IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


අන්තර් සංගම් දැල්පන්දු ශුරතාව වෙළෙඳ සේවා පිලට

වසර හතකට පසුව පැවැති අන්තර් සංගම් දැල්පන්දු තරගාවලියේ ශූරතාව වෙළෙඳසේවා කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී.

කුරුණෑගල වෙලගෙදර ක‍්‍රීඩාංගනයේදී අද (2 වැනිදා) නිමාව දුටු තරගාවලියේ අවසන් මහ තරගයේදී රාජ්‍ය සේවා කණ්ඩායම ලකුණු 63-49ක් ලෙසින් පරාජය කරමින් අන්තර් සංගම් දැල්පන්දු කුසලාන දිනා ගැනීමට වෙළෙඳසේවා කණ්ඩායම සමත්විය.

අත්දැකීම් පිරිපුන් ජාතික මට්ටමේ ක‍්‍රීඩිකාවන් රැසක්ම දෙපිල නියෝජනය කළ බැවින්, අවසන් මොහොත දක්වාම අවසන් තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත්තේය. එහිදී වට හතරේදීම වෙළෙඳසේවා ක‍්‍රීඩිකාවෝ ලකුණු 15-11, 17-16, 14-13, 17-09 ක් ලෙස ඉදිරියෙන් සිටිමින් තරගය ජය ගත්හ.

වෙළෙඳසේවා කණ්ඩායම වඩාත් ප‍්‍රබල මට්ටමක පසුවුයේ හිටපු ජාතික දැල්පන්දු නායිකාවන් පස් දෙනෙකුම එම කණ්ඩායමට ක‍්‍රීඩා කළ බැවිනි.
අවසන් පූර්ව වටයේදී ජයග‍්‍රාහී වෙළෙඳසේවා කණ්ඩායම විසින් ජනසතු සේවා කණ්ඩායම ද (37-25) රාජ්‍යසේවා කණ්ඩායම විසින් ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම ද (27-12) පරාජය කරන ලදී. අවසන් මහ තරගය පැයක කාලයක් පුරා පැවැත්විණි.

තෙවැනි ස්ථානය තේරීමේ තරගයේදී පාසල් කණ්ඩාම පරදවා ජනසතු සේවා කණ්ඩායම ලකුණු 23-21ක ජයක් ලැබීය. එසේවුවත් එහිදී ළාබාල පාසල් ක‍්‍රීඩිකාවන්ගේ සටන්කාමිත්වය කැපී පෙනුණි.

වසර ගණනකට පසුව පැවැති තරගාවලියට දැල්පන්දු සංගම් 19ක් සහභාගි වූහ. එහෙත් ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ අනුබද්ධ සංගම් ගණන 35ක් වන බව එහි තරග ලේකම් පී.ඞී. ප‍්‍රසාදි මහත්මිය ”ලංකාදීප”යට පැවසුවාය. ඒ අනුව මෙම තරගාවලියට කණ්ඩායම් 16 ක් සහභාගි වී නැත.

දැල්පන්දු රැජින සම්මානය රාජ්‍ය සේවා කණ්ඩායමේ විරාජි චාමරිකා දිනා ගත්තාය. එම කණ්ඩායමේම ගයා ජයවීර අවසන් මහ තරගයේ දක්ෂතම පන්දු විදින්නිය ලෙස සම්මාන ලැබුවාය.

ජයග‍්‍රාහී වෙළෙඳ සේවා දැල්පන්දු කණ්ඩායම නියෝජනය කළ කුමරිනී ද සිල්වා හා ජයලිය කුමාරි දක්ෂතම පන්දු රකින්නිය හා මැද පෙළ ක‍්‍රීඩිකාව සම්මාන ලැබූහ.

තරගාවලියේදී දක්ෂතම නැගී එන ක‍්‍රීඩිකාවට ද මෙවර සම්මානයක් ප‍්‍රදානය කළ අතර එය හිමි කර ගත්තේ මාතර දිස්ත‍්‍රික් කණ්ඩායමේ ගයාත‍්‍රි ජී. වික‍්‍රමගේය.

මේ අතර මිශ‍්‍ර තරගාවලියේ ශූරතාව හිමිකර ගත්තේ ද වෙළෙඳ සේවා දැල්පන්දු සංගමය විසිනි. රාජ්‍ය සේවා කණ්ඩායමට එරෙහිව ලකුණු 12-11ක තියුණු ජයක් ලැබීමට එහිදී බැංකු සේවා කණ්ඩායම සමත් විය.

(ඡයාරූප: පුෂ්පකුමාර ජයරත්න)

තර්ජනීට තර්ජනයක් නැත... වෙළඳ සේවා කණ්ඩායමේ තර්ජනී පන්දුව දැල තුළට විදින අවස්ථාවක්...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

අන්තර් සංගම් දැල්පන්දු ශුරතාව වෙළෙඳ සේවා පිලට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රයිස්,කොත්තු මිල 40කින් අඩුවෙයි
2024 සැප්තැම්බර් මස 29 9 0

බිත්තර මිල පහල යාම හේතුවෙන් ආහාර වර්ග රැසක මිළ පහළ දැමු බව සමස්ථ ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ හිමියන්ගේ සංගමය පවසයි.


යාපනය බන්ධනාගාර රැඳවියෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 20 0

හදිසි අසනීප තත්ත්වයක් මත ප්‍රතිකාර සදහා යාපනය රෝහලට ඇතුළත් කළ යාපනය බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි.


බ්‍රිතාන්‍ය රණකාමියාගේ අළු ත්‍රි’මලේ මුහුදේ පා කරයි
2024 සැප්තැම්බර් මස 29 302 0

1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු


උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 601 0

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි


මාලඹෙි වෙල්යායක හිස නැති සිරුරක්
2024 සැප්තැම්බර් මස 29 440 0

මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


මිනුවන්ගොඩ සැලොන් හිමිකාරිය අත්අඩංගුවට ගන්න යළි නියෝග
2024 සැප්තැම්බර් මස 29 334 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site