සිරස රස රිසි ගී සමග කරළියට ආ නාරද බක්මීවැව, ඉන්පසු විවිධ රූපවාහිනී වැඩසටහන් ඔස්සේ අපට හමුවන චරිතයකි. වසර පහළොවක් පමණ කාලයක සිට ආලින්දයට එන බොහෝ දෙනාගේ නෙත රැඳි හද ඇඳි නාරද පසුගියදා යුගදිවියට එළැඹුණා. ඔහුගේ මනාලිය වෛද්‍ය අංශයේ උපාධිධාරිණියක වන දිනුෂි අතපත්තුය. රස රිසි ගී සමග බොහෝ තරුණියන්ට රිසි නාරද ගැන, දිනූෂි කියන්නේ මොනවද? මේ පිළිසඳර ඇය සමගයි.
දිනූෂි ඔබ ගැන විස්තර ටිකක් කිව්වොත්?
ගම වත්තල. ඉගෙන ගත්තෙ ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාමයෙන්. තාත්තා ධීවර දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්. තාත්තාගෙ නම ආචාර්ය ඇන්ටන් අතපත්තු. තාත්තා ජීවතුන් අතර නැහැ. අම්මා ෂෙරීන් අතපත්තු. පවුලේ එකම ළමයා මම.
කොහොමද නාරදගෙ හමුව ඇතිවුණේ?
පාසල් යන දවස්වල නාරද වැඩමුළුවකට ආවා. එතකොට එයා යංඒෂියා ටෙලිවිෂන් එකේ වැඩ කළේ. එදා තමයි මුල්වරට කතාබහ කළේ. ඒ කාලයේ අපේ අම්මා සේවය කළෙත් යංඒෂියා ටෙලිවිෂන් ආයතනයේ. එදා හඳුනා ගැනීම වසර දහයක විතර දීර්ඝ මිතුරුකමක් බවට පත්වුණා. ඉන්පසුව පෙම්වතුන් වෙලා අවුරුදු තුනක් විතර ඉඳලා තමයි විවාහ වුණේ.
විවාහය වගේ දිගු ගමනකට මුල පුරන්න මොකක්ද විශේෂ හේතුව වුණේ?
නාරද එදා ඉඳලාම හරිම කිට්ටු චරිතයක්. ඉගෙනීම් කටයුතු වෙනුවෙන් මම අවුරුදු හතක් විතර හිටියේ විදේශ ගතවෙලා. ඒත් බොහෝ අවස්ථාවලදී අපි දෙන්නා ජීවිතය බෙදා හදා ගත්තා. ඒත් ආදරය ගැන දෙන්නටම හිතේ තිබුණට දෙන්නම අහන්න ගියේ නැහැ. එයා මුලින්ම හොඳම යාළුවා වුණා. ඊට පස්සෙ පෙම්වතා වුණා. අද එයා සැමියා වෙලා. හැබැයි මගේ හොඳම යාළුවා එයා වගෙයි.
මේ පේ‍්‍රමයට ගෙවල් වලින් බාධා ඇතිවුණේ නැද්ද?
අපි දෙගොල්ල ආගම් දෙකක නිසා පුංචි ගැටළුවක් මුලින් තිබුණා. ඒත් නාරද ගැන අපේ අම්මා දැනගෙන සිටියා. එයා ගැන හොඳම තමයි අපට අහන්න ලැබුණෙ. දකින්න ලැබුණෙ.
දිනූෂා රැකියාවක නිරත වෙනවද?
ඔව් රාගම වෛද්‍ය පීඨයේ කථන හා භාෂා චිකිත්සක අංශයේ කතිකාචාර්යවරියක ලෙස සේවය කරනවා.
නාරදගෙ වැඩ කටයුතු මොනවද මේ දිනවල?
තොරතුරු තාක්ෂණයට සම්බන්ධ රූපවාහිනි වැඩසටහනක් සහ අනන්තය නමින් රාජධානි හා ඉතිහාසය ගැන කියැවෙන වැඩසටහනක් සමග තවත් වැඩසටහන් දෙක තුනකට දායකව සිටිනවා.
ඔබ දෙපෙළගෙ මේ විවාහය වෙනුවෙන් ලොකු උත්සවයක් ගත්තෙ නැහැ නේද?
පෝරුවෙ උත්සවය සහ දේවස්ථානයේ උත්සවය යන දෙකම පැවැත්වූවා. 5 වැනිදා දේවස්ථානයේ කටයුතුත්, 6 වැනිදා පෝරුවේ චාරිත‍්‍රත් පැවැත් වූණා. උත්සවය ගාලූ මුවදොර හෝටලයේදී පැවැත්වුණා. ළඟම ඥාති පාර්ශව සහ එදා ඉඳලා අපි එක්ක හිටපු අය උත්සවයට සහභාගී වුණා.
