අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අද (28) පස්වරුවේ කැලණිය රජමහා විහාරයට ගොස් බෝධි පූජාවකට සහභාගී වූවාය.
මහනුවර දිස්ත්‍රික් ශාසනා රක්ෂක බලමණ්ඩලයේ සභාපති බලගොල්ල බෞද්ධ මධ්‍යස්ථානාධිපති තල්පොත ධම්ම ජෝති හිමියන් මෙහෙය වූ මෙම බෝධි පූජා පිංකම නීතිඥ එකමුතුව සංවිධානය කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්ණ ඇතිවුන හැම කෙනෙක්ම යනවා පන්සල්.. ලොකු හාමුදුරුවරු බැහැ දකින්න. එතකොට පන්සල් මතක් වෙනවා.!(නු)
පරක්කු වී හෝ කල දේ හොඳයි. ජය වේවා !! (ස)
බලන්න කීයෙන් කීදෙනයිද කියලා නියම විදියට දොහොත් මුදුන් දීලා වැදගෙන ඉන්නේ? (නි)
ලංකාවෙ ඕනෑම කෙනෙකුට පන්සල් මතක්වෙන්න මොකක් හරි කරදරයක් වෙන්නම ඕන.. නැත්නම් ඡන්දයක්වත් ලග එන්න ඕන..!(නු)
නොදන්නා දෙවියන්ට වඩා ආත්මවිස්වාශය ඔබට ආශීර්වාදයක් වෙනු ඇති කියා මම හිතනවා. (ස)
ඔබ තුමියට "බුදු සරණයි ".
මීළග දර්ශණය 2013.01.03 පෙ.ව. 10.30ට..!(නු)
ඉල්ලා අස්වෙන්න කියපු අය කෝ..!(නු)
කාගෙවත් කියන දේවල් අහන්න එපා මැතිණියනි.. ඔබ ඔබේ ගමන යන්න..!(නු)
මහත්වරුන් රජයපු අගවිනිසුරු ධුරයට ගිය කලක්.!(නු)
මීට පෙර අපී මේවා නොදුටුවෙමු! (ස)
ජය වේවා (ස)
අපි කරන හොද හෝ නරක වල ප්‍රතිඵල අපි පසු පස එනවා. ඒකයි බුද්ධ ධර්මයේ සදහන් වෙන්නේ.. (නු)
ඕනෑම කෙනෙකුට තමන් අදහන ආගම හෝ දෙචියන් මතකයට එන්නේ තමන්ට විපතක් උන විටයි.. නැත්නම් ඔය කිසිම කෙනෙක් ඕන වෙන්නෙ නැති විදයටයි ඉන්නෙ... මේක හැම කෙනාම කරන දෙයක්. ඒ විතරක් නෙමෙයි සමහර අයට දෙමව්පියනුත් අමතක වෙනවා..!(නු)
ඔබට සියලු දෙවිදේවතාවුන්ගේ පිහිට ලැබේවා! (නි)
තමන් ගැන පොඩි හෝ අවිස්වාසයක් රටට තියෙනවානම් ඉවත්ව යෑම වැදගත්. මෙන්ම නම්බුකාරකම.. නැත්නම් කරදර වෙන්න වෙයි.. (නු)
බුදුන් වැදීමට කිසිවෙකුටවත් සීමාවන් නැත.බුද්ධ දර්ශනය යනු නිර්මල නිදහස් දර්ශනයකි. (නි)
මට සියලු දේ අහිමි කළත් අවසානයේදී ජනතාවට යමක් ඉතුරු වේවි.-අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය (නු)
උපන්දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැළණියේ... (නි)
මේ අදහස් දමන චන්ද්‍රා-සිඩ්නිට පිස්සුද? නැත්නම් බලන අපට පිස්සුද? (නි)
වැරදි කළ අයට ස්වභාව ධර්මයෙන් හෝ දඩුවම් ලැබේවි. ඔබගේ ගමන ඔබ ඉදිරියටම යන්න. (නි)
වටිනා වැඩක් (දී)
නීතියේ ඉහළම තැනත් සාධාරණය ඉල්ලන්නෙ බෝධියෙන් නම් අපි ගැන කවර කතාද?(නු)
ප්‍රථමයෙන්ම කළ යුත්තේ තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීම නොවේද? (නි)
ඔබතුමියට අල්ලා දෙවි පිහිටයි. (ත)
හරිම උදාරයි. (නි)
හැම සාක්ෂියකටම වඩා බලවත් වන්නේ තමන්ගේ හෑද සාක්ෂියයි. (නි)
