ගිවිසුම් ගත දෙවසර අවසානයේ අබුඩාබියේ මුසාෆාහි සමාගමක බලෙන් රඳවාගත් ලාංකික කතුන් 101 දෙනාගෙන් 17 දෙනෙක් එරට කම්කරු උසාවියේ නියෝගයකින් ශ්‍රී ලංකාවට එවනු ලැබූහ.
කොළඹ, හංවැල්ල, ගාල්ල, මීගමුව සහ ගම්පහ පදිංචි වයස 22-38 වයසේ පසුවූ ඔවුහු විවිධ අසනීපවලට ද ලක්ව සිටියහ.
හය මාසයක් බලයෙන් තමන් රඳවාගෙන සිටි බව ඔවුහු කීහ.
පිරිසිදු කිරීම් කටයුතුවලට ගිය ඔවුනට පිරිමින් කරන බර වැඩ පැවරුණු බවත්, ශ්‍රී ලංකාවේ ගැහැණුන් 300ක් පමණ එහි සේවය කරන බවත් ඔවුන් කීය.
නව වසරේ මෙලෙස යළි දිවයිනට පැමිණීමට තමනට අවස්ථාව උදාවූයේ අබුඩාබිහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ කම්කරු අංශයේ පළමු ලේකම්වරුන් වන එම් ඊ ජී සමරවීර, විශ්ව දිසානායක සහ තෙවන ලේකම් රුවන් ගුණතිලක මහත්වරුන් මැදිහත්වීම නිසා බවත් එසේ නොවන්නට තමන්ට යළි කිසි දිනක මෙරටට පැමිණීමට අවස්ථාවක් නොලැබීයාටම ඉඩ තුබූ බව ද ඔවුහු පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අනෙක් අයට මොකද වෙන්නේ? එයාලත් අපේ ලාංකිකයින්... (නි)
ලංකා ඉතිහාසයේ පළමු වරට ශ්‍රමිකයින් බේරාගත් අවස්ථාව මෙය විය හැකියි. තානාපති සේවයට ගෞරවය පුද කරමු! (නි)
විසේද සේවා ආයතනය සේ ගැන සොයා බලා ඉක්මනින් පියවරක් ගත යුතුයි (ස)
කොහොමහරි ලංකාවට පැමිණි එක නම් ගොඩක් හොදයි. (නි)
යහපත් කටයුත්තක්. තානාපති සේවයට ස්තූතියි. අනෙක් අය ගැනත් සළකා බලන ලෙස ඉල්ලනවා. (නි)
දාහතයිද? (නි)
මම දන්නවා මේ ඔක්කොමලාවම. (නි)
ස්තුති ඔබට
අනෙක් තානාපතිලාත් මෙහෙම වුණා නම්.... (නි)
මේ අයට ඒ රටෙන් තෑගිත් හම්බවෙලා වගෙයි. (නි)
ඉතා වැදගත්...ඉතා වැදගත්... (දී)
ජයවේවා (දී)