IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


අග විනිසුරු නිවස ඉදිරිපට කිරිබත් කති

අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීමේ යෝජනාව  පාර්ලිමේන්තුවේ සම්මත වීමත් සමග, අග විනිසුරු නිළ නිවස ඉදිරිපිට  දින හතරක් තිස්සේ විරෝධතා පැවැත් වූ ගෝල්ඩන් කී තැන්පත් කරුවෝ රතිඤ්ඤ පත්තු කරමින් කිරිබත් කෑහ. දෝෂාභියෝග තේරීම් කාරක සභාවේ සභාපති අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු මැති ඇමැතිවරුද එම අවස්ථාවට සහභාගී වූහ. ගෝල්ඩන් කී තැන්පත් කරුවන්ගේ විරෝධතාවද අද මධ්‍යම රාත්‍රීයේ අවසන් කැරිණි.

 

 



අදහස් (0)

අග විනිසුරු නිවස ඉදිරිපට කිරිබත් කති

සේනාධීර Saturday, 12 January 2013 07:36 AM

එයාලටත් මෙහෙම දෙයක් වුණොත් තේරෙයි. (නි)

:       0       0

වසන්ත Sunday, 13 January 2013 01:06 PM

මිනිස්සු මේ වගේ දේවල් කරලා බලාපොරොත්තු වෙන්න මොනවද? (දී)

:       0       0

අනිල් Friday, 18 January 2013 08:44 PM

පුදුම මිනිස්සු... (නි)

:       0       0

වජිර Saturday, 12 January 2013 12:07 PM

හරි හෝ වැරදි හතුරෙකුගේ විපතකදි හෝ සිංහලයා කිරිබත් කෑවා කියල අහල තියෙනවද කලින් !!! (ස)

:       0       0

කිර්ති Saturday, 12 January 2013 07:44 AM

කිරිබත් කාලා සුභ වැඩ අරබන්නේ (දී)

:       0       0

අචිනි Saturday, 12 January 2013 03:15 PM

ඔබම කියන්න මේ වැඩේ අනුමත කල හැකි දෙයක්ද (දී)

:       0       0

බන්දුල Monday, 14 January 2013 01:20 PM

අනුමත කල නොහැකි වැඩක් (දී)

:       0       0

අසංග Thursday, 17 January 2013 03:26 PM

දැන් ඒක විලාසිතාවක් වෙලා (දී)

:       0       0

කීර්ති Saturday, 12 January 2013 07:42 AM

ජාතියේ හැටි මේකෙන්ම පෙනෙනවා. (නි)

:       0       0

තිලක් Saturday, 12 January 2013 10:15 PM

ශ්‍රී ලංකාවේ යකඩ ගැහැණිය ඇයයි. (නි)

:       0       0

සරා Friday, 11 January 2013 10:05 PM

ගෝල්ඩන් කී අයට පොළියත් එක්ක සල්ලි ලැබෙයි. (නි)

:       0       0

ලලිත් Saturday, 12 January 2013 12:05 PM

එත් මනුස්සයෙක් කාන්තාවක් , ඉවසා ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා (දී)

:       0       0

කසුන් Saturday, 12 January 2013 12:06 PM

කාට කියන්නද මේ අවනඩුව (දී)

:       0       0

විමුක්ති Saturday, 12 January 2013 07:43 AM

අනේ මෙහෙමත් මිනිස්සු කට්ටියක් ජීවත්වෙන රටකනේ අපි ඉන්නේ. (නි)

:       0       0

තිලක් Saturday, 12 January 2013 07:44 AM

හරිම දුකයි. (නි)

:       0       0

ලාල් Saturday, 12 January 2013 12:06 PM

මට කියන්න මොකුත් නැහැ, (දී)

:       0       0

විශ්ව Saturday, 12 January 2013 12:09 PM

ගෝල්ඩන් කි කට්ටියටනම් සාධාරණ හේතුවක් තියෙනවා එපා කියන්න (දී)

:       0       0

මානගේ Friday, 11 January 2013 10:09 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

මාධව Friday, 11 January 2013 10:11 PM

දැන් ගෝල්ඩන් කී එකේ තැන්පත්කරුවන්ට ‘සල්ලි‘ ලැබෙයිද? (නි)

:       0       0

සමන් Friday, 11 January 2013 10:14 PM

ජය වේවා! අතිගරු ජනාධිපතිතුමනි, අපි සැමදා ඔබ සමගයි. ශ්‍රී ලංකාවට එරෙහි තවත් විදේශ කුමන්ත්‍රණයක් පරාජය කෙරූ වගයි. (නි)

:       0       0

ටිකිරි Saturday, 12 January 2013 08:01 AM

අධ්‍යාපනය විනාස වෙද්දි තමුන්ගෙ ළමයව විශ්ව විද්‍යාලෙට යවාගන්න එකම සරණක් වුණ උත්තමාවිය.දැන් ඒ මිනිසුන්ගෙම කුහකකම්.එතුමිය උගත් බුද්ධිමත් කෙනෙක්.ඒ නිසා අධ්‍යාපනයෙ වටිනාකම දන්නවා.මට දුකයි (ස)

:       0       0

මනම්පේරි Saturday, 12 January 2013 08:02 AM

තිත්ත ඇත්තයි. ඇත්ත තිත්තයි. (නි)

:       0       0

උපුලි Friday, 11 January 2013 10:16 PM

අපේ ළමයි තමයි, මේවා නරක විදිහට තේරුම් ගනීවි (දී)

:       0       0

වජිර Saturday, 12 January 2013 12:11 PM

මට මගේ රට ජාතිය ගැන දුකයි (ස)

:       0       0

දීප්ත Saturday, 12 January 2013 03:24 PM

මේකෙන්ම තේරෙනාව මහජනතාවගේ අදහස් මොනවද කියලා. එතකොට මහජනතාවගේ පරමාධිපත්‍ය බලයට මොකද වෙලා තියෙන්නෙ දැන්..අනේ මන්දා (ස)

:       0       0

චින්තක Saturday, 12 January 2013 08:03 AM

අනේ අපේ රටට ගිය කලක්. කිරි බතේ රස තේරේවි තව ටික කාලෙකින්. (නි)

