තුන් මාසයකට ආසන්න කාලයක් වැඩ වරා සිටින සරසවි ආචාර්යවරුන්ගේ පා ගමන මින් මද වේලාවකට කලින් දෙහිවල මංසන්ධියට ළඟා විය. ගාල්ලෙන් අරඹා හයිඩ්පිටිය බලා එන පා ගමන ඇරැඹුණේ පස් දිනකට කලිනි. එහි දිග කිලෝමීටර් දෙකක් පමණ විය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කැර වැටුප් ප්‍රශ්න විසඳන ලෙස ද සරසවි ඇදුරුවරු ඉල්ලති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුද්ගලිකව මාගේ දේශපාලන දැනුම බින්දුවයි, මට තැඹීලි පාට සහ රතු පාට ඡායාරූප වල පේනවා, මේ පිටුපස නිර්දන පංතිය වෙනුවෙන් සටන් කරන අය ධනපති පංතියක් ගොඩ නගන්න උදව්කරනවාද කියලා සැකයක් මාගේ බින්දු මොලේට දැනෙනවා. වැරදිනම් සමාවන්න.(ස)
ආචාර්යවරුන් ඇතුලු අධ්‍යාපනයට සම්බන්ධ සියලුම අයගේ පඩි වැඩිවීම හොඳයි. මොවුන්ගේ සේවය රටකට ඉතා වැදගත්ය. වෛද්‍යවරයෙකු,ඉංජිනේරුවරයෙක්,ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වැන්නවුන්ට එවැනි තත්වයකට පත්වීමට නිබඳ අත්වැල ලැබුණේ ගුරුවරයෙකුගෙන්ය. ඔවුන්ගේ ජීවන තත්වය මීට වඩා උසස් කළ යුතුය. (නි)
සිසු ආචාර්‍ය අරගලය දිනේවා.(නදී)
මේක කෝපි කඩේ වගේ ඩ්‍රාමා එකක්.(නදී)
මේරි, තැඹිලිපාට ටී ෂර්ට් ඕන්නම් රුපියල් 800කට ගන්නට පුලුවන්. හැබැයි දැන් ඒවා ඉවරයි. කවුරුත් දුන්න ඒවා නොවෙයි මේවා. (නි)
මල් වට්ටිය ගෙන පන්සල් ගියාට - කළ පවු පිසදා ගන්නට බෑ මහජන මුදලින් දන්සල් දුන්නට - නිවනට මග සළසා ගන්නට බෑ තමන්ගෙ වරිගේ දුක සැප බැලුවට - මතු දා බුදු බව ලබන්න බෑ යුක්තිය ඉදිරියෙ නිහඬව ඉඳිමින් - සැමදා රජකම් කරන්ට බෑ දේශන ශාලා වලින් නැගූ හඬ - අද මහ පාරේ රැව් දෙනවා ඔවුන්ගෙ ඒ හඬ නෑසුන විලසින් - වගකිය යුත්තන් වැජඹෙනවා ලක් දෙරණම ණය ගැති වන ඇදුරන් - තුට්ටු දෙකට දා ගරහනවා ඉදිරියෙ සරසවි කරගෙන යන්නට - විකල්ප සොයන්න සිදුවෙනවා දෙරණට පහනක් වන් වූ ඇදුරන් - රැක ගන්නට නැත කිසි වෙහෙසක් බුද්ධිගලනයට පාර කපන්නට - නොමඳව දෙන හැටි හොඳ රැකුලක් සිත්පිත් නැති සේ බලා සිටින්නේ - නැතිවද ඇදුරන්ගේ අගයක් ආසියාවෙ ආගාධෙට යන්නට - පෙරැම් පුරන හැටි මේ රජයක් දැවෙන ප‍්‍රශ්ණයට විසඳුම් සොයන්ට - බලධරයින් අද අසමත් නම් ඇවිලෙන ගින්නට