IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


‘අම්මාගෙ ශක්තිය මමලූ’

සමිතා - අතුල  කලාකරු යුගලයේ දියණිය කවින්ධ්‍යා අධිකාරි ගායනයට පැමිණ සිටින්නීය. මව - සහ පියාගේ අඩිපාරේ යමින් ඇය මෙලෙස ගායනයට පැමිණි ප‍්‍රථම  අවස්ථාව මෙය වන අතර යුග ගීතයක් ගයමින් ඇය මෙලෙස ගායනයට පිවිස සිටින්නීය. ලසිත ජයනෙත්ති ආරච්චිගේ පද රචනයට තනුව හා සංගීතයෙන් ප‍්‍රසන්න දිසානායක දායකවූ  මෙම ගීතය කවින්ද්‍යා සමග ගයනු ලබන්නේ අමිල පෙරේරාය. 

 

         හංගාගෙන සිටියා....................

පි-     හංගානෙ සිටියා මා සිතක කොනේ
        නොවෙනස් හැඟුමන් ඒ ඔබම කෙරේ
        හීනයෙන් පවා නම කියවුණා ඔබේ
        ඊයෙටත් වඩා අද ආදරෙයි මා

ගැ-    ඔය බැල්මන් මා උමතු කරාවී නොසිතනු මැනවි
පි-     ඔය බැල්මන් මා උමතු කලා පිළිගනු මැනවි
ගැ-    සඳ එළියේ පා තැබුවේ මං සඳ එළියට ආස නිසා
පි-     මඳ අඳුරේ මා සිටියේ ඔබ සඳ එළියට පේන නිසා 
        හීනයෙන් පවා නම කියවනා ඔබේ 
        ඊයේටත් වඩා අද ආදරෙයි මා
පි-     ඔබෙ සෙවනැල්ලත් හරිම සෞම්‍යයි
        දැන් නිරන්තරේ චිත්ත රූ මවයි
        සිහින් ඇස් පියන් කොහේදේ රැගෙන යයි
        නොනිදාගෙන මම මේ මුළු ජීවිතේ ගත කරයි 
ගැ-    හැඟුමන් නොදැනෙනවාම නෙමෙයි 
        ඔය හිත නොහඳුනවා නෙමෙයි
        ජීවිතය  ගැන බයයි
        ආදරයේ....... නිසි අරුත තව සොයයි
පි-     හංගාගෙන සිටියා මා සිතක කොනේ 

 

එලෙසින් පද රචනය වූ එම ගීතය සම්ප‍්‍රදායික ක‍්‍රමයට අනුව නිර්මාණය නොවූවක් බව වී.එෆ්.එම්. සේවය සඳ හන් කරයි. පද රචනයෙන් දායකවූ ලසිත ජයනෙත්ති ආරච්චිගේ සහ සංගීත නිර්මාණය කළ ප‍්‍රසන්න දිසානායක පවසන්නේ මව මව සහ පියාගේ උරුමය ලද නමුත්, කවින්ධ්‍යා තමාගේ ගායන හැකියාව අපූරුවට ඉස්මතු කළ අවස්ථාව මෙය බවය. ඇය ගායනයට සුවිශේෂී හැකියාවක් ඇති ශිල්පිණියක වන බව ඔවුන් ඉඳුරාම පවසන දෙයකි. මෙම ගීතය අද සිට වී එෆ්. එම්. රේඩියෝ විකාශයට පමණක් සීමා නොවී, දිවයිනේ සියලූම එෆ්.එම්. නාලිකා ඔස්සේ ප‍්‍රචාරය කෙරේ. මෙලෙසින් ගායන ක්‍ෂේත‍්‍රයේ ආ මේ භද්‍ර යෞවනයේ හැඩකාරිය කවින්ධ්‍යා සමග අපි පුංචි පිළිසඳරකට එක්වීමු.

 

 

  කවින්ධ්‍යා සම්පුර්ණ  නම කියමුද?
කවින්ද්‍යා දේවින්දි අධිකාරි.


කොහොමද මේ දවස්වල වැඩ කටයුතු ?
සාමාන්‍ය පෙළ විභාගය ලියලා දැන් එහි ප‍්‍රතිඵල අපේක්‍ෂාවෙන් ඉන්නේ. 