නාරද ගැන දිනුෂිට හිතෙන්නෙ කොහොමද?
මම හිතන්නෙ මම ඉහත ආත්මයක සිට පතාගෙන ආව කෙනෙක් වෙන්න ඇති. අවුරුදු දහයක්ම අපි මිතුරන් වෙලා හිටියා. ඒත් කවදාවත් තරහා වෙලා නැහැ. එයා හරි සැහැල්ලූ චරිතයක්. පොළවෙ පය ගහලා ඉන්න චරිතයක්.
ඔබ ඔහුට කැමති වුණේ ජනප‍්‍රිය ලේබලය නිසා නෙවේද?
එදා නාරද හමුවන විට රස රිසි ගී නරඹලා තිබුණට එය දිගටම නැරඹුවේ නැහැ. පාසලේ කටයුතුවලට ඊට වඩා මුල්තැන දුන්නා. ජනප‍්‍රියත්වය කියන දේ ඇත්තටම තාවකාලිකයි. මම ආදරය කරන්නෙ මගේ හොඳම යාළුවාටයි. ඒ ආදරය මැරෙනකල්ම තියේවි.
අපි නොදන්න, ඔබ විතරක් දන්නා නාරදගෙ දේවල් තියෙනවද?
මම හිතන්නෙ අමතක වීමේ ලොකු ලෙඩක් තියෙනවා. ඒ වගේම හරි විහිළු දේවල් වෙනවා. මධුසමයට යද්දී ඇඳුම් බෑග් එක අමුතුවෙන් ලෑස්ති කරගෙන ආවෙ නැහැ. හරියට ඉස්කෝලේ යනවා වගේ පුංචි බෑග් එකකට ඇඳුමක්
දෙකක් දාගෙන ආවා. එයා ඇත්තටම හරි සැහැල්ලූ චරිතයක්. ජීවිතය මහා බරක් ලෙස දකින්නෙ නැති කෙනෙක්.
මග තොට යන එන කොට තරුණියන් ඔහු වටකරගත්තම ඔබට මොන වගේ හැඟීමක්ද ඇතිවන්නෙ?
එය ජනප‍්‍රියත්වය සහ එයාගෙ දක්ෂතාවය අගැයීමක්නෙ. ඇත්තම කිව්වොත්, මට වඩා නාරද මට විශ්වාසයි. හරි වැරැද්ද සහ සීමාව දැනගෙන කටයුතු කරන කෙනෙක්. ඒ නිසා ප‍්‍රශ්නයක් නෑ.
විවාහය හොඳින් පවත්වාගෙන යාමට මොන වගේ දේවල් අනුගමනය කළ යුතුය කියලද ඔබ හිතන්නෙ?
මම හිතන්නෙ අපේ පවුල් පසුබිම ඉතා යහපත්. අපේ පවුල්වල දෙමාපියන් ඉතා ආදරයෙන් ආදර්ශවත්ව සිටි අය. ඒ ගුණාංග අපටත් තිබෙනවා. නාරදගෙයි මගෙයි ආදරය ඒ නිසා මැරෙනකල්ම තියේවි. විවාහයේ අරුත එයයි. ඒ හැරත් නාරද කියන්නෙ මට සම්පූර්ණ චරිතයක්. මට ගොඩාක් ආදරේ කෙනෙක්. ප‍්‍රශ්න ආවත් ඒවා අපි විසඳගන්නවා හැරෙන්නට, අපි දෙන්නා අතරට අතරමැදි පාර්ශව වලට එන්න ඉඩ තබන්නෙ නැහැ.
නාරද ”ගඟ අද්දර මා” ගීතයට වඩා කැමතිලූ නේද?
ඔව්, ඒක එයාගෙ තේමා ගීතය වගෙයි. විජයගෙ ලොකු රසිකයෙක්.
ඔබගෙ ප‍්‍රියතම ගීතයත් එයමද?
ක‍්‍රිස්ටිනා ෆෙරී ගයන, තවුසන්ඞ් ඉයර්ස් ගීතයට ගොඩාක් ආසයි.