පිදුරු දාන එක - වළකාලන්නට නොහැකියි නම් ඉහළම තලයෙන් දැයෙන් නැඟෙන හඬ - වටහාගන්නට නොහැකියි නම් අවාසනාවෙන් රට බේරනු වස් - රජකම අත්හරිනව මම නම් ජාතික ආලය හද රැඳි ඇදුරන් - විදෙස් ගොසින් නැවතත් ආවා ඔවුනගෙ අගයක් නොදන්න මිනිසුන් - නිසි තැන දෙන්නට මැලි වුවා රැකගන්නට ඒ මිණිකැට දෙරණේ - ඇදුරන් අද පාරට ආවා ඔවුන් නගන හඬ තෙමසක් තිස්සේ - දෙරණේ අද මිහිදන් වුවා යහපත් වු හෙට දිනයක් වෙනුවෙන් - බුද්ධිමතුන් අද හඬක් නඟන විට පියවර ගන්නේ වගකියයුත්තන් - ඔවුන්ගෙ පඩිපත නාවතාලන්නට මාස තුනක් තුළ ඔවුන් නඟන හඬ - නොඇසේ නම් මේ බීරි අලින් හට වීනා වැයුමෙන් තවත් පලක් නැත - යනවා හැර මේ රට හැර යන්නට සරසවි ඇදුරන් හඬක් නගන විට - මැරයන් ලෙස සළකනවා නම් මැරකම් කරනා ප‍්‍රභූ දූ පුතුන් - බුද්ධිමතුන් ලෙස සුරකියි නම් සත්‍යය වටා එක් රොක් වන සැමදෙන - මර්දනයෙන් විසුරනවා නම් මෙවන් රටක ඉරණම විසඳන්නට - යම රජ්ජුරැවොත් සූදානම් සත්‍යයවාදි බව හඳුනන්නේ නැති - මාධ්‍යය රටකට අවාසනාවකි අධ්‍යාපනයේ අගය නොහඳුනන - ජාතිය රටකට මහත් නිගාවකි යහපත් දැක්මට අවමන් කරනා - මිනිසුන් රටකට මහ නින්දාවකි බුද්ධිමතුන් ගේ හඬ නො සළකනා - රටකට වෙන්නේ මහ ව්‍යයසනයකි (නි)
විකි , මේ අයගේ ඉල්ලීම් ද.දේ.නි වලින් 6% වෙන්කිරීම, අවිදිමත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නවත්වා ඒ සඳහා වී .වී අචර්යවරුගේ සහය ලබා ගැනීම, වී .වී නිර්දේශපාලනය කිරීම , දේශපාලන පත්වීම් හා, ඇඟිලි ගැසීම් නැවත්වීම,අවම තරමින් 2008 අයවැයෙන් පොරොන්දු උ වැටුප් වර්ධක ලබාදීම, වී .වී ආචාර්යවරු විශේෂිත වෙනම සේවාවක පිහිටුවීම (ස)
කමල්, ඔවු ඒක හරි. ඒත් තමන්ගේ රැකියාවට අනුව තමන්ගේ අධ්‍යාපන මට්ටමට අනුව තමන්ට ගෙවන වැටුප තීරණය වෙනවා. මුකුත් ඉගෙන ගත්තේ නැති කෙනෙකුට පුලුවන් ලොකු ව්‍යාපාරිකයෙක් වෙන්න. ඒත් ඉගෙනගෙන රැකියාවක් කරනකොට ගොඩාක් දුරට වැටුප තීරණය වෙන්න මේ එක එක සාධක බලපානවා. නමුත් එකම සේවා ස්ථානයක ගොඩාක් කල් වැඩ කරපු සේවකයෙකුට එයාගෙ අත්දැකීමට ඉහළ වැටුපක් ලැබෙන්න පුලුවන්. එහෙමත් නැත්නම් වැඩිදුර අධ්‍යාපනය නොලැබූ කෙනෙක් එක්තරා අංශයක ප්‍රවීණයෙක් වෙන්නත් පුලුවන්. උදාහරණයක් ලෙස පරිගනක අංශය ගන්න. එතකොට ඒක මත වැටුප තීරණය වෙනවා. නමුත් ඉගෙනගෙනත් නැතුව වෙන මොකක්වත් කරන්නේ නැති කෙනෙකුට බැහැ නේද නිකං වැටුපක් ගෙවන්න? තමන් රටේ ජාතික නිශ්පාදනයට දායක වෙනවා නම් වැටුපක් හෝ ලාභයක් ලැබෙනවා. (නි)