කොහොමද විභාගය හොඳට ලිව්වද?
ඔව්. අධ්‍යාපනයට මුල්තැන දෙන්න  ඕනෑ.


විභාගය සමත්වෙලා, ඊට පස්සේ මොනවගේ ඉලක්කයක්ද තියන්නෙ.?
කවදාහරි   ගුවන්සේවිකාවක වීම අරමුණයි.


කවින්ධ්‍යාගේ වයස කීයද?
අවුරුදු 16යි.


ඔබ වැඩිපුර අහන්න ආස බටහිර ගීත නේද?
ඔව් ජස්ටින් බීබර් සහ  රිහෑනා ඇතුළු බොහෝ අයගේ ගීත අහන්න කැමතියි.


  ඔයා බටහිර ගීත ගයන්නත් දක්‍ෂයි කියා ආරංචියි.
බොහෝ වෙලාවට නිදහසක් ලැබුණාම බටහිර ගීත ගයනවා.


කවින්ධ්‍යා ඔයාට ඔයා ගැන හිතෙන්නේ කොහොමද?
ගොඩක් සතුටුයි. මම ගොඩක් හොඳයි කියලා හිතෙනවා. 


ජීවිතේ ගෙවන්න  ඕනෑ කොහොම කියලද හිතෙන්නෙ?
සතුටින්  හැකි විදියට නැති බැරි අයටත් උදව් කරමින්.


  ඔයාගේ අම්මා සමිතා කියන්නේ ඔයා  ඕනෑම දෙයකට මුහුණදෙන්න තරම් ධෛර්යවන්ත යුවතියක් කියලයි ඒ කතාව ඇත්තද?
ඔව්, හොඳ දේ කරන්න හොඳ දේ ඉගෙන ගන්න වගේම හැමෝටම ගරු කරන්න කැමැතියි.


මේ ගීතය සඳහා රූප රචනා කරලද තියෙන්නෙ?
තවම මම පාසල් අධ්‍යාපනය ලබන නිසා ඊට අවසර නැහැ. අවස්ථාව ආවාම එය නිර්මානය වේවි.


ඔයාගේ හඬ මොන ආරයකට හුරුද?
ලස්සන කටහඬක් තියෙන්නේ කියලා අම්මියි. මල්ලියි නම් කීවා.


ඔයා වයසට යන එකට අම්මා අකමැතිලූ නේ?
ඒක නම් ඇත්ත.. එයා ආස. සැමදාම මම මේ වයසෙ ඉන්නවටයි. මොකද කවදහරි මම විවාහ වෙලා එයාගෙන් වෙන්වෙලා යන එක උහුලගන්න බැරිලූ. අම්මගේ ශක්තිය මමයි. මල්ලියිලූ.


කොහොමද ජීවිතේ ගත කරන විදිය?
විවේකයක් ලැබුණාම ලෝකයේ කොහේ හරි රටකට ගිහින් එහි සංචාරය කරමින්  විස්තර දැනගන්න කැමතියි.


  අන්තිමට කියන්නෙ ඔයා සතු විශේෂිත  හැකියාව මොකද්ද.
සෑම දෙයකටම උපේක්‍ෂාවෙන් මුහුණදීම. වෛර නොකිරීම. 

 

 



අදහස් (0)

‘අම්මාගෙ ශක්තිය මමලූ’

ෂෙරීෆ් Wednesday, 13 February 2013 10:58 PM

අනේ නංගි, ඇදුම් ගැන මීට වැඩිය ටිකක් සැළකිළිමත් වෙන්න. (නි)

:       0       0

ආශා Wednesday, 13 February 2013 02:06 PM

මම නම් අතුලට කැමති නැහැ. ඒක මගේ කැමැත්ත. (නි)

:       0       0

තිලක් Wednesday, 13 February 2013 11:33 PM

අම්මා වගේ වෙන්න. එතකොට හොඳයි... (නි)

:       0       0

කමල් Friday, 15 February 2013 11:40 AM

දෙමවුපියන්ගේ වැරදි වලට දරුවන්ට බණින්න එපා. (නි) (නි)

