ආදරය, සඵලත්වය හා විනෝදාශ්වාදයේ සංකේතය වන ගුරුළුරාජ මල මේ දින වල නිල්ගල රක්ෂිතයේ ගස් වල පීපි තිබේ. මල් පිපෙනුයේ නොවැම්බර් අප්‍රේල් සමයේය. උඩවැඩියා මලක් වන ගුරුළුරාජය වද වීමේ තර්ජනයට ලක් වී ඇත.
අරළු,බුළු, නෙල්ලි සහ කහට ගස් හි සරුවට වැවේ.ඌව පළාතේ ‘පළාත් සභා පුෂ්පය‘ ද වන්නේ එයයි.
ඉන්දියාවේ අරුණාචල් ප්‍රදේශ් හා ඇසෑමයේ ද ජාතික පුෂ්පයයි. ශ්‍රී ලංකාව මලයාසියාව, සිංගප්පුරුව තායිලන්තයේ හා ඉන්දියාවේ වැවෙන මේ මල ෆොක්ස් ටේල් යනුවෙන්ද හැදින්වේ. සර්ප විස , බඩේ අමාරුව,සෙම,ඇදුම,හිසේ අමාරු , සිරීම් ,තුවාල හා කැපුම් සුව කිරීමට අතීතයේ සිටම ගුරුළු රාජය යොදා ගන්නා බව අයුර්වේදයේ සදහන් වේ.
.jpg)
.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සනයි! (නි)
මේ මල දැක්කෙත් අදයි. එසැණ පුවත් වලට ස්තූතියි. (නි)
මේ තරම් ලස්සන දේශීය දේවල් තිබියදී ඇයි අපේ අය වැලන්ටයින් පස්සෙන් යන්නේ? (නි)
“ෆොක්ස් ටේල් ‘‘ නමින් හඳුන්වන මලත් මීට සමානයි... එම ඕකිඩ් මල් හැදෙන්නෙත් බිබිල, මොනරාගල, මහියංගනය පළාත්වල.. පාරේ මාර ගස්වලත් මේවා හැදෙනවා.. (ස)
චන්දන, වැලන්ටයින් ආවේ පිටරටකින්නේ. ඒකයි හේතුව. (නි)
මේක ඒක දේශීය ශාකයක්ද? (නි)
වද නොවී තියේයෑ, මුල්පිටින්ම උදුරගෙන එද්දී. (නි)
ලස්සනයි ලස්සනයි හරිම ලස්සනයි.... (නි)
ලංකාවේ ආදරවන්තයන්ගේ දිනය "ගුරුළුරාජ දිනය" ලෙස නම් කරමු. (නි)
කැළෑ මල් කොහොමත් ලස්සනයි. (නි)
මෙවැනි අලංකාර ශාක ආරක්ෂා කර ගැනීම ඉතාම වැදගත්. (නි)
අපිට මේවා මෙහෙම හරි පෙන්නපු එක ලොකු දෙයක්. (නි)