IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


අ’පුරේ හිමිවරු 8 නමක් උපවාසයක

(දයාරත්න ඇඹෝගම)
 
අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ පදිංචි බෞද්ධයන් බලහත්කාරයෙන් අන්‍ය ආගමකට බඳවා ගන්නා ව්‍යාපාරයට විරෝධය පළ කරමින් ශ්‍රාවස්තිපුර ශ්‍රී බෝධිරුක්ඛාරාම මහා විහාරාධිපති රාජාංගනයේ සද්ධාරතන හිමියන් ඇතුළු එම විහාරස්ථානයේ වැඩවසන හිමිවරු 8 නමක් අද (30) අඛණ්ඩ  උපවාසයක් ඇරඹුහ.

මෙම උපවාසයට ආධාර අනුබල දෙමින් එම විහාරස්ථානයේ දායක දායිකාවන් පිරිසක් ද විහාරස්ථානයට රැස්ව සිටිති.

මෙම උපවාසය පිළිබඳ අදහස් දක්වමින් බෝධිරැක්ඛාරාම මහා විහාරාධිපති රාජාංගණයේ සද්ධාරතන හිමියෝ මෙසේ පැවසුහ.

‘තලාව ප්‍රදේශයේ මුලස්ථානයක් ලෙසට පවත්වා ගෙන යන රාජ්‍ය නොවන සංවිධානයක පිරිසක් ප්‍රදේශයේ ගම්මානවලට පැමිණ නිවසක් සාදා ගන්නට ආධාර වශයෙන් සෙවිලි තහඩුවක්,වැසිකිලි පෝච්චියක් වැනි යමක් දී බෞද්ධයන් අන්‍ය ආගමික සංවිධානයකට බදවා ගන්නවා. ගම්වලට ඇවිත් නොයෙකුත් යාතිකා කරනවා.මේවාට බෞද්ධයින් වැඩි පිරිසක් විරුද්ධයි.

මේ සම්බන්ධයෙන් එම පිරිසට මම අවවාද කර ඔවුන් හරවා යැවුවාට විරුද්ධ වෙලා. මට විරුද්ධ පොලිසියේ බොරු පැමිණිල්ලකුත් දමලා. මම ගැහුවා බැන්නා කියලා. ඕනි ආගමක් ඇදැහැව්වාට අපේ විරුද්ධත්වයක් නැහැ. ඒ වුණාට මෙහෙම සිංහල බෞද්ධ ගම්මානවලට පැමිණ මේ ආකාරයට ටකරන් කෑල්ලක්, වැසිකිළි වළක් දීලා ආගමට හරවා ගන්නවාට අපි විරුද්ධයි.‘ 



අදහස් (16)

අ’පුරේ හිමිවරු 8 නමක් උපවාසයක

ජයන්ත මිලානො Sunday, 30 August 2020 07:53 AM

මේකනේ ඔබ වහන්සේලා දුප්පත් මිනිස්සු ගැන හොයා බලන්නේ නෑ. එහෙම හොයා බලලා උදව් කරන අයව හෙලා දකිනවා. ඒකට කාරණාවක් කරගන්නවා අන්‍ය ආගමිකයින් බලහත්කාරයෙන් ආගමට හරවා ගන්නවා කියලා. රටකාපු හොරුන්ට නැවතත් ඡන්දෙදී ලා පාර්ලිමේන්තු යවපු මේ රටේ ඔයකියන මිනිස්සු තොත්ත බබාලායැ බලෙන් ආගම වැළඳගන්න.. අනේද කියන්නේ...?

:       0       0

kusal75 Sunday, 30 August 2020 08:01 AM

නිදහස් රටක ජීවත් වන අපිට... අපි කැමැති ආගමක් අදහන්න පුළුවන්...!! අපේ කැමැත්ත අනුව කිසිම අදහන්නේ නැතිව ඉන්නත් පුළුවන්. මෙතන කරන්නේ නීතිවිරෝධී ක්‍රියාවක්...

:       0       0

කුමාර Sunday, 30 August 2020 08:29 AM

මේ වගේ දේවල් අරගෙන වෙන ආගමකට හැරෙන අයට විරුද්ධව නේද කටයුතු කරන්න ඕනේ...? කිසි කෙනෙක් බලෙන් අරන් යන්නේ නැහැනේ... අනික ඕනෙම කෙනෙකුට තමන්ගේ කැමැත්තට කටයුතු කරන්න පුළුවන්, එය වෙන කෙනෙකුට කරදරයක් නොවන්නේ නම්... මෙයින් පෙනෙන්නේ අපේ හාමුදුරුවෝ ගැන මිනිසුන්ගේ කලකිරීමයි...

:       0       0

ලුම්බිණි Sunday, 30 August 2020 09:07 AM

හාමුදුරුවරුන්ටත් තියෙන්නේ උපවාස කරනවාට වඩා මිනිසුන්ට පුළුවන් විදියකට උදවු කරන එක නේද?