සටහන/ඡායාරූප - සඳුන් ගමගේ |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ අනාගතයකට ආසිරි පතනවා ඔය දෙන්නට (ස)
හනිමූන් යන්න ඇදුම් එච්චර ඕනෑ නැහැ කියලා නාරද අයියා දන්නවා ඇති. (නි)
ඔබ නැවතත් පහන් තරුව තුලින් ජනතාව අතරට එන්න (ස)
පිටිගල අයියා නාරද විජේසූරියයි, නාදර බක්මීවැවයි පටලවාගෙන වගෙයි. (නි)
මගේ උණුසුම් සුභ පැතුම්! (නි)
ඔව් වෙන මොනවා නැතත් කමක් නැහැ ඔයාලගේ ඔය ආදරේ තිබුණොත් මදෑ. මෙහෙ මිනිස්සුන්ට කන්න බොන්න නැහැ. එළවළු ගිනි ගණන්. අනේ අම්මපා මේ රටකට ගිය කලක්. මේ වගේ කාලයක අපිත් ඉපදිලා ඉන්න තරම් පවු කරලා තියෙනවානේ. (නි)
සුජිත්, මේ අය එළවලු කන බවත් නම් පෙනෙන්න නැහැ. (නි)
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේට මොකක්හරි ලෙඩක් තියෙනවද? (නි)
මම ඔබ දෙපළට හදවතින්ම සුභ පතනවා! (නි)
ඔබ හොඳ කෙනෙක් , ඔබ දෙදෙනාට සුබ විවාහ දිවියක් උදා වේවා (ස)
කථිකාචාර්යවරයෙකුට මෙහෙම ඇදුම් ගැළපෙන්නේ නැහැ නේද? (නි)
නව යුවතිපති දෙදෙනෙක් වශයෙන් ඔබ දෙපලට සිංහල ජාතිය වෙනුවෙන් ලොකු යුතුකමක් ඉටු කරන්න තිබෙනවා. මම ඔබ දෙපලට මෙසේ ශුභ පතනවා. ඔබලාට සදා ජය හා සැප. (නි)
විවාහ ජීවිතය යනු ලිංගික ආශාව යථා ආකාරයෙන් ක්‍රියාත්මක කරවීම සඳහා සමාජය පිළිගත් නීතිය ආවරණයක් සහිත සම්මුති සංස්ථාවකට ඇතුළුවීමයි. විවාහය ලිංගික ඇසුර පදනම් කරගෙන බිහිව තිබේ. ලිංගික ඇසුර නම් ස්පර්ශ කාමය වින්දනය කිරීමයි. විඳීම් සියල්ල දුකක් ලෙස බුදුදහමේ අර්ථ දක්වා තිබේ. මුළු මහත් ලෝකයම දුක මත පදනම්ව බිහිවී ඇති බව ත්‍රිපිටක බුද්ධ දේශනාව අනුව පැහැදිලිය. අතෘප්තිකර ස්වභාවය අධික වීම යනු දුක්ඛ ස්වභාවය වැඩිවීමයි. එබැවින් කාමාශාව අධික වීම යනු අතෘප්තිකර බව වැඩිවීම යනුවෙන් අර්ථකථනය වී තිබේ. යම් කෙනෙකුගේ විවාහ ඔහුට හෝ ඇයට අදාළ පෞද්ගලික කාරණාවක් මිස සමාජයට එතරම් වැදගත් පොදු සිද්ධියක් නොවන බව මම විශ්වාස කරමි. එම විශ්වාසයට අදාළව මේ ප්‍රවෘත්තියේ සඳහන් දෙදෙනා අතර මිස අප වැනි සෙසු අයට මෙහි එතරම් අදාළත්වයක් හෝ වැදගත් බවක් නැති බව මගේ වැටහීමයි. (නි)
නොදන්නාකමට අහන්නේ, කථන හා භාෂා චිකිත්සක කියන්නේ දොස්තර කෙනෙක් නෙමෙයි නේද? (නි)
ආචාර්ය සුජිත් කියන විදියට මේ දෙන්නට ඒ ගැන අවබෝධයක් තියෙනවා වගෙයි. (නි)
නාරදගේ පෙම්වතිය ගැන නම් මම දන්නේ නැහැ.. ඒ උනාට ඔයාට මම හරිම ආදරෙයි.. ඔයාගේ තියෙන හරිම අහිංසක බවක්... (නු)
මට හිතෙන්නේ සුජිත් වෛද්‍යවරයෙක් මුණ ගැසීමට යා යුතුයි..!(නු)
