දින කීපයක වර්ෂාවත් සමග අඹන්ගඟ පිටාර ගලා උන්හිටිතැන් අහිමිවූ පවුල් තිහක් නාවුල සිට මොරගහකන්ද දක්වා ප‍්‍ර‍්‍රධාන මාර්ගය දෙපස සිටින බව දැක ගැනීමට හැකිවිය.
ඔවුන්ගේ නිවාස සම්පුර්ණයෙන්ම ජලයට ගසාගෙන ගොස් ඇත. ඇඳිවත හා ජීවිත පමණක් ඉතිරිවී ඇත.
පාසල් දරුවන්ගේ පොත්පත් ඇඳුම් පැළඳුම් සියල්ම විනාශ වී ගොසිනි. ඇතැම් නිවාස තිබූ තැනක්වත් සොයා ගැනීමට නොහැකිය.
ඔවුහු දැන් අසල්වැසි නිවෙස්වල සිටිති.











1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න හොයලා බලන්න වටින තැන්. බලන්න මොනතරම් නම් අසරණද කියලා? (නි)
ලොකු මහත්වරුනි, මේ අසරණයින් ගැනත් අනුකම්පා කරන්න. (නි)
අසරණ මිනිසුන්ගේ ජීවිත මුල ඉදන්ම පටන් ගන්න වෙනවා. (නි)
අපරාධ කළමනාකරන අමාත්‍යංශයට මේ කට්ටිය පෙනුනේ නැතුවාවද්ද? අනේ පවු! (නි)
අනේ අපොයි! බඩ පපුව ගැහෙනවා දැක්කහම. මොනතරම් අසරණ මිනිස්සුද? (නි)
අනේ පවු! ඒත් මේ එක තැනකවත් දේශපාලඥයෝ නැහැ. ඡන්දෙකදී විතරයි මතක් වෙන්නේ. (නි)
මේ ජාතියේ දරුවන් ගැන සොයාබලා කටයුතු කරනවා නම් කොපමණ පින්ද? (නි)
මම කැමතියි මේ පවුලකට උදවු කරන්න. ඒත් මම ඉන්නේ ලංකාවේ නෙමෙයි. ඒ නිසා ඒක කරන්නේ කොහොමද? (නි)
අපි එයාලට රාත්‍රී කාස් රේස් පෙන්නමු. එයාලගේ දුක ඔක්කොම අමතක වෙයි මගෙ හිතේ. (නි)
ලැම්බෝගිනි වලට නෙමෙයි මහතුනේ, මේ අසරණයින්ගේ බඩගිනි නිවන්න බදු අඩු කළා නම් කෙතරම් අගනේද? (නි)
"අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ " මේ අයට ඉක්මනින් සහය දෙන්න (ස)
මේ අහිංසක මිනිසුන්ට ගෙයක් හදලා දෙනවා නම් සාංඝික දාන 100ක් දුන්නට වැඩිය පිනක් ලැබෙයි. (නි)
තව තවත් ලැම්බොගිනි රේස් තිබ්බා නම් හරි නේද? (නි)
මෙහේ දුප්පතුන් දුක් විදිද්දි කොළඹ අය විනෝද වෙනවා (ස)