:       0       0

හේමන්ත Saturday, 12 January 2013 03:28 PM

මේ කිරි බත් කන්නේ අග විනිසුරුවරිය යන සතුටට කියලා අමතක කරන්න එපා (දී)

:       0       0

චන්ද්‍රා Saturday, 12 January 2013 08:12 AM

දැන් සල්ලි හම්බවෙයිද (දී)

:       0       0

ශාමලී Friday, 11 January 2013 10:17 PM

ජයවේවා.. ඕනෑම කෙනෙකුට (දී)

:       0       0

පීටර් Saturday, 12 January 2013 08:17 AM

කමු කමු ......තව තියෙනවා ගොඩක් (ස)

:       0       0

සහන් Saturday, 12 January 2013 12:18 PM

බලාගෙන ඉන්නකෝ මොකද වෙන්නේ කියල. (දී)

:       0       0

නිශාන්ත Friday, 11 January 2013 10:16 PM

මේවා හොද වැඩ නොවෙයි (දී)

:       0       0

මේනකා Friday, 11 January 2013 10:16 PM

කිරිබතට ගිය කල (දී)

:       0       0

සිරිවර්ධන Saturday, 12 January 2013 08:20 AM

මෙතන තිබිය යුතුම කෑම පේන්න නෑ වගේ...කෝ කැවුම්? (ස)

:       0       0

බන්දුල Tuesday, 15 January 2013 10:59 AM

අසරණ මිනිස්සුන්ගේ ප්‍රශ්නය ඉක්මනට විසදලා දෙන්න. (දී)

:       0       0

නිලන්ත Saturday, 12 January 2013 08:25 AM

දැන් හම්බවේවි තැන්පත් කළ මුදල්. (නි)

:       0       0

නිමල් Saturday, 12 January 2013 08:27 AM

දැන් ගෝල්ඩන් කී එකේ සල්ලි පොලියත් එක්ක ලැබෙයි. එතකන් කිරිබත් කන්නෙ නැතැයි. මේවා අපට තේරෙන්නෙ නැහැ. මොකද මේ අසාධාරන අපේ සමීපයකුට වෙන්න ඕනෑ. එදාට තේරෙයි. (නි)

:       0       0

තාරක Saturday, 12 January 2013 08:25 AM

බලන් ඉදිමුකෝ මොකද වෙන්නේ කියලා හෙට වෙද්දී. (නි)

:       0       0

හසී Saturday, 12 January 2013 08:27 AM

වැරදි තැන් වල සල්ලි දාලා පස්සේ කෑගහන්න තරම් අපේ මිනිස්සු මෙච්චර ‍මෝඩද? (නි)

:       0       0

සීමන් Saturday, 12 January 2013 12:19 PM

දැන් ඔයාලට තැන්පත් කල මුදල් අපහු ලැබුනද? (ස)

:       0       0

කුමාර Friday, 11 January 2013 10:29 PM

ඇයි මෙච්චර සතුටු? මොනවද ඔයාලට ලැබෙන්නේ? (නි)

:       0       0

මාලනී Saturday, 12 January 2013 03:42 PM

මිනිස්සුන්ව මානසිකව අසරණ කරන්න එපා

:       0       0

ශාන් Friday, 11 January 2013 10:30 PM

අපිටත් හරිම සතුටුයි. (නි)

:       0       0

නිත්‍යා Saturday, 12 January 2013 08:38 AM

කිරිබත් නොදැකපු කට්ටියක්ද මේ (ස)

:       0       0

චමින්ද Saturday, 12 January 2013 12:24 PM

මෙතුමියට තවත් ශක්තියක් වේවා මෙවන් ක්‍රියා (දී)

:       0       0

පෙරේරා Friday, 18 January 2013 09:47 PM

දුකයි. (නි)

:       0       0

කෝලිත Friday, 11 January 2013 10:33 PM

තැන්පත්කරුවන්ගේ ගෝල්ඩන් කී එක ලැබිලා තියෙන්නේ අදනේ. (නි)

:       0       0

සරත් Saturday, 12 January 2013 08:36 AM

මේවා අපට තරම් ‍නොවේ. (නි)

:       0       0

සනි Saturday, 12 January 2013 12:26 PM

සලකනකොට සලකනවා බනිනකොට බනිනවා (දී)

:       0       0

අබා Friday, 11 January 2013 10:36 PM

ඉතාම පිළිකුල්සහගතයි මට නම්. (නි)

:       0       0

ශීලා Saturday, 12 January 2013 08:39 AM

අද කිරිබත් කමුකෝ. කමක් නැහැ. බලමුකෝ හෙට... (නි)

:       0       0

දිසා Saturday, 12 January 2013 08:39 AM

මෙයාලට මොකක් හරි වෙලාද නැත්නම් හැටිද ? (ස)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 12 January 2013 08:47 AM

කට්ටිය හරියට කිරිබත් කන්නේ ප්‍රභාකරන් මැරිච්ච දවසේ වගෙයිනේ. (නි)

:       0       0

තුසිත Saturday, 12 January 2013 03:55 PM

ඇත්තටම මේ වගේ වැඩ කරන මෙයාලා කවුරු කියලා කියන්නද ??? (ස)

:       0       0

ඉන්දි Saturday, 12 January 2013 08:45 AM

එතුමිය උගත් බුද්ධිමත් කෙනෙක්. ඒ නිසා අධ්‍යාපනයෙ වටිනාකම දන්නවා. මට දුකයි (නි)

:       0       0

දේශප්‍රිය Saturday, 12 January 2013 08:45 AM

විමල් වීරවංශගේ කාතව නියමයි. (නි)

:       0       0

බණ්ඩාර Friday, 11 January 2013 10:41 PM

අනේ මෙහෙමත් රටක්? (නි)

:       0       0

කුමාර Saturday, 12 January 2013 08:51 AM

කලින් ගෝල්ඩන් කී එකට රැවටුණා. දැන් වෙන කී එකකට රැවටිලා. මෙහෙමත් බුද්ධිමත් ජනතාවක්. (නි)

:       0       0

නිම්මි Saturday, 12 January 2013 12:31 PM

මෙවන් දේ ඉවසා ගැනීම් වැදගත් (දී)

