IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


අම්පාර ග්‍රාමාරක්ෂක පෝරකේට

බිරිය ආගමට හරවා ගත්තැයි ක‍්‍රිස්තියානි ශුභාරංචි සේවයේ දේවගැතිවරයකු ඝාතනය කළ ග්‍රාමාරක්ෂකයකුට නැගෙනහිර පළාත් බද මහාධිකරණ විනිසුරු රෝහණ අනුර කුමාර හේරත් මහතා මරණ දඬුවම නියම කළේය.

පූජකවරයාගේ බිරිය ශිරෝමී එදිරිසිංහ මහත්මියට තුවාල සිදුකිරීම හා මිනී මැරීමට තැත් කළැයි  ඔහුට වසර දහයක බරපතළ වැඩ සහිත සිරදඩුවම්ද නියම විය.

රුපියල් 5000 ක දඩයක්ද නිමය කළ අතර නොගෙවන්නේනම් මාස 12 ක සිරදඩුවමක් නියම විය.
වසන්ත බුද්ධික තුෂාර නානායක්කාර නම් ග්‍රාමාරක්ෂකට මරණ දඩුවම නියම විය.

2008 වසරේ පෙබරවාරි මස 07 දින අම්පාර නිවසකදී සැම්සන් නීල් එදිරසිංහ (36) දේවගැතිවරයාගේ මරණය සිදුකිරීම සම්බන්ධයෙන් ඔහු චෝදනා ලබා සිටියේය.

චෝදනා ලබා සිටි  ව්‍යාපාරිකයා ද විභාගය අතරතුරදී නඩුවෙන් නිදහස් විය.



අදහස් (0)

අම්පාර ග්‍රාමාරක්ෂක පෝරකේට

ඊඑම්ඩී Tuesday, 22 January 2013 11:48 PM

මාරු කිරීම සහ මාරු කරවීම එකක් නොව දෙකක්. (නි)

:       0       0

ජීව Tuesday, 22 January 2013 11:46 PM

අපේ මුතුන් මිත්තෝ ජීවිතය පූජා කරල තමයි බෞද්ධාගම මෙතෙක් ආරක්ෂා කර ගත්තෙ. ඒක විනාශ කරන්න තවත් ඉඩ දෙන්න බැහැ. ආගම් ඇදහීමයි,වංචා සහගතව පෙළඹවීමයි දෙකක්. ඔහුට ඉක්මනින් නිදහස ලැබේවා කියල පතනවා. (නි)

:       0       0

තිසේරා Tuesday, 22 January 2013 11:57 PM

ආචාර්යතුමා දන්න තරම තමයි ඔය. සමහර මූලධර්මවාදී ආගම් කල්ලි ඉන්නවා, ඒවායේ දරුවන්ට දෙමව්පියන්ටවත් වඳින්න තහනම්. ක්‍රිඩා තරඟයකට සහභාගි වන්න තහනම්. ලෙඩකට බේත් ගන්න තහනම්. මේවත් ආගම් ද? මේවා ආගම් විකෘති කරමින් විදෙස් මුදල් වලින් යැපෙන වංචාකාරයො කරන දේව විරෝධී වැඩ. ආගම් වලට මිනිස්සු බලෙන් ගන්න හෝ මුදල් නිසා බඳවා ගන්න තහනම්, නිදහසේ අදහන්න තහනමක් නැතුවාට. නමුත් පිළිතුර මිනිමැරීම නම් නොවේ. (නි)

:       0       0

සඳුන් Wednesday, 23 January 2013 12:03 AM

ආචාර්යතුමා අදහස් දක්වා තිබෙන්නේ මේ ලෝකේ ආගම් ගැන මෙලෝ හසරක් නොදැන බව පේනවා. (නි)

:       0       0

කාවින්දි Wednesday, 23 January 2013 12:09 AM

නම ශුභාරංචි සේවය වුණාට ජනතාවට දෙන පණිවිඩය නම් අන්තිමයි. මේ ගැන ජනමාධ්‍ය තුළින් ජනතාව දැනුවත් නොවීම තුළින් සමාජයේ අකටයුතුකම් නම් දිගින් දිගටම සිදු වෙනවා. (නි)

:       0       0

ආචාර්ය වසන්ත ලියනගේ Wednesday, 23 January 2013 12:14 AM

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා විසින් සඳහන් කර ඇති කරණු සත්‍යයයි. කිසිදු හේතුවක් නිසා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම අනුමත කළ නොහැක. එසේම බලහත්කාරයෙන් හෝ රැවටීමෙන් ආගම් වලට හැරවීමේ ව්‍යාපාරයන්ද අන්තවාදී ආගමික ව්‍යාප්තවාදයද සමාජයේ බේදයන් උත්සන්න කිරීමට හේතුවන බැවින් රාජ්‍ය මැදිහත්වීමෙන් මෙවැනි කටයුතු පාලනයක් සිදුකිරීම යෙහෙකි. (නි)

