සීගිරියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයනට මෙන්නම සීගිරිය නව නගරයෙහි පදිංචිකරුවනට ද පවතින දුෂ්කරතා මගහරවා දෙන ලෙස ඉල්ලා සීගිරිය නව නගරයේ පදිංචි කරුවෝ පිරිසක් අද (14)උත්ඝෝෂණයක් කළහ.
සීගිරීය පිවිසුම් මාර්ගයන්හි වල්වල් හෑරීම නිසා දෙස් විදෙස් සංචාරකයනට වාහන වලින් තියා පයින්වත් ගමන් කිරීමට නොහැකි බව ඔවුහු කියති.
වසර 18 ක් තිස්සේ සීගිරිය නව නගරයේ සංවර්ධනය ඇන හිට ඇතැයි ද, මෙහි ‘‘වැසිකිලි‘‘ කැසිකිලි‘‘ පහසුකම් හා බීමට ජලය නැතැයි ද ඔවුහු කියති. වර්ෂාවත් සමග වෙළෙද කුටි ජලයෙන් යට වෙතියි ද සීගිරිය නව නගර මධ්‍යයේ මඩ වළවල්හි ගොයම් ගස් ද පැල වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඇත්තට සීගිරියට ගිය කලක්.!(නු)
මෙහෙමද සංචාරක ව්‍යාපාරය දියුණු කරන්නේ. දැක්කම එපාවෙනවනේ (ස)
සීගිරියට විතරක් නෙමෙයි මුළු රටටම වෙලා තියෙන්නේ මේ දේම තමයි (ස)
ඇත්ත තමයි දැක්කම එපා වෙනවා . බල්ලත් බලන් ඉන්නේ අනේ අපොයි කියන්න වගේ (ස)
ලංකාවට එන සංචාරයකුගෙන් සීගිරිය නගින්න ඩොලර් 30 ගන්නවා. ඒ කියන්නේ රුපියල් 3500.00 විතර. මේ වසරේ ලංකාවට සංචාරකයන් 1000000 ආවලු. මේකෙන් අඩුමගානේ ලක්ෂ පහක්වත් සීගිරිය නගින්න ඇති. එතකොට ඒ සල්ලි වලට මොකද වුණේ? අපේ සුදර පරිසරය විතරක් නෙමේ මුතුන් මිත්තෝ හදපු මේ වගේ වටින දේවල් සේරම විකුණගෙන කනවා. සංචාරකයෝ මෙරටට එන්නේ හෝටල් වල සැපගන්න නෙමේ. මේ සංස්කෘතික වටිනාකම් බලන්න. මහලොකුවට තරු පහේ හතේ හෝටල් හදනවා ඒත් කවදාහරි මේ සුන්දර තැන විනාශ වුණහම ඔක්කොම ඕවා පාලුවට යනවා. (නි)
ජනතාවට කන් දෙන්න (දී)
මේ සුඛකයා කාගේද? (ස)
දැකපු නැති කෙනෙක් සීගිරිය බලන්න ඇවිත් වගේ(නු)
මිනිස්සු බඩගින්නේ ඉන්නවා.. ඕක හැදුවා කියලා වැඩක් වෙයිද?(නු)
මහ ලොකුවට කට්ටිය කයිවාරු ගහනව සංචාරක කර්මාන්තය ගැන.සංචාරකයන්ට එන්න හොද පරිසරයක් රටේ ඇති කරන්න ඔනැ ඩෙංගු මදුරුවො/නගර වල කුණු පරවල් (ස)
සීගිරිය කියන්නෙ සිංහයෙකුගේ මුවෙන් - ගිරියෙන් - ඇතුල්වෙන්න තිබුන නිසාලු. තව ටික දවසක් බලල, තත්වෙ යහපත් වෙන ලකුණු නැත්නම් සුනඛගිරි කියල නම වෙනස් කරන්න තියෙන්නෙ. ඒ සුනඛය තමයි මේ පොටෝ එකේ ඉන්නෙ. (ස)
අර බලු තඩියා උත්ඝෝෂණයක්වත්ද ?මොකෝ මේ පාර මැද්දේ ? (ස)
මේ සුනඛයත් සීගිරිය දිහා බලාගෙන සුසුම් හෙලනවා ඇති (ස)
අනේ ලෝක උරුමය අපේ (දී)
ඡායරූප ශිල්පියා සතුන්ට ආදරය ඇති, කලාත්මක හදවතක් ඇත් අයෙක් වගෙයි. මේ සුනඛය නිසා ඡායාරූපයේ කලාත්මක ගතිය වැඩිවෙලා. (ස)
මොන බාධක තිබුණත් දෙස් විදෙස් සංචාරකයින්ගේ ගණන අඩු නැහැනේ. (නි)
මහ ලොකුවට කට්ටිය කයිවාරු ගහනවා සංචාරක කර්මාන්තය ගැන. මෙහෙමද සංචාරක ව්‍යාපාරය දියුණු කරන්නේ..? (නි)
පොඩ්ඩක් ඉන්න. ඔයිට වඩා වැදගත් මේ අධිකරණ ප්‍රශ්න විසඳන එක. මේක විසඳ ගත්තේ නැත්නම් ලංකාවම ඉවරයි. (ස)
දේශපාලකයෝ නැද්ද (දී)
තව උදෙන් ගිහින් ඡන්දෙ දාලා එන්නකෝ. (නි)
අනේ මේ ලෝක උරුමයත් විනාශ වේවිද? (නි)
බැලු බැලු අත ආශ්චර්‍යයි..... (ස)
පාරවල් නම් හරිම අබලන් තමයි. හැබැයි කරන සංවර්ධනයක් ප්‍රවේශමෙන් කරන්න. (නි)
ඕකනේ කියන්නේ " යලි පුබුදමු ශ්‍රි ලංකා " කියලා (ස)
ඔය පාරවල් ටික හදන්න සීගිරියේ දවස් දෙක තුනක ආදායම හොදටම ඇති.
අනේ අර නුගේගොඩ පැත්තේ හදපු උයනට වැඩිය හොද නැද්ද මෙහෙම එකක්වත් හැදුවා නම්? (නි)
මේකනම් ඉතා ඉක්මනින් ප්‍රතිසංස්කරණය කරන්න ඕන (ස)
ඉක්මන් පියවර නොගත්තොත් ලොකු අමාරුවක (දී)
අනේ අපොයි! (නි)
මේ ලෝක උරුමයක්. මිට මෙහෙම වෙන්න දෙන්න එපා (දී)
මිනිස්සුන්ව මතක් වෙන්නේ චන්දෙ කාලෙට විතරද (දී)
දැන් බලන්න වෙන දේවල්. පන්සල්, වෙහෙර විහාර කඩල නිධන් වස්තු හොරකම් කරනවා. මිණීමැරුම්, වංචා, හොරකම්, මැරකම්, ස්‍ත්‍රී දූෂණ, බාලාපරාධ නිමක් නැහැ. මම පුදුම වෙන්නෙ නෑ කවුරුහරි මේ සීගිරි ගලටත් බොර ගහල නිදන් වස්තු හොයල තිබුණත්! (ස)
අනේ අර සීගිරිය බලලා නැති ඇමතිතුමාටවත් එන්න කියමුද? (නි)
මර්වින් සිල්වා මහත්තයාට කිව්වා නම් ඒක හදයි. සංවිධායක ධූරය ටික කාලෙකට හරි එයාට දෙන්න දඹුල්ල ආසනේ. ගැටළු ගොඩක් නිරාකරණය වෙනවා වගේම අලුත් ගැටළු නිර්මාණය වෙන්නත් පුළුවන්. (නි)