:       0       0

මිහිර Friday, 11 January 2013 10:44 PM

කවද හරි වෙන දේ දෑකලා කිරිබත් කන්ද හිතේවිද දන්නෙ නැහැ. (නි)

:       0       0

සුදේශ් Saturday, 12 January 2013 12:34 PM

මේ මිනිස්සුනම් පිඩනයට පත් වූ කට්ටිය කියන්න පුලුවන් (දී)

:       0       0

සාලිය Friday, 11 January 2013 10:50 PM

වරදක් කියන්නත් බැහැ ඒ මිනිස්සුන් අසරණ වෙලානේ ඉන්නේ (දී)

:       0       0

තිලංක Saturday, 12 January 2013 12:37 PM

මෙය බාල වැඩක් ලෙසටයි මා දකින්නේ ... (ස)

:       0       0

ගුනේ Friday, 11 January 2013 10:54 PM

අන්න හරි අන්න හරි (දී)

:       0       0

මහේන්ද්‍ර Friday, 11 January 2013 10:54 PM

තව කන්නකෝ (දී)

:       0       0

කළු Saturday, 12 January 2013 08:53 AM

රබානාක් අරන් ගියානම් රබන් ගහන්නත් තිබුනා (දී)

:       0       0

සේන Friday, 11 January 2013 10:59 PM

මිනිස්සු කරන්න ඕනේ මිනිස්සු කරන වැඩ (දී)

:       0       0

මාලි Sunday, 13 January 2013 03:37 PM

අනේ මගේ රත්තරන් රට..! (නි)

:       0       0

ජයන්ත Saturday, 12 January 2013 08:56 AM

මෙහෙමත් රටක්? හරියට කුකලුවන් වගෙයි. (නි)

:       0       0

සුභා Saturday, 12 January 2013 12:38 PM

මිනිස්සුන්ගේ තියෙන ආවේගය තමයි ඔය පිට දාන්නේ (දී)

:       0       0

සාලින්ද Saturday, 12 January 2013 08:59 AM

අපිට මොවුන් ගැන කණගාටුයි. (නි)

:       0       0

අජිත් Saturday, 12 January 2013 12:42 PM

මෙසේ කිරීමනම් හරිම පිළිකුල් සහගතයි (ස)

:       0       0

අමිල Saturday, 12 January 2013 12:39 PM

හොදයි (දී)

:       0       0

සමන් Friday, 11 January 2013 11:13 PM

අගවිනිසුරුතුමියට වුණේ අසාධාරණයක් නෙමෙයිද? (නි)

:       0       0

ප්‍රසාද් Friday, 11 January 2013 11:15 PM

මේවා මහ කැත වැඩ. (නි)

:       0       0

සුමිත් Saturday, 12 January 2013 04:22 PM

මොන තරම් දුකක් ඇතිද එතුමියට (දී)

:       0       0

බන්ඩාර Saturday, 12 January 2013 12:45 PM

මීට කලිනුත් ඔහොම දේවල් වුණා . එතකොට වජිර ඉපදීලා ඉන්න නැතුව ඇති (ස)

:       0       0

ජනක Saturday, 12 January 2013 09:09 AM

රැකගන්නට පුතේ... අපට රටක් නැතේ... (නි)

:       0       0

මරාස් Friday, 11 January 2013 11:23 PM

කිරිබත් නෙමෙයි බලන්නකෝ වෙන දේ... (නි)

:       0       0

ගයා Saturday, 12 January 2013 09:15 AM

කවදා කාපු කිරිබත්ද? (නි)

:       0       0

ක්‍රිෂාන් Friday, 11 January 2013 11:27 PM

වැඩියෙන් සල්ලි හම්බ කරන්න ගිහින් අමාරුවේ වැටිලා දැන් කෑගහනවා. (නි)

:       0       0

රාජා Saturday, 12 January 2013 09:20 AM

කවුරුත් නැද්ද මේ වැඩේ එපා කියන්න (දී)

:       0       0

උපුල් Sunday, 13 January 2013 04:15 PM

අගවිනිසුරු නිල නිවස කියන්නේ අධි ආරක්‍ෂිත කලාපයක් නේද? ඒ වගේ තැනක කවදද කාටද ඔහොම සත්‍යග්‍රහ කරන්න අවසර දුන්නේ? (නි)

:       0       0

එරංග Saturday, 12 January 2013 09:21 AM

උගත් අයට අද ලංකාවේ තැනක් නැහැ. (නි)

:       0       0

ප්‍රියා Saturday, 12 January 2013 09:22 AM

අපේ රටේ දැන් ඉන්නේ බත් කන අයට වැඩිය ගුටි කන අය. (නි)

:       0       0

ලක්ෂිත Saturday, 12 January 2013 09:23 AM

කිරිබත් කාලා සුභ වැඩ අරඹන්න... (නි)

:       0       0

හේවගේ Saturday, 12 January 2013 12:51 PM

ලංකාවේ ඉපදුනේ පෙර පිනකට කියලා හිතන් හිටපු එක හරිද මන්දා (ස)

:       0       0

චමරි Saturday, 12 January 2013 09:24 AM

කන්න වෙන තැනැක් තිබිලාම නැහැ (දී)

:       0       0

නිලන්ත Saturday, 12 January 2013 09:26 AM

මෙහෙමත් මිනිස්සු (දී)

:       0       0

හිමාල් Friday, 11 January 2013 11:35 PM

හොදයි. දැන් සතුටුද? (නි)

:       0       0

සමීර නුවන් Monday, 14 January 2013 02:56 AM

කන්න ඕනෙ වුණහම කබරගොයත් තලගොයෙක් වෙනවලුනේ. (නි)

:       0       0

මුදිත Friday, 11 January 2013 11:44 PM

මෙයාලට මොනවා ලැබිලද මෙහෙම දගලන්නේ? (නි)

:       0       0

පබිලිස් Saturday, 12 January 2013 04:42 PM

දැන් එතකොට තීරණේ ලැබුණට පස්සෙද කිරිබත් හැදුවේ? නැත්තම් ඔය තීරණේ කොහොමත් ලැබෙන බව දැනගෙන කිරිබත් හදාගෙන හිටියද? බොලේ ඔච්චර මහා සෙනගකට කිරිබත් ඔය ඉක්මණින් කොහොම හැදුවද මන්දා? හසන්ත මහත්තයෝ, මේක ආශ්චර්යක් නොවේද හැබැටම? (නි)

