මවත් පියාත් යළි විවාහ වීම නිසා යන එන මගක් නැතිව අසරණ වූ දරුවන් තිදෙනෙකු ගැන දඹුල්ල අසල ගමකින් වාර්තා වේ.
වයස අවුරුදු 14ක් වන පාසල් ශිෂ්‍යයෙක් ද, වයස අවුරුදු 20ක් සහ 17ක් වන දියණියන් දෙදෙනක් ද, එසේ අසරණව සිටිති.
මව වෙනත් විවාහක් කරගෙන තමා ද, තම සහෝදරිය හා සහෝදරයා ද නිවසෙන් එළවූ බව අවුරුදු 20ක් වන වැඩිමහල් දියණිය කියන්නීය.
දුම්රියට පැන දිවි නසා ගැනීමට යද්දී අසල්වාසීන් එක්වා අවවාද කර කරුණු වටහා දී බේරා ගත් බව කියන මේ තිදෙනා දැන් ඥාති නිවසක සිටිති.
වැඩිමහල් දියණිය කුලී වැඩ කරමින් ගුරුවරුන්ගේ ද, උදව්වෙන් උසස් පෙළ දක්වා ඉගෙනුම ලබා ඇති අතර, කරදර හා බාධක මධ්‍යයේ දෙවැනි දියණිය අධ්‍යාපන කටයුතු අතර මග නතර කර ඇත. අවයස අවුරුදු 14ක් වූ පිරිමි දරුවා දැනට අධ්‍යාපනය ලබයි.
වැඩිමහල් දියණිය කියනුයේ තමන් පදිංචිව සිටි නිවෙස කටා වැටුණු පසු මහින්ද රාජපක්ෂ ජනපතිට ලිපියකින් දැනුම් දුන් බවයි. ඒ අනුව නිවෙස හදා ගැනීමට රුපියල් ලක්ෂයක ආධාර මුදලක් ලබාදීමට යද්දී මව එය මුදල් ගැනීමට කළ උත්සාහ කළ නිසා එම ආධාරය අවලංගු කළ බව ද ඇය කියන්නීය.
තම බාල සොයුරාට හොදින් ඉගැන්වීම සඳහාත්, ජීවත්වීමට මුදල් උපයා ගැනීම සඳහාත් තමා ඇඟළුම් කම්හලක රැකියාවකට යන්නට තීරණය කළ බවත්, බොහෝ දිනවල බඩිගින්නේ සිටි බවත්, සහෝදරයා සහ සහෝදරිය සමග ජීවත් වීමට නිවසක් තනා ගැනීමට අවශ්‍ය බවත් වැඩිමහල් දියණිය ඇඩූ කදුලින් පැවසුවාය.
‘මම මාධ්‍ය මගින් ඉල්ලීමක් කරනවා දරුවන්ට මෙහෙම දුක් විදින්න දෙන්න එපා කියලා දෙමව්පියන් දැනුවත් කරන්න කියා. මටත් නංගිටත් රැකියාවක් සහ ඉන්න නිවසක් තිබුණොත් මල්ලිට හොඳට උගන්වලා අපිට හොදින් ජීවත් වෙන්න පුළුවන්‘
071 74 46 372 දුරකතන අංකයෙන් වැඩිමල් දියණිය සම්බන්ධ කර ගත හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රීටාගේ ආශ්චර්යවත් ආගම මොකක්ද? (නි)
මේ හය හතර තේරෙන දරුවන්, අම්මා , තාත්තා කල වැඩේනම් අනුමත කල නොහැක (දී)
අලි මදිවට කොටි කියපි.ආදීවාසිත් ජංගම දුරකතනයෙන් තමා දැන් වැඩ. අපිට හමුවෙන්නවත් බැරි දේශපාලකයෝ එහේ ඒ ඇත්තොත් එක්ක බෝල ගහන්න යනවා. දැන් තව විනාසයක් කරන්න යනවා . දුරකථන අංකය වෙනුවට බැංකු ගිණුම් අංකය නේද දාන්න ඕනේ. මීට වඩා වගකීමෙන් ක්‍රියාකරන්න අවශ්‍යයි නේද (ස)
අම්මා කියන්නෙපා මේ අයට (දී)
දරුවන් එපා වෙන අම්මලා ඉන්නවාද (දී)
කොහෙවත් යන මිනිහෙක් නිසා දරුවන් එපා උනා (දී)
ඒ දරුවන්ගේ මානසික තත්වය, ඉදිරි ගමන ගැන හිතුවාද (දී)
