ලෝකයේ විශාලතම අශ්ව ප්‍රදර්ශනය ඉතාලියේ වෙරෝනා නුවරදී පැවැත්වීණි. වෙරෝනා නගරසභාව සංවිධානය කරන මෙම අශ්ව ප්‍රදර්ශනය බැලීමට ලකෂ සංඛ්‍යාත පිරිසක් පැමිණෙන අතර ලෝකයේ නොයෙක් රටවලින් වටිනා අශ්වයනුත් ගෙනෙති. ඉතාලි ජාතික නැටුම් ගුරුවරියක වන රිටා පවනෙල්ලොගේ වෙරෝනා කලා ආයතනයේ වසර දාහතරක් පුරා නැටුමි හදාරන දිලිණි රන්දි පහලවත්ත(18) ඉතාලි ජාතික තරුණ තරුණියන් පිරිසක් සමග හින්දි ගීතයකට මෙම ප්‍රදර්ශනයේදී නැටුමක් ඉදිරිපත් කළාය. පිලියන්දල සමන් ප්‍රිය පහලවත්ත හා රේණුකා පහලවත්ත ඇගේ දෙමව්පියෝය. වෙරෝනා තබෝදා රංග ආයතනයේ මල්ලිකා වනිගසේකර මහත්මිය යටතේ වසර දහයක් පුරා දේශිය නැටුමි කලාව ද හදාරන දිලිණි ලබන වසරේ පාදෝවා වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වීම සදහා වරම් ලබා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ නටන නෑටුම් වලට වඩා හොඳ නම් එච්චරනෙ(ස)
අපි කඩේ යන්නෙම අපිට හතුරැ කම් කරන රටවපටමයි... (ස)
ඔය ඉතාලි ඉන්න සුද්දෝ පළවෙනි පාරටද ඉන්දියන් නැටුම් දැක්කේ... (ස)
ෂාන් ... ඔයාගේ නමෙන්ම පේනවනේ ලංකාවේ ඉපදුනාට ලංකාවට අයිති නැහැ කියලා.... හරිම කණගාටුයි... අපේ කට්ටියගේ ඉන්දීය අනුකරණය ගැන නම්... (ස)
කොහොම උනත් ඉන්දියාව අනුකරණය කරන අපේ අයට ඉන්දියාවේ දස්කම්වලට කිට්ටු කරන්නවත් බැරි එක ගැන නම් කණගාටුයි... (ස)
සුනිල් ඔයා කොහොමද නැටුමක් දිහා බලලා ලංකාවේ තාලෙට ජීවත් වෙනවා කියන්නේ මේ ළමයා ඉතාලි ජාතිකයෙක්...(ස)
ලංකා මාතාවගේ දරුවෝ (දී)
මඩවල මල්ලී ඔය තටු දක අල්ලාගෙන ඉන්නේ ඉතාලි නැටුම් ගුරුවරියද ? ශිෂ්‍යාවක්ද? (ස)
ලංකා දියණියට අපේ ප්‍රණාමය (දී)
කොහෙන් ගියත් අපි ඉන්දියාවට කඩේ යන එක නම් නවත්වන්නේ නෑ... (ස)
අපේ දෙයක්නේ අපි අගය කරමු (දී)
කාටද ආඩම්බර (දී)
ලංකාවටනේ ආඩම්බර (දී)
ලක් මාතාව දිකුකල් දිනේවා (දී)
ලක් මාතාව දිනේවා (දී)
එතකොට දිලිනි විතරද ලංකාවෙන්? (නි)
ලංකාවටනේ ආඩම්බර (දී)
හින්දි ගීයකට නටන්නේ නැතිව අපේ ගීතයකට වැඩේ කලා නම් තවත් අගෙයි නේද ? .(ස)
අපි ඉතින් මොකක් කරත් අනුකරණය කරන්න දක්ෂයි...(ස)
ශාන් ගස් අස්සේ නටන හිංදි ගීතද එතකොට හොඳ? (ස)
ඇත්තටම අපේ කියලා අනන්‍ය කිසිම දෙයක් ලෝකෙට දෙන්න කවුරුවත් බලන්නේ නැත් ද ? (ස)
සිංහලකමක් මේකේ ගෑවිලාවත් නැතිකොට මේකෙන් කොහොමද අපේ රට නියෝජනය වෙන්නේ? (නි)
හරිම ආඩම්බරයි ! කොහොම කවුරු කිව්වත් අපේ රටට නරක නාමයක් නැතිව ලස්සන දේවල් කරන එක කොයි තරම් හොඳ දෙයක්ද ? දුවේ නුඹට සුභ පැතුම්....(ස)
ශාන් ඔයා දන්නවද අර සුනිල් පෙරේරා කියන ගායකයා කියන සිංදුව,, ඒකනම් හොඳයි අශ්ව නැටුමට (ස)
දිලිනි දුවේ ඔයා ඉතාලියේ ඉපදුනු කෙනෙක් වෙලත් තවම ලංකාවේ විදියටම ජීවත් වෙන එක අපිට ගොඩක් වටිනවා (ස)
හොඳ වැඩක් කෙල්ලේ....(ස)
අපේ කම ඇති අපේ ගීත හැර පිටරට ගීත මොකටද? මේ රංගනය අපේ වෙන්නේ කොහොමද? (ස)
මේක අපේ නැටුමක් කියන්නේ කොහොමද? හින්දි කොපියක්නේ... කිසිම දෙයක් කොපි කරලා අපේ වගේ පෙන්නන්න එපා.(ස)
හින්දි ගීත කියන්නේ සිංහල ගීත නැති නිසාද? (නි)
දිලිනි දුවට මගෙන් සුභ පැතුම් ! ඔබගේ ආකර්ශනීය රංගනයට. හොඳින් ඉගෙන ගෙන දිරිමත් දියනියක් වේවා කියා මම ප්‍රාර්ථනා කරමි. (ස)
අතිවිශිෂ්ඨයි...!(ස)
අපේ මොන ගීතයද හොඳට තියෙන්නේ?(ස)
අපිට සතුටුයි...! ඒත් මේක සාමාන්‍යයි. හැම රටකම ලංකාවේ අය කුමන හෝ නියෝජනයක් කරනවා. (ස)