:       0       0

බන්දුල Thursday, 17 January 2013 01:09 AM

තව ටික දවසකින් ගෝල්ඩන් කී කට්ටියත් මහ පාරේ බෝඩ් අල්ලගෙන ඉදීවි. (නි)

:       0       0

කමල් Friday, 11 January 2013 11:49 PM

මෙහෙමත් රටක්? (නි)

:       0       0

සුරියා Saturday, 12 January 2013 09:30 AM

ඒක වඩාත් හොදයි (දී)

:       0       0

මහින්ද Saturday, 12 January 2013 09:28 AM

මාරු, මාරු , මාරු , ඒකෙත් පොඩි සතුටක් ඇති නේද (දී)

:       0       0

නයනි Saturday, 12 January 2013 04:47 PM

අගවිනිසුරු නිවසට ආරක්ෂාවට දාලා තියෙන පොලිසිය නිරායුධ කළේ කවුද? කිසිම අවියක් දීල නැහැනේ. (නි)

:       0       0

ජීව Friday, 11 January 2013 11:51 PM

යුද්ධයක් ජයගත්ත එකේ මේක මොකක්ද? ශ්‍රී ලංකාවට ජයවේවා!!! (නි)

:       0       0

මාලක Saturday, 12 January 2013 09:31 AM

හෙම්බිරිස්සාව හැදෙයි (දී)

:       0       0

තිස්ස Friday, 11 January 2013 11:58 PM

මොකද්ද තිලක් අඳුරේ ඉන්න කතාව (දී)

:       0       0

නිරෝෂණ Saturday, 12 January 2013 01:02 PM

බඩගිනි උනාම ඕනෑම තැනක ඉදන් කන්න පුළුවන් (දී)

:       0       0

තිලක් Friday, 11 January 2013 11:58 PM

මිනිසුනේ ඔබ අඳුරේ ඉන්නේ (දී)

:       0       0

චතුල වෙරෝනා Saturday, 12 January 2013 01:01 PM

කිරිබත් වෙනුවට පාස්තා වගේ දෙයක් කෑවනම් මොකෝ! (ස)

:       0       0

නිරන්ජන් Sunday, 13 January 2013 03:08 AM

මෙතන වැඩි දෙනෙක් අදහස් දාලා තියෙන්නෙ විජාතික බලවේග වලට නැවතත් මෙරට පාවා දීමේ අරමුණින්. (නි)

:       0       0

කෙවින් Sunday, 13 January 2013 04:37 PM

ඇයි මේ වගේ වැඩ කරන්න? (දී)

:       0       0

කෙවීන් Sunday, 13 January 2013 04:34 PM

මගේ රටේ මිනිසුන් මේ තරම් පහත් මානසික තත්වයකට වැටීම ගැන රටවැසියෙක් හැටියට බොහොම කණගාටුයි. (නි)

:       0       0

චන්දන Thursday, 17 January 2013 05:36 PM

ම‍ගෙ ඇගේ මවිල් කෙලින් වෙනවා. සන්තෝෂේ ඉහිලුම් නැහැ මට. (නි)

:       0       0

රෝහිත Friday, 11 January 2013 11:58 PM

මට කනගාටුයි මේ මිනිස්සු ගැන (දී)

:       0       0

සශී Saturday, 12 January 2013 01:04 PM

ලක්ෂ ගාණක් මුදල් නැතිකරගෙන සංතෝසෙට රතිඤ්ඤා දාල කිරිබත්කනවා. මේකනම් ආශ්චර්යයක්ම තමා. (ස)

:       0       0

හර්ෂ Tuesday, 29 January 2013 12:02 AM

නීතියට ගිය කල ගැන හිතලා කන්න. ඊළගට ඔගොල්ලන්ට කරන්නේත් ඕකම තමා. (නි)

:       0       0

ආශා Saturday, 12 January 2013 09:36 AM

ඔබලාට ජයවේවා (දී)

:       0       0

අසංක Saturday, 12 January 2013 09:38 AM

අගවිනිසුරු කියන්නේ මොනතරම් වටිනා තනතුරක්ද (දී)

:       0       0

අජිත් Saturday, 12 January 2013 09:36 AM

කමක් නැහැ, ඒ ගොල්ලන්ට හොද දෙයක් කරන්න (දී)

:       0       0

ධම්ම Friday, 11 January 2013 11:57 PM

ඇති යාන්තම්. ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ ප‍්‍රශ්නය විසදුනා. (නි)

:       0       0

අචිනි Saturday, 12 January 2013 09:37 AM

අපේ දරුවන්ගේ අනාගතයට හා රටේ සාධාරණත්වයට මින් පසු කුමක් වේවිද ? (ස)

:       0       0

ලක්ෂාන් Saturday, 12 January 2013 01:10 PM

මටනම් පිස්සු වගේ (ස)

:       0       0

සුසිල් මිලානෝ Saturday, 12 January 2013 12:02 AM

කෙනෙක් වරදක් කළා නම් දඩුවම් දීම කළ යුතුය. නමුත් මෙබදු ක්‍රියා සිංහලකමට නොගැලපේ. කිරිබත් කෑම නම් වූ සංස්කෘතික ලක්ෂණයටද නොගැලපේ. මෙහි වංචාවක් නොකළ අයෙක් ඇත්නම් පළමු කිරිබත් කෑල්ල කන්න. (නි)

:       0       0

මාලක Saturday, 12 January 2013 09:41 AM

පාරේ උයාගෙන කනකොට ප්‍රශ්නයක් නැද්ද (දී)

:       0       0

නිමල් Saturday, 12 January 2013 12:04 AM

මේවා හොද වැඩ නෙමෙයි. (නි)

:       0       0

සිසිර Saturday, 12 January 2013 12:02 AM

දුකයි මට ඔබලා ගැන (දී)

:       0       0

ශානක Saturday, 12 January 2013 01:10 PM

අයියෝ සල්ලි, මොකද්ද ඔය තරම් තියෙන තරහා (දී)

:       0       0

අතුකෝරල Saturday, 12 January 2013 09:39 AM

කිරි බත් කියන්නේ මොන තරම් වැදගත් කැමක්ද (දී)

