IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


ආරක්ෂාව වැඩි කරන්නැයි මහින්දගෙන් ඉල්ලීමක්

   ( නිමල කොඩිතුවක්කු)


 තමන්ගේ ආරක්ෂාව වැඩි කරන ලෙසට තම ආරක්ෂාව භාර ප‍්‍රධාන නිළධාරියා  රජයෙන් ඉල්ලිමක් කර ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(26) කොළඹදි පැවැසීය.

 

ඒ අනුව තම ආරක්ෂාව භාර සහකාර පොලිස් අධිකාරීවරයා විසින් එම ඉල්ලිම සිදුකර ඇති බවද ඔහු කිය.


තම පවුලේ උදවිය ඝාතන සැලැස්මක් පිලිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වාර්තා කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් රජය වහාම කටයුතු කළ යුතු බවත් රාජපක්ෂ මහතා පැවැසීය.


එල්ල වි ඇති ජීවිත තර්ජන හමුවේ ඉදිරියේදී තම පුවුලටම ආරක්ෂාව දීමට වුවද සිදුවනු ඇතැයි හිටපු ජනාධිපතිවරයා සදහන් කළේය.


විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතාගේ ආරක්ෂාව සම්බන්දයෙන් මාධ්‍යවේදින් නැගූ ප‍්‍රශ්ණයකට පිලිතුරු දෙමින්  ඒ මහතා මේ බව පැවැසීය.



අදහස් (28)

ආරක්ෂාව වැඩි කරන්නැයි මහින්දගෙන් ඉල්ලීමක්

erdi Wednesday, 26 September 2018 02:21 PM

එතුමාව ආරක්ෂා කරන එක ජාතියේ වගකීමක්... දැන් රටේ ඇතිවී තිබෙන ව්‍යාකූල තත්වය සලකා රජය වැඩි වගකීමකින් කටයුතු කළයුතුයි.

:       2210       11111

සතයපාල Wednesday, 26 September 2018 02:33 PM

කල පව් පල දෙන්න යනවා වගේ කියලා හිතෙනවද දන්නේ නැහැ.

:       9       1

rohana Wednesday, 26 September 2018 05:00 PM

ඔවු ඔවු ආරක්ෂා කරන්නම ඕන.

:       3681       644

chathuri Wednesday, 26 September 2018 05:54 PM

තිරුපති ගියා වැඩි ආරක්ෂාවට අන්තිමට. ලංකාවේ මිනිසුන්ම ඕන වුණා ආරක්ෂා වෙන්න.

:       284       323

Bamunuarachchi Wednesday, 26 September 2018 10:36 PM

එතුමා මුළු සිංහල ජාතියම ආරක්ෂා කර දුන්නා රටපුරාම සිංහල සොහොන් ගොඩනැගෙන එක නැවැත්තුවා. දැන් බලයේ සිටින අය ජීවත් වෙන්නෙත් එතුමා නිසයි. එමනිසා එතුමාව ආරක්ෂා කිරීමට ජාතියම බැඳී සිටිනවා.

:       122       632

Chanak Los angelesThursday, 27 September 2018 09:18 PM

චීනාට බැරිද එතුමාව ආරක්ෂා කර දෙන්න ? නෑ මන් මේ ඇහුවේ එතුමා මුළු රටම චීනට විකුනලා තිබෙන නිසයි.

:       2       14

Bamunuarachchi Wednesday, 26 September 2018 10:43 PM

මොකද " ඔව් ඔව් අරකෂා කරන්න ඕනේ" එතුමා නොසිටින්න අද ඔහෙලත් ගිය තැන්වල ගස් වැවිලා.

:       49       603

රොෂාන් Wednesday, 26 September 2018 11:19 PM

එයාගේ වටේ ඉන්න අයගෙන් ආරක්ෂා උනොත් ගොඩක්ම හොඳයි

:       101       275

සෙනෙවි Wednesday, 26 September 2018 11:42 PM

පන්සල් ගානෙ ගිහින් දේශපාලය කරන්නද?