:       0       0

වත්තගේ Wednesday, 23 January 2013 12:32 AM

ඉදලා,,, ඉදලා,,, කොලා වැඩක් (දී)

:       0       0

නුවන් Wednesday, 23 January 2013 12:40 AM

මේ පාදිලිතුමාට දුන්න දඩුවම එයාගෙම දෙයියොන්ගෙ කැමැත්ත නිසා මාත් කැමතියි ඒකට. (නි)

:       0       0

පහලගෙදර පුංචි බණ්ඩා Wednesday, 23 January 2013 12:44 AM

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ, පවුල් අවුල් කරලා මනුස්සයෙක් මීනී මරුවෙක් කරපු බඩගොස්ත්රවාදී පුජකයා හරිම ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න ඇති නේද ? මෙතන තියෙන්නේ ගැහැණුන්ගේ මෝඩකම පිළිබද ප්‍රශ්නයක් විතරයි. උසාවියට ඕනෑම මිනී මැරුමක් එකසමාන වුණාට, සාධාරණව හිතුවොත් මේක මිනිහෙකුට ඇතිවෙන බරපතල ප්‍රශ්නයක්. ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ වගේ ඩොලර් කාක්කන්ට නම් එහෙම පෙනෙන එකක් නැහැ. (නි)

:       0       0

අසේල Wednesday, 23 January 2013 12:53 AM

ලෝකයේ ඕනෑ ආගමකට යන්න ඕනෑම ආගමක් අදහන්න අයිතියක් තියෙනවා කියන ගොන් මත දරන අය 1848 ට කලින් හිටියා නම් අනේ අපි සිංහල බෞද්ධ නෙමෙයි එහෙනම්. අනේ මේ වගේ නිවටයින් අපේ කරුමෙට මේ ලක්දෙරණේ ඉපදුනානෙ. (නි)

:       0       0

සුනිල් Wednesday, 23 January 2013 01:11 AM

කොරන්න වැඩක් නතුවද ඔහොම කලේ (දී)

:       0       0

සනත් Wednesday, 23 January 2013 01:19 AM

ආචාර්ය සුජිත්ගේ අදහස් හා දැක්ම අගෙයි. ජාල ලෝකයේ සමහර බලගතු රටවලට අවනත නොවුණොත් පවතින්න බැහැ. හිතාගන්න බැරි කකුල් මාට්ටු දානවා. හැබැයි ආගම් වලට හැරවීම සුජිත් මහතාණෙනි, වෙනමම විෂයයක්. එය අපේ රටේ සිදුවෙන අසෝබන වැඩක්. මිනිස්සු මරලා ඊට පිළියම් හොයන්න බැහැ. මේ යුරෝපයේ පල්ලි වැහිලා. සීයට අනූගානකට වඩා ඉන්නේ ආගමක් නැති අය. නමුත් ශික්ෂණය අති ඉහළයි. අපේ බොරු පම්පෝරිය විතරයි. (නි)

:       0       0

අසේල Wednesday, 23 January 2013 01:24 AM

අපේ ආචාර්ය මහත්තයා හුග කාලෙකට පස්සේ ගොඩබැහැලා වගෙයි. (නි)

:       0       0

සිල්වා Wednesday, 23 January 2013 02:30 AM

සුජිත්, ඔබ හරි වෙන්න පුලුවන්. මෙහි අප දකින්නේ අවසාන කොටස වන මිනීමැරුම පමණයි. ඇතුළත සිදුව ඇති දේ මීට වඩා දරාගත නොහැකි වීමට පුලුවන්. (නි)

:       0       0

හේරත් Wednesday, 23 January 2013 02:40 AM

ඉක්මන් කෝපය කියන්නේ ඕකට තමයි. නැහැ කිසි බේරිල්ලක් (දී)

:       0       0

ලාරා Wednesday, 23 January 2013 03:16 AM

ආචාර්යතුමාගේ ලිපිය ලංකාදීපයේ ලිපියට වඩා දිගයිනේ. (නි)

:       0       0

සදරුවන් Wednesday, 23 January 2013 03:20 AM

ජාතිවාදයකින් දිනාපු රටක් කොහේවත් නැහැ. දිනන්නත් බැහැ. (නි)

:       0       0

සම්පත් Wednesday, 23 January 2013 03:35 AM

තමන් කැමති ආගමක් ඇදහීම,තමන් කැමති ආගමකට මාරු වීම සහා වෙනත් ආගමකට හරවා ගැනීම කියන්නේ දෙකක් (ස)

:       0       0

ශෂීමාල් Wednesday, 23 January 2013 12:04 PM

ජීවා ඔබ හරි (ස)

:       0       0

සෑම් Wednesday, 23 January 2013 05:03 PM

මොකද මේ හුගක් අය මිනීමරන එක හරිය කියලා කියන්නේ. (නි)

:       0       0

රංජිත් Wednesday, 23 January 2013 04:51 AM

මොනවා කළත් ආගමේ අය නම් බෞද්ධාගමට හැරෙන්නෙ නැහැනේ. (නි)