මෙහෙම අම්මලා තාත්තලට යහපතක් නම් වෙන්නේ නෑ (ස)
එයා අම්මා කෙනෙක් නොවෙයි, මොකද අම්මා කෙනෙක්ට කවදාවත් මෙහෙම දෙයක් කරන්න බැහැ (දී)
දැන් ඒ දරුවන්ටත් අම්මාවයි තාත්තාව්යි එපා වෙලා ඇති (දී)
දරුවන්ට වඩා වෙන කෙනෙක් ලොකු උනා (දී)
ඒ දරුවන්ට යන කල මොකද්ද (දී)
නරකද වගකිවයුත්තන්ට මේක දන්වලා තැපැල් පතක් යැවුවොත්? (නි)
මේ ළමයි ලොකු ළමයි, දරුවනේ කල්පනාවෙන් වැඩ කරන්න, (දී)
ජනමාධ්‍යය මීට වඩා වගකීමෙන් ක්‍රියාකරන්න අවශ්‍යයි (ස)
වයස අවුරුදු 20ක තරුණ ගැහැණු ළමයෙකුගේ දුරකතන අංකයක් මෙසේ ප්‍රචලිත කිරීම තරමක් දුරට අවදානම් බවයි මගේ හැගීම. (නි)
දුරකතන අංකය වෙනුවට බැංකු ගිනුම් අංකය නේද දාන්න ඕනේ. කරුණාකරලා බැංකු ගිනුම් අංකය දමන්න.(නදී)
පරිස්සමින් නංගියෝ. මිනිස්සු සත්තු වගෙයි. (නි)
දුරකතන අංකය වෙනුවට එයාගේ බැංකු ගිණුම් අංකය යෙදුවා නම් නේද හොද? (නි)
බණ කියන රටක් බණ අහන රටක්... (නි)
මට ඔවුන්ට ටිකක් උදව්කරන්න පුළුවන්. කොහොමද එය කරන්නේ? (නි)
මට ඕනෑනම් පුලුවන් මාසයක් ගාණේ වුණත් සල්ලි යවන්න. (නි)
මේ පොඩි ළමයි නෙමෙයි. දැන් ඉතින් දෙමවිපියන්ගෙන් වෙන් වෙලා තමන්ම වැඩක් කරන්න ඕනේ. වයස 14 ළමයා නම් පවි. 18 ට වැඩි නම් ඉතින් අමාරුයි.(නදී)
රීටා කට පියාගන්න. සේනාව කියන්නේ රටට අවශ්‍ය සම්පතක්. (නි)
පරිස්සමින් දුවේ ඔබලාගේ ලිපිනයක් දමන්න. හැකි අයුරින් සහයෝගය දෙන්නම්.(නදී)
මුස්ලිම් සමාජයේ මහත්වරුන් කීප දෙනෙකුම මෙම දරුවන්ට උදවු කිරීමට ඉදිරිපත්ව සිටිනවා. කවුරුන් හෝ අසරණ වු විට උදවු කිරීමත් උදවු ලබාගැනීමත් මානුෂික උතුම් ගුණාංගයකි. එයට ජාති භේද, ආගම් භේද, වර්ණ භේද නොපවතින්නේය. (නි)
කර්මය විසින් සත්ත්වයා වෙන් කරයි. (නි)
මට කියන්න වචන නැහැ (දී)
දිරිය දැරිවියට තෙරුවන් සරණයි! (නි)
මේවට උදවු කරන්න පුලුවන්. නමුත් බයක් තියෙනවා යම් සංවිධානයක් ගැන. (නි)
බොහොම කණගාටුයි. (නි)
අමා කියන උත්තම වචනයටත් නිගාවක් (දී)
ලොකු දුව, ඔබ දිරියෙන් නැගිට ජීවිතට ජයගන්න. (නි)
ලංකාවේ ඉන්නේ සතුන් වගේ මිනිසුන් පිරිසක් නිසා බැංකු ගිණුම් අංකය පමණක් පළකරන්න. (නි)
මේ වගේ අයට උදවු කිරීම ජාතියේ අවශ්‍යතාවයක්. (නි)
මෙහෙමත් අම්මලා, මෙහෙම අයට අම්මලා කියන්න හොද නැහැ (දී)
අම්ම කියන්නේ මිට වඩා උතුම් කෙනෙක්ට, මොවුන්ට අම්මා කියලා කියන්න එපා (දී)
අනේ මන්දා මේ මොන විදියේ දෙමවුපියෝද කියලා? (නි)
හැරල්ඩ් ඩයස්, මේකට දේශපාලකයන්ට බනින්නේ නැතුව කොහොමද? චන්ද වලට වැඩ කරන හෙංචයියලට ජොබ් දෙනවා. මේ වගේ අයට නැහැ.(නදී)