:       0       0

තිලක් Wednesday, 13 February 2013 11:34 PM

ඇයි මල්ලිගේ ඡායාරූප නැත‍්තේ? (නි)

:       0       0

ගලබඩ Thursday, 14 February 2013 12:49 PM

අනේ දෙමාපිය උණුසුම, රැකවරණය නැති අහිංසක ළමයි....(ස)

:       0       0

යමුනා Thursday, 14 February 2013 12:51 PM

මොකක්ද පුතේ පිට මනුස්සයෙක් එක්ක ඉන්දැද්දී ඔයා ඔය ඇදලා ඉන්න ඇදුම? (නි)

:       0       0

පැතුම් Thursday, 14 February 2013 12:44 AM

දෙමව්පියන්ගේ වැරදි වලට දරුවන්ට නිගරු වෙන විදිහේ අදහස් දැමීමෙන් වළකින්න. වැරදි නොකරන මිනිසුන් ලෝකේ කොහෙවත් නැහැ. අම්මා තාත්තා අනුකරණය නොකර ඔබේ හඬින් ගීත ලොවට පිවිසෙන්න. ඔබට ජය....!!!!!! (නි)

:       0       0

සජීව Thursday, 21 February 2013 12:38 AM

මම ඇයට සුභපතනවා විතරයි චමින්ද.(නදී)

:       0       0

නෙවිල් Wednesday, 13 February 2013 02:24 PM

අම්මා වගේ වෙන්න.. එතකොට හොඳයි... (ස)

:       0       0

අචිලා Thursday, 14 February 2013 01:16 AM

මේ පුංචි සිත්වල සැංගිච්ච කොච්චර දුකක් ඇද්ද? (නි)

:       0       0

ස්මාර්ට් Friday, 15 February 2013 01:20 AM

ඔබ සියලු දෙනාටම ජයවේවා (දී)

:       0       0

උදය Friday, 15 February 2013 06:18 PM

ගුවන් සේවිකාවක් වෙන්න පොඩිකාලේ ඉදන් අරමුණු තියාගන්න ඕනේ නැහැ. අධ්‍යාපන සුදුසුකමි ටිකයි අවශ්‍ය උසයි තිබිබා නම් ඇති. දැනට ඉන්න ගුවන් සේවිකාවොත් පොඩි කලෙ ඉද්න එහෙම අරමුණු තියාගෙන හිටියා කියලා කියන්න අමාරුයි. අම්මගෙයි තාත්තගෙයි අදුනන අය ඉන්න නිසා ඒක අමාරු වෙන්නේ නැහැ.(නදී)

:       0       0

පිටිගල Sunday, 03 March 2013 05:32 AM

අදහස් දාන අයට කවුරුත් බනින්න අවශ්‍ය නැහැ. (නි)

:       0       0

ජෝයි Wednesday, 20 February 2013 09:39 AM

හැමෝම ඇදුම ගැන කතාකරන්නේ. මොකක්ද තියෙන වරද?(නදී)

:       0       0

තිවංක Wednesday, 20 February 2013 05:02 PM

නංගී, ඔයාට හොද ප්‍රතිචාර ලැබී තියෙනවා. හැබැයි ඒවායේ හොද දේවල් ගන්න. ඔයා තාම පොඩි ළමයෙක්. හොදට ඉගෙන ගන්න.(නදී)

:       0       0

සූකිරි Sunday, 17 February 2013 02:37 PM

ජස්ටින් බීබර්ට මමත් කැමතියි. එයාගේ හාඩි රොක් දෙකක් ලගදී එනවා.(නදී)

:       0       0

උපුල් Wednesday, 27 February 2013 02:34 PM

ඔබට වරදින්නේ නැහැ (දී)

:       0       0

මල්කාන්ති Tuesday, 12 March 2013 07:29 AM

හරිම ලස්සන සිංදුවක්. (නි)