ලලිත්, ඔයා මගෙන්ද ඇහුවේ..., ඊට පස්සේ ධනපති පංතිය භංග වේවා කියලා පෙලපාලියක් යනවා!(ස)
අර ජීවිත නැතිවුන දෙන්න වෙනුවෙන් .. ඔය දැනට ලැබෙන වැටුපෙන් හරි ආධාර උපකාරයක් කරන්න.(ස)
හරි ඊට පස්සේ මොකද වෙන්නේ ??(ස)
මෙයාලට ලැබෙන දේවල් මදිවෙලාද? (නි)
සමරතුංග කියන දේ හරියටම හරි. (නි)
දන්න කෙනෙක් ඉන්නවා නම් මොනාද මෙයාලාගේ ඉල්ලීම් කියලා කියනවද මට? (ස)
මනෝ ගනේෂන් මහත්තයා උගන්නන්නේ යාපනය විශ්ව විද්‍යාලයේ ද? දන්නේ නැති නිසා අහන්නේ. (නි)
ඇයි සිරිපාල මහත්තයෝ..., ඉගෙන ගන්න බැරිව, දෙමාපියන්ගේ හා රජයේ සල්ලි වියදම් කරලා ඉගනෙ ගන්න හදපු අය සල්ලි හම්බ කරලා සමාජයේ වැදගත් තැනක ඉන්න එක වැරදිද? ඉගෙන ගත්තේ නැති අයටත් සාධාරණ සමාන වැටුපක් අවශ්‍යයි. (හැමෝම ඉගෙන ගත්තත් තේරෙන්නේ ටික දෙනයි අනික හැමෝටම ඉගෙන ගන්තත් බැහැ නමුත් සියළු දෙනා මනුෂ්‍යයින්) (ස)
මේ අය පෙලපාලි යන්නේ රාජ්‍ය අධ්‍යාපනය රැකගන්නනේ. බෝඩ් වල පඩි වැඩිකරන්න කියලා ලියලා නැනේ. අනේ ඇත්තටම අපේ සරසවි ආචාර්යවරුන්ගේ පඩි කොහොමද? සාමාන්‍ය අයගේ පඩි නම් අපි දන්නවා පඩියට අමතරව පහසුකම් හම්බවෙන්නෙත් නැහැ, බඩගින්න හැමෝටම එකයි. හැමෝගෙම පඩි එක මට්ටමකට අඩු කරමු. (ස)
සමරතුංග මහත්තයෝ.....මිනිස්සු දුක් මහන්සි වෙලා ඉගෙන ගෙන කැම්පස් වල නැවතිලා දෙමාපියන්ගේ සල්ලි වියදම් කරල ඉගෙන ගන්නේ සල්ලි හම්බ කරල සමාජයේ වැදගත් තැනක ජීවත් වෙන්න තමයි.තමන් කරන රැකියාවට සාධාරන වැටුපක් ඉල්ලන එක වැරදි නෑ...ඒක අයිතිවාසිකමක්...(ස)
අහන්න දෙයක් නෑ.... ජල ප්‍රහාර,කදුලු ගෑස් සූදානම් ඇති....(ස)
ඔව් ඔව් ඇමතිතුමා කියන ටිකම වමාරන මාර පුරවැසියෝ මේකේ ඉන්නේ. (ස)
උගතුන් මහපාරේ... තක්කඩියන්ට රජ සැප..! ආන්නද, සමරතුංග, නිමල් වැනි නුගත් දේශපාලන සාමාජිකයන් ඉන්න තාක් මේ රටට හරියන්නෙ නෑ.(ස)
එස් බි ගේ පුතාල හැමතැනම.(නදී)
මේ අයට පඩි ගෙවන්නේ ඔයාද?(නදී)
