IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


අන්තර් ජාල ගසා කෑමක් අල්ලයි

ලෝ පුරා රටවල් 125ක පමණ සාමාජිකයන් සිටින බව කියන අන්තර් ජාල දැන්වීම් වෙබ් අඩවියක සාමාජිකයන් බඳවා ගනිමින් ඔවුන්ගේ මුදල් රුපියල් දස ලක්ෂ ගණනින් වංචා කළැයි කියන ශ්‍රී ලංකා නියෝජිතයෝ සිවු දෙනෙක් පිළියන්දල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. ඔවුන් කොට්ටාව හා පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය කියයි. දැන්වීම් පළ කැරෙන එම වෙබ් අඩවියේ දැන්වීම් බැලීමෙන් ආකර්ශනීය කොමිස් ගෙවන බව කියමින් සාමාජිකයන් බඳවා ගන්නා බවත් එක් අයකුගෙන් අවමය ඇමරිකා ඩොලර් 500ක් හෙවත් රුපියල් 66,000 අය කරන බවත් එහෙත් තමන් රුපියල් 175000 බැගින් ගෙවූ බවත් කාන්තාවෝ 15 දෙනෙක් පොලිසියට පැමිණිලි කළහ. පොරොන්දු වූ පරිදි කිසිම ප්‍රතිලාභයක් පමණක් නොව සාමාජික මුදලද නොගෙවූ නිසා පොලිසිය පැමිණිලි කළ බව ව්‍යාපාරික කාන්තාවක පොලිසිය පැමිණිලි කළාය. ‘මෙය හරියට පිරමිඩ සූත්තරයක් මගේ කොමිස් ලැබෙන්නේ මා තවත් සාමාජිකයකු බඳවා ගත්තොත් පමණයි. නමුත් මා තව කෙනකු අමාරුවේ දාන්නේ නෑ‘ යනුවෙන් ඇය කීවාය. ඇතැම් කාන්තාවන් සිය රන් අභරණ උගස් කර සාමාජික මුදල් ගෙවා ඇත.



අදහස් (0)

අන්තර් ජාල ගසා කෑමක් අල්ලයි

සමන්ත Thursday, 01 November 2012 08:12 PM

අයියෝ සල්ලි! (නි)

:       0       0

ඉන්දික Wednesday, 31 October 2012 09:34 PM

එක වෙබ් අඩවියක් තියෙනවා. ඒකේ 1 ගිණුමක් හදාගන්න රු 70000 ක් ගෙවන්න ඕනෑ. සතියකට දැන්වීම් 15ක් ලැබෙනවා. ඒ දැන්වීම් බැලුවහම 15ට 8000 ගානේ මාසෙකට රු 24000ක් හොයාගනන් පුලුවන් කියනවා. මේකත් පිරමීඩ ක්‍රමයට තමයි යන්නේ. ලංකාවේ හුගක් අය මේකට අහුවෙලා ඉන්නේ. (නි)

:       0       0

මංජුල Wednesday, 31 October 2012 10:03 PM

මොඩ කමට ඔහෝම වෙලා මදි (අ)

:       0       0

ෂිරාස් Thursday, 01 November 2012 12:27 PM

දුක් මහන්සී වී හම්බකරන රුපියලත් රත්තරන් , නිකන් හම්බකරන්න ගියොත් ඔහොම තමයි (ස)

:       0       0

පාලිත Wednesday, 31 October 2012 10:55 PM

අන්තර්ජාල සල්ලි, ඊ-මනී කිය කියා පත්තර වල මහ ලොකුවට දැන්වීම් දාන අයව අල්ලාගත යුතුයි. (නි)

:       0       0

සම්පත් Thursday, 01 November 2012 12:55 PM

ජයවේවා

:       0       0

දම්මික Saturday, 01 December 2012 12:46 PM

මේක ඇත්ත කතාවක්. අහු වෙන්න එපා (දී)

:       0       0

ධර්ෂණ Saturday, 01 December 2012 12:48 PM

මිනිස්සුන්ව රවට්ටනවා කියන එකේ සීමාවක් නැහැ (දී)

:       0       0

චමින්ද Thursday, 01 November 2012 03:49 AM

අහක තියන අං තට්ටු ඔලුවෙන් තියා ගන්නවා කියන්නේ ඕකට තමා. (නි)

:       0       0

ජයසිංහ - අවිස්සාවෙල්ල Thursday, 01 November 2012 07:56 AM

නොදන්න දේවල් නොකර හිටියා නම් නේද හොඳ? (නි)

:       0       0

හිමාල් Thursday, 01 November 2012 08:09 AM

අන්තර්ජාලයෙන් මුදල් කියලා පත්තර වල බොරු දැන්වීම් දාන කට්ටියටත් මෙහෙම දේවල් කරන්න බැරිද (නි)

:       0       0

කසුන් Friday, 02 November 2012 02:10 AM

මම නිදහස් මිනිසෙක්. අනිත් රවටල් ගැනත් අපි නිදහසේ සිතමු. (ස)