බුදුපිළිම වහන්සේට ඉස්සරහට ගිහිං වදින්නෙ නැත්තේ ඇයි?(නු)
හරියට නීතිය ක්‍රියාවට නොනැගුණු නිසා මේ ක්‍රමෙන්වත් ජයගුහණයක් ලබන්නට බලමු. (ත)
ආත්ම විශ්වාසය තියෙනවානම් හොඳයි (ස)
ඔබතුමියට ත්‍රිවිධ රත්නයේ පිහිටයි (ස)
දේශපාලනයේ ඇති නොයෙකුත් ආකාරයේ ගැට වලට නම් හසුනොවන්න. (නි)
මැතිණියනි.. ඔබ සටන් කර නිවැරදි බව පෙන්වන්න.. ඔබට සියළු දෙවි පිහිටයි..!(නු)
හරියට වැඩ කරලා තියෙනවානම් මොකටද බෝධි පූජා.. (නු)
මට හොරෙන් කවුද බෝධිපූජා තියන්නේ?(නු)
ඔබට ජය..!(නු)
ඔබ වැනි කාන්තාවක් අපිට ආඩම්බරයක් ....(නු)
රටේ අනාගතය ගැන දුක හිතෙනවා.!(නු)
මේකෙ මට දෙපැත්තක් පේනවා..!(නු)
ඔබතුමිය ප්‍රවේශම් වන්න.. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ඔබට ලැබේවා..!(නු)
ඔබට ජය..!(නු)
ඔබ තුමියටත් රටේ ජනතාවටත් දෙවි පිහිටයි..!(නු)
ඔබ අවංක නම් බය වීමට දෙයක් නැත.. දැන මාන දීම ඉතා හොද දෙයක්.. මේ වගේ දෙයක් උනාම තමයි හැමෝටම පන්සල් පල්ලි යන්න මතක් වෙන්නෙ.. පන්සිල් පද පහේ තේරුම දන්නවානම් එය මනුෂ්‍ය ජීවිතය රුක ගැනීමට රුකුලක් වෙනවා..!(නු)
2012 වසරේ හොදම රංගනයට නිර්දේශිත නාමයක්..(නු)
මෙතුමියට අපේ රට බේරාගැනීමට හැකියාව ලැබේවා, දෙවියනි! (නි)
මෙයත් දැං රට වටේ යන්න පටන් අරං වගේ..!(නු)
ගෝල්ඩන් කී සල්ලි දාපු අයට බෝධිපූජා තියන්න ඉන්නෙ කවුද?(නු)
මැතිණියනි, රටේ තත්ත්වය දැන් එතරම් යහපත් නැත. ප්‍රවේශම් වන්න. (නි)
ඔබතුමියට බුදු සරණයි! (නි)
බුදුසරණයි.!(නු)
ඔබතුමියට ජය වේවා...!(නු)
මෙතන පළාත් ඇමති නැද්ද?(නු)
ත්‍රිවිධ රත්නයේ පිහිටයි..!(නු)
බුදුන් වැන්දට මදි තමන් නිවැරදි කියලා ඔප්පු කරන්න ඕන.. මොකද මේකත් ඉඩම් නඩුවක් කියලා හිතන්න එපා..!(නු)
ඔවු ඔවු බණ්ඩාර, දැන් නම් තත්ත්වය හොදම නැහැ. (නි)
දෙවියන් බුදුන්ටම පෙනිච්චාවේ. (නි)
ජය ලබා ගැනීමට හැකි වේවායි අපිත් පතන්නෙමු...!(නු)
කලියුගයේ බෝ ගස්වලට වඩා අරලියගස් බලවත්...!(නු)
මේ සියල්ල ඉතාම වැදගත් දේවල්.. ඒත් කණගාටුවට කරුණ නම් අපේ බොහොමක් බෞද්ධ ඇත්තෙ සම්මා සම්බුදු රජාණන්වහන්සේට වන්දනා කරන ආකාරය (දොහොත් මුදුන් දී) දන්නෙ නැති කමයි..!(නු)
ඔබ තුමිය අපට නම් වීරයෙකි..(නු)
ඔබතුමියට බුදු සරණයි! (නි)
විහාරමහා දේවියනි, ඔබට ත්‍රිවිධ රත්නයේ පිහිටයි..!(නු)
බුදු දහමට ගරු කරන එක උතුම් දෙයක්...(නු)
ඔබතුමියට කැළණි විහාරයේ විභීෂණ දෙවි පිහිටයි! (නි)
තමන්ගේ රටේ නීතියේ ආධිපත්‍යය විනාශ වෙමින් යද්දී සතුටු වෙන මිනිසුන් ඇත්තේ ලංකාවේ පමණයි. (නි)
නොබියව රට වෙනුවෙන් නැගීසිටින ඔබ අපට ශක්තියකි. ඔබට බුදු සරණයි! (නි)
විහාරමහා දේවියනි, ඔබට ත්‍රිවිධ රත්නයේ පිහිටයි..! (ස)