මේ ප්‍රශ්නෙත් මෙහෙම ගිහිල්ලා අන්තිමට යට යයි (නි)
ඇදුරන්ට ගිය කලක් (දී)
මේරි, තැඹිලි පාට ෂර්ට් අපි අපේම සල්ලි වලින් මහගත්තු ඒවා. කවුරුවත් දීපු ඒවා නොවෙයි. සල්ලි දුන්නේ අපේම ආචාර්යවරු ආපසු මුදල් ගෙවීමේ පොරොන්දුව මත. ඔයාගේ ඇඳුම් ඔයාට අරන් දෙන්නේ වෙන කෙනෙක්ද ? (නි)
මට හිතෙන්නේ එක්තරා දුරකථන සමාගමක් ටී ෂර්ට් දීලා අනුග්‍රහය දක්වනවා වගේ. (නි)
මේ සමහර ප්‍රතිචාර දමන අය ලංකාවේද ඉන්නේ කියලා හිතෙනවා. දුක් මහන්සි වෙලා ඉගෙනගෙන රස්සාවල් කරන්නේ පාරවල් ගානේ රස්තියාදු වෙන්න වෙන නිසා නේද? අන්තිමට ඉගෙනගෙන ඉවර වෙලත් පාරවල් ගානේ රස්තියාදු වෙන්න වෙලා තියෙන්නේ ඇයි කියලා දන්නේ නැත්තේ එම උදවිය විශ්ව විද්‍යාල වල වහලක් යට වැස්සකටවත් ඉඳල නැති නිසා වෙන්න ඇති. හිතුවක්කාර විදියට මේ උද්ඝෝෂණය යට ගහන්න හදන පාලකයන්ට උඩගෙඩි දෙන මේ වගේ උදවිය ඉන්න රටක අධ්‍යාපනයට යන කල ගැන හිතාගන්ඩ පුළුවනි. (නි)
වැස්සකටවත් පාසල් නොගිය අයත් ප්‍රතිචාර දාලද කොහෙද? (නි)
ඇත්තටම සරසවි ඇදුරන්ට අවශ්‍ය නැහැ මේවට මැදිහත් වෙන්න (නි)
මේක ව්‍යාප්ත වෙන්න පෙර යම් විසදුමක් දියයුතුයි (නි)
මේ සටන ජයග්‍රහණයකින් තොරව නවත්වන්න නම් එපා. අපේ උපරිම සහය! (නි)
මේ ඔක්කොම ජාති ද්‍රෝභියෝ.(නදී)
මෙයාලට මොනවා වෙලාද මන්දා? (නි)
සැබැ ප්‍රශ්න අදුනගන්න බැරි නාරද වැනි මිනිසුන් ඉන්නකම් පාලකයින්ට තමයි හොද රටට නෙමෙයි...සටනට ඡය?? ඔබ වැනි අය රටට ගුණ්ඩු..(ස)
අපිට හිතාගන්න පුළුවන්.... (නි)
තමන්ගේ වැටුප වෙනුවෙන් ළමුන්ගේ අනාගතය සමග සෙල්ලම් කිරීම වැරදියි (නි)
චාමර, මේ අන්තරේ ළමයි ඔක්කොම යන්නේ 6% ගන්න වෙන්න ඇති නේද? (නි)
පෙළපාලියේ යන අය දැක්කහම මොළයේ තරම තේරෙනවා. (නි)
මේ ප්‍රතිචාර දමන අයට දැනුමක් තියෙන්න ඕනෑ වි.වි ආචාර්යවරු කියන්නේ රටේ උගත්ම පිරිසක් කියලා. ගොවියන්, කම්කරුවන් වාගේ ඔවුන් රවටන්න බැහැ. වි.වි ආචාර්යවරුනි, අපි ඔබ සමගයි. (නි)
සාධාරණ සටනට ජය වේවා! (නි)