:       0       0

රංජිත් Wednesday, 23 January 2013 04:51 AM

මේක බුද්ධාගමේ විනාශයද? මහානායක හිමිවරුනේ, මේ ගැන හොයලා බලන්න. (නි)

:       0       0

සෝමා Wednesday, 23 January 2013 05:26 AM

ආගම කියන්නෙ මොකක්ද? ආත්මය ගලවා ගැනීමේ මාර්ගය. මේකට හොඳම මග තමයි බුදු දහම. (නි)

:       0       0

කිවි Wednesday, 23 January 2013 05:50 AM

ඕනෑම කෙනෙකුට තවත් කෙනෙක්ව මරන්න පුලුවන්. හැබැයි නීතියෙන් දඩුවම් විදින්නත් වෙනවා. (නි)

:       0       0

ගිම්හානි Wednesday, 23 January 2013 05:26 PM

මොනවා වුණත් කාටවත් බැහැ නාවවත් මරන්න. (නි)

:       0       0

ගාල්ලේ සමන් Wednesday, 23 January 2013 06:27 AM

එම පුද්ගලයාගේ පක්ෂය කුමක්දැයි සොයා බලන්න. සමාව දිය හැකිද යන්න සළසා බැලිය යුතුයි. (නි)

:       0       0

සූරියප්පෙරුම Wednesday, 23 January 2013 07:03 AM

හොදට හිටපු පවුල කඩාබිද දමපු එකට නම් සමාවක් දෙන්න බැහැ කොහොත්ම. අමු අමුවේ හම ගහන්නයි තිබුණේ, මරන්නේ නැතුව. (නි)

:       0       0

මාලක Wednesday, 23 January 2013 07:06 AM

එල්ලුම් ගහට ගියත් කමක් නැහැ, එතුමා තම යුතුකම නිවැරදිව ඉටුකරලා තියෙනවා. (නි)

:       0       0

සමන් Wednesday, 23 January 2013 08:05 AM

අචාර්ය සුජිත් මහතාට , ඔබ පිළිබඳ මට ආකාර 2 කට සිතන්න පුළුවන් . 1) ඔබට කිසි උපාධියක් තියා උසස් පෙළවත් සමත් නොවූ පුද්ගලයෙක් . 2) ආචාර්ය උපාධියක් ඈත. නමුත් මිනිස්සු ඔබගේ මහන්තත්ත්වකම නිසා සත පහකට ගණන් නොගන්න පුද්ගලයෙකි . ඉහත එක හේතුවක් නිසා මෙහි බර වචන වලින් අදහස් දක්වමින් අවධානය දිනා ගැනීමට උත්සාහ කරන බව පෙනේ. (නි)

:       0       0

බුරම්පි Wednesday, 23 January 2013 08:16 AM

ගෑනිගෙ වෙනස්වීම දරාගන්න බැරි නිසාත් ගෑනිව මරන්න බැරිකමට දේවගැතිවරයව මරන්න ඇති. තිස්ස,කතරගම, අම්පාර, මොනරාගල වැනි දුෂ්කර පැතිවල අන්‍යාගමිකයන්ගේ බලපෑම් අධිකයි. (නි)

:       0       0

ඩොන් Wednesday, 23 January 2013 08:30 AM

හැම ආචාර්ය කෙනෙක්ම පණ්ඩිතකම් කියන්නේ තමන්ට ඒ දේ වෙනකල් විතරයි. (නි)

:       0       0

බිංදු Wednesday, 23 January 2013 08:34 AM

තමන්ගේ කැමැත්තෙන් ආගමට ගියහම පූජකයාව මරලා හරියනවද? (නි)

:       0       0

‍ඉ‍නෝෂ Wednesday, 23 January 2013 01:16 PM

ජීවා, ඔබ නිවැරදියි. (නි)

:       0       0

ලසන්ත Wednesday, 23 January 2013 08:36 AM

මොනවා වුණත් ව්‍යාපාරිකයා පවු. එයාට පොඩ්ඩක් හිතන්න තිබුණා. (නි)

:       0       0

රාජු Wednesday, 23 January 2013 08:42 AM

හරි ආගමක්, දැක්මක් තියෙන මනුස්සයාට තමන්ගේ ආගම අනෙක් හැමදේටම වැඩිය ලොකුයි. (නි)

:       0       0

බමුණුසිංහ Wednesday, 23 January 2013 08:48 AM

ආගමට බලෙන් හරවාගත් පුද්ගලයාට ලැබුණු දඩුවම ගැන මට සතුටුයි. නමුත් මරණ දඩුවම ලබන්නට නියමිත පුද්ගලයා ගැන දුකයි. (නි)

:       0       0

බමුණුසිංහ Wednesday, 23 January 2013 08:51 AM

පූජකයාට වුණ දේ මම හිතන විදියට නම් හරි. (නි)

