වම් අත කපා ඉවත් කිරීමෙන් පසුව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන කොළඹ නීතී සරසවි පිඨයේ අචලා ප්‍රියදර්ශනී ශිෂ්‍යාවට ක්‍රෘතීම අතක් ලබා ගැනීම සදහාවැලිකඩ බන්ධනාගාර රැදවියෝ අද දිවා හා රත්‍රි ආහාර වෙනුවෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට වෙන් කළ දෙලක්ෂ තිස්පන්දහසකට ආසන්න මුදල ඔවුන්ගේම දැඩි ඉල්ලීම මත පරිත්‍යාග කළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පී.ඩබ්ලිව්.කොඩ්ප්පිලි මහතා පැවසීය. එම මුදලට අදාල චෙක්පත කොමසාරිස්වරයා අචලා ශිෂ්‍යාවගේ පියාට හා සොහොයුරාට අද වැලිකඩ දී පිරි නැමීය. ‘‘සිරකරුවොත් මනුෂ්‍යයෝය‘‘ යන පාඨයට කදිම නිදසුනක් ලෙස මෙම සත්කාරය සැක නැති බව බන්ධනාගාර කොමසාරිස්වරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
‘සිරකරුවොත් මනුෂ්‍යයෝය‘ ඒ මිනිස්සුන්ව නිදහස් කරන්න වටිනවා (දී)
නිදහස් දිනයේ 1200 ක් නිදහස් වුනා වගේ අනිත් අයටත් ඉක්මනින් නිදහස ලැබේවා.(නදී)
මේන්න විශේෂ නිවේදනයක්! අද දිනයේ වැලිකඩ බන්දනාගාරයේ කුස්සියේ වැඩකරන සේවකයින්ට නිමාඩු ලබා දී ඇත.(නදී)
හිරේ හිටියත් එතන ඉන්නේ මනුෂ්‍යෙයෝය. මනුස්සකම හිරේ දාන්න බැහැ. යහපත් පුරවැසියන් විදියට අපි දවසක ඔබව දකීවි.(නදී)
ඊලග ආත්මයේ නුඹලා සිරකරුවෝ නොවේවා.(නදී)
සිරකරුවන් වනාහි මනුෂ්‍යයෝය (දී)
උතුම් වැඩක්. ඔබට පින්.(නදී)
සිරකරුවොත් මනුෂ්‍යයෝ තමයි. නමුත් සමාජයේ පවතින නීති පද්ධතියේ දුර්වලතා නිසාත් සාර්ධර්මයන්ගේ පිරිහීම නිසාත් ආගමි ධර්මවල පවතින බෙලහීනත්වය නිසාත් සමහර උදවිය මේ අයුරින් වැරදි වැඩවලට පෙළඹී සිරබත් කෑමට සිදුවීම ඇත්තෙන්ම කණගාටුවට කරුණකි. නමුත් සමහර අවස්ථාවල සිරකරුවන්ද තවදුරටත් දරුණු අපරාධකරුවන් බවට පත්වන්නේ බන්ධනාගාරතුල සිදුවන්නාවු දුෂණයන් හේතු කොට ගෙන බව මෑතක සිදුවු පරික්ෂණ මගින් තහවුරු විය. සත්වයින් අතුරින් උත්තරීතරම සත්වයා මනුෂ්‍යත්වයා බැවින් සිරකරුවන් තුලද මානුෂික ගුණාංග ඇතිවීම කාහටත් නොවැලැක්විය හැකි කරුණකි. මෙයද මානුෂික හැගීමි උප්පාදනය කරන්නාවු උචිචතම අවස්ථාවකි. එම නිසා වැරදි කරන්නේද මනුෂ්‍යයාමය. වැරදිවලට පොළඹන්නේද මනුෂ්‍යයාමය. වැරදි නිවැරදි කළහැක්කේද මනුෂ්‍යයාටමය. සමාව ලබාදිය හැක්කේද මනුෂ්‍යයාටමය. මේ හේතූන් නිසා අද පන්සල් විවෘතව තිබුණද මිනිසුන් ඒහි නැත. සිර ගෙවල් වසා තිබුණද මිනිසුන් එහි පිරී ඇත. සිපිරිගෙයි වසන්නා වු මානුෂික හැගීමි ඇත්තනී ඔබට අපේ පුණාමය. (නදී)
පින් ගැන හිතන්න තිබුනේ මිනී මරන්න, ස්ත්‍රී දූෂන කරන්න කලින්. මේ දේවල් දඩුවම් ලිහිල් කරන්න හේතු නම් නෙමෙයි.(නදී)
වෛද්‍යවරුද මනුෂ්‍යෙයෝය. 2013-02-03 ලංකාදීප කතු වැකිය කියවන්න.(නදී)
කවදාවත් හිතුවද මේ වගේ මිනිස්සු එතන ඉන්නවා කියලා (දී)
ඔවුන් සියලු දෙනාමත් අපේම සහෝදරයින් වැනිය. (නි)
නියම දේශප්‍රේම්න් මේ අය. ඔබ සැමට ඉක්මනින් නිදහස ලැබේවා!(නදී)
සියලු දෙනාටම හුගක් පින්! සියලු දෙනාටම ඉක්මණින් නිදහස ලැබේවා! (නි)
රැදවියන් නම් එහෙම කළා. අත කපන්න උදවු කළ දොස්තරලා මොනවද කළේ? (නි)
මෙහෙම අයගේ සල්ලි ගන්න එපා කියලයි මම නම් කියන්නේ. (නි)
‘‘සිරකරුවොත් මනුෂ්‍යයෝය‘‘එතකොට දොස්තරලා අමනුෂ්‍යයෝද ? . අතට වැරදි ප්ලාස්ටර් දාපු දොස්තර කියන්නේ. . . ඒ ළමයාගේ වෙලාව කියල (ස)
ඒ වැඩේ ඇති උතුම් වැඩක් (දී)
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ !!!