අපහාස නොකරන්න. (ස)
අම්මා කියන නමටත් ජජ්ජාවක් මෙවන් අය (දී)
එහෙනම් මොකටද දරුවන් හැදුවේ (දී)
තව මොනවා හොයනවද ? ඔය තියෙන්නේ එලිපිටම (ස)
කාන්තා පරපුරටම නින්දාවක් ඔබ (දී)
ඇයි සමහරු බොදුබල සේනාව එනකන් බලන් ඉන්නේ. මේ ඔයාලගේ රට නෙමෙයිද.යමක් කරන්න හදන මිනිස්සුන්ටම ගරහන්නේ නැතිව තමනුත් කිසියම් දෙයක් කරන එක නේද යුතුකම. (ස)
දරුවන් නැතුව කොච්චර පිරිසක් ඉන්නවාද (දී)
අභියෝග ජයගෙන ඉදිරියට යාමට අතහිත ලැබේවා (ස)
මෙහෙම කරන්න එපා, පවු , දරුවන් අසරණ කරන්න එපා (දී)
බලන්න අම්මටයි තාත්තාටයි දෙන්නාටම දඩුවම් කරන්න ඕනේ (දී)
භාරකාරයෙක් මාර්ගයෙන් මේ දරුවන්ව සම්බන්ධ කරන්න බැරිද? (නි)
දැන් මේ දරුවන්ට මීට වඩා ගැටලු වලට මුහුණ දෙන්න වෙයිද දන්නෙ නැහැ. (නි)
මේ වගේ අසරණ පවුල් මේ රටේ තව කොච්චර ඇද්ද? (නි)
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා... (නි)
දුරකතන අංකය දුන්න එක හරිද මන්දා? (නි)
රීටාට සේනාවක්ම ඉන්නවා වගෙයි.එහෙම වැඩක් තමයි මේ ළමයින්ටත් වෙලා තියෙන්නෙ. (නි)
මේවා මේ ළමයින්ගේ වැරදි නෙමෙයි. උගත් වැදගත් බුද්ධිමත් යැයි කියන පාලකයින්ගේ වැරදි. (නි)
අම්මාගේ නොම්මරයත් දෙන්නකෝ මගෙ දුවේ පුලුවන් නම් මාධ්‍යයට. (නි)
ඔබට කරපු දේට දෙමාපියන් කවදා හෝ වන්දි ගෙවාවි දුවේ. (නි)
දෙමවුපියන්ගේ නම් දෙකත් ප්‍රසිද්ධ කරන්න. (නි)
රීටා, සේනාවෙන් වෙන්නේ බොහොම අභිමානවත් කාර්ය බාරයක්. (නි)
මෙන්න තවත් අපේ උතුම් බව කියාපාන සිදුවීමක්. (නි)
පාලකයිනි, මේ වගේ අයට දෙන්න රැකියා නැද්ද? (නි)
සේනාවට කීවද ? (ස)
මොනවා වුණත් පවු අසරණයෝ. (නි)
හරිම දුකයි මේ දරුවන්ගේ ජීවිත මොන තරම් අවදානමකද ? (ස)
දුවේ ඔයාට මගේ බිරිද යම් උපකාරයක් කරාවි.මගේ අවවාදය උපකාර කරන මුවාවෙන් එන ජරා මිනිසුන්ට අහුවෙන්න එපා.(ස)
කවුද ජංගම දුරකථන අංක දුන්නේ... අනේ ළමයි අමාරුවේ වැටේවි බලාගෙන දරුවනේ....(ස)
වරුණ ගොනා පාට් එපා.....(ස)
මේක මුස්ලිම් කෙනෙක් කළා නම් අද හැමෝම මෙතන බනින්නේ ඉස්ලාම් ආගමට. (නි)
රටකට ගිය කලක්... ! පිට රටවල ඉන්න උදවිය එහෙම ම ඉන්න වෙන්නේ... මව් රට දැන් අපිට අයිති නැති වෙලා ඉවරයි... !(ස)
මේ අම්මා නම් මහ නරක කෙනෙක් වගෙයි. (නි)
දරුවන්ගේ වටිනාකම් නොදන්නා දෙමව්පියෝ.. මුළු ජාතියටම ලැජ්ජාවක් ඔබලා...(ස)
වරුණ ඔයා ඔයාලගේ ගෙදර මොනවා හරි උනත් කියන්නේ ඔය ලියලා තියෙන දේමද? මෝඩයෙක් වගේ කියවන්න එපා.... (ස)
