමත් ජනතාවගේ තේරීම්? (නි)

:       0       0

පිටිගල Saturday, 23 February 2013 05:59 PM

ඔබට ශුද්ධ වූ වැලන්ටයින් මුණිවරයාගේ ආශිර්වාදය ලැබේවා! (නි)

:       0       0

මාලි Thursday, 21 February 2013 01:43 PM

කාලෙකට පස්සේ තමයි දැක්කේ (දී)

:       0       0

එස්.රංජිත් Saturday, 23 February 2013 03:45 AM

ලංකාදීපයට පින් මේ වගේ පින්තුර ඉදලා හිටලා හරි දාලා අපිව දැනුවත් කරනවාට. (නි)

:       0       0

නාරද Tuesday, 19 February 2013 02:37 PM

එන්න නම් එපා ආයෙත් ඡන්දෙ ඉල්ලාගෙන.(නදී)

:       0       0

හිරු Sunday, 03 March 2013 11:59 AM

ටිකක් ජනප්‍රිය වෙන්න බැලුවේ නැද්ද ? (නි)

:       0       0

Sunil Perera Wednesday, 27 February 2013 10:29 AM

ඉතින් අපිට මොකද? (ස)

:       0       0

ශාමා Tuesday, 19 February 2013 09:27 AM

ඔබට සුබ අනාගතයක් (දී)

:       0       0

අමිල Wednesday, 27 February 2013 10:34 AM

හරි යන කොට ස්වාමියා එපාවෙලා... අන්තිමට අමාරුවේ වැටුනා නේද? (ස)

:       0       0

අනුරාධ Wednesday, 20 February 2013 01:22 PM

කරන දෙයක් දැන්ම කරන්න වෙයි. (නි)

:       0       0

ප්‍රසාද් Saturday, 02 March 2013 02:24 AM

අපෝයි! (නි)

:       0       0

ජයතිස්ස Friday, 01 March 2013 12:02 PM

සිනමාවට ඔබ වැඩියෙන් එක්වන්න...(ස)

:       0       0

ඉෂාන් Wednesday, 20 February 2013 12:01 AM

අනාගතයේ හොදින් ජීවත් වෙන්න.(නදී)

:       0       0

සුනුදු Tuesday, 19 February 2013 10:08 AM

ලස්සන කතාවක් තියෙනවා (දී)

:       0       0

සුනේත්‍රා Monday, 25 February 2013 10:07 PM

කොහොමත් ඵල තියන ගහටනේ පොලු ගහන්නේ. ඔබේ ගමන ඉදිරියටම යන්න. (නි)

:       0       0

පිටිගල-මිලානෝ Wednesday, 20 February 2013 12:25 AM

ඔබ මැදපෙරදිග ශ්‍රී ලාංකිකයින් සතුටු කරන්න නිතර නිතර එහෙ යනවා වගේම ඉතාලියටත් එන්න.(නදී)

:       0       0

රයිනා Monday, 18 February 2013 08:06 PM

හොද රංගන ශිල්පිනියක් (දී)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 01 March 2013 06:53 PM

වුණ දේවල් වලින් පාඩමක් ඉගෙන ගත්තා නම් දැන්වත් හොඳ හැදිච්චකමක් තියෙන, වැඩිහිටියන්ට ගරු කරන අවංකව ආදරය කරන, ඔබට ගරු කරන, ඔබේ අනාගත දියුණුව පතන, විනීත, සංවරශීලී, තැන්පත්, දැන උගත්, බුද්ධිමත්, හොඳ අධ්‍යාපන මට්ටමක් තියෙන කඩවසම් බහුශ්‍රැත තරුණයෙකු ඔබේ අනාගත සහකරු වශයෙන් තෝරා ගෙන ඔබේ ජීවිතය සරු කර ගන්න. ඔබට සුබ අනාගතයක් වේවා යැයි පතමි !!! (නි)

:       0       0

චමින්ද Monday, 18 February 2013 08:15 PM

අකලංක ඇය ක්‍රිකට් ගහයිද?(නදී)

:       0       0

ලාල් Thursday, 21 February 2013 09:03 AM

සන්තෝසයි ඔබ ගැන (දී)

:       0       0

ශ්‍රීනාත් Wednesday, 27 February 2013 04:09 PM

චතුරිකා.... ඔන්න ඕකට තමයි පැහැදිලි ඊෂියාව කියන්නේ (ස)

:       0       0

චන්න Tuesday, 19 February 2013 10:44 AM

ඔබ හොද කළා කාරිනියක් (දී)

:       0       0

පනාගොඩ-මිලානෝ Wednesday, 20 February 2013 02:37 PM

ඔබට සිංහලත්, ඉංග්‍රීසිත් හරියට කතා කරන්න බැහැ කියන්නේ ඇත්තද?(නදී)

:       0       0

ගිහාන් Saturday, 09 March 2013 08:57 AM

අපි ඔය දෙන්නා ගැනම හොදට දන්නවා. (නි)

:       0       0

අරවින්ද Thursday, 28 February 2013 04:58 PM

ගම්පහ ජනතාවට ජයවේවා! (නි)

:       0       0

අනුර Tuesday, 19 February 2013 03:57 PM

හොද අනාගතයක් පතනවා (දී)

