IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


අපේ ආදරේ මැරෙනකම්ම තියේවී

සිරස රස රිසි ගී සමග කරළියට ආ නාරද බක්මීවැව, ඉන්පසු විවිධ රූපවාහිනී වැඩසටහන් ඔස්සේ අපට හමුවන චරිතයකි.  වසර පහළොවක් පමණ කාලයක සිට ආලින්දයට එන බොහෝ දෙනාගේ නෙත රැඳි හද ඇඳි නාරද පසුගියදා යුගදිවියට එළැඹුණා. ඔහුගේ මනාලිය වෛද්‍ය අංශයේ උපාධිධාරිණියක වන දිනුෂි අතපත්තුය. රස රිසි ගී සමග බොහෝ තරුණියන්ට රිසි නාරද ගැන, දිනූෂි කියන්නේ මොනවද? මේ පිළිසඳර ඇය සමගයි.

 දිනූෂි ඔබ ගැන විස්තර ටිකක් කිව්වොත්?
ගම වත්තල. ඉගෙන ගත්තෙ ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාමයෙන්. තාත්තා ධීවර දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්. තාත්තාගෙ නම ආචාර්ය ඇන්ටන් අතපත්තු. තාත්තා ජීවතුන් අතර නැහැ. අම්මා ෂෙරීන් අතපත්තු. පවුලේ එකම ළමයා මම.

කොහොමද නාරදගෙ හමුව ඇතිවුණේ?
පාසල් යන දවස්වල නාරද වැඩමුළුවකට ආවා. එතකොට එයා යංඒෂියා ටෙලිවිෂන් එකේ වැඩ කළේ. එදා තමයි මුල්වරට කතාබහ කළේ. ඒ කාලයේ අපේ අම්මා සේවය කළෙත් යංඒෂියා ටෙලිවිෂන් ආයතනයේ. එදා හඳුනා ගැනීම වසර දහයක විතර දීර්ඝ මිතුරුකමක් බවට පත්වුණා. ඉන්පසුව පෙම්වතුන් වෙලා අවුරුදු තුනක් විතර ඉඳලා තමයි විවාහ වුණේ.

විවාහය වගේ දිගු ගමනකට මුල පුරන්න මොකක්ද විශේෂ හේතුව වුණේ?
නාරද එදා ඉඳලාම හරිම කිට්ටු චරිතයක්. ඉගෙනීම් කටයුතු වෙනුවෙන් මම අවුරුදු හතක් විතර හිටියේ විදේශ ගතවෙලා. ඒත් බොහෝ අවස්ථාවලදී අපි දෙන්නා ජීවිතය බෙදා හදා ගත්තා. ඒත් ආදරය ගැන දෙන්නටම හිතේ තිබුණට දෙන්නම අහන්න ගියේ නැහැ. එයා මුලින්ම හොඳම යාළුවා වුණා. ඊට පස්සෙ පෙම්වතා වුණා. අද එයා සැමියා වෙලා. හැබැයි මගේ හොඳම යාළුවා එයා වගෙයි.

මේ පේ‍්‍රමයට ගෙවල් වලින් බාධා ඇතිවුණේ නැද්ද?
අපි දෙගොල්ල ආගම් දෙකක නිසා පුංචි ගැටළුවක් මුලින් තිබුණා. ඒත් නාරද ගැන අපේ අම්මා දැනගෙන සිටියා. එයා ගැන හොඳම තමයි අපට අහන්න ලැබුණෙ. දකින්න ලැබුණෙ.

 

දිනූෂා රැකියාවක නිරත වෙනවද?
ඔව් රාගම වෛද්‍ය පීඨයේ කථන හා භාෂා චිකිත්සක අංශයේ කතිකාචාර්යවරියක ලෙස සේවය කරනවා.

 

නාරදගෙ වැඩ කටයුතු මොනවද මේ දිනවල?
තොරතුරු තාක්ෂණයට සම්බන්ධ රූපවාහිනි වැඩසටහනක් සහ අනන්තය නමින් රාජධානි හා ඉතිහාසය ගැන කියැවෙන වැඩසටහනක් සමග තවත් වැඩසටහන් දෙක තුනකට දායකව සිටිනවා.