:       0       0

කුමාරි Saturday, 12 January 2013 12:12 AM

මෙහෙමත් මිනිස්සු? (නි)

:       0       0

සිරිමල් Saturday, 12 January 2013 09:39 AM

දැන්නම් මේ ප්‍රශ්නය ඇති නේද (දී)

:       0       0

සුමුදු Saturday, 12 January 2013 09:39 AM

සතුටට....සතුටට.... (දී)

:       0       0

රශ්මි Saturday, 12 January 2013 09:43 AM

කන්න කන්න හොදාට කන්න (දී)

:       0       0

එරංග Saturday, 12 January 2013 12:14 AM

විකාර නේන්නම් (දී)

:       0       0

ආනන්ද Friday, 18 January 2013 11:55 PM

කිරිබත් කන එක පුරුද්දට ගිහිල්ල (දී)

:       0       0

වජිරා Saturday, 12 January 2013 12:14 AM

අනුමත කල නොහැකි (දී)

:       0       0

දිමුතු Tuesday, 15 January 2013 12:23 PM

මේ ප්‍රශ්නය කොහොමහරි විසදලා දෙන්න. (දී)

:       0       0

දිසානායක Saturday, 12 January 2013 09:51 AM

ලෝකයා අපි දිහා බලන්නේ වපර ඇසින්, මේ වැඩ නිසා (දී)

:       0       0

රංග Saturday, 12 January 2013 12:26 AM

අනුමත කරන්න එපා කවුරුවත් මේ වැඩ (දී)

:       0       0

හේවගේ Saturday, 12 January 2013 09:55 AM

බලන්නකෝ ඔය මිනිස්සුන්ට මොන තරම් ලජ්ජාවක්ද කියලා (දී)

:       0       0

නිශාඩ් Saturday, 12 January 2013 12:52 AM

අපි මොනවා කරන්නද ඇත්තට (දී)

:       0       0

ෆාරුක් Saturday, 12 January 2013 09:59 AM

ඒ මිනිස්සු න්ගේ අයිතියට අපිට මොකුත් කියන්න බැහැ (දී)

:       0       0

පහන් Saturday, 12 January 2013 09:56 AM

අනාගත පරපුරට මේ වැඩ හොද ආදර්ශ නොවේ (දී)

:       0       0

ආනන්ද ආර් Saturday, 12 January 2013 06:14 PM

ලෝවැඩ සඟරාවේ කකුළුවා ගැන කියන කවිය මතක් වෙනාවා (අ)

:       0       0

කුමාර Saturday, 12 January 2013 01:06 AM

අනුමත කල නොහැකි වැඩක් (දී)

:       0       0

ශාරුක් Saturday, 12 January 2013 10:01 AM

අනේ මන්ද මොනවාද මේ වැඩ කියලා (දී)

:       0       0

කුමුදු Saturday, 12 January 2013 10:02 AM

විහිලු කියන්නේ ඕවට තමයි (දී)

:       0       0

දිනලි Saturday, 12 January 2013 10:03 AM

කිරි බතට ගිය කලක් (දී)

:       0       0

ජාලිය Saturday, 12 January 2013 01:40 PM

මිනිස්සු හිතන හිතන විදිහට කරන වැඩත් වෙනස් වෙනවා (දී)

:       0       0

අතුල Saturday, 12 January 2013 01:47 PM

මේක ජයග්‍රහණයක් (දී)

:       0       0

මර්සි Saturday, 12 January 2013 01:19 AM

ළගදීම වහ කන්න වෙනවා නියතයි. (නි)

:       0       0

අමිල Saturday, 12 January 2013 01:49 PM

ඔහොම කරන්න එපා (දී)

:       0       0

අමරේ Saturday, 12 January 2013 06:27 PM

අපි ගොඩ.... (නි)

:       0       0

සුජීව Saturday, 12 January 2013 10:05 AM

විකාර (දී)

:       0       0

ක්‍රිෂාන් Saturday, 12 January 2013 01:50 PM

අනේ අපේ රටට වෙච්ච දේ (ස)

:       0       0

සුමනා Saturday, 12 January 2013 06:27 PM

දැන් කිරිබත් කෑවට පසුවට තේරෙයි. (නි)

:       0       0

මුතු Tuesday, 15 January 2013 04:50 PM

එක්කෙනෙකුට ඇයි විශේෂයෙන් කවන්නේ? (නි)

:       0       0

ගයාන් Saturday, 12 January 2013 10:05 AM

දවස් කියක ප්‍රතිපලයක්ද (දී)

:       0       0

අනුර Saturday, 12 January 2013 01:36 AM

මේ අය දැක්කහම හිතෙනවා නීතිය වැරදි නැහැ කියලා. (නි)

:       0       0

සෑම් Saturday, 12 January 2013 06:35 PM

ජය වේවා! (නි)

:       0       0

කමල් Saturday, 12 January 2013 01:40 AM

අපේ ජාතියේ කට්ටියගේ හැටි තමයි මේ... (නි)

:       0       0

අමල් Saturday, 12 January 2013 10:07 AM

වෙන මොනවා කරන්නද (දී)

:       0       0

පබා Saturday, 12 January 2013 01:55 PM

කිරිබත් කපන්නේ සුභ වැඩකදී. මේකත් සුභ වැඩක්ද (දී)

:       0       0

සුධීර Saturday, 12 January 2013 01:39 AM

මෝඩයෝ වගෙ හෑසිරෙන්නෙ ඈයි මේ අය? මොනවා දිනුවටද? (නි)

:       0       0

ඇසිම් Tuesday, 15 January 2013 10:02 PM

මමනම් අනුමැත කරන්නේ නැහැ ඒ වැඩ (දී)

:       0       0

මොහාන් Saturday, 12 January 2013 01:59 PM

තම තම නැණ පමණින් තමයි වැඩ (දී)

:       0       0

සනත් Saturday, 12 January 2013 10:15 AM

ඔබතුමියට් ජයවේවා (දී)

:       0       0

ෂෙරීෆ් Saturday, 12 January 2013 01:51 AM

මොකක්ද ඒ ගමන මේ කරන්නේ? (නි)