:       0       0

ලක්මාල් Wednesday, 06 March 2013 08:41 PM

මම හිතන්නේ ඇත්තෙන්ම ඔයා හොඳ කෙනෙක් , ඔයාට කවදාවත්ම වරදින්නේ නෑ කියලා මගේ හිත කියනවා‍. මට හිතුනු දෙයක් වැරදිලා නෑ. පොඩ්ඩක්වත් දුක් වෙන්න එපා (ස)

:       0       0

සුනිල් Saturday, 09 March 2013 09:20 AM

ජයන්ත සමග එකඟයි මාත් (ස)

:       0       0

ප්‍රභාත් Wednesday, 27 February 2013 04:36 PM

අහිංසක කොල්ලන්ව නම් අමාරුවෙ දාන්න එපා...(ස)

:       0       0

ශානිකා Thursday, 07 March 2013 07:01 PM

හැමෝටම වරදිනවා තමයි නංගී. හැබැයි හැමදාම වරදින්නේ නැහැ. (නි)

:       0       0

දිසානායක Monday, 18 February 2013 09:29 PM

අනේ අපේ කොල්ලට නම් කරදර කරන්න එපා හොදේ. (නි)

:       0       0

රවි Friday, 22 February 2013 04:47 PM

ලංකාවේ මිනිසුන්ගේ බුද්ධියේ තත්ත්වය ගැන තේරුම් ගන්න අමාරුයි. (නි)

:       0       0

දයා Saturday, 02 March 2013 07:22 PM

ඔයා හිතුවද නංගි මේක අරාබිය කියලා? (නි)

:       0       0

දයා Saturday, 02 March 2013 07:22 PM

මේක අරාබිය කියල හිතුවාද (අ)

:       0       0

කමල් Tuesday, 19 February 2013 11:28 AM

ඇයි, එයා අපෙත් හොද යාලුවෙක් (දී)

:       0       0

සදරු Wednesday, 20 February 2013 10:43 PM

ඉතින් මොකද්ද කියන්නේ (දී)

:       0       0

ශ්‍රී Tuesday, 19 February 2013 11:30 AM

වරුණි කියන කතාව ඇත්ත. (නි)

:       0       0

සදුන් Wednesday, 20 February 2013 10:46 PM

ඔබ දක්ෂ නිලියක් (දී)

:       0       0

ජයනාත් Wednesday, 20 February 2013 10:54 PM

කවදා හරි අර නයි නළගන ඡන්දෙ ඉල්ලුවොත් පබාටත් වඩා අපේ බුද්ධිමත් ජනතාව ඡන්දෙ දෙනවා. (නි)

:       0       0

ෂෙරිෆ් Monday, 18 February 2013 09:58 PM

අනේ අක්කේ, ඔයාව දැක්ක ගමන් මට මතක් වුණේ අර නයි නළඟන., ඔයාලා දෙන්නා හරියට අක්කයි නංගියි වගේ. (නි)

:       0       0

තුෂාර Tuesday, 19 February 2013 04:47 PM

ඔබට සුභ පැතුම් (දී)

:       0       0

ගයාන් Tuesday, 19 February 2013 05:02 PM

කළා ජීවිතය කියන්නේ පුදුම දෙයක් (දී)

:       0       0

කුමා Friday, 22 February 2013 10:38 AM

මෙයාට ඡන්දෙ දුන්න අයට ජයවේවා!(නදී)

:       0       0

රම්සි Saturday, 23 February 2013 12:26 PM

මම ඔයාට එක උපදේශයක් දෙන්නම්. ඔයාගේ ජීවිතය සතුටින් ගතකරන්න අවශ්‍ය නම් දේශපාලනයෙන් සහ කලාවෙන් ඈත් වෙන්න. (නි)

:       0       0

ශාන් Tuesday, 26 February 2013 04:36 AM

ඡන්දදායක අපිට මී හරක් වලිගෙන් ගහන්න ඕනෑ. (නි)

:       0       0

සුදේශ් Monday, 18 February 2013 03:35 PM

අන්තම ඡායාරූපය දැක්කහම මට නිකන් මොකක්දෝ වගේ. (නි)

:       0       0

රොහාන් Thursday, 21 February 2013 05:22 PM

මෙයා ගිය උඩ... (නි)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 22 February 2013 07:28 PM

සඳුනි, මමත් හිතනවා වයස අවුරුදු 44 ක පුද්ගලයෙකු ලෙස ඔයා කියන කතාව හරියටම හරි කියලා. මොකද මමත් මගේ පුද්ගලික ජීවිතයේ මුල් කාලයේදී ගත්ත ඇතැම් වැරදි තීරණ නිසා පසු කාලයක ගොඩාක් දුක් වින්දා. නමුත් පසුව අත්දැකීම් වැඩ වෙද්දී ඒ වගේම ගත්තු තීරණය 100% ක් හරියට හරි ගියා. දැන් මට ඒ කාලේ ආයේ මතක් කරලා රස විඳීන්න පුලුවන් කම තියෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 98 0

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 508 0

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


‘පාර්ලිමේන්තුවට ඉල්ලන්නෙ නෑ‘
2024 ඔක්තෝබර් මස 04 1070 3

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල


ඉරානය ඊශ්‍රායලයට එරෙහිව රුසියන් සහාය ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 04 960 0

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර


හම්බන්තොටින් ස්වාධීන කණ්ඩායම් 4ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 153 0

2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.


ඇමෙරිකාවට පහර දෙන්න පැකිලීමක් නෑ
2024 ඔක්තෝබර් මස 04 959 0

දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38856 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25498 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 300 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1011 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 359 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site