:       0       0

සපුමල්(Spumal,SAPUMAL.) Sunday, 30 August 2020 09:42 AM

බෞද්ධයන් අන්‍ය ආගම්වලට බඳවා ගැනීම වැරදි මෙන්ම බෞද්ධ රටේ නොකළ යුතු දෙයක්... ඒත්, භික්ෂූන් වහන්සේලා බුද්ධ චීවරයට මුවාවී නොයෙකුත් නොපනත්කම් වල නිරත වී සිටීමත්, පක්ෂ දේශපාලනයට ගිජුවී සිටීම වැනි උදේට දේ සහ ප්‍රසිද්ධියේ පැවසිය නොහැකි දේ නිසාත්, මේ රටේ බෞද්ධ ජනතාව චීවරය කෙරෙහි, භික්ෂූන් වහන්සේලා කෙරෙහි, කලකිරීමකින් තමයි ජීවත් වන්නේ... මේ නිසා වෙනත් ආගම් වලට බෞද්ධයන් බඳවාගැනීමට පහසුවී ඇති බවක් පෙනේ. බෝඩ් එල්ලාගෙන උපවාස කරනවට වඩා සංඝ සංස්ථාවෙන් වෙන වැරදි නිවැරැදි කර ගන්නේ නම්, වඩාත් උචිත නොවන්නේද? සිදුවිය යුත්තේ එයයි. එහෙත්.., අවාසනාවකට සිදු නොවන්නේ ද එයයි. අනේ දෙවියනේ.. !!! චීවරයට හා ශාසනයකට ගිය කලක්...

:       0       0

mahinda Sunday, 30 August 2020 09:56 AM

පාර්ලිමේන්තු ආසනයක් වෙනුවෙන් මරාගන්නා හාමුදුරුවරු ඉන්න රටක රටක අනාගතය තීරණය මැතිවරණයකදී ටකරමට, වැසිකිලි පෝච්චියට හා සිමෙන්ති කොට්ටයට ඡන්දය දෙන්න හොඳනම් ආගම මාරුකළාම මොකද?

:       0       0

Kmal Koyrala Sunday, 30 August 2020 10:20 AM

ශාසනේට වඩා ආසනේ ලොකුවුණු පන්සල් දේශපාලනේ නිසා ඔවැනි දේ ඇතිවෙනවා. පන්සල්වල බිස්නස් නවතලා බෞද්ධයින් පන්සල්වලට ගෙන්වා ගන්න කටයුතු කරන්න.

:       0       0

ජගා Sunday, 30 August 2020 10:47 AM

ඉතින් ඔබ වහන්සේලාටත් තියෙන්නේ ඒ අයට ඒ වගේ උදවු කරලා ඒ අය තියා ගන්න එකනේ. බෞද්ධ මිනිස්සු ආගම ගැන කලකිරිලා ඉන්නේ. හාමුදුරුවන් පැහැරගැනීම්, ගහමරාගැනීම් දැකලා.

:       0       0

amila Sunday, 30 August 2020 11:56 AM

වෙන්න ඕනෑ අන්‍යාගමිකයෝ බලෙන් හරි බුදුදහමට හරවාගන්න එක. ඒත් වෙන්නේ ඒකේ අනිත් පැත්ත.

:       0       0

රතනසාර Sunday, 30 August 2020 12:15 PM

කෝ අර ඥාණසාර හාමුදුරුවෝ...?

:       0       0

මාලිකා Sunday, 30 August 2020 04:01 PM

හාමුදුරුවනේ බෞද්ධයන් අන්‍ය ආගමිකයින් කරන එකට උපවාස කරලා හරි යන්නේ නෑ. ඒ මිනිස්සු ඒ ආගම් වලට හැරෙන්නේ ඇයිද කියලා හොයලා බලන්න. නැති බැරි අයට බඩු මල්ලක්, මුදල් එහෙම දෙනවා ඇති. ඒකයි ඔහොම වෙන්නේ. ඒක නිසා විය යුත්තේ පුලුවන් අය එකතුවෙලා අරමුදලක් පිහිටවලා මේ අයගේ අවශ්‍යතාවයන් ගැන හොයලා පුලුවන් විදියට උපකාර කරන්න. නැතුව උපවාස කරලා නැති ප්‍රශ්න ඇති කරලා එකෙක් දෙන්නෙක්ට මැරුම් කන්න සලස්වන්න එපා. ඔය බෝර්ඩ් ලෑලි අරන් හිටියට වැඩක් වෙන්නේ නෑ. බුද්ධිමත්ව හිතලා හරි දේ කරන්න.

:       2       136

senaMonday, 31 August 2020 11:28 AM

උපවාසයෙන් මේවා වෙනස් කරන්න බැරි බව ඇත්තයි, නමුත් ඒකෙන් ඒ ප්‍රදේශයේ සිදුවෙනදේ රටටම දැනගන්න ලැබෙනවා. ඒක බොහොම වැදගත්...

:       0       0

Bamunuarachchi Monday, 31 August 2020 02:05 AM

හාමුදුරුවනේ... නොනක ඉඳන් බෙදන්න. අපේ පළාත්වලට එන්නේ නැහැ. ආවොත් නම් කොනක ඉඳන් බෙදනවා.