:       0       0

ඩී.තිලක් සූරිය ආරච්චි Thursday, 07 March 2013 05:10 AM

දෙමව්පියන් මොන වැරදි කළත් දරුවන්ට ජීවීතේ ඉටු දෙවියන් වෙන්නෙ අම්මයි තාත්තයි. ඒ වගේම දරුවන් මොන වැරදි කළත් දෙමව්පියන්ගේ එකම ආත්මය දරුවන්. ඒක විශ්ව සනාථන දහමක්.ජීවිතේ හඩා වැටෙන මොහොතක තමන්ට තමන්ගෙ දෙමව්පියන් මිසක එමෙන්ම තමන්ට තමන්ගෙ දරුවන් මිසක ලොවේ වෙනකෙකු නැහැ. (නි)

:       0       0

තරුෂි Saturday, 23 February 2013 04:07 PM

සමිතා, ඔයාගේ දුව පුංචි කාලේ ඔයාලා කියපු "සද තරු මල්" සිංදුව තමයි ම‍ගේ ප්‍රියතම සිංදුව. (නි)

:       0       0

ප්‍රියා Thursday, 14 February 2013 05:45 PM

ඔබට සුබ අනාගතයක් (දී)

:       0       0

වාගුරේ Thursday, 14 February 2013 07:45 AM

ඔයා ගැන නොහිතා හොද පුරවැසියෙක් වෙන්න.(නදී)

:       0       0

රිහාන් Friday, 08 March 2013 02:30 PM

සුබ පැතුම් (ස)

:       0       0

ලියනගේ Friday, 15 February 2013 05:13 AM

සමිතාට අම්මා, තාත්තාගේ ආභාෂය ලැබුණු එකේ දියණියට ඒක නොලැබී තියේවියැයි? (නි)

:       0       0

විජිත් Friday, 15 February 2013 05:16 AM

මේ දුව හරිම හොද දුවෙක්. (නි)

:       0       0

නිසාම් Thursday, 14 February 2013 02:11 PM

මගේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

රංග Thursday, 14 February 2013 09:23 AM

යන්න ඉදිරියට ඔබට සදා ජය ! ඔබගේ අම්මා ඉතාමත් ගුණගරුක නිහතමානී අයෙක්. ඔබට සුභ අනාගතයක්... (ස)

:       0       0

සාරා Saturday, 23 February 2013 05:40 PM

ඔයාගේ කටහඩ ගොඩක් හොදයි. ‍මම ගොඩක් කැමතියි. (නි)

:       0       0

සුරංග Thursday, 14 February 2013 09:43 AM

ඇත්තටම ලස්සන කටහඬක් ඔයාට තියෙන්නේ. අම්මා තාත්තා වගේ වෙන්නේ නැතිව හොඳට ඉන්න... (ස)

:       0       0

සපුනිකා Friday, 15 February 2013 07:05 AM

සුභ පැතුම් ඔබට! (නි)

:       0       0

චින්තන Sunday, 17 February 2013 06:46 AM

වෙන දේවල් අපිට වැඩක් නැහැ. ඒත් සමිතා ජනතාව ඉදිරියට ආවේ ශරීරය වැහෙන්න ඇදුම් ඇදලා. ඒත් දුව නම්... අනේ මන්දා? (නි)

:       0       0

අසේල Monday, 25 February 2013 09:00 AM

නංගී ඔයත් ලස්සනයි. ඔයාගේ කටහඩක් ලස්සනයි. සුභ පැතුම්.(නදී)

:       0       0

අවංක Saturday, 09 March 2013 11:56 PM

සුභ පැතුම්! (නි)

:       0       0

මධු Saturday, 16 February 2013 12:48 PM

ඔබට දිගු ගමනක් යාමට ශක්තිය, වාසනාව ලැබේවා! (නි)

:       0       0

ප්‍රියන්ත Saturday, 16 February 2013 01:20 PM

ඔබට ජය නංගී! (නි)

:       0       0

කපිල Wednesday, 13 February 2013 05:06 PM

අම්මා කියන්නේ මාරම ලස්සන කෙනෙත්. ඔන්න ඔයත් ලස්සනයි.(නදී)

:       0       0

චන්ද්‍රා Sunday, 17 February 2013 05:53 PM

දුවේ ඔබට ජයපතමි. පරිස්සමින් ඔය ගමන යන්න.(නදී)

:       0       0

ජගත් Wednesday, 13 March 2013 03:48 PM

ඔයා කවුරු වගේවත් වෙන්න එපා නංගි. (නි)

