IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


අධිවේගී මගේ කාරයක් ගිනි ගනියි

ගාල්ල  සිට කොළඹට ධාවනය වෙමින් තිබූ කාරයක් අධිවේගී මාර්ගයේ කිලෝ මීටර 30 ත් 31 ත් අතර දී මහා ගිනි ජාලයක් බවට පත්ව ඇතැයි පොලීසිය කියයි. ජීවිත හානි වාර්තා නොවූ බව ද පොලිසිය කියයි. මත්තේගොඩ ව්‍යාපාරිකයකුට අයත් කාරයක් එසේ ගිනිබත් විය.



අදහස් (0)

අධිවේගී මගේ කාරයක් ගිනි ගනියි

සේනානායක Friday, 21 September 2012 11:53 PM

අධිවේගය ජීවිත කෙටිකරනවා නේද?(නු)

:       0       0

රොහාන් රණතුංග Saturday, 22 September 2012 12:02 AM

මේක හදපු දා ඉදලා යන වාහනවලට අපලයි..!(නු)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 22 September 2012 01:32 PM

අධි වේගයෙන් එලොව යන්න පුලුවන්.(ස)

:       0       0

නිමල්ක Saturday, 22 September 2012 01:02 AM

ඉතිං මේ දියුණුවෙන් වැඩක් තියෙනවද? (නි)

:       0       0

චන්ද්‍රපාල අතලගේ Saturday, 22 September 2012 01:38 AM

පාරවල් හොදට තිබුණට මදි.. තම තමන්ගේ වාහන පිළිබදව හොද අවබෝධයක් තියෙන්න ඕන..!(නු)

:       0       0

කුරුවිට Saturday, 22 September 2012 02:30 PM

පාරට බැනල වැඩක් නෑ...පරණ පාරෙම යන්න..(ස)

:       0       0

ලලිත් - කටාර් Saturday, 22 September 2012 02:58 PM

දැන් ඔය අධිවේගයේ විතරද වාහන හැපෙන්නේ? ගිනි ගන්නේ? සමහරුන්ට මේක ඇස් වල කටු අනිනවා වගේනේ. (නි)

:       0       0

ජයා Saturday, 22 September 2012 03:04 PM

ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයක් විය හැකියි. එම රථයට 100කිමි.පැයට වේගය බොහෝ වෙලාවක් දරා සිටින්නට නොහැකියි. එමෙන් ම අධික හිරු රශ්මියේ නවතා තැබීම ද භයානකයි. එවන් අවස්ථාවල ඇල්ටෝ මෝටර් රථ ගිණිගත හැකියි. ඇල්ටෝ මෝටර් රථයේ තාපය සිසිල්විමට පවතින අවකාශය සහ තාපය ඉන්ධන නාල වෙත ළගාවිම (හිට් සින්ක්) බාධා කරන පද්ධති ඉතා දුර්වල තත්වයේ පවතින්නේ. ඒ නිසා මෙම රථය ඇල්ටෝ රථයක් නම්, එය 100%ක් ම එම මෝටර් රථයේ නිෂ්පාදන දෝෂයක් බව ඉංජිනේරුවරයෙක් වශයෙන් තහවුරු කොට පැවසිය හැකිය...(ස)

:       0       0

අමිල කටුනායක Saturday, 22 September 2012 07:22 AM

මේක දෙමුහුම් (හයිබ්‍රිඩ්) වාහනයක්ද?(නු)

:       0       0

නිලන්ත Saturday, 22 September 2012 07:35 AM

මේකට විසදුමක් ලබන සතියේ සිට ක්‍රියාත්මකයි..!(නු)

:       0       0

රත්නෙ Saturday, 22 September 2012 07:37 AM

නිමල්කා ඔයාවත් බලන්නකො වැඩක් ගන්න..!(නු)

:       0       0

සම්පත් Saturday, 22 September 2012 07:43 AM

නිමල්ක.. මොකද්ද දියුණුව කියලා අදහස් කළේ.. අනිවාර්යයෙන්ම කාර්මික දෝෂයක් හරි හදිසි අනතුරක් වෙන්න ඇති.. ඕනමනම් මේකටත් ආණ්ඩුවට බැනලා ආශ්චර්යයද කියලා අහන්න..!(නු)

:       0       0

සුදර්ශන Saturday, 22 September 2012 08:12 AM

අධිවේගයේ නරක පැත්තකුත් තියෙන බව දැනගත යුතුයි . (නි)

:       0       0

ජනක Saturday, 22 September 2012 08:21 AM

වාහනනේ ගිය අයට කරදරයක් නැහැ නේද?(ස)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Saturday, 22 September 2012 08:59 AM

මාර්ග ආරක්ෂාවට හිටිය කට්ටිය අධි වේගී මාර්ගයේ නොව අතුරු මාර්ගවල ගමන් කිරීම හැමෝම දකින දෙයක්.මේ කට්ටිය ඒ වෙලාවේ කොහෙද හිටියේ.(ස)

