අබුඩාබියේ මුසාෆා නගරයේ පෞද්ගලික පිරිසිදු කිරීමේ සමාගමක බලහත්කාරයෙන් සේවයේ යොදා ගෙන සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් 12 දෙනෙක් එරට කම්කරු උසාවියේ නියෝගයකට අනුව මුදාහරිනු ලැබ කටුනායකින් දිවයිනට පැමිණියහ.
මීගමුව, වෙන්නප්පුව, ගම්පහ, පූගොඩ සහ හංවැල්ලේ පදිංචි එම කාන්තාවන් වසර දෙකක සේවා ගිවිසුමකට යටත්ව එම ආයතනයේ සේවයට ගොස් ඇති අතර සේවා ගිවිසුම අවසානයේ ලංකාවට ඒමට නොදී බලහත්කාරයෙන් රඳවාගෙන සේවයේ යොදවාගෙන ඇත.
තමන්ට මෙරටට ඒමට හැකිවූයේ අබුඩාබි තානාපති කාර්යාලයේ පළමු ලේකම්වරුන් වන එම් ඊ ජී සමරවීර, විශ්ව දිසානායක සහ තෙවන ලේකම් රුවන් ගුණතිලක මහත්වරුන්ගේ මැදිහත්වීමෙන් බව කටුනායකදී එම කාන්තාවෝ පැවසූහ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙන් යන අය අන්තිමට කරන්නේ හම්බකරගෙන බැණලා එන එකයි. (නි)
අනේ මන්දා (ස)
යන්න නොදී හිටිය එකයි වැරැද්ද? මම හිතුවේ පඩිත් නොදී යවල කියල.. (ස)
මෙහේ ඉදගෙන අපි කොච්චර කෑගැහුවත් එයාලා නැත්නම් ලංකාවේ ආර්ථිකයට මරු පහරක් වදිනවා. (නි)
අමාරුවේ වැටුණු කෙනෙකුට හිනාවෙන එක මහ කැත පුරුද්දක්. (නි)
මම කැමතියි මේ අයගෙන් එක්කෙනෙක්ව භාරගන්න. (නි)
මේ අයට අසරණයි කිවුවොත් අසරණ අයට කියන්නේ මොකක්ද කියලයි මට නම් තේරෙන්නෙ නැත්තේ. (නි)
මීට වඩා ප්‍රශ්න තිබෙන අය මෙහේ ඉන්නවා. මෙයාලා මහන්සිවෙලා හොදට හම්බකරලා සතුටින් හිටපු අය වගේ. (නි)
යන්න නොදී හිටිය එකයි වැරැද්ද? මම හිතුවේ පඩිත් නොදී යවල කියල.(අ)
මීට වඩා මානුෂිකව හිතලා ප්‍රතිචාර කරන්න. (අ)
ඒ රටේ අයට සල්ලි තිබුණට බුද්ධිය අඩුයි. (නි)
වැඩිපුර අදහස් දාලා තියෙන්නේ අපේ තම්බි මල්ලිලානේ. මොකෝ දන්නෙ නැහැ. (නි)
සිල්වා හරි. අපි එයාලව සාදරයෙන් පිළිගනිමු. (නි)
අනතුරුදායක අවවාදයයි. ඔය අක්කලා ඒ රට තුළදී රත්තරන් මාල පැළදෙගන ගමන් බිමන් ගියාට ප්‍රශ්නයක් නොමැත. නමුත් ලංකාව තුළ ගමන් බිමන් යෑමේදී ඔබගේ මාලය සහ බෙල්ල පරිස්සම් කරගැනීමට වග බලාගන්න. (නි)
ප්‍රසන්න, ඒ රටේ අයට බුද්ධිය අඩුයි. අපේ රටේ අයට බුද්ධිය වැඩිනිසා තමයි එම රටවලට ගිහින් ඒ අයට සේවය කරන්නේ. (නි)
දන්නෝ දනිති.... නොදන්නෝද දනිති... (නි)
අංජන කරන්නේ අංජනම් එළි බලන එකද දන්නෙ නැහැ. (නි)