 

ඔබ දෙපෙළගෙ මේ විවාහය වෙනුවෙන් ලොකු උත්සවයක් ගත්තෙ නැහැ නේද?
පෝරුවෙ උත්සවය සහ දේවස්ථානයේ උත්සවය යන දෙකම පැවැත්වූවා. 5 වැනිදා දේවස්ථානයේ කටයුතුත්, 6 වැනිදා පෝරුවේ චාරිත‍්‍රත් පැවැත් වූණා. උත්සවය ගාලූ මුවදොර හෝටලයේදී පැවැත්වුණා. ළඟම ඥාති පාර්ශව සහ එදා ඉඳලා අපි එක්ක හිටපු අය උත්සවයට සහභාගී වුණා.

 

නාරද ගැන දිනුෂිට හිතෙන්නෙ කොහොමද?
මම හිතන්නෙ මම ඉහත ආත්මයක සිට පතාගෙන ආව කෙනෙක් වෙන්න ඇති. අවුරුදු දහයක්ම අපි මිතුරන් වෙලා හිටියා. ඒත් කවදාවත් තරහා වෙලා නැහැ. එයා හරි සැහැල්ලූ චරිතයක්. පොළවෙ පය ගහලා ඉන්න චරිතයක්.

 

ඔබ ඔහුට කැමති වුණේ ජනප‍්‍රිය ලේබලය නිසා නෙවේද?
එදා නාරද හමුවන විට රස රිසි ගී නරඹලා තිබුණට එය දිගටම නැරඹුවේ නැහැ. පාසලේ කටයුතුවලට ඊට වඩා මුල්තැන දුන්නා. ජනප‍්‍රියත්වය කියන දේ ඇත්තටම තාවකාලිකයි. මම ආදරය කරන්නෙ මගේ හොඳම යාළුවාටයි. ඒ ආදරය මැරෙනකල්ම තියේවි.

 

අපි නොදන්න, ඔබ විතරක් දන්නා නාරදගෙ දේවල් තියෙනවද?
මම හිතන්නෙ අමතක වීමේ ලොකු ලෙඩක් තියෙනවා. ඒ වගේම හරි විහිළු දේවල් වෙනවා. මධුසමයට යද්දී ඇඳුම් බෑග් එක අමුතුවෙන් ලෑස්ති කරගෙන ආවෙ නැහැ. හරියට ඉස්කෝලේ යනවා වගේ පුංචි බෑග් එකකට ඇඳුමක් දෙකක් දාගෙන ආවා. එයා ඇත්තටම හරි සැහැල්ලූ චරිතයක්. ජීවිතය මහා බරක් ලෙස දකින්නෙ නැති කෙනෙක්.

 

මග තොට යන එන කොට තරුණියන් ඔහු වටකරගත්තම ඔබට මොන වගේ හැඟීමක්ද ඇතිවන්නෙ?
එය ජනප‍්‍රියත්වය සහ එයාගෙ දක්ෂතාවය අගැයීමක්නෙ. ඇත්තම කිව්වොත්, මට වඩා නාරද මට විශ්වාසයි. හරි වැරැද්ද සහ සීමාව දැනගෙන කටයුතු කරන කෙනෙක්. ඒ නිසා ප‍්‍රශ්නයක් නෑ.

 

විවාහය හොඳින් පවත්වාගෙන යාමට මොන වගේ දේවල් අනුගමනය කළ යුතුය කියලද ඔබ හිතන්නෙ?
මම හිතන්නෙ අපේ පවුල් පසුබිම ඉතා යහපත්. අපේ පවුල්වල දෙමාපියන් ඉතා ආදරයෙන් ආදර්ශවත්ව සිටි අය. ඒ ගුණාංග අපටත් තිබෙනවා. නාරදගෙයි මගෙයි ආදරය ඒ නිසා මැරෙනකල්ම තියේවි. විවාහයේ අරුත එයයි. ඒ හැරත් නාරද කියන්නෙ මට සම්පූර්ණ චරිතයක්. මට ගොඩාක් ආදරේ කෙනෙක්. ප‍්‍රශ්න ආවත් ඒවා අපි විසඳගන්නවා හැරෙන්නට, අපි දෙන්නා අතරට අතරමැදි පාර්ශව වලට එන්න ඉඩ තබන්නෙ නැහැ.

 

නාරද ”ගඟ අද්දර මා” ගීතයට වඩා කැමතිලූ නේද?
ඔව්, ඒක එයාගෙ තේමා ගීතය වගෙයි. විජයගෙ ලොකු රසිකයෙක්.

 

ඔබගෙ ප‍්‍රියතම ගීතයත් එයමද?
ක‍්‍රිස්ටිනා ෆෙරී ගයන, තවුසන්ඞ් ඉයර්ස් ගීතයට ගොඩාක් ආසයි.