මෙතන ඉන්න සමහරු පාසලේ පහ වසරටවත් ගිහින් නැහැ. මොළයක් නැහැ දෙයක් තේරුම් ගන්න. දන්නේ කවුරු හරි කියන දෙයක් කියවන්න විතරයි. මෙයාලට ඉගෙනගන්න දරුවෝ නැතුව ඇති. නැත්නම් ඒ ළමයිනුත් ඉගෙනගන්නෙ නැතුව ඇති. මේ වගේ නුගත් මෝඩයො ඉන්නකම් දේශපාලුවන්ට රට කන්න පුළුවන්. ආචාර්යවරු කිවුවා 6% දෙනවනම් ස්ට්‍රයික් එක නවත්වලා වැඩට එනවා කියලා. අනිත් අතට ඉගෙනගත්තේ නැති අය පාර්ලිමේන්තුවට ගිහිල්ලා කෝටි ගනන් ගන්නකොට මේ අයට මේක දුන්නහම මොකද? මම ආචාර්යවරයෙක් නම් නෙමෙයි, නමුත් ඇත්ත කතා කරන්න බය නැති එකෙක්. (නි)
මේ විරෝධතාවය විවේචනය කරලා ප්‍රතිචාර දාන කවුරුත් දැන ගත යුතු කරුණක් තියෙනවා.ඒ තමයි මේ සටන් පාඨ හැම එකක්ම මේ පාලකයන් විසින් වරින් වර දීපු පොරොන්දු මිස අලුත් දේවල් නොවෙයි කියන එක. තමන් කලින් කියපු දේවල් දැන් කරන්න කියන කියනකොට වරදවා තේරුම් ගන්න එපා. මේ සටන් මුළු මහත් ජාතියේ අනාගතය වෙනුවෙන්ම වේවායි සුභ පතමු! (නි)
උගතුන් විදියට ඉන්න අය කොච්චර ආත්මාර්ථකාමී මිනිස්සුද කියලා මේ සටනින් පේනවා. බොරු නිදහස් අධ්‍යාපනය රැකීමක් ඉස්සරහට දාලා තමන්ගෙ කුට්ටිය කඩාගන්න හදනවා ඇර වෙන දෙයක් නැහැ. (නි)
රටේ බුද්ධිමතුන් ඉල්ලන්නේ වැටුප් වැඩිවීමක් විතරක් හෝ තම වාසිය තකා ඉල්ලීම් විතරක් නෙමෙයි. රටේ අධ්‍යාපනය දියුණු කිරීම සඳහා ඉල්ලීම් කිහිපයකුත් මේ සමඟ තිබෙනවා. ඒ සඳහා ඔවුන්ට අයිතියක් තිබෙනවා. ඒ ගැන තර්කයක් නැහැ. දේශපාලන පක්ෂ ටිකකුත් මේකට මුක්කු ගහපු එක තමයි වැරදි. මෙම විරෝධය වැරදි විදිහට අර්ථ දක්වන්න එයින් අවස්තාව සැළසෙනවා. (නි)
අරයා ගිය තැන ඉවරයි..(ස)
පුතේ ඔයාලා මහන්සි වෙලා පාඩම් කරලා ඉගෙනගන්න.(නදී)
ජය ජය වේවා ....... (ස)
මේ ගුරුවරු ඔක්කොම රට ගිහිල්ලා රාජ්‍ය විශ්ව විද්‍යාල පිරිහිලා, පාසල් වැහිලා ගිය දවසට තේරෙයි කවුද වැරදි කියලා. 1 වසරට ළමයි දාගන්න බැරි වෙනකොට තේරෙයි. නිකන් හිතන්නේ නැතුව කතා කරන්න එපා. කන්නන්ගර මැතිතුමා වගේ මිනිස්සු දීපු අවස්ථාව නිසා තමයි මුල අමතක ලොකු කට්ටිය අද කෑගහන්නේ. සල්ලි දීලා ඉස්කෝලේ යන්න තිබ්බා නම් කොහොමද? ඔන්න මට නම් අවුලක් නැහැ මම ඉංජිනේරුවෙක් නිසා, මට දුක අනිත් මිනිස්සු ගැන. (නි)
තිබහට වතුරවත් නැත අනේ මෙහි බොන්න. දෙපයත් රිදෙනවා හොඳටම බැහැ එන්න. (ස)
මම ප්‍රියන්න සමඟ 100% එකඟයි (ස)
ආචාර්යවරු කී දෙනෙක් ඉන්නවද දන්නේ නෑ..(ස)