:       0       0

lalithm Monday, 31 August 2020 02:18 AM

ඒක ඇත්ත. පන්සල්වල කාසි, පෙට්ටි පුරවාගෙන බෙන්ස් මාෆියාවෙන් ඉදිමුණු පැවිද්දන්ට කියන්න මේවා ගැන හොයලා බලලා වැඩකරන්න කියලා. ඔය බොරු උපවාස මන්ත්‍රී ගොල්ලොත් කරනවනේ.

:       0       0

dhamneth Monday, 31 August 2020 06:22 AM

සමහර පන්සල්වල අපේ හාමුදුරුවනේ කොතරම් සිල්වත් වුණත් සල්ලි නැති බෞද්ධයින්ට තැනක් නැහැ. මේකත් එක හේතුවක්... පහසුකම් අන්‍යාගම්වලට හරවාගන්න. දැන් බලන්න අපේ හාමුදුරුවනේ ඡන්ද ලබාගන්නත් ඔය වගේ දේවල් බෙදාදෙනවා. රටේ දිළිඳුකම නැතිකරන්න අපි කවුරුත් උනන්දු විය යුතුයි.

:       0       0

මෝ Monday, 31 August 2020 09:38 PM

අපේ රටේ බොහෝ පන්සල් ඉතාමත් ධනවත්. හාමුදුරුවරු බණ දේශනාවේ අටපිරිකරේ සිටම හම්බ කරනවා. ඒ නිසා ක්‍රිස්තියානි පල්ලිය මෙන් දුප්පත් ජනතාවට උදව් කරන්න පන්සල මුල්විය යුතුයි. හාමුදුරුවරු දන්නවා ගමේ ඉන්න දුප්පතුන් සහ පොහොසතුන් ගැන... අඩුගානෙ ඇඳුම් පැළඳුම්, පොත් පත්, කෑම් බීම් වගේ දේවල් පරිත්‍යාග ලෙස එකතු කරලා ඒවා ගමේ දුප්පතුන්ට සතිපතා බෙදාදෙන්න ක්‍රමයක් ඇතිකරන්න. මේ සඳහා වෙළඳ මහතුන්, විධායක නිලධාරීන්, කර්මාන්ත හිමියන්... දේශපාලකයින්, ධනවත් හාමුදුරුවරුන්, විදේශ ශ්‍රී ලාංකිකයින් එකතු කරගත හැකියි. දරුවන් බඩගින්නේ තියන්න බැරි නිසා දෙමව්පියන් මෙවැනි මිථ්‍යා දෘෂ්ඨිකයින්ට අහුවෙනවා. අපි අපේ අයට උදව් කරමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ත්‍රිරෝද-රන් බඩු කොල්ල කල්ලියක 4ක් අල්ලයි
2025 අප්‍රේල් මස 28 121 0

ත්‍රිරෝද රථ රියදුරන් කුලී ගමන් යන මුවාවෙන් රැගෙන ගොස් තියුණු ආයුධ පෙන්වා , යකඩ පොලු වලින් පහරදී ත්‍රිරෝද රථ සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ යෙදුණු සංවිධානාත්මක


උසස් පෙළ නැවත සමීක්‍ෂණයට අයදුම්පත් කැඳවයි
2025 අප්‍රේල් මස 28 112 0

උසස් පෙළ විභාගයේ (2024) ප්‍රතිඵල නැවත සමීක්‍ෂණය සඳහා ලබන මැයි මස 2 වැනිදා සිට 16 වැනිදා දක්වා අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.


අල්ලස් කොමිසමේදී රනිල්ගෙන් පැය තුනක ප්‍රකාශයක්
2025 අප්‍රේල් මස 28 820 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැය තුනකට ආසන්න කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ දී ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මීට සුළු මොහොතකට පෙර පි


අකුණක් 5ක් රෝහලට යවයි
2025 අප්‍රේල් මස 28 352 0

අනුරාධපුර වන්දනාවේ පැමිණ බසවක්කුලම (අභය ) වැවේ දිය නාමින් සිටි පිරිසකට අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් පස් දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බ


‘මහනුවරට රෝග බෝවීමේ අවදානමක් නෑ‘
2025 අප්‍රේල් මස 28 582 4

දළදා දැක්මෙන් පසු මහනුවර නගරයට කිසිදු ආකාරයක රෝග බෝවීමේ අවදානමක් නොමැතිි බව මහනුවර නාගරික ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය පසන් පැරකුම් ජයසිංහ මහතා කිය


ජනපති බංගලා ගැන ළඟදීම තීරණයක්
2025 අප්‍රේල් මස 28 615 0

ජනාධිපතිවරයාට දිවයින පුරා වෙන්කර ඇති බංගලා නවයෙන් දෙකක් පමණක් තබාගෙන ඉතිරි බංගලා ආර්ථික වශයෙන් ඵලදායී කටයුත්තකට යෙදවීමට ළඟදීම පියවර ගන්නා බව රාජ්‍


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 982 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 426 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 574 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site