:       0       0

යෝෂිත Saturday, 12 January 2013 10:19 AM

මම නම් කියන්නේ මේ වැඩ තහනම් කරන්න ඕනේ (දී)

:       0       0

අජිත් Saturday, 12 January 2013 01:59 PM

වෙන තැනක් තිබ්බෙම නැද්ද (දී)

:       0       0

අප්පුහාමි Saturday, 12 January 2013 02:10 AM

අනේ මන්දා මට නම් නිකන් පිස්සු වගේ මේවා බලලා.... (නි)

:       0       0

අනිල් Saturday, 12 January 2013 02:19 AM

විශ්වාසයෙන් සාධාරණයෙන් මුදල් සෙවූ හැම කෙනෙකුටම මේ වේදනාව තියෙනවා (ස)

:       0       0

නිශ්ශංක Wednesday, 16 January 2013 02:22 PM

ධර්මපුරේ, සිංහ පැටවු! (නි)

:       0       0

චානක Saturday, 12 January 2013 02:18 AM

කටක් ඇරලා කියන්න වත් බැහැ නේ (දී)

:       0       0

සනත් Saturday, 12 January 2013 02:03 PM

මට තේරෙන්නේ මේ කිසි දෙයක් (දී)

:       0       0

අතුල Saturday, 12 January 2013 02:21 AM

ජයවේවා (දී)

:       0       0

රංජිත් Saturday, 12 January 2013 02:25 AM

තව ටික දවසකින් තේරෙයි. (නි)

:       0       0

සනත් Saturday, 12 January 2013 10:25 AM

විකාර (දී)

:       0       0

හෂාන් Saturday, 12 January 2013 10:26 AM

මිනිස්සු කරන වැඩද මේ (දී)

:       0       0

තරංග Saturday, 12 January 2013 02:34 AM

වචන නැහැ මට... (නි)

:       0       0

දීපාල් Saturday, 12 January 2013 02:03 PM

හරිම සතුටින් කට්ටිය ඉන්නේ (දී)

:       0       0

සාලිය Saturday, 12 January 2013 10:36 AM

මිනිස්සු කියන්නේ පුදුම ජාතියක් (දී)

:       0       0

තුෂාර Saturday, 12 January 2013 10:40 AM

මොනවද මේ කරන වැඩ, ලෝකයා හිනා වෙනවා අපිට (දී)

:       0       0

රත්න Saturday, 12 January 2013 02:06 PM

මේ මිනිස්සු මේ මහත්මිය එපා කියලා කගහන්නේ එතුමිය කල වරද දැනගෙනද (දී)

:       0       0

කාන්ස් Saturday, 12 January 2013 02:56 AM

දැන් කට්ටියටම නින්ද යයිනේ. (නි)

:       0       0

කමල් Saturday, 12 January 2013 03:11 AM

සල්ලි නැති උනා කියල මෙහෙමත් පහතට වැටෙනවාද (දී)

:       0       0

චමිලා Saturday, 12 January 2013 03:22 AM

ලංකාවට දෙවි පිහිටයි! (නි)

:       0       0

සේනක Saturday, 12 January 2013 02:08 PM

කිරිබත් වලට නිගා කරන්න එපා (දී)

:       0       0

රුපිකා Sunday, 13 January 2013 06:13 PM

කොහොමද මේ ප්‍රශ්න විසදන්නේ? (දී)

:       0       0

නානායක්කාර Tuesday, 15 January 2013 01:30 PM

කිසි සේත්ම අනුමත කල නොහැකි වැඩ (දී)

:       0       0

චන්දන Saturday, 12 January 2013 02:10 PM

මොනවා කරන්නද ඉතින් (දී)

:       0       0

ජයනි Saturday, 12 January 2013 10:47 AM

මේ මිනිස්සුන්ට මොකුත් කියන්න කාටවත් බැහැ (දී)

:       0       0

suranga Sunday, 13 January 2013 10:01 AM

ballo rajaunama rata ballata yanawa

:       0       0

ජයනි Saturday, 12 January 2013 10:50 AM

ඔබ සියලු දෙනාටම යහපතක්ම වෙවා(දී)

:       0       0

අරවින්ද Sunday, 13 January 2013 06:28 PM

කිරිබත් කැවට ප්‍රශ්නේ විසදෙයිද? (දී)

:       0       0

ජීවන්ත Saturday, 12 January 2013 10:47 AM

අසරණ මිනිස්සු (දී)

:       0       0

ප්‍රනාන්දු Saturday, 12 January 2013 02:20 PM

සල්ලි තිබුනට වැඩක් නෑ (දී)

:       0       0

නානායක්කාර Tuesday, 15 January 2013 01:31 PM

ෆේස්බුක් එකේ වැඩිපුරම ඉන්නේ මොන වගේ කට්ටියදස කියලා අපි දන්නවා. (නි)

:       0       0

සංජීව Saturday, 12 January 2013 03:41 AM

අනේ මෙහෙමත් කට්ටියක්! (නි)

:       0       0

ගැමුණු Saturday, 12 January 2013 02:20 PM

පීඩනය පිට දාන්න කියලා මෙහෙමත් වැඩ කරනවාද (දී)

:       0       0

ආනන්ද Saturday, 12 January 2013 02:20 PM

ඔන්න ඔහොමලු උනේ (දී)

:       0       0

නන්දලාල් Sunday, 13 January 2013 06:32 PM

තිලක්, කට්ටියට ඇත්ත තේරේවි පහුවෙලා. (නි)

:       0       0

විරාජ් Saturday, 12 January 2013 10:53 AM

මේ වැඩේ අනුමත කරන්න බැහැ, සතුට බෙදා ගන්න මිට වඩා හොද වැදගත් ක්‍රමයක් කරන්න තිබ්බා (දී)

:       0       0

අමිල Saturday, 12 January 2013 02:18 PM

ඕන දෙයක් කර ගන්න, අපි මෙහෙම ඉදන් බලා ඉන්නම් (දී)

:       0       0

සිංහ Saturday, 12 January 2013 10:57 AM

මේ වැඩේ හරි කියලා කවම දාකවත් කියන්න එපා (දී)

:       0       0

ශ්‍රියානි Saturday, 12 January 2013 02:21 PM

මම අහන්නේ මේ වැඩ අනුමත කරන්න පුලුවන්ද කියලා විතරයි (දී)