ඇයි මේ දරුවගෙ දුරකථන අංකය දුන්නේ? පරිස්සමින් දුවේ. මේක නපුරු සත්තු ඉන්න රටක්. වෙනයම් ආකාරයකින් උපකාර ලබාගන්න.(ස)
මේ මිනිස්සුන්ට මෙහෙම දේවල් හිතෙන්නෙම වයසට යනකොටනේ අප්පේ! (නි)
අනේ දරුවෝ, පරිස්සමෙන් ලංකාවේ ඉන්න. දැන් මනුස්සයෝ නෙමෙයි සත්තුයි ඉන්නේ. (නි)
කට්ටියම කියවනවා විතරනේ. මොකක්හරි උදවුවක් කරන්න බලන්නකෝ. (නි)
බොදු බල සේනාවටම හැමදේම කරන්න බැහැ. (නි)
මොළේ තියෙනවනම් කරුණාකරලා මේ ළමයාගේ දුරකතන අංකය අයින් කරන්න. වෙනත් ක්‍රමයකින් උපකාර කරන්න. නැතිනම් මේ ළමයට කරදරයක් වේවි.(නදී)
ශරියා නීතිය මතක්වෙන්නේ මේ වෙලාවට තමයි.(නදී)
රීටා, ඔයාගේ සේනාව ඔයාව හොඳට බලාගන්නවා වගේ.(නදී)
මේවට පාලකයන්ටවත් ,රටවත් මෝඩකම ප්‍රදර්ශනය කරන්න බෑනලා වෑඩක්නෑ.මේවගේ කරදඩු උස්මහත් වෙච්ච දරුවන් සිටින ඒ අසමජ්ජාති දෙමව්පියටයි බෑනිය යුත්තේ. දුවේ ඔයාගේ දුරකතනයට එන හෑම ඈමතුමක්ම ලියා තබාගන්න . මාධ්‍යට එය දෙන්න ඒ අය ඔයාට සුදුසු දෙයක් සොයාදෙයි. මාධ්‍යවේදිනියන්ගෙන් උදව් ගන්න බලන්න.(නදී)
දීපාල් මේක දේශපාලන ප්‍රශ්ණයක් නෙමෙයි.(නදී)
බොදු බල සේනාව කෝ? සිංහල බෞද්ධ දරුවෝ වෙනුවෙන් ඉන්නේ නැද්ද?(නදී)
බොදු බලු සේනාව කෝ ? සිංහල බෞද්ධ දරුවෝ වෙනුවෙන් ඉන්නේ නැද්ද? (නදී)
ළමයින්ගේ නෙමෙයි, අම්මගේ සහ තාත්තගෙ නොම්මරයි පළකරන්න තියෙන්නේ. (නි)
හොද මිනිසුන් කොච්චර උදවු කළත් එක නරක මිනිහෙක් හිටියොත් ඔක්කොම ඉවරයි. (නි)
රීටා, වහාම අයින් වෙන්න ඔතනින්. ඔන්න වෙනත් සේනාවක් ඔයාගේ පිටිපස්සේ. (නි)
ඔය තියෙන්නේ ආසියාවේ ආස්චර්යය එළකිරි වගේ....(ස)
දෙවි දේවතාවුන් වැනි මිනිසුන් මැද වන සිවුපාවුන් වැනි මිනිසුන්ද ඇති බව අමතක නොකරන්න. (නි)
කරුණාකරලා මේ අම්මගේ සහ තාත්තාගේ මුහුණු පෙන්වන්න. (නි)
මේවට කතාකරන්න කවුරුවත් නැහැ. (නි)
අපි කාටවත් දොස් කියලා වැඩක් නැහැ. අපිට පුලුවන් විදිහට උදව් කරමු. (නි)
අපිට හරිම දුකයි මේ ගැන. (නි)
නංගී, ෂමිල් කියලා කෙනෙක් කතා කළොත් ආන්සර් කරන්න එපා හොදේ. (නි)
මෙම දරුවන්ට උදවු කිරීමට මුස්ලිම් සමාජයෙන් ඉදිරිපත් වන්නෙමු. නමුත් තිබෙන ප්‍රශ්ණය නම් සමහරුන් මොනවා කියාවිද දන්නෙ නැති වීමයි. (නි)
හරක් මස් වලට කැගහන අය මේවට කෑගහන්නෙ නැද්දෝ! (නි)
දෙමව්පියන්ට විරුධව නීතිමගින් කටයුතු කර නඩත්තු මුදල් අය කර ගැනීමට හැකියාව ඇති බැවින් නොමිලයේ සේවය කරන නීති සංවිධානයකට යොමු කිරීම සුදුසුයි. (නි)
රීටගේ මොකක්හරි වැරැද්දක් තියෙනවා වගේ. (නි)
උපකාර කරන්න මුවාවෙන් එන වංචාකාරයින්ට අහුවෙන්න එපා. (නි)