:       241       86

Reality Check Thursday, 27 September 2018 03:13 AM

ඔබට වඩා ජනතාව ආරක්ෂා කරන්න ඕනෑ නාගනන්ද මහත්තයව. ඔහු ඉදිරිපිට දුෂිත දේශපාලුවෝ වෙව්ලනවා.

:       365       388

Thilak Thursday, 27 September 2018 03:16 AM

මේ මරණ තර්ජන ගැන ඇත්ත නැත්ත ප්‍රථමයෙන් සොයා බැලිය යුතුයි.

:       65       99

sanath Thursday, 27 September 2018 04:45 AM

ඔහුගේ ආරක්ෂාව, ගැන රටම බලා සිටි. මොනවා හරි දෙයක් වුනොත් , රට අරාජික වෙයි. කරුණාකර රජය මේ ගැන හිතන්න.

:       15       242

sam Thursday, 27 September 2018 04:54 AM

ඔවු ඔවු ආරක්ෂා කරන්නම ඕන...

:       183       80

suran Thursday, 27 September 2018 04:56 AM

අපි හිතන් හිටියේ රාජපක්ෂවරුන්ට නඩු දාලා හිරේ දායි කියලා. බැලුවම නඩුත් නැතුව කෙලින්ම මරණ දඩුවමනේ දෙන්න හදල තියෙන්නේ.

:       6       65

Chanak Los angrles Thursday, 27 September 2018 05:18 AM

වැරදි කරන පුද්ගලයා නිතරම ඉන්නේ භයෙන්. කව්රු හරි අත්පොඩියක් ගැසුවත් ඔහුට ඇසෙන්නේ වෙඩි තියනවා වගෙයි .

:       220       390

Shan Thursday, 27 September 2018 06:11 AM

තර්ජන පවුලේ අයගෙන්ම වෙන්න ඇති, බල තණ්හාව නිසා.

:       218       309

a.b.. srila Thursday, 27 September 2018 06:32 AM

ඇත්තම මෙතුමා පන පිටින් ඝාතනය කලේ වට හිටිය අය තමයි.

:       0       123

බද්රානි Thursday, 27 September 2018 07:38 AM

බරක් ඔබාමා, ඩේවිඩ් කැමරන්, මනමෝහන් සිං යන මහත්වරුන් හා ලෝකෙන් උතුම් ගෝත්‍රික යටත් වැසියන් බහුලව වෙසෙන රටේ හිටපු රජ තුමා අතර තියන වෙනස මෙන්න මේක තමයි. එත්, ඉතින් අපි, අර හිඟන රටවල ඉන්න හිඟන්නෝ වගේ නෙවෙයිනේ, දේශ ප්‍රේමී සල්ලිකාර අපට ඕනා තරම් සල්ලි තියනවා. ඒ නිසා බදු මුදල් තව වැඩිකරලා, එතුමාට ආරක්ෂාවක් දෙන්න, අඩුතරමේ ලක්ෂයක වත් හමුදාවක් අනුයුක්ත කරන්න.

:       340       495

sirimal Thursday, 27 September 2018 07:43 AM

දැන් එතකොට " අපට ආණ්ඩුවේ ආරක්ෂාවක් අවශ්‍ය නැහැ මහ ජනතාව අපව ආරක්ෂා කරනවා " කියලා කයිවාරු ගැහුවේ විහිළුවටද?

:       0       16

වීරවංස Thursday, 27 September 2018 08:09 AM

මෙය ඉන්දියාවට ගියේ පුතා වෙනුවෙන්ද?

:       6       3

OMG Thursday, 27 September 2018 08:22 AM

මෙතුමාට එරෙහිව තියන දුෂණ ගැන ක්‍රියා කිරීම කරන ගමන් මෙතුමාව ආරක්ෂා කිරීම ආණ්ඩුවේ වගකීමක්. කාටවත් එය පැහැර හරින්න බැහැ. ත්‍රස්තවාදය මුලිනුපුටා දමන්න මෙතුමා කල දේ මුළු රටම දන්නවා වගේ එයට ජාති-ආගම්, කුල-මල නැතුව මුල රටම ණය ගතියි. දුෂණය මම සාදාරණීය කරන්නේ නැහැ. නමුත් හරිදෙට හරි කියන ගමන් වැරදි දේට වැරදි කියලා කිව යුතුයි.

