(ජේ.ඉඳුරුවගේ )
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම් ලබන පවුල් හා පුද්ගලයන්ට 2025 ජනවාරි සිට ක්‍රියාත්මක වන පරිදි මාසිකව ප්‍රතිලාභ දීමනා ගෙවීමේ ක්‍රම වේදය ප්‍රකාශයට පත් කරමින් මුදල් , ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස පැවරී ඇති බලතල අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙතෙක් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2024.05.17 දින නිකුත් කර තිබු අති විශේෂ ගැසට් නිවේදනයද මෙම මස 21 දාතමින් නිකුත් කෙරුණු මෙම නව ගැසට් නිව්දනයෙන් අවලංගු කර ඇත.
පෙර ගැසට් නිවේදනය පරිදි මෙතෙක් දුප්පත් පවුලකට හිමිවූ රුපියල් 8500 දීමනාව හා අන්ත දිළිඳු පවුලකට හිමිවූ රුපියල් 15,000 දීමනාව නව ගැසට් නිවේදනය අනුව පිලිවෙලින් රුපියල් 10,000 සහ රුපියල් 17,500 ලෙස ඉහල දමා ඇති අතර අනෙකුත් කාණ්ඩ සඳහා දීමනා ප්‍රමාණයන් නව ගැසට් නිවේදනය අනුවද නොවෙනස්ව පවතී .
නව ගැසට් නිවේදනයට අනුව සංක්‍රාන්ති පවුල් 480,000 කට 2025 ජනවාරි සිට මාර්තු දක්වා රුපියල් 5000 ක් , අවධානමට ලක්වූ පවුල් 480,000 කට 2025 ජනවාරි සිට දෙසැම්බර් දක්වා රුපියල් 5000 ක්, 2025 ජනවාරි සිට 2026 ජුනි දක්වා දුප්පත් පවුල් 960,000 කට රුපියල් 10,000 ක් සහ අන්ත දිළිඳු පවුල් 480,000 කට රුපියල් 17,500 ක් ලෙස මාසිකව අස්වැසුම ප්‍රතිලාභ ලබාදීමට යෝජිතය. පවුලේ සාමාජිකයන් ගණන 2 හෝ ඊට අඩුවූ විට මෙම දිමනාවන්ගෙන් අඩක් හිමිවේ.
එමෙන්ම 2025 ජනවාරි සිට ජුනි දක්වා පෙර පරිදිම වෙනත් හැකියා සහිත තැනැත්තන්ට රුපියල් 7500 ක්, වකුගඩු රෝගීන් සඳහා රුපියල් 7500 ක් ,වැඩිහිටියන්ට රුපියල් 3000 ක් ලබා දීමට නව ගැසට් නිවේදනයට අනුව යෝජිතය.මෙම නව ක්‍රමවේදයන් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබූ දින සිට ක්‍රියාත්මක වන බව නව ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
අස්වැසුමට ජනපතිගෙන් නව ගැසට්ටුවක්
Business Wednesday, 25 December 2024 11:45 AM
අසරණම සුදුසුම කෙනා හෝ පවුල හොයලා බලලා අස්වැසුම දුන්නාට කමක් නැත. ඇති හැකි අයත් මේවා ලබා ගන්නවාද කියලා ආයේ පාරක් සමීක්ෂණයක් කරලා බැලුවොත් හොඳයි...!
අමල් Wednesday, 25 December 2024 12:00 PM
පාර්ලිමේන්තුව විවෘත කරනකොට ජයමංගල ගාථා බැහැ...! ඒවාට සල්ලි යනවා...! නිකරුනේ සල්ලි නාස්ති කරන්න බැහැ.! බොරු බයිලා. ඒ වුණාට තඹුත්තේගම අනුරගේ කාර්යාලය ඉස්සරහ, ලේසර් ලයිට් දාගෙන නත්තල් කැරොල් කියන්නේ...! මේ වගේ අපතයින් සෙට් එකක්...!
බිමල් Wednesday, 25 December 2024 01:15 PM
වයස 18ත් 60ත් අතර නිරෝගී අයට කිසිම කොන්දේසියක් නැතිව වැඩක් නොකර යැපෙන්න නියම චාන්ස් එක. මේවා රටට දරන්න පුළුවන් වියදම්ද? දුප්පත් කියලා ගෙදර වාඩිවෙලා කටට සල්ලි වැටෙනකම් ඉඳිමු...
R.M.L.C.RATHNAYAKA Wednesday, 25 December 2024 02:02 PM
අපිට නම් ලැබෙන්නේම නැත...
Chan Wednesday, 25 December 2024 02:07 PM
මේ මොන විකාරයක් ද? ලක්ෂ 51 වන ලංකාවේ පවුල් වලින් ලක්ෂ 24 කට අස්වැසුම. අමාරුවෙන් ඉගෙන ගෙන රස්සාවක් කරන එකාගෙ පඩි පතක්ට බදු.
Asani shamika Wednesday, 25 December 2024 03:21 PM
අපිටත් දරුවෝ 4ක් ඉන්නවා... අස්වැසුම වැඩි කරන්න පුළුවන් නම් ලොකු දෙයක්...
යෝගා Wednesday, 25 December 2024 03:34 PM
මේකට තමයි කියන්නේ අනුන්ගේ කලිසම ඇඳගෙන තමන්ගේ වගේ යනවා කියලා. කමක් නෑ, කැලේ පාරවල්වල යනවට වඩා හොඳයි සීයා ගිය IMF මාර්ගයේ යන එක.
ලසා Wednesday, 25 December 2024 03:58 PM
මේ මොන කරුමයක් ද මේ...? රටේ හා පිටරට වැඩ කරන ව්‍යාපාර කරන අපේ බදු මුදල් වලින් නිකං ඉන්න අයට හැමදාම ගෙවන්නේ ඇයි? ඔවුන්වත් මේ රටේ වැඩක් කරන පුරවැසියන් කරන්න ඉලක්ක දීලා සීමා සහිත කාලෙකට දෙන්න බැරි ඇයි?