:       0       0

හේමන්ත Tuesday, 22 January 2013 08:02 PM

ආරංචිය නම් එච්චර සුභ නැහැ. (නි)

:       0       0

තුෂාර Wednesday, 23 January 2013 09:01 AM

ඉතා හොද දඩුවමක්. සම්පුර්ණයෙන් ම එකග වෙනවා. ලංකාවේ නීතිය මේ තත්ත්වය ට ගෙන්න ඕනා. (ස)

:       0       0

මුතු Wednesday, 23 January 2013 01:38 PM

රත්නපාල මේ ඔක්කොගේම කියුම් වලට වඩා ඔබගේ අදහස ඉතා පැහැදිලියි ඒය තමයි ඇත්ත. (ස)

:       0       0

මාලක Wednesday, 23 January 2013 06:44 PM

පවුලක් විනාශ කළ එක කෙසේවෙතත් නිසි දඩුවම් නම් ලැබිලා තිබෙනවා. (නි)

:       0       0

හර්ෂණ Tuesday, 22 January 2013 08:18 PM

එතකොට යසට තිබ්බ පවුලත් අනාථ කරලා, මිනිහෙක් මීනිමරුවෙක් කරපු පූජකයා ගැන මොකද කියන්නේ? දෙවියන් සරණ ගියාට තෑග්ග වෙන්න ඇති හම්බ වුණේ. (නි)

:       0       0

ලලිත් Wednesday, 23 January 2013 09:01 AM

ව්‍යාපාරිකයගේ බිරිඳට මොකද වෙන්නේ ? එයාගේ අනුවන ක්‍රියාව නිසා නේද මේ හැම දේම සිද්ධ වුණේ ?? (ස)

:       0       0

චරිත් Wednesday, 23 January 2013 09:04 AM

හර්ශන, ඔබ අහන දෙයට මේ රටේ එක් කෙනෙකුටවත් දෙන්න උත්තර නැහැ. මොකද කොන්ද පණ නැතිකමයි ඊට මූලික හේතුව. (නි)

:       0       0

සිතාරා Tuesday, 22 January 2013 08:31 PM

අර බල සේනාවයි, ජාතිවාදී අදහස් දාන කට්ටියයි නිදිද? (නි)

:       0       0

ප්‍රියන්ත Wednesday, 23 January 2013 09:05 AM

http://quran.com/9/5 (නි)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 22 January 2013 08:31 PM

තමන් කැමති ඕනෑම ආගමකට යන්න, ආගම මාරු කරන්න, වෙනත් ආගමක් වැළඳ ගන්න ඕනෑම කෙනෙකුට මානුෂික අයිතිවාසිකමක් තියෙනවා. ලොකේ කොයි ආගම මඟිනුත් පොදුවේ සිදුවෙන්නේ මනුෂ්‍යත්වය වර්ධනය කර ගැනීමට අවශ්‍ය යහ ගුණධර්ම කියාදීම. ඒ නිසා මිනිසුන් කොයි ආගමේ ප්‍රතිපත්ති පිළිපැද්දත් සිදු වන්නේ මනුෂ්‍යත්වය වර්ධනය වීම. ඉතින් ඒ තත්වය පිළිබඳව කිසිදු සැළකිල්ලක් නොකොට මෙලෙස ආගම පදනම් කරගෙන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක නිරත වීම කිසිසේත් අනුමත කළ නොහැකිය. එසේම එය කිසිසේත් සමාව නොදිය හැකි බරපතල වරදක් බව නිසැකය. මෙවැනි ඝාතකයාට උපරීම දඬුවම ලබා දිය යුත්තේ රට ගිනි තබා යළිත් වරක් මෙරට කළු ජූලියක් වැනි වර්ගවාදී ජාතිවාදි ගෝත්‍රවාදී අරගල නිර්මාණය කොට රට අගාධයකට ඇද ගෙන යාමට බලා සිටින කුරිරු ලේ පිපාසතයින් ස්වල්පයක් බිහිව තිබෙන බව සමාජය තුළ ඉකුත් දින කිහිපයක සිට විද්‍යාමාන වූ බැවින් එවැනි දේ වල නිරත වන තවත් මෙවැනි අන්තවාදී පිරිස්වලට එය මහඟු ආදර්ශයක් විය හැකි බැවිනි. (නි)

:       0       0

අකිල Wednesday, 23 January 2013 09:05 AM

කියන දේ හරිනම් කවුරු කිවුවත් පිළිගන්න ඕනෑ. ආචාර්ය සුජිත් කියන දේ හරි. (නි)

:       0       0

හර්ෂණ Tuesday, 22 January 2013 08:40 PM

අහලා තියන විදියට නම් ආචාර්ය කියලා නිතර කියා ගන්නේ, කිය කියා යන්නේ මානසික ලෙඩ්ඩු. (නි)