:       0       0

රත්නායක Saturday, 22 September 2012 04:11 PM

අයියෝ සල්ලි කියුවලු

:       0       0

සුනිල් Saturday, 22 September 2012 09:23 AM

වාහනවල තත්ව පරීක්ෂාව මාස 6 න් 6 ට කරන්න ඕනි. අධිවේගි මාර්ගයේ යන විට සුළු දෝෂයකින්ද මෙය සිදුවිය හැක..(ස)

:       0       0

ඉන්ද්‍රජිත් Saturday, 22 September 2012 09:56 AM

මේ අනතුර සම්බන්ධයෙන් අධිවේගී පාරට බනින එක නම් මෝඩ වැඩක්. පාරක් අයිනේ නවත්වලා තිබුන වාහනයක් ඉබේම ගිනිගන්න හැටිත් මම වරක් දැකලා තියෙනවා . සමහර විට වාහනයේ විදුලි පද්ධතියේ දෝෂයක් හෝ ඉන්ධන කාන්දුවක් මේකට හේතුවෙන්න ඇති. පාරේ ප්‍රමිතිය ගැන ප්‍රශ්න තියෙනවා. එත් ඒවා වෙනම කතා කලයුතු මාතෘකාවක්. (ස)

:       0       0

ගයාන් එස් Saturday, 22 September 2012 04:45 PM

ජයා මහතාගේ කතාව හරි. නමුත් මේ ගිනි ගෙන තියෙන්නේ දෙමුහුම් වාහනයක්.. ඉංජිනේරුවෙක් වෙලත් අදුනාගැනීමට නොහැකි වීම ගැන දුක් වෙනවා..!(නු)

:       0       0

සරත් Saturday, 22 September 2012 10:48 AM

ඉන්ද්‍රජිත් , ඔබේ අදහස නිවැරදියි (ස)

:       0       0

විලියන් Saturday, 22 September 2012 11:03 AM

මේක හොද ෆිට් කියනවා නම් , මෙන්න, ගිහිල්ලාම බලන්න. (නි) http://news.bbc.co.uk/2/hi/business/8487475.stm (නි)

:       0       0

ස්ටැල්ක් Saturday, 22 September 2012 11:03 AM

මොකද මේ සමහරු අදිවේගී මාර්ගයට බනින්නේ ? මේක ගිනිගත්ත එකට පාර පලිද ? ඔය විදිහට මේ පාරෙන් ගෙදර ගිය කෙනෙකුට බඩේ අමාරුවක් හැදුනත් එකේ වැරැද්දත් අධිවේගී පාර කියාවි (ස)

:       0       0

නසාර් Saturday, 22 September 2012 11:05 AM

ගොන්කරත්ත නැවතත් පාරට දමමු ,සල්ලි තියන අය අශ්ව කරත්ත ගන්න. අතීතය සිහිකරන් දැන් තියෙන වාහන ටික රට පටවන්න...(ස)

:       0       0

සංජීව Sunday, 23 September 2012 12:30 PM

මේකට ප්‍රතිචාර දාලා තියෙන්නේ වාහන ගැන දන්නේ නැති මිනිස්සු. මේ ගිනි ගත්ත කාර් එක හොන්ඩා වර්ගයේ කාර් එකක් කියලයි මම හිතන්නේ. මේ කාර් වර්ගය මීට කලින් ගිනි අරගෙන තියෙනවා. නමුත් ලංකාවේ නෙමෙයි.වාහනවල ලෙඩ අහුවෙන්නේ දුරගමනක් යනකොට. කිලෝමීටර් 10ක් 12ක් ගියාට ලෙඩ හොයාගන්න බැහැ. දැන් එන අලුත් වාහන කොච්චර හොද වුණත් ඉක්මනට ලෙඩ දෙනවා. ගරාජ් වලට ගිහින් බලනකොට තමයි පෙනෙන්නේ අලුත් වාහන කියක් තියෙනවද කියලා. විශේෂයෙන් ඉන්දියන් වාහන කොච්චර ලාභ වුණත් වැඩක් නැහැ පරණ ජපන් කාර් ඊට වැඩිය හොදයි. (නි)

:       0       0

හරිත් Saturday, 22 September 2012 12:23 PM

මෝඩ අදහස් දක්වන්න එපා. වාහනේ ආබාධයට පාරවත්, ආණ්ඩුවවත් පලි නෑනේ..(ස)

:       0       0

කපිල ලියනගේ Saturday, 22 September 2012 12:42 PM

ඇයි දැන් කව්රුවත් ජපානෙට බනින්නෙ නැත්තෙ.. මේක ජපන් වාහනයක් නේද..? (ස)

:       0       0

ක්‍රිෂානි Saturday, 22 September 2012 12:38 PM

ආරක්ෂාව පළමුවෙන්..(ස)

:       0       0

නිමල්ක Saturday, 22 September 2012 12:47 PM

සම්පත්, ලෝකේ දිව්‍ය ලෝකේ වගේ දියුණු උනත් වැඩක් නෑ. තමන්ගේ පවුලේ කෙනෙකුට අනතුරක් උනාම දියුණුවේ තිත්ත තේරේවි. (කාටවත් එසේ නොවේවා) (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 982 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 2019 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 1062 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 352 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1579 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 1108 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39790 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25850 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 82 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 390 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1255 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site