IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


‘අරන්තලා බසය කටුගෙට‘

අරන්තලාවේදී කොටි ත්‍රස්තවාදීන් විසින් 1987.7.2 වැනිදා ඝාතනය කැරුණු භික්ෂූන්වහන්සේ තිස්දෙනම ගමන් කළ ලංගම බසය රථය කෞතුක වස්තුවක් ලෙස සංරක්ෂණය කිරීමට යයි.

බදුල්ල කැප්පෙටිපොළ ඩිපෝව සතු  තිබූ අංක 60-3599 දරණ එම බසය  දොඹකරයක ආධාරයෙන් අරන්තලාව බෞද්ධ මධ්‍යස්ථානය වෙත ගෙන එනු ලැබීය. කාර්මික දෝෂයක් නිසා දැන් එම බසය ධාවනයෙන් ඉවත් කැර තිබේ.

1987 ජුලි දෙවැනි දා උතුරු නැගෙනහිර දෙපළාතේ අධිකරණ සංඝනායක හෑගොඩ ශ්‍රී ඉන්ද්‍රසාර නාහිමි ඇතුළු හිමිවරුන් බස් රථයෙන් අම්පාරේ සිට මහනුවරට ගමන් කරද්දී අරන්තලාවේදී   කොටි ත්‍රස්තවාදීහු පහර දුන්හ.

එම ප්‍රහාරයේදී භික්ෂූන් වහන්සේ තිස් දෙනමක් අපවත් වූහ.

 අරන්තලාව බෞද්ධ මධ්‍යස්ථානාධිපති කිරිඳිවැල සෝමරතන හිමි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් කළ ඉල්ලීමක් අනුව ඩලස් අලහප්පෙරුම සහ රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරුන්ගේ මැදිහත්වීමෙන් මෙම බසය අරන්තලා පුද බිමට ලබා දී තිබේ.



අදහස් (0)

‘අරන්තලා බසය කටුගෙට‘

බණ්ඩා Wednesday, 16 January 2013 11:13 AM

ඉදිරියට පන්සලුත් කටු ගෙවල් වේවිද? (නි)

:       0       0

හේමසර Wednesday, 16 January 2013 07:26 AM

මේවාවත් දාලා කටුගෙයි අඩුපාඩු පුරවන එක හොදයි. (නි)

:       0       0

සජිත් Tuesday, 15 January 2013 03:43 PM

මේවා කරවපු අයත් කටුගෙටම යවන්නයි තියෙන්නේ..!(නු)

:       0       0

දිනේෂ් Wednesday, 16 January 2013 12:43 PM

රටකට ගිය කලක්. මේවට වගකිව යුත්තෝ දැන් කොහෙද ඉන්නේ ??? (ස)

:       0       0

මධූ Tuesday, 15 January 2013 04:20 PM

මේ අපරාද කරපු අය අද කොතැනද ??? රටකට ගිය කලක් (ස)

:       0       0

සෝමා Tuesday, 15 January 2013 09:05 PM

71 ,89 දි බස් පුච්චපු, මිනී මරපු ඈයොත් ඔය යහතින් ඉන්නෙ කිසිම දඩුවමක් නැතුව. (නි)

:       0       0

සුමේද Tuesday, 15 January 2013 04:21 PM

මිහිරි මතක (දී)

:       0       0

අරවින්ද Wednesday, 16 January 2013 09:01 AM

කටු ගෙට යන්න එපා. ඕකත් හොරකම් කරාවි (ස)

:       0       0

ජූඩ් Tuesday, 15 January 2013 12:40 PM

මේ ප්‍රහාරයට වග කිවයුත්තන්ගේ ඡායාරෑපත් මේ අසලින්ම එල්ලන්න..!(නු)

:       0       0

බන්දුල Tuesday, 15 January 2013 04:37 PM

අපේ අහවල් ඇමතිතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි. (නි)

:       0       0

ෂාන් Tuesday, 15 January 2013 04:37 PM

ඒ අයගේ ඇටකටුත් තියන්න ඕනෑ කටුගෙයි. (නි)

:       0       0

එසෑම් Tuesday, 15 January 2013 12:45 PM

මේ සටන මෙහෙයවපු අය කවුද?(නු)

:       0       0

රොක් Tuesday, 15 January 2013 04:45 PM

මං දන්න විදියට මේ ඝාතකයන් ටිකට නිසි දඩුවම් ලැබුණා. රූපවාහනියේ උත්තම පුජා වැඩසටහනටත් ඒ සිද්ධිය පෙන්නුවා. (නි)

:       0       0

ජානක Tuesday, 15 January 2013 12:59 PM

මේ අපරාධය සිදුවූ දිනය රටේ හැමෝටම අමතක නොවන දිනයක් වේවා..! මේ පව කරපු අය අද කොහෙද? ස්වාමීන්වහන්සේලා සැමට නිවන් සුව.,!(නු)

:       0       0

විරාජ් Tuesday, 15 January 2013 01:23 PM

මේවාට සම්බන්ධ වෙච්ච අයගෙත් ඡායාරෑපත් දාන්න..(නු)

:       0       0

අජිත් Tuesday, 15 January 2013 05:12 PM

දැන් ඉතින් ඕවා තමයි කටු ගෙට දාන්න වෙන්නේ. කෙනෙකුට හොරෙන් ගෙනියන්නත් අමාරුයිනේ. (නි)

:       0       0

නිහාල් Tuesday, 15 January 2013 10:58 PM

නැවතත් ඒ වගේ සිදු වීම් ඇති නොවේවා (දී)

:       0       0

උපුල් Tuesday, 15 January 2013 01:33 PM

අපේ හාමුදුරුවන්ට නිවන් සුව..!(නු)

:       0       0

උපුල් Tuesday, 15 January 2013 05:19 PM

ඕවට වගකියන්න ඕනෑ අයට දඩුවමුත් නැතුව තවම ඉන්නේ මේ රටේම තමයි. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 16 January 2013 09:56 AM

මෙය ජාතිවාදය ඇවිස්සීමක් හැටියටයි මම නම් දකින්නේ. (නි)

:       0       0

නවින් Tuesday, 15 January 2013 05:42 PM

අපෝ, ආයෙත්නම් දකින්නවත් එපා (දී)

:       0       0

අක්බා Tuesday, 15 January 2013 01:56 PM

මෙම මෙහෙයුමට සහභාගීවූ අයගේ නම් ගම් ඇතිව පළ කළ යුතුයි..!(නු)

:       0       0

උද්ධික Tuesday, 15 January 2013 11:42 PM

ඒ වගේ දෙයක් නම් යේ වෙන්න හිතන්න එපා (දී)

:       0       0

වසන්ත Tuesday, 15 January 2013 02:07 PM

තව කටුගෙට දාන්න අය ඉන්නවා මේකත් එක්කම (ස)

:       0       0

අම්පාර Friday, 18 January 2013 07:29 PM

පරණ අමිහිරි මතක(දී)

:       0       0

සිල්වා Tuesday, 15 January 2013 06:45 PM

මේක අධිරාජ්‍යවාදීන් විසින් අටවාපු උගුලක්. (නි)

:       0       0

ජානක Tuesday, 15 January 2013 03:00 PM

මේ අමිහිරි මතකයන් නැවත නොවේවා (දී)

:       0       0

ඩේවිඩ් Wednesday, 16 January 2013 02:37 AM

කනගාටු දායක සිද්දියක් ඒක (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 37 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 187 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 58 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 42 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 194 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1111 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39074 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25564 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 318 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1077 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site