:       1       3

laksman Thursday, 27 September 2018 08:31 AM

බුදුදහමේ සඳහන් වෙනවා තණ්හාය ජායතී සෝකෝ තණ්හාය ජායතී භයං..... කියල බය ඇතිවන්නේ ඇයි කියා විස්තර කරල. ඒ වගේම දැක්වෙනවා න අත්ථලික්ඛේ න සමුජ්ජ මජජේ න පබ්බතානං විවරං පවිස්ස ..... කියල

:       0       40

shan saudi Thursday, 27 September 2018 08:39 AM

කාටවත් තියන මරණ තර්ජන වලට වෙන කාටවත් ආරක්ෂාව වැඩි කරලා හරියනවද ? මේක නිකන් ඔලුවේ කැක්කුමට යටිපල්ලට බෙහෙත් කරනවා වගේනේ ,"කලදුටුකල වල ඉහගන්නවා " කියන්නේ මේවගේ වැඩ වලට තමා කෝකටත් වටේ ඉන්න අයගෙන් පරිස්සම් වෙලා ඉන්න එක ඇගට හොද මොකද අළු යට ගිනි දන්නේ ලිප විතරනේ අනෙක දිට්ටධම්මවේදනීය කර්මය පලදීම කටත් සමයි

:       15       54

Nandalal DE SILVA - France Thursday, 27 September 2018 08:48 AM

ඔව් ඉතින්, පිටින් එන අනතුරුවලට වඩා ඇතුළේ ඉන්න චක් ගෝලයන්ගෙන්, ඒවගේම සමීපතමයන්ගෙන් එන අනතුරු ගැන කාටද අනාවැකි කියන්න පුළුවන්, එහෙම නේද? කොහොම උනත් සුදානම් ශරීරේ කියලා

:       6       9

RNG Thursday, 27 September 2018 10:26 AM

පන්සල් ගානේ ගිහින් දේශපාලනය කරාම මොකද සෙනෙවි ..? බුදුහාමුදුරුවෝත් දේශපාලන දර්ශනය කියලා එකක් වදාරලා තියෙනවනේ.

:       54       9

Sanka Friday, 28 September 2018 03:00 AM

මෙතන කාටත් නොතේරෙන දෙයක් තියෙනවා. මෙතුමා දෙවෙනි පාර ඡන්දෙ පැරදුනාම ගෙදරට වෙලා හිටියනම් මේ කිසි ආරක්ෂාවක් අවශ්‍ය නැහැ. එතුමාට ජනතාවගේ ගෞරවයත් එහෙමම තියෙයි.

:       0       300

BamunuarachchiFriday, 28 September 2018 08:58 AM

මේ වගේ නායකයෝ පැරදුණාම අකුලාගෙන හුඹහට රිංගන්නේ නැත. එ්ක මතක තියාගන්න.

:       73       0

Nandalal DE SILVA - FranceSaturday, 29 September 2018 07:55 PM

අනේ....මොකොටද !!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කුඩ්ඩා මාර්ටින් වික්‍රමසිංහ නිවෙසින් ඉස්සූ රනින් කළ රුවල 7000 විකුණලා
2025 අප්‍රේල් මස 22 640 0

මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර


රන් පවුමක් 255,000 ක් වෙයි
2025 අප්‍රේල් මස 22 312 0

ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය


ඇමති වාහන දෙකකට සීමා කරයි
2025 අප්‍රේල් මස 22 419 0

අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම


සිසුන් පහරදී සිසුවා මරලා
2025 අප්‍රේල් මස 22 1161 0

පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය


පාස්කු විමර්ශන වලින් මූලික ගැටලු දෙකක් විසඳා ගත්තා
2025 අප්‍රේල් මස 22 675 0

පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත


ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබයි
2025 අප්‍රේල් මස 22 4241 0

සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 597 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 307 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 462 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site