සුමිත්, දැන් මේකට ළමයි යන්නෙත් වැටුප් ප්‍රශ්නේ නිසාද ? රෝහන අන්තරේටත් කීයක්හරි දේවි වැටුප් ලැබුණහම නිමල් කඳුළු ගෑස් කාලා ගෙදර යයි අනේ ඔයගොල්ලන් ඔක්කොගෙම ඉගෙන ගන්න ළමයි නෑද්ද? ඔයාල ඉගෙනගෙන නෑද්ද? ආචාර්ය වරුන්ගෙ පඩිය අමතක කරමු. පසුගිය අවුරුදු 10 විතර සිට මේ රටේ අධ්‍යාපනයට මොකද වෙන්නෙ කියල පෙන්නෙ නෑද්ද???(ස)
ජය වේවා (ස)
කවුද දන්නේ නෑ අර තැඹිලිපාට ටී ෂර්ට් වල අනුග්‍රාහකත්වය (ස)
සුමිත් සහ ආනන්ද වගේ මොලේ ඇති මහත්වරු තමයි රටකට ඕන. බලන්න ඒගොල්ලෝ සමහර මාධ්‍යවලින් නොමග ගිහිල්ල නෑ. මේවගේ බුද්ධිමත් ජනතාව ඉන්න නිසා නේද අපට මෙතරම් හොඳ රත්තරන් පාලකයෝ ටිකක් ලැබිල තියෙන්නේ. (ස)
රටේ තිබෙන සියලු සාරය සූරා කා රටේ අනාගතයත් මිරිකා විනාශකොට එහි සාරය උරාගැනීම දැන් ඇස් පනා පිට පේන්න තියෙද්දි මේ මිනිස්සු පාරට බැහැලා මේ රැක ගන්න හදන්නෙ මෙතන මේ ප්‍රතිචාර දාන අයගේ දරුවන්ගෙ අනාගතයමයි. (නි)
මේකේ පළමු ඉල්ලීම අධ්‍යාපනයට 6% ක් දෙන්න කියන එක. කැම්පස් ඇතුලේ ඉන්න අපිනේ දන්නේ අපිට තියෙන අඩුපාඩු. නවාතැන් ඉල්ලුවම දෙන්න විදියක් නෑ කියනවා, අලුතෙන් හදන්න සල්ලි නෑ කියනවා. (ස)
කඳුළු ගෑස් කාලා ගෙදර යයි (ස)
දැන්නම් තියෙන වැටුපත් කපන්න තියෙන්නේ . නිකන් ඉදල පඩි ගන්නවා (ස)
අන්තරේටත් කීයක්හරි දේවි වැටුප් ලැබුණහම (ස)
දැන් මේකට ළමයි යන්නෙත් වැටුප් ප්‍රශ්නේ නිසාද ? (ස)
උගතුන් විදියට ඉන්න අය කොච්චර ආතමාර්තකාමී මිනිස්සුද කියල මේ සටනින් පේනවා. බොරු නිදහස් අධ්‍යාපනය රැකීමක් ඉස්සරහට දාල තමන්ගෙ කුට්ටිය කඩාගන්න හදනවා ඇර වෙන දෙයක් නැ. (ස)
නිදහස දිනාගත යුතුව ඇත...(ස)
ජය ජය වේවා ....... (ස)
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුවාවෙන් මහ බැංකුව හා සමාන වැටුප් වැඩි වීම, වෛද්‍යවරුන්ට මෙන් දුරකථන දීමනාවක්, විදේශ සේවයේ මෙන් පුද්ගලික පාසැල්හි දරුවන්ට ඉගැන්වීමට ගාස්තු, පරිපාලන සේවය මෙන් සේවා ව්‍යවස්ථාවක් නියම ජනතාවට ආදරය කරන පුත්තු. අපි බදු ගෙවන්නම් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට පමනක් (සමස්ථ අධ්‍යාපනයට නොවේ)6% වෙන් කරල මේවා එයාලට දෙන්න අනේ.(ස)
ජය වේවා...(ස)
