බිල්ලී රේ හැරිස් (55) ඇමරිකාවේ කැන්සාස් නුවර යාචකයෙකී. මෙයට දින කිහිපයකට පෙර ඔහු අසලින් ගමන් කළ කාන්තාවක තම මුදල් පසුම්බියෙන් කාසි කිහිපයක් ගෙන ඔහු අසල ඇති කුඩා භාජනයට දැමීය.
ඊට ස්වල්ප වේලාවකට පසු යාචකයා මුදල් තිබෙන තම කුඩා භාජනය පිරික්සීමේදී එහි ඇති මුද්දක් දුදුටුවේය. ඵසැණින් ඔහු රත්තරං බඩු වෙළද හලකට ගොස් මුද්දේ වටිනාකම විමසීය. ඩොලර් හාරදහසක් මුද්ද වටිනා බව වෙළදසල් හිමිකරු පැවසීමත් සමග යාචකයා මුද්ද රැගෙන නැවත පිටත්වීය. දින දෙකකට පසු කාන්තාවක් හා ඇගේ සැමියා යාචකයා සොයා පැමිණියහ.
ඵ් පෙරදා තමන්ට මුදල් දුන් කාන්තාව බව යාචකයා ඇය හදුනා ගනී. කුඩා මුදල් භාජනයට කාසි දැමිමේදී තමාගේ අත රැදි මුද්ද නොදැනුවත්වම ඵයට වැටී ඇති බව ඵම කාන්තාව යාචකයාට කීවාය.
ඵම මුද්ද තමා සන්තකයේ ඇති බව පවසමින් යාචකයා අදාල කාන්තාවට මුද්ද ලබා දුන්නේය.
ඇමෙරිකාවේ ධනවත් කාන්තාවක් වු ඇය නමින් සාර් දර්ලින්ය. පසුගියදා සාර් හා ඇගේ සැමියා වන බිල් ක්‍රේචි රුපවාහිණි වැඩසටහනකට සහභාගි වෙමින් බිල්ලී රේ හැරිස්ගේ අවංක බව ප්‍රසිද්ධියේ අගය කළාය.
අනතුරුව ඔවුන් දෙපළ යාචකයා වු බිල්ලීට උදවි කිරිම සදහා අන්තර්ජාලයේ පිහිට පැතීය.
මේ වන විට ඔහුට උදවි කිරිම සදහා 8300 දෙදනකු ඉදිරිපත්ව සිටී. ඵකතු වු මුදල ඩොලර් ඵක්ලකෂ අසු අට දහසකි(රුපියල් 24064000). බිල්ලිට නිවසක්ද හිමි විය. ඔහු දන්නා සංගීත වෘතීය ඔස්සේ ඉදිරි ගමනක් යෑම සදහා සංගීත භාණ්ඩ ඇතුළු අවශ්‍ය දෑ ලබා දීමට තවත් පිරිසක් ඉදිරිපත් වීය. වසර 16ක් පුරා අතුරුදහන්ව සිටි තමාගේ සොහොයුරිය මෙහි සමග තමාට නැවත ලැබුනා සේ මුද්ද නිසා තමාගේ ජිවීතයද උඩු යටිකුරු වු බව බිල්ලී රේ පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවේ හිඟන්නෝ ඉන්නවද? (නි)
මේ අවංත කම දේශපාලඥයටත් ලැබුනානම් කියලා නිමකරන්න බැහැ ලීල්.(නදී)
මේ රටේ දේපාලඥයන් මෙයින් යම් දෙයක් උගත යුතුයි.(නදී)
මිනිසුන් අතර මිනිසෙක්.(නදී)
ලංකාවෙත් එවැනි අවංක අය නැතුවා නොවෙයි. (නි)