තමන්ට ඇතුලට එන්න උදව් කරන වර්ගයේ අයට ඒ ගොල්ලොත් උදව් කරන්න එපායැ!! (ස)
අගය කල යුතු වැඩක් (දී)
උතුම් ක්‍රියාවකට දායක වූ ඔබ සැමට අපගේ ප්‍රණාමය (ස)
ගැහැණු දරුවෙකුගේ අතේ විටිනාකම කියලා නිම කරන්න බැහැ. අත කපා දාපු අය වන්දි දෙනවා මිසක් ඇයි හිරේ ඉන්න අය බඩගින්නේ තිබිබේ?(නදී) l
සහෝදරවරුනි, කියන්න වචන නැහැ. (නි)
වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන්ගේ සද්භාවය බෝගමිබර, කලුතර ඇතුළු අනෙත් බන්ධනාගාරවලට ආදර්ශයක්.(නදී)
කදිමයි, බොහොම හොද වැඩක්.(නදී)
එය උසස් ක්‍රියාවක්. (නදී)
වචනෙන් කියන්න බැරි ගොඩාක් පින් සිද්ද වෙන වැඩක් (දී)
මේ ඒ අය කරපු පළමු වැඩේ නොවේ (දී)
‘‘සිරකරුවොත් මනුෂ්‍යයෝය‘‘ (දී)
‘‘සිරකරුවොත් මනුෂ්‍යයෝය‘‘ ගොඩාක් පින් සිද්ද වෙන වැඩක් (දී)
‘‘සිරකරුවොත් මනුෂ්‍යයෝය" (නි)
ගොඩක් හොද වැඩක්. පින් සිදු වේවා!(නදී)
‘‘සිරකරුවොත් මනුෂ්‍යයෝය‘‘ පින් සිද්ද වෙන ගොඩක් හොද වැඩක්.(නදී)
‘‘සිරකරුවොත් මනුෂ්‍යයෝය‘‘ පින් සිද්ද වේවා ගොඩක් හොද වැඩක්.(නදී)
වෑලිකඩින්ම ඈමති මන්ඩලයට තෝරාගෑනීමට හෑකියාවක් ඈත්නම් රට මෙයිට වඩා ලස්සන වෙයි.(නදී)
උතුම් ක්‍රියාවක්, ඔබ සැමට මගේ ආචාරය.(නදී)
හොද වැඩක්! මේ අයත් හිරේ ඉන්නේ සමහර වැරදි වලට. වැරදි කරපු සාධකය මොකක්ද කියලා හොයා ගත්තා නම් තවත් යහපත් සමාජයක් බිහි කරන්න පුළුවන්.(නදී)
අගය කළ යුතු උතුම් ක්‍රියාවක්. (නදී)
හොද වැඩක්. කෝ ඔය දොස්තරලා හැමදේටම වර්ජනය කරන්නේ. දැන් සද්ද නැහැ.(නදී)
යකඩවලට මැදිවී සිරවී සිටියද එය පවා උණුවන හදවත් ඇති මිනිසුන් සිටින බව මෙම සමාජයේ වරදින්ම වැරදිකරුවන්වූ මෙම උතුම් මිනිසුන් තමන් නිරාහාරව සිට අවාසනාවන්ත ලෙස අතක් අහිමිවූ මෙම සිසුවිය වෙනුවෙන් කළ සත්ක්‍රියා අප සියල්ලන්ටම බලවත් ආදර්ශයක්.(නදී)
අරයත් වැලිකඩ හිටියනම් ලකුනු ටිකක් දාගන්න තිබුනා. අපි අපරාදේ එලියට ගත්තේ.(නදී)
ශ්‍රේෂ්ටයි! ඔබට ඉක්මනින් නිදහස් වී යහපත්ව ජීවත් වීමට හැකි වේවා!(නදී)
නගේ පරෙස්සමෙන්. ඉතින් අනේ රැවටෙන්න එපා.(නදී)
වචනෙන් කියන්න බැරි උදවුවක් (දී)
මතක තියා ගන්න්න, සමාජයේ කොන් වෙච්චි කට්ටියක් තමයි මේ සත් ක්‍රියාව කලේ, හොදයි කියන අපි මොනවයින්ද ඒ ළමයට උදව් කලේ (දී)