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ

 



අදහස් (0)

අපේ ආදරේ මැරෙනකම්ම තියේවී

උපාලි Thursday, 17 January 2013 03:21 PM

මැරෙනකම්ම ආදරය පැතීම අහන්නත් ආසයි (ස)

:       0       0

තරංග Friday, 25 January 2013 02:58 AM

කථිකාචාර්යවරයෙකුට මෙහෙම ඇදුම් ගැළපෙන්නේ නැහැ නේද? (නි)

:       0       0

තරුෂ Wednesday, 16 January 2013 09:34 PM

දූ දරුවන් 10 යකගේ වත් දෙමව්පියන් වීමට වාසනාව ලැබේවා යුග දිවිය සරුසාර වේවා ! මේ හදවතින්ම නැගෙන පැතුමන්ය (ස)

:       0       0

පිටිගල Wednesday, 16 January 2013 09:39 PM

නංගියේ ඔයානම් සිංහ ධේනුවක් වගේ (ස)

:       0       0

බින්දු Thursday, 17 January 2013 03:31 PM

ඔබලාගේ විවාහ දිවියට සුබ පතනවා (ස)

:       0       0

රවි Tuesday, 29 January 2013 08:48 AM

නාරදගේ පෙම්වතිය ගැන නම් මම දන්නේ නැහැ.. ඒ උනාට ඔයාට මම හරිම ආදරෙයි.. ඔයාගේ තියෙන හරිම අහිංසක බවක්... (නු)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Sunday, 27 January 2013 02:37 AM

විවාහ ජීවිතය යනු ලිංගික ආශාව යථා ආකාරයෙන් ක්‍රියාත්මක කරවීම සඳහා සමාජය පිළිගත් නීතිය ආවරණයක් සහිත සම්මුති සංස්ථාවකට ඇතුළුවීමයි. විවාහය ලිංගික ඇසුර පදනම් කරගෙන බිහිව තිබේ. ලිංගික ඇසුර නම් ස්පර්ශ කාමය වින්දනය කිරීමයි. විඳීම් සියල්ල දුකක් ලෙස බුදුදහමේ අර්ථ දක්වා තිබේ. මුළු මහත් ලෝකයම දුක මත පදනම්ව බිහිවී ඇති බව ත්‍රිපිටක බුද්ධ දේශනාව අනුව පැහැදිලිය. අතෘප්තිකර ස්වභාවය අධික වීම යනු දුක්ඛ ස්වභාවය වැඩිවීමයි. එබැවින් කාමාශාව අධික වීම යනු අතෘප්තිකර බව වැඩිවීම යනුවෙන් අර්ථකථනය වී තිබේ. යම් කෙනෙකුගේ විවාහ ඔහුට හෝ ඇයට අදාළ පෞද්ගලික කාරණාවක් මිස සමාජයට එතරම් වැදගත් පොදු සිද්ධියක් නොවන බව මම විශ්වාස කරමි. එම විශ්වාසයට අදාළව මේ ප්‍රවෘත්තියේ සඳහන් දෙදෙනා අතර මිස අප වැනි සෙසු අයට මෙහි එතරම් අදාළත්වයක් හෝ වැදගත් බවක් නැති බව මගේ වැටහීමයි. (නි)

:       0       0

අසිත Sunday, 20 January 2013 10:46 PM

නොදන්නාකමට අහන්නේ, කථන හා භාෂා චිකිත්සක කියන්නේ දොස්තර කෙනෙක් නෙමෙයි නේද? (නි)

:       0       0

තිස්ස Saturday, 19 January 2013 09:50 AM

"අපේ ආදරේ මැරෙනකම්ම තියේවී" එසේම වේවා! සුභ අනාගතයක්! (නි)

:       0       0

පනාගොඩ Monday, 21 January 2013 01:12 PM

පිටිගල අයියා නාරද විජේසූරියයි, නාදර බක්මීවැවයි පටලවාගෙන වගෙයි. (නි)

:       0       0

හේවාවිතාරණ ජය.. Tuesday, 29 January 2013 10:48 PM

ඔබ දෙපලට දීර්ඝායුෂ ලැබේවා.. ආදරණීය සුදුමාමා..!(නු)

:       0       0

ලලනා Tuesday, 22 January 2013 11:21 AM

මගේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

හේවාවිතරණ ජේ. Tuesday, 29 January 2013 10:53 PM

නාරද පුතා සහ දිනුෂි දුව ඔබ දෙපලට වාසනාවන්ත අනාගතයක් චිත්‍රා පුංචි සහ සුදු මාමා පැරිසියේ සිට..!(නු)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 31 January 2013 09:22 AM