ලංකාවෙත් ඒ වගෙ අය ඉන්නවා.තම පියා ගෙ ත්‍රිරෝද රථයට මාසෙට රුපියල් 10000. ක් ලීසිං ගෙවන්න තිබෙද්දිත් මහ මගදී අහුලා ගත් රුපියල් දෙලක්‍ෂ දහ දාහක් එදිනම අයිතිකරු සොයා දුන් ඇල්පිටියෙ සචිනි කෝෂිලා දියණිය එවෙනි කෙනෙක්. ලංකාදීප එසැණ පුවත් වලින් මෙම පුවත දැක ප්‍රංශයෙන් ඇයට ඉගෙණීම අවසන් වනතුරු මසකට රුපියල් 2000. බැගින් දැන් ලැබෙන්නෙ එම යහපත් ක්‍රියාව නිසා.(දී)
අවංක කම නිසා තමයි මෙහෙම උනේ (දී)
පුෂ්පා ඔයා දන්නේ නැද්ද ලෝකයේ ලොකුම හිගන්නා කවුද කියලා? (නි)
මෙහෙම අය රටටම ආඩම්බරයක්. (නි)
සල්ලි පස්සේ දුවන අද ලෝකේ ඔබ වගේ මිනිස්සු ආදර්ශයක් අප සමාජයට.(නදී)
මොහු ඇමරිකාවේ ජනාධිපතිකලොත් මුළු ලෝකයම හොද තැනක් වෙයි.(නදී)
ඇමරිකන්කාරයෝ අපේ රටේ මානව හිමිකම් හොයන්න එන්නේ නැතිව එයාලගේ රටේ හිගන්නන්ගේ මානව හිමිකම් හොයා බැලුවා නම් හරිනේ.(නදී)
එතකොට ඇමරිකාවෙත් හිගන්නෝ ඉන්නවා කියල අද තමා මම දැන ගත්තෙ.(නදී)
මේ තමයි පින් පව් පලදෙන හැටි.(නදී) .
මිනිස්සුන්ට මේ කතාව හොද පාඩමක් (දී)
දෙන දෙයියෝ ගෙට ගෙනවිත් දෙනවා කියලා කියන්නේ බොරුද?(නදී)
ලංකාව මොනතරම් බෞද්ධ රටක් වුණත් ගුණධර්ම වලින් අනෙක් රටවල් වලට වඩා පහත් තැනකයි ඉන්නේ. (නි)
අපි ඉතින් කවද හරි මේ රගමදලෙන් නික්ම යන විට අපිට අරන් යන්න තියෙන්නේ ඔය වගේ හොද වැඩ තමි . ඔහු හිගන්නෙක් වී ඇත්තේ ධනයෙන් පමණි . නමුත් ඔහු අන් සැමටම වැඩ ධනවතෙක් . බලන්න තමන් කල හොද වැඩේ නිසා ඔහුගේ සිතට කොඉ තරම් සතුටක් ඇතිද කියා ? ඔහු එයට වංචා කල නම් ඔහුගේ හර්ද සාක්ෂිය ඔහුට කොඉ තරම් වැඩ දෙනු ඇතිද ? අන්න එයි අප කරන නරක හා හොද අතර වෙනස .(අ)
හොද මිනිස්සුන්ට කවදත් වරදින්නේ නෑ.(නදී)
ඔබේ අවංකකම දෛවය වෙනස් කළ ඔබගේ රටට ආඩම්බරය්ක. අපේ රටටත් මෙය ආදර්ශයක් විය යුතුයි. (ස)
මුළු ලංකාවටම ආදර්ශයක්!!! (ස)
හොද ආදර්ශයක්. (නි)
නියම මනුස්සයෙක් (අ)
අපේ රටේ හිගන්නොත් මේ දේවල් පිලිපදිනවා නම් හොදයි.(නදී)
හිගන්නාගේ ධෛර්ය ඉතාමත් උතුම් ගුනයක්. ඔහුට පමණක් නෙමෙයි ලෝක ජනතාවටම ආදර්ශයක්.(නදී)