:       0       0

දෝහා Monday, 14 January 2013 10:42 AM

ඇයි මෙච්චර රට දැවෙන ප්‍රශ්න තියෙද්දී මේ මිනිස්සු මෙහෙම හැසිරෙන්නේ? (නි)

:       0       0

දෝහා Monday, 14 January 2013 10:42 AM

මේවා දැක්කහම සිංහල ජාතිය ගැන ලැජ්ජයි. (නි)

:       0       0

ජගත් Saturday, 12 January 2013 03:56 AM

කිරිබත් නෙමෙයි, අපි කමු වහ... (නි)

:       0       0

චමින්ද Saturday, 12 January 2013 02:26 PM

මෙව දෑක්කහම අපිට ලෑජ්ජයි. (දී)

:       0       0

Doha Monday, 14 January 2013 10:47 AM

oya akkala ayyalata mervin mahaththayage amathyansaya lagata gihin kiribath dansalak denna adahasak awema nedda.karanawanam onna karapallako a wage wedak nikan pisso wenne nethuwa.

:       0       0

චමත් Saturday, 12 January 2013 04:05 AM

මෙහෙම අය නිසා තමයි මේ රට හදන්න බැරි? (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Saturday, 12 January 2013 11:10 AM

"සමන් ජය වේවා! අතිගරු ජනාධිපතිතුමනි, අපි සැමදා ඔබ සමගයි. ශ්‍රී ලංකාවට එරෙහි තවත් විදේශ කුමන්ත්‍රණයක් පරාජය කෙරූ වගයි. " තව ටික දවසකින් අපිට පරදවන්න විදෙස් රටවල් මදිවෙනවා. (ස)

:       0       0

සනත් Saturday, 12 January 2013 11:07 AM

මට මොකුත් මතක නැහැ (දී)

:       0       0

දිල් Saturday, 12 January 2013 08:17 PM

මෙයාලා හිතන්නේ මේක මහා ලොකු දෙයක් කියලා. මෙයාලා දන්නේ නැහැ මේකේ යථා තත්ත්වය...... (නි)

:       0       0

බණ්ඩාර Saturday, 12 January 2013 11:07 AM

අනුන්ගේ දුක වේදනාව නොතේරෙන සාධාරණය යුක්තිය නොදන්නා අයුක්තීයේ අසාධාරණයේ හැමදාම නියැලෙන කි දෙනෙක් මේවට විරුද්දද බලන්න?????????????? සල්ලි නැති උන අයයි එහි වේදනාව දන්නේ (ස)

:       0       0

පුලස්ති Saturday, 12 January 2013 11:09 AM

විකාර වැඩ (දී)

:       0       0

සුසන්ත - ඉතාලිය Saturday, 12 January 2013 04:37 AM

දැන් මේ අය කැවුම් කිරිබත් කෑවා කියලා තැන්පත් කරපු සල්ලි හම්බවෙයිද දන්නෙ නැහැ. මෙයාලට තැන්පත් කරපු සල්ලි ගන්න තව කොහොමත් අවුරුදු 5කට වැඩිය බලා ඉන්න වෙනවා. මොකද නැවත අළුත් අගවිනිසුරුවරයෙක් පත්වෙලා ඇවිත් එයත් කැවුම් කිරිබත් කාලා වැඩ බාරගෙන ඔයාලගේ ප්‍රශ්නෙ විසඳනකොට අද ඔය මයික් අල්ලගෙන කෑ ගහන උදවියත් පරලොව ගිහිල්ලා ඉඳියි. එච්චරයි මම දන්නෙ... වැඩිපුර පොලී ගන්න සල්ලි දාලා. ඇයි මක් වෙනවද රාජ්‍ය බැංකුවක දැම්මා නම්? (නි)

:       0       0

තිස්ස Saturday, 12 January 2013 11:16 AM

අනුමත කරන්න නම් බැහැ, බුදුන්ටත් නින්දා කල සමාජයක් මේක (දී)

:       0       0

චරිත් Thursday, 17 January 2013 02:32 PM

ප්‍රසන්න මමත් ඔයා සමග එකඟයි (ස)

:       0       0

‍සනත් Saturday, 12 January 2013 04:51 AM

අනේ දෙවියනේ! අපේ මිනිසුන්ට නුවණ පහළ වේවා! (නි)

:       0       0

රංග Saturday, 12 January 2013 02:35 PM

මිනිස්සුන්ගේ සිත් එක්ක සෙල්ලම් කරන්න එපා (දී)

:       0       0

ඉනෝදි Saturday, 12 January 2013 11:20 AM

බලාසිටිමු ...එළිවෙන ජාමෙටලු හොඳ හොඳ සෙල්ලම් (ස)

:       0       0

සනත් Saturday, 12 January 2013 05:40 AM

අපේ රටට මොනවා වේවිද? (නි)

:       0       0

බන්දුල Monday, 14 January 2013 05:06 PM

අනුමත කරන්න බැහැ ඒ වැඩ (දී)

:       0       0

සිරිවර්ධන Saturday, 12 January 2013 05:48 AM

බලන්නකෝ කිසිම විෂමචාරයකට සම්බන්ධ වී නැති දුරාචාරයෙන් තොර මහත්තුරු ටික... (නි)

:       0       0

චන්දන Monday, 14 January 2013 05:05 PM

දැන් හැමදේටම කිරිබත් කනවා නේද (දී)

:       0       0

නිහාල් Saturday, 12 January 2013 02:46 PM

කිරිබත් කන්න හොදද මේ රෑ (දී)

:       0       0

කපිල Saturday, 12 January 2013 05:52 AM

කාපු කිරිබත් කියලා ඔය කෑවේ පොදු ජනතාවගේ (රටේ නීතීයේ) මළබතයි. (නි)

:       0       0

සමන් Saturday, 12 January 2013 11:32 AM

එතුමියට කනට ගැහුවා වගේ ඇති (දී)

:       0       0

මලිත් Saturday, 12 January 2013 02:46 PM

නැති වෙච්ච සල්ලි නිසා කරන වැඩ (දී)

:       0       0

ප්‍රසන්න Saturday, 12 January 2013 02:53 PM

මේ මිනිස්සු මොන තරම් කුහකද ? පහත් මානසිකත්වයක්ද තියෙන්නේ . කණගාටුයි අපේ රටේ මිනිස්සුන්ගේ හැසිරීම ගැන (ස)

:       0       0

මෝදානි Saturday, 12 January 2013 06:37 AM

ඕවා ඉතිහාසයේ ලියවේවි ලස්සනට (ස)

:       0       0

Sanjaya Bandara Saturday, 12 January 2013 11:41 AM

Me wage moda minisun inna thenakata wada ethumiyage ugath buddimath kamata salakana ratak thawa tika dinakinma hambawei.Ane ape rate anagathaya..??