:       0       0

ආචාර්ය සමුද්‍ර Wednesday, 23 January 2013 09:07 AM

මිනීමැරුම සාධාරණිකරණය කළ නොහැක. පවුල් ජීවිතය විනාශ කළ හෙයින් දිට්ඨ ධම්ම වේදනීය ඵල විපාකය පූජකයාට ද , මිනීමැරුමට එම පුරුෂයාට ද දඩුවම් ලැබී ඇත. බුදු බණ එක් අංශු මාත්‍රයකින් හෝ වෙනස් කළ නොහැක. (නි)

:       0       0

දමිත් Tuesday, 22 January 2013 08:42 PM

මෙවැනිම සිදුවීමක් මටත් සිදුවුණා. (නි)

:       0       0

තුෂාර Wednesday, 23 January 2013 09:09 AM

ආගමක් ජාතියක් කියන්නේ තමන්ගේ ස්ව කැමැත්තෙන් පිළිපදින දෙයක්. ලංකාවේ නීතිය අනුව ඒ අයිතිය හැම කෙනෙකුට දීලා තියෙනවා. අඩුම වශයෙන් තම ස්වාමි පුරුෂයාටවත් තම බිරිදගේ ආගම ජාතිය ගැන බල කිරීමේ අයිතියක් කොහෙත්ම නැහැ. මෙතන අදහස් දරන සමහරු බොරු පුහු ආටෝප ඔලුවේ තියාගෙන , යථාර්තය තේරුම් නොගෙන කතා කරනවා. ඒක අපි වෙනස් කළ යුතුයි. එතකොට තමයි ලංකාවේ හැම කෙනෙකුටම සම තත්ත්වයක් ලැබෙන්නේ. ආචාර්යතුමාගේ අදහස් වලට සම්පුර්ණයෙන්ම එකග වෙනවා, මොකද ඒක තමයි නීතිය, ඒ විතරක් නෙමෙයි, මනුස්සකම. (නි)

:       0       0

ජීවක Tuesday, 22 January 2013 08:42 PM

තමන් කැමති ඕනෑම ආගමකට යන්න, ආගම මාරු කරන්න, වෙනත් ආගමක් වැළඳ ගන්න ඕනෑම කෙනෙකුට මානුෂික අයිතිවාසිකමක් තියෙනවා. මරන්න අයිතියක් නැහැ. (නි)

:       0       0

චාමික Wednesday, 23 January 2013 09:10 AM

තමන් දෙයක් ලියද්දී ඉස්සරහින් ආචාර්ය කියලා දාන්නත් ඕනෑද? (නි)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 23 January 2013 01:53 PM

පෝරකේට නියම වුණත් එයා කරලා තියෙන්නේ කෙරිය යුතුම වැඩක කියලයි මට නම් හිතෙන්නේ. (නි)

:       0       0

රත්නපාල Wednesday, 23 January 2013 09:13 AM

එම පවුල සැබෑ බෞද්ධ වූවානම්. බිරිය වෙන ආගමකට යන්නේවත්. සැමියා මිනි මරන්නේත් නැත. දෙදෙනාම මිත්‍යාදෘශ්ටික බව පෙනේ. (ස)

:       0       0

නඩරාජා Tuesday, 22 January 2013 08:46 PM

ආචාර්යතුමාගේ අදහසට මමත් එකග වෙනවා. (නි)

:       0       0

ප්‍රියන්ත Tuesday, 22 January 2013 08:47 PM

ලොකු ලොකු අය කරපු වැරදි වලට මෙහෙම දඩුවම් කවදාවත් ලබා දීලා තියෙනවද? (නි)

:       0       0

අමිල Tuesday, 22 January 2013 08:50 PM

ඕනෑම දෙයක් කරන කලින් තුන් හතර පාරක් හිතන්න කියන්නේ ඕකට තමයි (දී)

:       0       0

නාලක Wednesday, 23 January 2013 09:13 AM

සනත්ෙග් අදහස හරි. (ස)

:       0       0

මංගල Tuesday, 22 January 2013 08:49 PM

කරපු වැඩේ හරි. ඔහොම තමයි කරන්න ඕනෑ. (නි)

:       0       0

කුමාරී Tuesday, 22 January 2013 08:49 PM

පවුල් ජිවිතයක් කියන්නේ දෙදෙනා තේරුම් ගැනීමයි (දී)

:       0       0

චින්තන Wednesday, 23 January 2013 02:04 PM

ඉස්ලාම් ආගමෙන් වෙන ආගමකට ගියොත් දෙන දඩුවම ගැන සදහන් කළ නීතියක් තිබෙනවා. (නි)

:       0       0

මංගල Tuesday, 22 January 2013 08:51 PM

ඕක තමයි ජිවිතේ (දී)

:       0       0

නාලක Wednesday, 23 January 2013 09:17 AM

සමන් හරි. (ස)

:       0       0

මංගලා Tuesday, 22 January 2013 08:51 PM

මොනවා කරන්නද කේන්තිය නිසානේ (දී)

:       0       0

චවික Tuesday, 22 January 2013 08:49 PM

අන්තිමට ඔන්න ඔහොමලු උනේ (දී)