හොද හමුවීමක් හරි ගැලපීමක් ඔබ දෙපලට සුභ අනාගතයකට ආසිරි..(මල්වානේ අජිත් අංකල්ගෙන්)(නු)

:       0       0

මිනෝලි Saturday, 19 January 2013 10:24 AM

සුබාසිරි ඔබ දෙපලට ...පාසල් අතීතයේ සුන්දර මතකයන් තවමත් අපිට තවමත් අමතක නෑ (ස)

:       0       0

ජනක Friday, 18 January 2013 03:18 AM

නාරද ඔබටත් බිරිඳටත් සුබ මංගලම්. මැරෙන තුරා ආදරයෙන් ඉන්න ලැබේවා (ස)

:       0       0

තුෂාර Thursday, 17 January 2013 04:43 PM

නාරද අයියට සුබ පැතුම් (ස)

:       0       0

විරංජනු Wednesday, 16 January 2013 11:11 PM

සුභ අනාගතයක් නාරද අයියේ, ඔයාටයි අක්කටයි. (නි)

:       0       0

අසේල Thursday, 17 January 2013 11:34 AM

නාරද අයියේ ඔයාට සුබ විවාහ දිවියක් වේවා (ස)

:       0       0

පනා‍ගොඩ Wednesday, 23 January 2013 05:04 AM

සුජිත්, මේ අය එළවලු කන බවත් නම් ‍පෙනෙන්න නැහැ. (නි)

:       0       0

අංජලා Thursday, 17 January 2013 11:42 AM

ඔබ පතන අයුරින් මැරෙන තුරා ඔබ දෙපළගේ ආදරය පවතීවා (ස)

:       0       0

එම්.එන්.පියරත්න Saturday, 26 January 2013 04:30 PM

නව යුවතිපති දෙදෙනෙක් වශයෙන් ඔබ දෙපලට සිංහල ජාතිය වෙනුවෙන් ලොකු යුතුකමක් ඉටු කරන්න තිබෙනවා. මම ඔබ දෙපලට මෙසේ ශුභ පතනවා. ඔබලාට සදා ජය හා සැප. (නි)

:       0       0

ගයාන් Friday, 18 January 2013 11:36 PM

කාලෙකට පස්සේ. ඔබ දෙදෙනාට සුබ පැතුම් (දී)

:       0       0

පිටිගල Saturday, 19 January 2013 09:04 PM

නාරද, ඔබ මීටපෙරදී මැදපෙරදිග දුක්විදින ලාංකිකයින් වෙනුවෙන් කළ ‍මහගු මෙහෙය අපිට තවම මතකයි. (නි)

:       0       0

ගයාන් Monday, 21 January 2013 06:48 AM

හනිමූන් යන්න ඇදුම් එච්චර ඕනෑ නැහැ කියලා නාරද අයියා දන්නවා ඇති. (නි)

:       0       0

රත්නායක Saturday, 02 February 2013 11:17 AM

ඔහොම තමයි ගොඩක් අය කිව්වේ. ඔබ දෙපල එහෙම නොවේවායි පතමි.(නදී)

:       0       0

රොෂාන් Tuesday, 29 January 2013 05:00 PM

මම සුජිත්වත් දන්නවා නාරදවත් දන්නවා. අපි එකට පාසල් ගියේ.. පරණ යාලුවො.. සුජිත් හොදට දන්නවා නාරද කියන්නේ මොනවගේ කෙනෙක්ද කියලා.. (නු)

:       0       0

ෆාතිමා Saturday, 22 June 2013 10:02 PM

ආචාර්ය සුජ්ත් මේ වෙනකොට දික්කසාද වෙලාද (අ)

:       0       0

විජිත Thursday, 17 January 2013 01:48 PM

නාරද අයියේ, ඔයා හරි නිහතමානී කෙනක්. ඔය දෙන්නගේ ආදරය සදාකල්ම පවතීවා! ප්‍රීතිමත් යුග දිවියක් වේවා! (නි)

:       0       0

රවී Wednesday, 30 January 2013 08:42 AM

නාරද මට ඔයා එක්ක කතා කරන්න ආසයි.(ස)

:       0       0

ගුණසේන Thursday, 24 January 2013 09:12 AM

ඔබ හොඳ කෙනෙක් , ඔබ දෙදෙනාට සුබ විවාහ දිවියක් උදා වේවා (ස)

:       0       0

පෙරේරා Wednesday, 23 January 2013 08:06 PM

මම ඔබ දෙපළට හදවතින්ම සුභ පතනවා! (නි)