ඉන්දික සුජිත් දෙන්නට සුභ පතන්නේ නැතිව එක එක කතා කියනවා..!(නු)
සුජිත් ඔබට නිසි ප්‍රතිකාරයක් ලබා ගත යුතුයි වගේ...!(නු)
මම සුජිත්වත් දන්නවා නාරදවත් දන්නවා. අපි එකට පාසල් ගියේ.. පරණ යාලුවො.. සුජිත් හොදට දන්නවා නාරද කියන්නේ මොනවගේ කෙනෙක්ද කියලා.. (නු)
ඔබ දෙපලට දීර්ඝායුෂ ලැබේවා.. ආදරණීය සුදුමාමා..!(නු)
නාරද පුතා සහ දිනුෂි දුව ඔබ දෙපලට වාසනාවන්ත අනාගතයක් චිත්‍රා පුංචි සහ සුදු මාමා පැරිසියේ සිට..!(නු)
නාරද මට ඔයා එක්ක කතා කරන්න ආසයි.(ස)
හොද හමුවීමක් හරි ගැලපීමක් ඔබ දෙපලට සුභ අනාගතයකට ආසිරි..(මල්වානේ අජිත් අංකල්ගෙන්)(නු)
ඔහොම තමයි ගොඩක් අය කිව්වේ. ඔබ දෙපල එහෙම නොවේවායි පතමි.(නදී)
ආචාර්ය සුජ්ත් මේ වෙනකොට දික්කසාද වෙලාද (අ)
ඔයාලගේ ආදරය හැම ආත්මයකදීම මේ විදියටම පවතීවා! (නි)
දූ දරුවන් 10 යකගේ වත් දෙමව්පියන් වීමට වාසනාව ලැබේවා යුග දිවිය සරුසාර වේවා ! මේ හදවතින්ම නැගෙන පැතුමන්ය (ස)
නංගියේ ඔයානම් සිංහ ධේනුවක් වගේ (ස)
සුභ අනාගතයක් නාරද අයියේ, ඔයාටයි අක්කටයි. (නි)
ඔබ දෙපළට වාසනාවන්ත යුග දිවියකට ආසිරි! (නි)
සුබ පැතුම් නාරද...!(නු)
නාරද අයියේ ඔයාට සුබ විවාහ දිවියක් වේවා (ස)
ඔබ පතන අයුරින් මැරෙන තුරා ඔබ දෙපළගේ ආදරය පවතීවා (ස)
නාරද අයියේ, ඔයා හරි නිහතමානී කෙනක්. ඔය දෙන්නගේ ආදරය සදාකල්ම පවතීවා! ප්‍රීතිමත් යුග දිවියක් වේවා! (නි)
මැරෙනකම්ම ආදරය පැතීම අහන්නත් ආසයි (ස)
ඔබලාගේ විවාහ දිවියට සුබ පතනවා (ස)
නාරද අයියට සුබ පැතුම් (ස)
යුග ජීවිතය වාසනා! (නි)
නියමයි නාරද , ඔබ එදත් අදත් හොද චරිතයකින් යුතු වූ බව අපි දනිමු. මා ඔබේ පාසලේ මිතුරෙක් (ස)
ඔබ දෙපළට දීර්ඝායුෂ පතමි. (නි)
නාරද ඔබටත් බිරිඳටත් සුබ මංගලම්. මැරෙන තුරා ආදරයෙන් ඉන්න ලැබේවා (ස)
සුබ පැතුම් (ස)
නාරද , ඔයාගේ ආගම කිසිම විටක පාවා දෙන්න එපා . අපි හිතනවා ඔයා බුද්ධිමත් කියලා (ස)
නාරද ඔබ නැවත රූපවාහිනී වැඩසටහනකින් විදේශික අපිට දැනගන්න ලැබේවා (ස)
කාලෙකට පස්සේ. ඔබ දෙදෙනාට සුබ පැතුම් (දී)
"අපේ ආදරේ මැරෙනකම්ම තියේවී" එසේම වේවා! සුභ අනාගතයක්! (නි)
සුබාසිරි ඔබ දෙපලට ...පාසල් අතීතයේ සුන්දර මතකයන් තවමත් අපිට තවමත් අමතක නෑ (ස)
නාරද, ඔබ මීටපෙරදී මැදපෙරදිග දුක්විදින ලාංකිකයින් වෙනුවෙන් කළ මහගු මෙහෙය අපිට තවම මතකයි. (නි)
ඒ සංසාර බැදීම තවත් ආත්ම ගණනාවක් යනතුරු මෙලෙසම තිබේවායි පතමි. (නි)
"මැරෙනකම්ම " ??? මට විශ්වාස නෑ අවුරුද්දක් දෙකක්වත් කියලා කිව්වනම් විශ්වාස කරන්නවත් තිබුණා (ස)