:       0       0

ඉසුරු Tuesday, 22 January 2013 08:49 PM

ඒ කාන්තාවගේත් වැරද්දක් තියෙනවා මමනම් කියන්නේ (දී)

:       0       0

මංගල Tuesday, 22 January 2013 08:51 PM

ඇතුලේ හොදින් ඉන්න (දී)

:       0       0

තනුජා Tuesday, 22 January 2013 08:49 PM

මේවා අපිට හොද පාඩම් (දී)

:       0       0

දනුක Tuesday, 22 January 2013 08:53 PM

ආගම නිසා ඇන කොටා ගන්න එපා (දී)

:       0       0

පහන් Wednesday, 23 January 2013 09:27 AM

මේවායින් අන්තිමට වෙන්නේ තමන්ගේ බෙල්ලට තොණ්ඩුව හිරවෙලා ළග හිටපු බිරියත් නැහැ. ආගමත් නැහැ. (නි)

:       0       0

කෝක් Wednesday, 23 January 2013 09:35 AM

ලංකාවේ අයට අන්‍යආගමික කෙනෙක් බෞද්ධාගම වැළද ගැනීම මහා වීර ක්‍රියාවක්. හැබැයි ඒකේ අනෙක් පැත්ත වුණොත්? (නි)

:       0       0

නිලන්ත Wednesday, 23 January 2013 09:35 AM

ආශ්චර්‍යයි (ස)

:       0       0

ගීත් Wednesday, 23 January 2013 09:39 AM

තමන් කැමති ආගම අදහන්න ඔන කෙනෙකුට අයිතිය තියෙනවා හැබැයි අනිසි බලපෑම් කරල මොලවලට විසබීජ ඇතුල් කරල ආගම් වලට හරවගන්න කිසිම කෙනෙකුට අයිතියක් නෑ.අනික නිවටයින්ට වැඩිය මේ රටට ආදරය කරණ ජාතිවාදියො වටිනවා. (ස)

:       0       0

මාලා Wednesday, 23 January 2013 09:42 AM

සනත් මහත්තයා සමග මමත් එකග වෙමි. (නි)

:       0       0

චූලා Wednesday, 23 January 2013 09:42 AM

ඇත්තම කිවුවොත් ලංකාවේ හුගක්ම ඉන්නේ ආගම්වාදියෝ තමයි. (නි)

:       0       0

ෂීලා Wednesday, 23 January 2013 09:47 AM

ලංකාව මේ වන විට සෑම අංශයකින්ම භේදබින්න වී ඇත. (නි)

:       0       0

සුධීර Wednesday, 23 January 2013 09:48 AM

සුජිත් ආචාර්ය මහත්තයා කොහේද ගිහිල්ලා හිටියේ? (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 23 January 2013 02:41 PM

රත්නපාල මහතාණනි, ඔබේ කෙටි අදහස් දැක්වීම විශිෂ්ඨයි. ඉතා කලාතුරකින් දකින්න ලැබෙන වෙනස් දැක්මක් ඔබට තියෙන්නේ. ඔබ වගේ කෙනෙකුට මේ වගේ අදහස් තීරුවකට නිතර එක්වෙන්න සිත් දේවා කියා පතමි. (නි)

:       0       0

සූකිරි Wednesday, 23 January 2013 09:48 AM

මිනිසුනේ, අපි ආගම්වාදය සහ ජාතිවාදය පතුරුවලා ගැහැණුන්ව රට පටවලා වංශය කබල්ගාමු. (නි)

:       0       0

මුතුකුඩ Tuesday, 22 January 2013 09:13 PM

අාචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතාගේ අදහස ඉතා නිවැරදියි. මනුෂ්‍යයා තුල බලෙන් දීමටත් බලෙන් ගැනීමටත් නොහැකි දෙකක් පවතී. එනම් විශ්වාසයෙන් යුතු ප්‍රඥාව සහ ආදරයයි. එය උල්ලංගනය කිරීමට යමෙක් උත්සාහ දරන්නේ නම් එයද මානුෂීක අයිතිවාසිකම් උල්ලංගණය කිරීමක්ම වන්නේය. (නි)

:       0       0

නිමල් Wednesday, 23 January 2013 09:53 AM

නමුත් ලෝකයේ වැඩිම ජනග්‍රහණය වෙන්නේ ක්‍රිස්තියානි. (නි)

:       0       0

රවී Tuesday, 22 January 2013 09:16 PM

කතා කරලා විසඳ ගන්න තිබ්බ මරන්නේ නැතිව (දී)

:       0       0

සේන Wednesday, 23 January 2013 09:58 AM

යුරෝපයේ ආගමික ස්ථාන වැහීගෙන යනවා කියන එකෙන් කියවෙන්නෙ නැහැ සමාජය ප්‍රපාතයට යනවා කියලා. (නි)

:       0       0

සුභසිංහ Wednesday, 23 January 2013 09:57 AM

මොන ආගම් තිබුණත් වැඩක් නැහැ විනයක් නැත්නම්. (නි)