:       0       0

ලාල් Saturday, 12 January 2013 11:39 AM

කිරිබත් කියන එක ඉස්සර අපේ ආච්චිලා සියලා හැදුවේ මහත් භක්තියෙන්, (දී)

:       0       0

නිශා Tuesday, 15 January 2013 10:08 AM

ශ්‍රී ලංකාව ගැන දුකයි අපිට. (නි)

:       0       0

ගුණසේකර Saturday, 12 January 2013 02:51 PM

ලැජ්ජයි....ලැජ්ජයි.... (දී)

:       0       0

සුමනා Saturday, 12 January 2013 11:42 AM

වෙන මොනවා කරන්නද (දී)

:       0       0

අහිංසා Sunday, 13 January 2013 12:39 PM

එක දැන් පුරුද්දට ගිහින් (දී)

:       0       0

අබරන් Saturday, 12 January 2013 07:00 AM

අපිට දුක ඔයාලා ගැන නෙමෙයි. 98%ක් වන අහිංසක දුප්පත් මිනිස්සු ගැන. (නි)

:       0       0

තරූ Tuesday, 15 January 2013 10:10 AM

කියන්න දේකුත් නෑ. කියන්න වචනත් නෑ (ස)

:       0       0

සම්පත් Saturday, 12 January 2013 11:48 AM

මොනවා කියන්නද සම සිතින් විද දරා ගන්නවා මිස (දී)

:       0       0

සිරිවර්ධන Saturday, 12 January 2013 02:57 PM

කිරිබත් නෙමෙයි කැවුම් කන්න නම් යෝධයෝ කියලනම් අහල තියෙනවා.. (ස)

:       0       0

පෙරේරා Saturday, 12 January 2013 02:55 PM

100% එකඟයි මම. ඕනෑ වැඩක් කර ගන්න කිරිබත් වලට අපහාස කරන්න එපා (දී)

:       0       0

පාලි Saturday, 12 January 2013 07:11 AM

කට්ටියට ගොඩාක් සතුටුයි වගේ (දී)

:       0       0

අසංක Saturday, 12 January 2013 11:46 AM

කට්ටියට මොනවද දැන් ලැබෙන්නේ (දී)

:       0       0

ජයන්ත Saturday, 12 January 2013 07:22 AM

මේ ගොල්ලො හිතන් ඉන්නේ සල්ලි ලැබෙයි කියලා. (නි)

:       0       0

ඉන්දු Saturday, 12 January 2013 02:58 PM

දැක්කේ නැහැ වගේ ඉන්න (දී)

:       0       0

චමින්ද Saturday, 12 January 2013 07:20 AM

කිරිබත් කෑවට නැතිවුණ සල්ලි ඉල්ලලා දේවිද? (නි)

:       0       0

වසන්ත Sunday, 13 January 2013 12:54 PM

ඇයි ඒක වරදක්ද (දී)

:       0       0

ලලීන් Saturday, 12 January 2013 07:22 AM

දැන් හම්බවෙයි දාපු සල්ලි ටික. (නි)

:       0       0

යොහාන් Saturday, 12 January 2013 11:50 AM

කිරි බත් නෙමෙයි කවන්න ඕනෙ ........ (දී)

:       0       0

හැන්සම් Saturday, 12 January 2013 07:24 AM

දැන් හම්බවෙන්නෙ නැතෑ සල්ලි. (නි)

:       0       0

පිරිස් Wednesday, 16 January 2013 03:45 PM

හැම දේටම කිරිබත් කන එක හරිද (දී)

:       0       0

ගුණරත්න Saturday, 12 January 2013 07:24 AM

ජය වේවා! (නි)

:       0       0

මධු Wednesday, 16 January 2013 03:50 PM

මමනම් ඒ වැඩේට විරුද්දයි (දී)

:       0       0

ප්‍රේමතිලක Saturday, 12 January 2013 07:26 AM

ලෝකේ හිනස්සන වැඩ තමයි ඕවා (දී)

:       0       0

ලාල් Saturday, 12 January 2013 03:04 PM

මොකද්ද මේ වැඩ වල තේරුම (දී)

:       0       0

ප්‍රගීත් Saturday, 12 January 2013 09:47 PM

මේ වගේ වැඩ නිසා අපේ රට තව තවත් ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලු වෙනවා. (නි)

:       0       0

රාජා Saturday, 12 January 2013 07:29 AM

රාත්‍රියට කිරිබත් අගුනයි (දී)

:       0       0

සිදත් Saturday, 12 January 2013 03:07 PM

මේ රටේ සදාචාරයක් කියලා එකක් නැද්ද (දී)

:       0       0

සමන් Saturday, 12 January 2013 07:30 AM

රටේ තියෙන නම්බුවට මේක මාරු පහරක් (දී)

:       0       0

චම්පික Saturday, 12 January 2013 07:34 AM

බුදු සරණයි මගේ රටට! (නි)

:       0       0

පෙරේරා Sunday, 13 January 2013 09:38 PM

මොනවා වුණත් කට්ටියක් සතුටු වෙද්දී කට්ටියක් දුක් වෙනවා. (නි)

:       0       0

සහබ්දීන් Saturday, 12 January 2013 07:37 AM

කපිල ඔබ හරි (ස)

:       0       0

පෙරේරා Sunday, 13 January 2013 09:38 PM

දන්නවා නම් ලංකාවට එනවා කිරිබත් කෑල්ලක් කන්න. අවුරුදු 27කින් කිරිබත් කෑල්ලක් කෑවේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 447 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 1020 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 382 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 175 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 556 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1317 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39093 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25572 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 321 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1079 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site