මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් වී වසර තුනක් ගත වීම හේතුවෙන් හා සෙසු අතුරුදන් කෙරවූ වැසියන් වහා සොයා දෙන ලෙස රජයට බල කර සිටීමේ උද්ඝෝෂණයක් කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිටදී අද සවස පැවැත්විණ.
‘ප්‍රගීත් මිතුරෝ‘ සංවිධානය මෙය පැවැත්වූ අතර සන්ධ්‍යා එක්නැළිගොඩ හා එම දරුවන් දෙදෙනා අනෝමා ෆොන්සේකා, ඉමල්කා ප්‍රනාන්දු යන මහත්මින් ඇතුළු සමාජ ක්‍රියාකාරීහු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසරණ මිනිස්සු (දී)
කොච්චර කෑගැහුවත් වගකිවයුත්තන් නින්දේ. (නි)
වැඩක් වේවිද? බලමු. (නි)
කෝ අර හැමදේටම කෑගහන කට්ටිය? (නි)
අපිට දඩුවම් කරන්න කොහොමහරි අවශ්‍ය වටපිටාව මේ දවස් වල ජිනීවා වල සැකසෙමින් ඇති බව ආරංචියි. (නි)
රාජකාරියට අවශ්‍ය අමුද්‍රව්‍ය තමයි මේ අය එකතුකරන්නේ කියලා පේනවා.. (නු)
මොන දුකකින්ද ඒ ම්නිස්සු ඇත්තේ (දී)
වසර තුනක් ගතවලා (දී)
අසරණ මිනිස්සු (දී)
ජිනීවා යන්න කලින් ඕවා විසඳ ගන්න. නැත්නම් මේ සැරේ අපිට කට උත්තර නැහැ. පස්සේ නයි ඔඩොක්කුවට ගෙන , අධිරාජ්‍යවාදීන්ගේ වැඩක් කියලා ඝෝෂා කරන්න එපා. (නි)
ඔච්චරට කියන නිසා ඉක්මනට හොයලා දෙන්න බලන්නම්. (නි)
කෝ ලංකාවේ මානව හිමිකම්? මොකද කිසිම සද්දයක් නැත්තේ මේවට? (නි)
ලංකාවේ මානව හිමිකම් ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති එකම කමිටුව බොදු බල සේනාව විතරයි. (නි)
ඕවා කරනවට වඩා ඒ මිනිස්සුන්ට කරන්න වැඩ තියෙනවා. (නි)
මානව හිමිකම් තිබෙන නිසා තමයි දැන් උද්ඝෝෂණ කරන්න වුනත් පුලුවන්. (නි)
වැරදි කළා නම් දඬුවම් ලැබිය යුතුයි කියකියා මන්තරේ වගේ පහුගිය කාලේ මැතිරුවා නේද? රටක් වශයෙනුත් අපි අත්සන් තබා ඇති සම්මුතීන් කඩ කරලා නම් ඊට අදාළ ප්‍රඥප්ති වල සඳහන් විපාක ලැබෙනු ඇති. මේවා අපිම අත්සන් කර ප්‍රතිලාභ ගත් සම්මුතීන් මිස බැහැරින් පැටවූ ඒවා නොවෙයි. (නි)