:       0       0

අසිරු Wednesday, 23 January 2013 10:00 AM

මැරුව එක නම් වැරදි තමා. ඒත් මේ මනුස්සයා කරපු දේ නිවැරදියි. ඔය පූජකයා හිටියා නම් තව පවුල් කීයක් අවුල් වෙයිද? ආචාරිවරු ගැන කලබල වෙන්න ඕනෑ නැහැ . ඔය වගේ කතා කියන අයට තමයි ආචාරි කියන්නේ. (නි)

:       0       0

සෙව්වන්දි Tuesday, 22 January 2013 09:22 PM

හැමදෙයක්ම වගේ මේ අපරාධයත් වුණේ දෙවියන්ගේ කැමැත්තටද? (නි)

:       0       0

රුවන් Wednesday, 23 January 2013 10:03 AM

පහලගෙදර පුංචි බණ්ඩාට මොලේ තියනවා අර ආචාරියා කියාගත්ත මනුස්සයට වැඩිය. (නි)

:       0       0

කුමාර Tuesday, 22 January 2013 09:24 PM

හර්ෂණ, තමන්ගෙ බිරිය වෙන ආගමකට හැරුණොත් මිනීමරුවෙක් වෙන්න කියලා උපදෙස් දෙන්නෙ මොන ආගමේද? (නි)

:       0       0

නන්දන Wednesday, 23 January 2013 10:03 AM

ආගම ගැන කැක්කුමක් තියෙන කවුරුහරි කියනවාද ඇයි මට ඉතාලිය ලංකාවට වැඩිය ආරක්ෂාවෙන් වැඩියි කියලා හැගෙන්නේ කියලා (නි)

:       0       0

රොහාන් Wednesday, 23 January 2013 10:05 AM

හොද දඩුවමක් තමයි දීලා තියෙන්නේ. (නි)

:       0       0

සම්පත් Tuesday, 22 January 2013 09:28 PM

අපි අපේ ජීවිත සමග කරන සටන තව ඉ‍ගෙන ගන්නෙමු (ස)

:       0       0

නීලා Wednesday, 23 January 2013 10:05 AM

ඇයි මිනිසුනේ මෙපමණටම අන්තවාදී වෙන්නේ? (නි)

:       0       0

චිරාත් Tuesday, 22 January 2013 09:39 PM

හිරගෙවල් 100 කට යැවුවත් ,,,,, එල්ලා මැරුවත් .......... මෙවැනි පුජකයින් දුටු තැන නිසි දඩුවම් දියයුතුයි. (නි)

:       0       0

ජයතිලක Tuesday, 22 January 2013 09:42 PM

නියම කොල්ලෙක් ...බය වෙන්න එපා යහපත් කල් ක්‍රියාව නිසා අවුරුදු 3/4 කින් ඔයාව එලියට දාවි (ස)

:       0       0

පිටි Tuesday, 22 January 2013 09:42 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

මාලක Wednesday, 23 January 2013 10:09 AM

ආගම්වාදී ළිං මැඩියනේ, අන්‍ය ආගමිකයින් බුදුදහම වැළදගත් විට ඔවුන් බුදුදහමට හරවා ගත්තේ කවුදැයි අපි අසමුද? (නි)

:       0       0

මනෝහරා Wednesday, 23 January 2013 10:09 AM

බුද්ධාගම සුරැකීමට ඇති හොදම මග නම් බුද්ධාගම සුරැකීමයි. (නි)

:       0       0

මානු Tuesday, 22 January 2013 09:51 PM

තමන් කැමති ඕනෑම ආගමක් වැළඳ ගන්න ඕනෑම කෙනෙකුට අයිතිවාසිකමක් තියෙනවා. මීනිමරුවාට ආගමක් නැති එකයි මෙතන වරද. (නි)

:       0       0

චූලා Wednesday, 23 January 2013 10:11 AM

කවුද අනේ ඔය හරවා ගැනීම් කරන්නේ? (නි)

:       0       0

සුසිල් මිලානෝ Tuesday, 22 January 2013 09:53 PM

සුජිත් නිශාන්ත හේවගේ, ඔබ කියන විදියට ආගම නාමයෙන් අරාබියේ මිනිස්සු මරන එකත් මිනිස් යහපතද? ඔබගේ ඔය අදහස් දක්වන්නේ බුදුදහම ගැන තරහින්. අපි දැකලා තියෙනවා ඔබ ලියන අදහස්. ඕවා හොදයි නොමිලේ ආචාර්ය පදවි ගන්න. ලංකාදීප කියන්නේ හොද පුවත් පතක්. වෙන වැඩක් නැති ඒවාට ලියන දේ මේකට නොලියන්න. ලෝකේ ආගම නාමයෙන් මිනිස්සු මරන්නේ සිංහල බෞද්ධයෝ නෙමෙයි. මේ වගේ හුදකලා සිද්ධියක් කොහොමද සමස්ත ක්‍රියාවලියකට නියැදියක් ලෙස ගන්නේ? (නි)