:       0       0

ප්‍රියා Wednesday, 13 February 2013 06:01 PM

ඔබට සුභ අනාගතයක්.(නදී)

:       0       0

පීරිස් Thursday, 14 February 2013 08:40 PM

තාත්තිගෙ හැඩයි අම්මිගෙ හඩයි... ලස්සනයි දුව. ඔයාට සුභ අනාගතයක්. (නි)

:       0       0

දිසානායක Thursday, 14 February 2013 03:00 PM

නෙවිල් ඔයා ළමයින්ට නරක මාර්ග පෙන්නන්න එපා. අම්මා වගේ උනොත් හොඳට තියේවි.. (ස)

:       0       0

සුදේශ් Wednesday, 13 February 2013 06:04 PM

ආශා, ඔයත් සමිත් වගේ කෙනෙක්ද? නිකන් ඇහුවේ. තරහා ගන්න ඕනෑ නැහැ. (නි)

:       0       0

සංසලා Friday, 15 February 2013 08:42 AM

මගේ කැමතිම ගායිකාව ඔයාගේ අම්මා. ඔයත් අම්මා වගේම ගොඩක් දක්ෂයි. (නි)

:       0       0

සංසලා Friday, 15 February 2013 08:40 AM

ඔයාගේ අම්මා ගොඩක් සංවේදී කෙනෙක්. තාත්තිගේ හැඩ.. අම්මගේ හඩ... (නි)

:       0       0

සමන් Friday, 15 February 2013 02:44 PM

මම ඔබට සුභ පතනවා (දී)

:       0       0

දිසානායක Thursday, 14 February 2013 10:53 AM

දෙමවුපියන්ට දරුවන් තරම් වෙන කවුරුත් වටින්නේ නැහැ. (නි)

:       0       0

සුනිදු Tuesday, 19 February 2013 10:18 AM

සන්තෝසයි දුවේ ඔබ ගැන (දී)

:       0       0

උපුල් Monday, 04 March 2013 12:26 PM

ආඩම්බරයි දුවේ ඔබ ගැන (දී)

:       0       0

සේකර Thursday, 14 February 2013 10:50 AM

දුවේ ඔබට සුභ අනාගතයක් (දී)

:       0       0

නාරද Wednesday, 13 February 2013 07:01 PM

අමිම වගේම වෙන ලකුනු පේනවා.(නදී)

:       0       0

යස්මාල් Friday, 15 February 2013 11:12 PM

නංගි, ඔයාගේ අනාගතයට සුභ පැතුම්! (නි)

:       0       0

පිටිගල Wednesday, 13 February 2013 07:14 PM

ඔක්කෝටම ඉස්සෙල්ලා හොදින් ඉගෙනගන්න.(නදී)

:       0       0

වත්සලා Friday, 08 March 2013 09:34 AM

ජය වේවා !! අපි ආසයි ඔයාගේ හඩට (ස)

:       0       0

චමින්ද Monday, 18 February 2013 08:16 PM

සජීව, ඇය හොදට ඉගෙනගනියි. ඔයාට මොකද ඔච්චර අනුකම්පාවක්. (නදී)

:       0       0

ප්‍රභාත් Wednesday, 27 February 2013 04:21 PM

කවුරු මොනවා කිවුවත් තමන්ට පුලුවන් උපරිමයෙන් හරි දේ කරන්න උත්සාහ කරන්න නංගා. (නි)

:       0       0

රීටා Thursday, 28 February 2013 12:41 PM

හොද ළමයෙක් වෙන්න දුවේ. (නි)

:       0       0

සජීව Saturday, 16 February 2013 04:43 PM

හොදට ඉගෙන ගෙන සමාජයට වැඩදායී කෙනෙක් වෙන්න. මම සුභ පතනවා.(නදී)

:       0       0

සේනානි Sunday, 24 February 2013 08:50 PM

අනේ මන්දා මේ මිනිස්සුන්ට පිස්සුද? මේ පොඩි ළමයෙකුට ලියලා තියෙන කුහක කතා. ඔයාට සුබ අනාගතයක් දුවේ. හොදින් ඉගෙන ගන්න, විශේෂයෙන් මේ කුහක සමාජයේ ඔලුව බේරගෙන ඉන්න හැටි. ඔයාට ජය! (නි)