ඇත්තටම හරිම කණගාටුයි අපේ රටේ මිනිස්සු හිතන විදිහ දැක්කහම. නිදහස් අධ්‍යාපනය කියලා දෙයක් මේ රටේ තියෙන නිසා තමයි අර ඈත ගමක දරුවෙක් ශිෂ්‍යත්ව විභාගයෙන් පළවෙනි තැන ගත්තේ. ඒ වගේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරන්න අමාරු ඈත ගම්වල මිනිසුන් වෙනුවෙන් මේ අධ්‍යාපනය ආරක්ෂා කළ යුතුයි. (නි)
අධ්‍යාපනය කෙසේ වෙතත් හොඳ ව්‍යායාමයක් (ස)
අධ්‍යාපනය සදහා කරන වියදම වැඩිකරන්න ඕන. රජය මගින් එසේ නොවන නිසා දෙමාපියන් විසින් දරුවන් වෙනුවෙන් විශාල වියදමක් කරනවා විශාල බදු මුදලක් රජයට ගෙවන ගමන්. රජයක යුතුකම අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා වැඩි මුදලක් යොදවන එක. සමාන පහසුකම් සහ සම අවස්ථා තියෙන්නේ කොහෙද? හැමතැනම පවතින්නේ යථාර්තය නොව නිෂ්පාදිත විකුර්තියක්ම පමණි. මේ ප්‍රශ්නය ඉදිරිපත් කෙරෙන පිළිවෙලත් ඊට ලබාදෙන පිලිතුරුත් හැබෑ ගැටළුව අනාත කරනවා වගෙයි. සැමටම නුවණ පහල වේවා (ස)
මේ සියල්ලෙන්ම අවසානයේ සිදුවන්නේ ළමයින්ගේ අනාගතය අදුරුවීමයි (නි)
අනේ අපේ හාමුදුරුවන්ටත් පඩි මදි වෙලා වෙන්න ඇති (ස)
රතු පාට ඇදන් ඉන්න අය වැඩියි වගේ පේන්නේ..(ස)
රංග, දැන් විශ්ව විද්‍යාලවල ඉන්නෙත් රට ඉඳන් ආපු අය නෙමෙයි, ලංකාවෙම ඉගෙන ගත්තු අය තමයි. ඉස්සරහටත් එහෙම අය බිහි වේවි. හැබැයි මේ වගේ පිරිස් ලංකාවේ සංවර්ධනයට බාධා කරලා නැවතත් ආපස්සට හැරෙව්වොත් හරි අද ඔය ඉස්සරහින්ම යන කට්ටිය අධ්‍යාපනය හසුරවන දවසට නම් ඒ අය රටම ඉඳීවි. හරි ආසයි නේ උතුරයි දකුණයි වැටකින් වෙන් කරලා,සරසවි වධකාගාර කරලා කොල්ලන්ගෙ ඔලුවට ඇන ගහලා, මරණයකට බැනර් දමන්නත් අවසර ගන්න වෙලා, ඇත්ත කියන උන්ගෙ කට කපන යුගයකට ආයිත් යනවා නම්. අනේ පවු. ඔය ප්‍රතික්ශේප වුණ දේශපාලන පක්ෂ වලට කඩේ යන අන්තරය,සරසවි ඇදුරන් හා එයට හරියි කියන හැමෝම දකින සිහිනයක් තමයි ඒ. (නි)
ජය වේවා !!! (ස)
පටු දේශපාලන වාසි ගන්න මාස තුනක්ම වැඩ නොකර දරුවන්ගේ අනාගතේ කාලකන්නි කරන්න හදනවා...හොඳට ඇස් ඇරලා බැලුවොත් පාගමනේ ඉන්නේ කව්ද කියල ..... තනිකරම දේශපාලන ගුන්ඩුවක්.(ස)
මේ ගොල්ලෝ පොඩි වෙනසකට ඇවිදිනවා.(නදී)