:       0       0

ඉසේ Tuesday, 22 January 2013 09:55 PM

මදැයි කොලා (දී)

:       0       0

බ්‍රයන් Wednesday, 23 January 2013 10:13 AM

ආගම ගැන පැහැදිලා ගියානම් කමක්නෑ, පවුල් කඩන මිනිස්සුන්ට හොද පාඩමක්, මිත්‍යාදෘෂ්ඨික අයගෙ කථා අහල පවුල් දෙක කටම මිනිස්සු නැති උනා (ස)

:       0       0

සනත් Wednesday, 23 January 2013 10:18 AM

මිනී මරන්න කිසිවෙකුට අයිතියක් නෑ. ඒ වගෙම කොහෙවත් නැති සැපක් පෙන්නලා මෝඩ මිනිස්සුන්ව තමන්ගෙ ආගමික කල්ලියට හරවා ගැනීමටත් කිසිම අයෙකුට අයිතියක් නෑ. මේ ආගම් කල්ලි නිසා විනාශ වෙන දුප්පත් පවුල් එමටයි. ඒ නිසා බණ කියලා වැඩක් නෑ.මේ බොරු කාරයන්ට වැට බඳින්නයි ඕන.(ස)

:       0       0

සදුන් Tuesday, 22 January 2013 10:12 PM

ඉවසුවොත් තප්පර දහයක කේන්තිය, පවතී දිවි ඇති තෙක් ශාන්තිය (දී)

:       0       0

සුප්‍රියා Tuesday, 22 January 2013 10:14 PM

ආගමක් ඇදහීමේ අයිතිය ඕනෑම කෙනෙක්ට තියෙනවා (දී)

:       0       0

දමිත් Wednesday, 23 January 2013 10:26 AM

ග්‍රාම ආරක්ෂක කියන්නේ තමන්ගේ ආගම ජාතිය වෙනුවෙන් වීර ක්‍රියාවක් කළ කෙනෙක්. (නි)

:       0       0

ගයා Tuesday, 22 January 2013 10:21 PM

ඕකට කියන්නේ ක්ෂණික කෝපය (දී)

:       0       0

සනා Tuesday, 22 January 2013 10:29 PM

වැරද්දක් කලොත් දඩුවමක් ලැබෙන්න ඕනේ (දී)

:       0       0

කසුන් Tuesday, 22 January 2013 10:30 PM

වරදට දඩුවම (දී)

:       0       0

සතිෂ් Tuesday, 22 January 2013 10:31 PM

තමන්ගේ ආගම අත්හැරලා දාලා ගියා වගේම තමයි එයා වැළදගත් අලුත් ආගමත් අත්හැරලා යන්නේ. (නි)

:       0       0

මෝරාළ Wednesday, 23 January 2013 10:28 AM

ආචාර්යතුමා කියන ඇත්ත මේකේ ඉන්න මෝඩයින්ට ‍තේරෙන්නෙ නැහැ. (නි)

:       0       0

නිරෝෂන් Tuesday, 22 January 2013 10:38 PM

වසන්ත, බුද්ධික, තුෂාර නානායක්කාරට සිංහල බෞද්ධයන්ගේ ගෞරවය ප්‍රණාමය! අර සෞදිකාරයන්ට එරෙහිව උද්ඝෝෂණ කරන බෞද්ධයා යැයි කියාගන්නා අය මේ උත්තමයාගේ නිදහස අරන් දෙන්න පෙළගැසෙනු! (නි)

:       0       0

ගාමිණී Tuesday, 22 January 2013 10:45 PM

මට මේකට මොකුත් කියන්නත් බැහැ. නොකියා ඉන්නත් බැහැ. (නි)

:       0       0

රොහාන් Tuesday, 22 January 2013 10:43 PM

ජීවක, සුජිත් සහ සිතාරා එකටද ඉන්නේ? (නි)

:       0       0

ගුණවර්ධන Tuesday, 22 January 2013 10:52 PM

මෙය ඉතා වැදගත් සිදුවීමකි. අන්තවාදී සමාගම් වලට අනතුරු හැගවීමකි. (නි)

:       0       0

නිමල් Tuesday, 22 January 2013 10:57 PM

තමන් තමන්ව තේරුම් ගත්තනම් ඔහොම වෙන්නේ නැහැ (දී)

:       0       0

රොෂාන් Wednesday, 23 January 2013 10:44 AM

අපේ රට බෞද්ධ වුණත් බෞද්ධයින් ඉන්නේ අතළොස්සයි. (නි)

:       0       0

සම්පත් Tuesday, 22 January 2013 11:40 PM

මනුස්ස ජීවිතය හරි හැටි තේරුම් ගත්තනම් ඔහොම වෙන්නේ නැහැ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 222 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1260 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 2454 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 109 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2697 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 7008 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38994 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25543 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 308 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1055 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 374 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site