:       0       0

සචින් Monday, 11 November 2013 07:54 AM

අනේ අක්කේ ඔයා නම් අම්මා වගේ මහත් වෙන්න එපා .(නදී)

:       0       0

නීල් Saturday, 16 February 2013 01:45 AM

අම්මා‍ වගේම වෙන්න. (නි)

:       0       0

තරංග Sunday, 24 February 2013 09:00 PM

හොදට ඇග වැහෙන්න ඇඳගෙන ඕනෑම වැඩක් කළාට කමක් නැහැ, අපේ මේ ගොඩක් අයට. අනේ මෙහෙමත් කතා? මේ ළමයගෙ හැකියාව අගේ කරනවා වෙනුවට ලියන කතා? ඔයාග කට හඩ ලස්සනයි දුව සුබ පැතුම්..! (නි)

:       0       0

අජිත් Saturday, 02 March 2013 06:57 PM

සුභ පැතුම් නංගී! ඔයත් අම්මා වගේම වෙන්න. :) (නි)

:       0       0

රිස්වාන් Wednesday, 13 February 2013 08:46 PM

ඔබට ජය! (නි)

:       0       0

කිරා Sunday, 17 February 2013 10:07 PM

දුවේ නුබට සුභ පැතුම් (දී)

:       0       0

ශානිකා Thursday, 07 March 2013 07:19 PM

දෙමවුපියන්ට මොනවා කිවුවත් පොඩි ළමයෙක්ට මෙහෙම කතා කරන්නෙ කුහස මිනිස්සු. (නි)

:       0       0

අචින්ත Saturday, 16 February 2013 06:42 PM

හොදින් ඉගෙනගන්න ගමන් සිංදු කියන්න නංගි. ඔයාට සුභ අනාගතයක්! (නි)

:       0       0

ශාමා Monday, 18 February 2013 03:03 PM

ඔබට සුභපැතුම් අපෙන් (දී)

:       0       0

ජගත් Friday, 15 February 2013 04:43 PM

තාත්තගේ ශක්තිය කවුද එතකොට? (නි)

:       0       0

කමල් Saturday, 16 February 2013 07:32 AM

අනේ දරුවෝ, ඇදුම් ගැන සැළකිළිමත් වෙන්න. (නි)

:       0       0

ජයා Saturday, 16 February 2013 07:40 AM

ඔයා කා වගේවත් වෙන්න එපා. තමන්ගේ අනන්‍යතාවය ගැන විශ්වාසයෙන් යන ගමන යන්න. තමන්ගේ ආත්ම විශ්වාසය තමන්ම පහළට දාගෙන වැඩ කළොත් ???? තමයි දුවේ. ඔයාට සුබ පැතුම් මගෙනුත්. (නි)

:       0       0

පිටිගල Thursday, 14 February 2013 11:07 PM

මේ උතුම් වූ වැලන්ටයින් මාසයේ ශුද්ධ වූ වැලන්ටයින් මුනිවරයාගේ ආශිර්වාදය ඔබට ලැබේවා! (නි)

:       0       0

දිල්ෂානි Wednesday, 13 February 2013 10:10 PM

හරිම අපූැුවට ලස්සන කටහඩකින් ඔයා ගයනවා. සුභ පැතුම්! (නි)

:       0       0

ජිනා Saturday, 23 February 2013 12:43 PM

ඔයා ‍කොහොමත් අම්මා වගේම පෙනුමයි. (නි)

:       0       0

තිසල් Wednesday, 13 February 2013 02:03 PM

අපි ලංකාවේ නිසා පුලුවන් තරම් බටහිර ගිතම ඇසිය යුතුයි. (නි)

:       0       0

ජීවා Friday, 15 February 2013 11:34 AM

අවුරුදු 16ක ළ‍මයෙක් එක්ක විවාහය ගැන කතා කරන්න එපා. (නි)

:       0       0

විපුල Monday, 18 February 2013 12:12 AM

අර අන්තිම පොටෝ එකේ ඉන්න කෙනා කවිද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 717 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 540 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1624 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 299 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 501 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1374 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38920 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25519 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site