:       0       0

පිටිගල Friday, 18 January 2013 02:42 PM

නාරද ඔබ නැවත රූපවාහිනී වැඩසටහනකින් විදේශික අපිට දැනගන්න ලැබේවා (ස)

:       0       0

හර්ෂණි Sunday, 20 January 2013 08:09 AM

ඒ සංසාර බැදීම තවත් ආත්ම ගණනාවක් යනතුරු මෙලෙසම තිබේවායි පතමි. (නි)

:       0       0

ජෝස් Monday, 28 January 2013 08:15 PM

ආචාර්ය සුජිත් කියන විදියට මේ දෙන්නට ඒ ගැන අවබෝධයක් තියෙනවා වගෙයි. (නි)

:       0       0

නිරාන් Thursday, 17 January 2013 08:41 AM

ඔබ දෙපළට වාසනාවන්ත යුග දිවියකට ආසිරි! (නි)

:       0       0

සුදේශ් Tuesday, 29 January 2013 01:19 PM

මට හිතෙන්නේ සුජිත් වෛද්‍යවරයෙක් මුණ ගැසීමට යා යුතුයි..!(නු)

:       0       0

සුදේශ් Tuesday, 29 January 2013 01:18 PM

ඉන්දික සුජිත් දෙන්නට සුභ පතන්නේ නැතිව එක එක කතා කියනවා..!(නු)

:       0       0

සදුනි Thursday, 17 January 2013 09:15 PM

යුග ජීවිතය වාසනා! (නි)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 22 January 2013 03:52 PM

ඔව් වෙන මොනවා නැතත් කමක් නැහැ ඔයාලගේ ඔය ආදරේ තිබුණොත් මදෑ. මෙහෙ මිනිස්සුන්ට කන්න බොන්න නැහැ. එළවළු ගිනි ගණන්. අනේ අම්මපා මේ රටකට ගිය කලක්. මේ වගේ කාලයක අපිත් ඉපදිලා ඉන්න තරම් පවු කරලා තියෙනවානේ. (නි)

:       0       0

වාසනා Friday, 18 January 2013 11:16 AM

සුබ පැතුම් (ස)

:       0       0

සම්පත් Thursday, 17 January 2013 09:28 PM

ඔයාලගේ ආදරය හැම ආත්මයකදීම මේ විදියටම පවතීවා! (නි)

:       0       0

සංජීව Tuesday, 29 January 2013 01:40 PM

සුජිත් ඔබට නිසි ප්‍රතිකාරයක් ලබා ගත යුතුයි වගේ...!(නු)

:       0       0

කසුනි Sunday, 20 January 2013 07:58 PM

"මැරෙනකම්ම " ??? මට විශ්වාස නෑ අවුරුද්දක් දෙකක්වත් කියලා කිව්වනම් විශ්වාස කරන්නවත් තිබුණා (ස)

:       0       0

ජනක Thursday, 17 January 2013 09:40 PM

ඔබ දෙපළට දීර්ඝායුෂ පතමි. (නි)

:       0       0

සුදී Monday, 28 January 2013 09:59 AM

සුබ අනාගතයකට ආසිරි පතනවා ඔය දෙන්නට (ස)

:       0       0

දුලී Wednesday, 23 January 2013 03:42 PM

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේට මොකක්හරි ලෙඩක් තියෙනවද? (නි)

:       0       0

ප්‍රියන්ත ආර් Thursday, 17 January 2013 09:51 AM

සුබ පැතුම් නාරද...!(නු)

:       0       0

පිටිගල Monday, 21 January 2013 11:53 AM

ඔබ නැවතත් පහන් තරුව තුලින් ජනතාව අතරට එන්න (ස)

:       0       0

නිසා Friday, 18 January 2013 12:05 PM

නාරද , ඔයාගේ ආගම කිසිම විටක පාවා දෙන්න එපා . අපි හිතනවා ඔයා බුද්ධිමත් කියලා (ස)

:       0       0

රොශාන් Wednesday, 16 January 2013 09:23 PM

නියමයි නාරද , ඔබ එදත් අදත් හොද චරිතයකින් ‍යුතු වූ බව අපි දනිමු. මා ඔබේ පාසලේ මිතුරෙක් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 737 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


ධම්මික ප්‍රියන්ත රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ තනතුරට
2024 ඔක්තෝබර් මස 05 2178 0

රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත් කර තිබේ.


කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 11156 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 566 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1936 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 3816 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39056 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25560 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 316 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1073 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 376 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site