මගේ අදහස නම්, ගුරුවරුන්ගේ වැටුප් වැඩි කරන්න ඕනෑ. ඒ වගේම පෞද්ගලික විශ්ව විද්‍යාලත් දාන්න ඕනෑ. එතකොට මෙහෙම මාස ගණන් වර්ජන කර කර ඉන්න වෙලාවක් නැහැ. ඒ වගේම හොඳ තරගකාරී බවක් ඇතිවෙනවා. හොඳ දැනුමක් තියෙන මිනිස්සු බිහිවෙනවා. කැමති කෙනෙකුට කැමති තැනකින් ගිහින් ඉගෙන ගන්න ඉඩ දෙන්න ඕනෑ. මොකද අපේ රට තවම ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ජපානයේ පෞද්ගලික විශ්ව විද්‍යාල විශාල ප්‍රමාණයක් තියෙනවා. නමුත් හැම කෙනාම උත්සාහ කරන්නේ රජයේ විශ්ව විද්‍යාල වලට යන්න. පුද්ගලික ආයතනවල වැඩි පිළිගැනීම තියෙන්නෙත් රජයේ විශ්ව විද්‍යාල වලටයි. (නි)
ජයවේවා (අ)
මේකේ පෙළපාලි යන හැම ආචාර්යවරයෙකුටම රු 500000 කට හා තව අයට රු 100000 හා රු 150000 වඩා පඩි ලැබෙනවා මෙයාලා කරන්නේ වෙන අයට කඩේ යන එක, නැතිනම් අර ධවල පත්ත්‍රිකාවක් අරන් ඇවිත් එහෙමත් නැත්නම් පුද්ගලික විශ්ව විද්‍යාල ඕන කියල අය එක්ක එකට පෙළපාලි යනවද (ස)
ජය වේවා. (ස)
යුක්තිය උදෙසා කෑ මොර දෙන්නේ රටකට දැයකට හිත ඇති මිනිසුන්.... (නි)
ලංකාවේ දැන් වැඩිම වැටුප් ගන්න පිරිස ආචාර්යවරු. ඒත් මදිව තවත් ඉල්ලනවා. ඒක සාධාරණීකරනය කරන්න බොරුවට 6% කථාවක් පටලවාගෙන. ළමයින්ගේ ඒ ලෙවල් පේපර් ටික බලන්නනේ නෑ. ළමුන් බිල්ලට දීල පඩි වැඩි කර ගන්න එක සහගහන එකක්. 88/89 කාලේ රට විනාශ කරපු අය මේකෙ පිටි පස්සේ ඉන්නේ.පටු මානසිකත්වය තියෙන මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැහැ.(ස)
ඉන්දියාවෙන් නිළියෝ ගෙන්නන්යි, ඇමතිලට නාස්ති කරන්නයි ඉල්ලුව නම් 100% උනත් සල්ලි වෙන්කරයි. (නදී)
පව් කාරයෝ.(නදී) ..
ගොඩක් අයට වුවමනා වෙලා තියෙන්නෙ දුප්පතුන් අතරෙන් බුද්ධිමතුන් බිහිවෙන එක නවත්තන්න. පොහොසතුන්ගේ මෝඩ දරුවො දන්නෙ නයිට් ක්ලබ් වල බාල් නටන්නයි, ගුටි කෙලගන්නයි විතරයි. සල්ලි විසි කරලා උපාධි කඩ වලින් උපාධියක් අරගෙන මෝඩ පුත්තු ඇවිත් කියයි අපි උගතුන් බුද්ධිමතුන් කියලා. (නි)
අලුතෙන්ම තොප්පිත් මහලා (ස)
මේවගේ ප්‍රතිඵල බලන්න වෙන්නෙ අද හෙට නෙවෙයි, දැන් පිටරටවල ඉගෙන ගන්න එක දරුවෙක් ආයෙ ලංකාවට ඒවිද? දැන් ඔය විශ්වවිද්‍යාල වල ඉන්න ආචාර්ය මහාචාර්ය වරු විශ්‍රාම ගියාම අයෙ පරම්පරාවක් ඉඳීවිද? අන්න එදාට මිනිස්සුන්ට තේරේවි. හැබැයි එතකොට ප්‍රමාද වැඩියි. (ස)
මේකෙ මේ පාක්ෂික පෙළපාලියක් නේද (ස)