:       0       0

හිමාලි මහේෂිකා අමරසිංහ Wednesday, 31 October 2012 05:38 PM

අපි මේ අන්තර්ජාලේ අන්තර්ජාලේ කිය කියා කෑගැහුව්වට අන්තරජාලේ යන්තම්වත් පරිහරණය කරන්න දන්නේ නැති කී දෙනෙක් අපේ රටේ ඉන්නවද දන්න අය කරන වැරදි ගැන හොයනවාට වඩා නොදන්න අයට හරියට කරන්න ඉගැන්විමේ පියවරක් ගත්තානම් නේද වටින්නේ (වි)

:       0       0

ලලිත් කටාර් Wednesday, 31 October 2012 05:30 PM

දැන් ගෑණුනගේ මොලේ හැදි මිටේ තරමට කිටිටුයි ගෙදර ඉදන් සල්ලි හොයන්න හදනවා(වි)

:       0       0

ජගත් Thursday, 01 November 2012 06:03 PM

අයියෝ සල්ලි

:       0       0

චතූ Thursday, 01 November 2012 09:30 AM

තණ්හාය ජායතී සෝකෝ...., මිනිස්සුන්ට ඉක්මනට පෝසත් වෙන්න පුළුවන් ක‍්‍රම තියනවා කිව්වොත් බෙල්ලෙ තියන මාලෙත් උකස් කරලා සල්ලි වියදම් කරනවා හරිම මෝඩයි.. මට පේන්නෙ මේ ඔක්කොම හොර ජාවාරම්. අහුවෙන්න එපා මේවට.....(ස)

:       0       0

ජෝන් Wednesday, 31 October 2012 06:06 PM

හිමාලි, එහෙනම් ඔයා උගන්වනවද රටේ මිනිස්සුන්ට? (නි)

:       0       0

නිශ්ශංක Wednesday, 31 October 2012 06:36 PM

මට දැනෙන්නේ සතුටක්. මොකද මම මේ ගැන මාස හයකට කලින් ඉදන් දැනගෙන හිටියා. :) (නි)

:       0       0

අස්රන් Wednesday, 31 October 2012 06:51 PM

පරිප්පු කියන දේ දැන හෝ නොදැන වැඩිපුරම කන්නේ හා කවාගන්නේ ගැහැණු උදවියයි. (නි)

:       0       0

කැලුම් Thursday, 01 November 2012 10:38 AM

මෙවන් විනාශ නවත්තන්න ඕනේ

:       0       0

රොෂාන්-පානදුර Thursday, 01 November 2012 10:39 AM

මේකෙ වැරැද්ද ආයතනයේ නෙමෙයි.මේ ගැන කිසි දැනුමක් නැතුව සම්බන්ධ වෙන අයගේ.ඔය කියන සාමාජිකත්වය මමත් සල්ලි දීල අරන් තියෙනවා.ඒ උනාට අද වෙනකන් කාවවත් සම්බන්ධ කරල නෑ,.මගේම නොනාගේ නමට තව එකක් ගත්ත ලගදි.මෙච්චර කාලයක් මේකෙ බැංකු ක්‍රමවේදයක් තිබ්බෙ නෑ.අද ඉදන් තමයි ඒක පටන් ගන්නේ.එතකන් ඉවසන්න දන්නේ නෑනේ.ඉවසන්න දන්නේ නෑ නෙමේ එහෙම එකක් එනව කියලාවත් දන්නේ නැතුව ඇති.ඇයි ඉතින් සල්ලි ගෙව්වට ඉන්ටර්නෙට් ලොග් වෙන්නවත් දන් නෑනේ.(ස)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 31 October 2012 07:24 PM

සල්ලි වැඩිය තියෙන අය තමයි අහුවෙන්නේ. (නි)

:       0       0

සුජිත් Wednesday, 31 October 2012 07:49 PM

අන්තර්ජාලය දැන් අන්තර් ජංජාලයක් වෙලා වගෙයි. (නි)

:       0       0

නාරද Thursday, 01 November 2012 11:45 AM

කොහොමද ඒ

:       0       0

චාමර Saturday, 16 February 2013 07:32 PM

අපේ මෝඩ මිනිස්සු ඉන්නකල් මේ වගේ ආරංචි දිගටම අහන්න ලැබෙයි. (නි)

:       0       0

සම්පත් Wednesday, 31 October 2012 08:45 PM

මේක රත්නපුර පැත්තෙත් හරිම ප්‍රසිද්ධයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඔප්පු හැදූ අයෙක් වසරකට හිරේ
2024 ඔක්තෝබර් මස 09 206 0

හොරු ඔප්පුවක් සාදා එය ලියාපදිංචි කිරීම සඳහා හෝමාගම ඉඩම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් වරයාට ලබා දුන්නේ යැයි කියන හෝකන්දර පුද්ගලයකුට වසරක බරපතල වැඩ සහිත ස


මෛත්‍රිට අතුරු තහනමක්
2024 ඔක්තෝබර් මස 09 1075 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී


වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 2303 2

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 1360 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 1603 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 1778 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39578 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25764 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 363 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1203 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site