දෙදෙනාම නියම මනුස්සයෝ. ලංකාවේ ඔහොම යාචකයෝ තියා සල්ලි තියෙන මිනිස්සුවත් නැහැ.(නදී)
අදනේ දන්නේ ඇමරිකාවේ හිගන්නෝ ඉන්න බව. නැබැයි කතාව නම් දෝලාවෙන්.(නදී)
ඇමරිකාවේ හිගන්නොත් සුපිරි නේ.(නදී)
දැන් අර ලංකාව උතුම්ම රටයි කියන අයට මේවා අහලා ඊර්ෂ්‍යා හිතුණද දන්නෙ නැහැ. (නි)
මේ වගේ ප්‍රවෘත්ති හරිනම් අහන්න ලැබෙන්න ඕනේ ලංකාවෙන්. මොකද හැමෝම කියන්නේ ලංකාව උතුම් කියලනේ. නමුත් නොවෙන්නෙත් ඒ ටික.(නදී)
ඇයි දෙයියනේ බෞද්ධ රටක් වෙලත් මේවා මෙහේ වෙන්නෙ නැත්තේ? (නි)
අවංකකම මිළ කළ නොහැක. (නි)
අවංකකම යනු මනුෂ්‍යයා තුල පිහිටි දුර්ලභ ඝනයේ උතුම්ම ගුණාංගයයි. එයට දුප්පත් පොහොසත් භේදයක් ද, වර්ණ භේදයක්ද, ජාති භේදයක්ද නොමැත්තේය. (නි)
ඔන්න ඔහොමනේ ඉන්න ඕනෑ. (නි)
රටක දියුණුව යනු අවංක මිනිසාගේ සිතේ හටගන්නා අවංක සිතුවිළි ක්‍රියාත්මක කිරීමට පරිසරය සකසා දීමකි... මගේ සිතුවිල්ලකි..!(නු)
තල එක ඇටයක් වපුරා මල්ලක් නෙලාගන්න. කරන හොද වැඩ ලැබෙන්නෙත් පොලිත් සමගයි කියන්නේ ඕකටනේ. (නි)
අපේ ලංකාවෙත් ඉතින් ඔහොම තමයි නේද?(නදී)
හොද ගුණ යහපත් මිනිස්සු. (නි)
මෙරට හිගන්නගේ රැකියාව හිගමන. පහුගිය දිනවල දුම්රියෙන් අල්ලපු හිගන්නන්ගේ බැංකු ගිණුම් වල රුපියල් ලක්ෂ 20 කට වඩා තිබුණලු. දුම්රිය පොළට ඔවුන් ඇවිත් තිබුනේ තමන්ගේම වෑන් රියේ.(නදී)
ඇමරිකාවේ යාචකයෙක්ද? මේ පුවත එතරම් ගත යුත්තක් නැත..!(නු)
හිගන්නගේ පාත්‍රයට හෙනහුරා කියන්නේ බොරුනේ.(නදී)
බලාගෙන ගියාම ඇමරිකාවෙත් හිඟන්නො ඉන්නවනෙ! මම හිතාගෙන හිටියෙ ඇමරිකන්කාරයො අනුන්ගෙ හැම දෙයක්ම අවුස්සන්නේ තමන්ගෙ ප්‍රශ්න නිට්ටාවටම විසඳගෙන ඉවරවෙලා වෙන්න ඇති කියලා. (නි)
රුපියල් ලක්ෂ 5 ට රුපියල් දෙකෝටි හතලිස් ලක්ෂයක්....පුහ්...මමත් යාචකයෙක් වුණා නම්. (නි)
හිගන්නෙක් වුණත් බලන්නකො තියෙන මහත්මා ගතිය. බලන්න අවංකකම කියන දෙයෙහි ඇති වටිනාකම. (නි)
අපේ රටෙත් මනුස්සකම් දන්න හොද මිනිස්සු ඉන්නවා අන්තර්ජාලයට නොගියට.(නදී)
මේ වගේ වැඩක් ඔහියෝ වල කෙනෙකුටත් වුණා. (නි)