මොන දුකක් විදලා හරි මව්බිමට එනකොට තියෙන සතුට ඒක විදපු නැති අයට තේරෙන්නෙ නැහැ.. එහෙම බලන්න එපා. මිනිසුන් කොතරම් දූෂිත වෙලාද කියලා මේ අදහස් දැක්කාම තේරෙනවා.. (නු)
මිනිසුන් මේ තරම් පිරිහිලාද කියලා මේ අදහස් දැක්කාම පේනවා.!(නු)
කොතරම් දුක් විදලා හරි තමන්ගේ රටට ආවාම තියෙන සතුට අනිත් අයට තේරෙන්නෙ නැහැ..!(නු)
වැරදි විදියට මේ අය දිහා බලන්න එපා.. අවුරුදු දෙකක් තිස්සේ දෙමාපියන්ගෙන් සැමියාගෙන් දරුවන්ගෙන් සහ නෑ හිතමිතුරන්නේ ඈත් වෙලා ඒ මිනිසුන් ඔය ආපහු සිය රටට එන්නෙ..? ඒ එනකොට බඩු පුරවාගෙන එනවා කියන අයටයි මේ කියන්නේ.. ඒ අය ගියපු දවසෙ ඉදලා ටිෂූ එක පවා එකතු කරලා තමයි ඔය මළු පුරවාගන්නෙ..? මේ මළුවල වටිනාදේවල් බොහොම ටිකයි.. ඒක දන්න අය දන්නවා. අහිංසක මිනිසුන්ට ගරහන්න එපා.. මේ අයගේ අහිංසක කම මං ඇහින් දැකලා තියෙන නිසයි කියන්නේ...(නු)
හොදින් සතුටින් සිට පැමිණි ඇති බවයි මට නම් පෙනෙන්නේ. (නි)
මෙහේ තියෙන දෙයක් කරලා කීයක්හරි හොයාගන්නෙ නැතුව මොකට එහේ යනවද මන්දා? (නි)
රට ඉන්නා කාන්තාවන් විදිනා දුක බලන්න එම රටවලටම යායුතුය. ලංකාවට වෙලා වීර කතා කිවුවට වැඩක් නැත. (නි)
ගොඩක් බඩු පුරවගෙන එන්න වෙලා නෑ නේ ?? (ස)
හැබැයි මේ නංගිලාගේ ෆොටෝ ටික බලද්දී ලංකාවට වඩා හොදින් ඉදලා තියෙනබව පේනවා. (ස)
ඔවු මුතු, එහෙම එකක් තමයි පෙනෙන්නේ. (නි)
අනේ පවු. (නි)
මමත් දැනට අවුරුදු 7ක ඉදන් අබුඩාබියේ සේවය කරනවා. අබුඩාබි කියන්නේ අනෙක් ගල්ෆ් රටවලට වඩා හොද රටක්. (නි)
අනේ මන්දා, එයාලා දිහා බලද්දි මට නම් හිතාගන්න බැහැ. (නි)
එයාලා දිහා බලද්දී අපිට හැමදේම හිතාගන්න පුලුවන්. (නි)
නැවත මවු බිමට සාදරයෙන් පිලිගන්නවා (දී)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මෙය එම ලේකම්වරුන්ගේ පෞද්ගලික මැදිහත්වීමක්ද? රාජකාරියක්ද? (නි)
දම්ම, ඒත් හැම රටකම ඉන්නවා කැමැත්තෙන් රැදී සිටින කට්ටියකුත්. (නි)
සමහරු බලන්නේ කැත සිතින්නේ . ඔයාල කැමති මේ අය වැරහැලි ඇඳගෙන එනවටද ?? (ස)
මේක නම් විශ්වාස කරන්නත් අමාරුයි වගේ. (නි)
මේ අයගේ සේවා කාලය ඉවර වෙලා ලංකාවට යන්න නුදුන් නිසා තමයි මේ ප්‍රශ්නෙ. (ස)
මොනවද මේ මිනිස්සු කියන කතා? අම්මපා! පුදුම ඊර්ෂ්‍යාවක්නේ තියෙන්නේ. (නි)
ධම්ම, මෙය එම ලේකම්වරුන්ගේ රාජකාරියයි. (නි)
සත්‍ය සැමදා ජය ගනී (ස)
LED එහෙම ගේන්නේ ...සරුයි වගේ (ස)