තමා අත්අඩංගුවට ගැනීමට යතියි කියමින් කොළඹ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයකු වු අසාද් සාලී මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් උසාවියට අද (28)අපේක්ෂිත ඇප අයැදුම් පතක් ඉදිරිපත් කළේය.
කුරුදුවත්ත පොලීසිය කරුණු දක්වමින් කියා සිටියේ කොළඹ ඇස් වාට්ටුව දවටගහ පල්ලියේ ප්‍රධාන පුජක හසන් මවුලානා කළ පැමිණිල්ලක් අනුව පරික්ෂණයක් පවත්වන බවයි.
අසාද් සාලි මහතා ගැන ද එම පැමිණිල්ලේ සදහන් වුවත් ඔහු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නොවන බවත් ඔහු කීවේය.
මහෙස්ත්‍රාත් සිංගප්පුලි මහතා නියෝග කළේ යම් හෙයකින් ඔහු අත්අඩංගුවට ගතහොත් රුපියල් දස ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේක්ෂිත ඇප කියන්නේ මොකද්ද (දී)
පුදුම දේවල් තමයි අහන්න ලැබෙන්නේ. (නි)
ජීවිත කාලයටම බලපාන විදියට එකක් අරන් තියාගත්තනම් හරිනේ. (නදී)
මතු ආරක්ෂාවට (දී)
ඒක හොදයි (දී)
අපේක්ෂිත අප කියන්නේ ප්‍රශ්නයක් වෙන්න කලින් ගන්න ඇපද ? (දී)
පින් කෙත හෙළ රන් දෙරණේ යලි ඉපදෙන්නට හේතු වාසනා වේවා හේතු වාසනා ... (නි)
මේක ඉරිසියාවට කරපුවැඩක්ද?(නු)
අබ මස්ට්‍රඩ් කාපු මිනිහගේ උගුර දනවා කියන්නේ බොරුවට නෙමෙයි.(නදී)
වැරදිකරුවන්ට ඉක්මණින් දඬුවම් දියයුතුයි! (නි)
වහාම දඬුවම් ලබාදෙන්න!(නදී)
එයා යම් දෙයකට වැරදිකරු නම් කිසිම බුරුලක් දෙන්න එපා. (නි)